Swami Rama

Swami Rama

  • 1
  • -10%
    (0)

    භාරත යෝගී ස්වාමි රාමා – Living with the Himalayan Masters

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 990.00.

    මා ඉපදී හැදී වැඩුණේ හිමාල නිම්නයේ ය. දශක හතරහමාරක ඇත්තේ හිමාල වනවාසී ඉර්ෂින්ගෙනි. එහි වාසය කරන හා යන එන උපාධ්‍යායයන් (masters) මට මුණ ගැසී ඇති අතර, මම ඔවුන්ගේ පා සෙවණේ ඉගෙන ඔවුන්ගේ ආධ්‍යාත්මික බුද්ධිය අත්විඳ ඇත්තෙමි. හිමාලයානු පන්ජාබයේ සිට කුමායුන් හා හිමාලයානු ගර්වාල් දක්වාත්, නේපාලයේ සිට ඇසෑම් දක්වාත්, සිකීම් සිට භූතානය හා ටිබෙටය දක්වාත් සංචාරය කොට ඇති මම සාමාන්‍යයෙන් සංචාරකයින්ට ඇතුළුවීමට අවසර නැති තහනම් ස්ථාන වලට ද ගොස් ඇත්තෙමි. නුතන මෙවලම් වූ අම්ලකර කට්ටල උපයෝගී කර ගැනීමකින් තොර ට මම අඩි 19,000 සිට 20000 දක්වා වූ උස කඳු තරණය කර ඇත්තෙමි. බොහෝ අවස්ථාවල මට ආහාර පවා නොලැබිණ. ඒ කෙසේ වෙතත් එවැනි අවස්ථාවල දී මට උපකාර ද ලැබී තිබේ. හිමාලය යනු මගේ ආධ්‍යාත්මික දෙමාපියන්ය. එහි වාසය කිරීම මට දැනුණේ මෑණියන්ගේ උකුල මත සිටින්නාක් මෙනි. ඈ මා හැදුවේ වැඩුවේ ඇගේ ස්වාභාවික වටපිටාවේ වන අතර මාගේ ජීවිතය එක්තරා රටාවකට සකසා ගැනීමට ඈ මා ප්‍රබෝධමත් කළා ය. මා දහහතර වැනි වියේ පසු වෙද්දී එක්තරා ඉර්ශීවරයෙක් මට භෝජා පත්‍රයක සටහන් කරන ලද යමක් දී ආශිර්වාද කළේ ය. පෞරාණික ලියැවීම් සටහන් කෙරුණේ භෝජා පත්‍ර නමින් හැඳින් වෙන ගසක පොතුවල ය. මා නොහඳුනන එකී ඉර්ෂීවරයා ලියා දෙන ලද භෝජා පත්‍රය අදත් මා ළඟ සුරැකි ව ඇති අතර එහි මෙසේ සඳහන් වේ. “ඔබට මේ මිහිතලය කුඩා වේවා ! ඔබට ආධ්‍යාත්මික මාර්ගයේ යාමට හේතු වාසනා වේවා !'” [අවාධුට්, ගංගෝත්‍රි 1939]. ඉර්දිවරුන්ගෙන් මා ලත් සෙනෙහස හිමාලයේ රිදී පැහැති ග්ලැසියර නිර්මාණය කර පසුව දහස් ගණන් දිය කඳුරු බවට පත් කෙරෙන සදාකාලික හිම මෙනි. සෙනෙහස මගේ ජිවිත ස්වාමිත්වයට පත් වූ විට බිය නොහඳුනන්නෙක් බවට පත් වූ මම දිය පහරවල් හා හිමෙන් වැසුණු ගිරි දුර්ග පසු කරමින් ගල් ගුහාවෙන් ගල් ගුහාවට සංචාරයේ යෙදුණෙමි.