Shop

Show
  • -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -20%
    (0)

    භූතෝන්මාදය සහ තවත් අද්භූත කතා

    භූතෝන්මාදය
    හිස සුන් මළකඳු අතවනයි!
    මඟ පෙන්වන්නා
    අසුබ තෙර නිමිනි
    ගොළුමඩමේ අබිරහස
    සෙලවෙන මනස
    අන්හළ නොහැකි බැඳීම්
    Original price was: Rs. 890.00.Current price is: Rs. 712.00.
  • -10%
    (0)

    අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA

    සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.

    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.

    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම.

    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;

    ලොමුදැහැගන්වනසුලුය!

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA

    යං ගස්

    අපේ ගෙදරත් කංසා ගස්වල
    පල දරන මල් පිපෙනවා
    දහස්පෙතියා අහිංසක ගස්
    රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
    හිපොප් රැප්වල සුවඳ අරගෙන
    පෑන කොපුවක නිදනවා

    චින්තිලා ෆිල්ටිලා තවමත්
    මිදුලෙ සක්මන් කරනවා
    අනු අටකට බිව්ව ගල් එක
    තුන් දාහ දැන් පයිනවා
    Voice වල නම් පුංචි කෙල්ලෝ
    මගේ සින්දුත් කියනවා
    ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
    බැණුම් අහ අහ නහිනවා

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    සාර්ගේ සෙවනැල්ල ව්ලැඩිමීර් පුටින් – VLADIMIR PUTIN – SARGE SEWANAELLA

    තදබල ලෙස රෝගිව සිටින පියා බලන්නට පුටින් ගියවිට ඔහු තම එකම පුතු දැක සතුටට පත් වූයේය. මේ වනවිට ඔහු මරණාසන්නව සිටින බව පුටින් වටහා ගත්තේය. එහෙත් ඔහුගේ පැමිණීම පිළිබඳව පියා සතුටු වන බව ඔහුගේ දෑස් දෙස බැලූ විට පුටින්ට වටහා ගන්නට හැකි විය.
    ඔහු පුටින් දෙස බැලුවේය. ඔහු ඉතා සෙමින් කතා කළේය. මේ වන විට පුටින් රටේ විශේෂ තනතුරක සිටින බව පියා දැන සිටියේය. අනාගතයේදී ඔහු තවත් ඉදිරියට ගමන් කරන බව පුටින්ගේ පියා වටහාගෙන සිටියේය.
    “මගේ පුතා සාර් වගේ යයි ඔහු පැවසුවේය. වැඩි දිනක් ගත වන්නට පළමු පියා මිය ගියේය. පියා ගේ මරණය ඔහුට තද බල ශෝකයක් ඇති කළේය. දැන් ඔහුට සෙවනැල්ලක් ලෙසින් සිටි පියාද, මවද අහිමි වී ඇත. ඔහුගේ සිතට දැනුණු ශෝකය අති මහත්ය. ඔහු එය තනිව විද දරා ගත්තේය.
    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.
  • -20%
    (0)

    සඳුගෙ දියණිය- Sanduge Diyaniya

    සඳ මත සිදු වූ බිහිසුණු අභ්යවකාශ යුද්ධයෙන්නූ ලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක…’
    ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා…’
    කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ,
    සුරූපී වන රැජින ‘ෂර්මේන්…’
    ප්රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්…’ ජීවකයෙකු බඳු වූ ප්රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්…’
    මේ සියලු දෙනාටම ඉහළින් ක්රියාකාරී වූ බලසම්පන්න ‘අයොනියන් දෙවියන්…’
    ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය…!’
    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    කෙල්ල – Kella

    අම්මෝ ඇති යාන්තම්… ගමේම ඕපේ හොයන රොසලින් නැන්දා දළදා මාළිගාවට ඇවිත්. මං ඇමේලියාගේ විස්තර කිව්වේ දැන් ගිහින් ගමටම කියනවා කියලා දන්න නිසාමයි. මන් කියන හැම දේටම ඇමේලියා හරි ලස්සනට හිනා වෙලා හිටියා. රොසලින් නැන්දා හිතුවේ මං මේ සුද්දි එක්ක පටළැවිලා කියලා……මී මැස්සෝ රොන් උරමින් සිටි ඕලු මල් පොකුරක් මන් එයාට අරන් දුන්නා. මල් පොකුරත් එක්ක මට එයාගේ පිංතූරයක් ගන්නම ඕන වුණා. හිතේ පොඩි බයකුත් තිබුණා හැබැයි මන් ඇහුවා.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    එළියකන්ද වධ කඳවුර – Aliyakandha Wada Kadhaura

    1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ‘ පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය.
    මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත.
    ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී’ (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.
    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -20%
    (0)

    විල මැද සටන – vila Mada Satana

    ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, ‘මගියා’ යන ආරූඩ නාමයෙනි.
    ” මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ.” – මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. “උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.’
    ” මිනිහ හොඳටම වෙව්ලනවා.” මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය.
    ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ
    ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය.

    “දැන්මම නැංගුරම් උස්සමු.” ත්‍රේනර් රළු හඬකින් කීවේය…

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    ගේට්ටුව ළඟ නතර කළ රථය – GETTUWA LAGA NATARA KALA RATAYA

    අප ජීවත් වන්නේ කෙටිකතාවලින් පිරුණු ලෝකයක යැයි, මෙහි කතුවරයා, තම පෙරවදනෙහි ලා සඳහන් කරයි. වසර දහයකට ආසන්න කාලයක් පුරා, ඒ අතරින් තෝරා ගත් කතා දහයකින් ඔහු අපට සංග්‍රහ කර ඇත. ඒ අතර විවිධ අධ්‍යයන රටා දක්නට ඇති අතර, ඇතැම් කතා තුළ, ඔහු මීට පෙර පළ කළ කෙටිකතා කෘති පහේදී මෙන්ම, අතිසත්වාදී ශෛලියද භාවිත වෙයි. සමකාලීන මනුෂ්‍යයා, පෙළෙන සාංකාව, හුදෙකලාව, අපේක්ෂා භංගත්වය. මෙම කතා පෙළෙහි සියුම් හුයක් සේ දිව යනු පෙනේ. කතුවරයා ඉන්, පාඨක සිත් සසල කරවන නමුදු, අවසානයේ උපදවනුයේ ජිවිතාවබෝධය හා මානව භක්තියයි.

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -10%
    (0)

    හරි අපූරු ඉස්කෝලේ – Hari Apooru Iskole

    ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය.
    ”අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.”
    ”අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා.ඒ කියන්නේ අපට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා.”

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware

    මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -20%
    (0)

    රාස්සගල කන්ද – Rassagala Kanda

    නිහැඬියාවක් පැතිරුණ අතරේ ටින්කර් හඬ නැගීය. “මම දන්ත තැනක් තියෙනවා. අපේ ප්රදීපාගාරයේ කවුරුත් නැහැ. අපි එතැනට යමු.”
    ‘ ප්රදීපාගාරයක් ” ජෝර්ජ් ඇදහිය නොහැකි ලෙස බැලීය. ” ඉතින් කොහේ ද ඒක තියෙන්නේ? ”
    ” මේක විහිළු කරන වේලාවක් නොවෙයි ” ඩික් තදින් කීය.
    “විහිළුවක් නොවෙයි ” රවාගත් ටින්කර් කිය. “අපේ තාත්තගෙන් අහන්න. එතෙන්ට කවුරුත් එන්නේ නැති හින්දා තාත්තා එක ගත්තා.”
    ” ඒත්, ඔයාට ප්රදීපාගාරයක් නැහැනේ? ඩික් කීය.
    ” මේක පරණ එක. ඊට ටිකක් දුරින් අලුතින් එකක් හදලා තියෙනවා. පරණ එක තාත්තා ගත්තා. එයා වැඩ කරගන්න යන්නේ ඒකට මමත් යනවා. හුඟක් ඉඩ නැති වුණාට අපිට සෙල්ලමි කරන්න ඉඩ තියෙනවා. මගේ උපන් දිනේ දවසේ තාත්තා ඒක මට දුන්නා.”
    ” ඒක අපූරු කතාවක්. ජෝර්ජ්ට තාත්තා දූපතක් දුන්නා. ටින්කර්ට එයාගේ තාත්තා ප්රදීපාගාරයක් දීලා. අපේ තාත්තා මට ගිනි කන්දක් දුන්නා නම් හොඳයි.”
    ජෝර්ජ්ගේ දෑස සතුටින් දිලිසුණි. ” එතැන හොඳයි ද? “
    ” ඔව්. මුහුදු රැල්ලේ සද්දේ විතරයි ” ටින්කර් පැහැදිලි කළේය. ” මුහුදු ළිහිණි එනවා. තාත්තාට උන්ගේ සද්දේ කරදරයක් වුණත් හැමදාම උන්ට කෑම දෙනවා.’
    Original price was: Rs. 300.00.Current price is: Rs. 240.00.
  • -20%
    (0)

    පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya

    ” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
    ” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
    දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “

    Original price was: Rs. 300.00.Current price is: Rs. 240.00.
  • (0)

    රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2

    බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

    සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

  • -10%
    (0)

    රාවණා මෙහෙයුම – Rawana Meheyuma

    මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය තෛිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස,ඉතිහාසයේ වැළලි ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.