-
(0)
සේලවී – Selavi
Rs. 800.00Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00. -
(0)By : H Rider Haggard
සොලමන් රජුගේ දියමන්ති ආකරය – Solaman Rajuge Diyamanthi Akara
Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 990.00Current price is: Rs. 990.00.” මං ජිමට කතා කරලා, ජිම්, මේ පාර කොහෙද යන්නෙ? ඇත් දඩයමේද?’ කියල ඇහුවා.
“” නෑ බොස්, ඇත් දත් වලට වැඩිය විටිනා දෙයක් හොයා ගෙනයි අපි යන්නේ, කියලා ජිමි කීවා.
”’ ඒ මොනවද? කියලා මං ඇහුවා. මට ඇති වුණු කුතුහලය හැටියට රත්රන්ද ? ” කියල මං ඇහුවා.
” නෑ බොස්, රත්තරන් වලට වැඩිය වටිනා දෙයක් ! ” කියලා මිනිහා නියවාගෙන හිටියා. -
(0)
හදවත්වරක්
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.
මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.
හදවත්වරක්
ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.
එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.
තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න
හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
-
(0)
හඳට ගල් ගැසූ කොල්ලෙක්
Rs. 980.00Original price was: Rs. 980.00.Rs. 784.00Current price is: Rs. 784.00.“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ. දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”
මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.
“ඊට පස්සේ”
මම ඇහැව්වා.
“ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”
“මම කළුයි, ඔයා සුදුයි, ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?”
“ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”
-
(0)By : Enid Blyton
හරි අපූරු ඉස්කෝලේ – Hari Apooru Iskole
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය.
”අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.”
”අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ්‍ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති වෙනවා.ඒ කියන්නේ අපට මුල ඉඳල ම පටන් ගන්න වෙනවා.” -
(0)By : Eva Braun
හිට්ලර් ඊවා අමරනීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ්‍රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත්‍යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද යන්න විදහා දැක්වෙන අවස්ථා ද ඔහුගේ චරිතයේ විරල නැත. රිචඩ් වාග්නර්ගේ සංගීතයට වශීව ඔහු ඊට ලොබ බැඳ සිට ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයට ය. එලෙසම සම්භාවනීය ජර්මන් ලේඛකයන් වූ වොෆ්ගන්ග් ගොන්තේ, ප්‍රීඩ්‍රිච් ෂිලර් වැන්නවුන් ඔහුගේ නිබඳ ඇගයුමට පාත්‍රවී තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඔවුන්ගේ කෘති ඇසුරු කර ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.
-
(0)
හියුෆන්ට් ප්‍රේමේ
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!
”බලන්න…. බඩ අඟල් 9 යි පෙන්නේ… මගේ උස අඩි පහයි… එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්….” ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…
”…දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්…! එතකොට මොකක්ද ප්‍රශ්නෙ?”
”හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං…” ෂානා කිව්ව.
”ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි… ” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම…!
-
(0)
හුන්නාකඩවර – Hunnakadawara
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත්‍ර වාරිත්‍ර ද අපට බෝ කළෝ ය.
දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.
අනේ! කාලේ වනේ වාසේ!
අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන්
පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප, ඥානය, ‘හුන්නාකඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේ ය. අලියා මතු නො ව අලියා ගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකූ බව ඔහු වටහා දෙන්නේ ය.වෙද හෙද කම් කර තමන් සුවපත් කරන ‘හුන්නාකඩවරේ’ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේ වා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.
මහින්ද ඉලේපෙරුම