• -20%
    (0)

    හියුෆන්ට් ප්‍රේමේ

    ෂයිලා නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං එයා ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියේ ඉඳන්, බාබර සන්සෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා!

    ”බලන්න…. බඩ අඟල් 9 යි පෙන්නේ… මගේ උස අඩි පහයි… එතකොට මගේ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල… ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්….” ගැනී ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව…

    ”…දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල… සීයට දාසයයි ඕපන්…!  එතකොට මොකක්ද ප්‍රශ්නෙ?”

    ”හරි… හරි… ඒක මගෙන් අහන්න එපා… මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං…” ෂානා කිව්ව.

    ”ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි… ” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම…!

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හුන්නාකඩවර – Hunnakadawara

    ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත්‍ර වාරිත්‍ර ද අපට බෝ කළෝ ය.

    දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.

    අනේ! කාලේ වනේ වාසේ!

    අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන්
    පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප, ඥානය, ‘හුන්නාකඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේ ය. අලියා මතු නො ව අලියා ගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකූ බව ඔහු වටහා දෙන්නේ ය.

    වෙද හෙද කම් කර තමන් සුවපත් කරන ‘හුන්නාකඩවරේ’ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේ වා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.

    මහින්ද ඉලේපෙරුම

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.
  • -20%
    (0)

    හූ ඒට් මයි ඇපල් – Who ate my apple

    අල්පොන්සු දවස් කීපයක පටන් ඔහුගේ ඇස අග්ගිස්සෙහි මතුව තිබූ ගෙඩියක් හේතුවෙන් හටගත් වේදනාව දැනෙමින් ඔහුගේ හිස කෙළින් අතට හරවා ගනිමින් වේදනාව මග හරවා ගැනීමට උත්සාහ කරමින්, වේදනාව දැනෙන කොටස අතින් අතගාමින් ගෙඩිය ලොකු වී ඇත්දැයි බලමින් සෙමින් සෙමින් නින්දෙන් අවදි විය. අවදි වී විනාඩි කීපයක් එලෙසම එකම ඉරියව්වෙන් ඉඳ පසුව ඇඳෙන් බැස බිත්ති ඔරලෝසුව දෙස බැලූ අල්පොන්සු, ඔහු වැඩට යාම සඳහා සාමාන්‍යයෙන් අවදි වන වෙලාව පසු වී විනාඩි විස්සක් පමණ ගත වී ඇති බව දැක කලබල වී තම දුරකථනයේ සීනුව නොඇසුණේ ඇයිදැයි පරික්ශා කිරීමට ඇඳ අසල වූ කුඩා පෝටිකෝව මත වූ දුරකථනය අතට ගත් විට එය ක්‍රියා විරහිත වී ඇති බව දැක වහාම චාජරය ගෙන මේසය අසල වූ ස්විචයට සම්බන්ධ කොට රාක්කයේ වූ තුවාය ගෙන කල බලයෙන් වැසිකිළිය දෙසට ගමන් කිරීම සඳහා සිය කාමරයේ දොර විවර කළේය. අල්පොන්සු වැසිකිළිය දෙසට ඇවිද යමින් වෙනදා කුස්සිය දෙසින් සාලයට වැටෙනා ආලෝකය නොවීම පිළිබඳව ආතතියෙන් සිය මවද අද තවම අවදී වී නැති බවත්,

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    හොරොව්පොතනේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro

    මම ධර්මේගේ මුහුණු බලමි. ධර්මේ මගේ මුහුණ බලයි. කොතෙක් ප්රවේශම් වුව ද අපි වීරසේනගේ ගැටයකට හසුවී ඇත. ·” වීරසේනගේ සුට් එක ලස්සනයි ” ධර්මේ කියයි.
    ” තැනක යූ සර් ” වීරසේක සීරුවෙන් සිටිමින් තම කය සෘජු කරමිත ඉතා ආචාරශීලී ව පවසා ආපසු හැරී පිටව යයි. “බලපං ගුණේ මමගේ ඔලුවෙ අං ඇවිල්ලා ද කියලා ධර්මේ පවසයි.
    “මොනවද බං තමන්ගේ ඩ්රයිවර්ට ඇඳුම් සුට් එකක් මහ ගන්න සල්ලි හොයන්ඩ, මහ කැලේ දුක් විද්යා මොර ගෝනි උස්සගත ආපු අපි වගේ තවත් ඩි.අර්.ඕ.ලා තුන් දෙනෙක් අතීතයෙන් කවදාවත ඉන්ඩ නැතුව ඇති. අදත් වෙන කොහෙවත් නැතුව ඇති. හෙටත් කොහෙවත් ඉපදෙනෙත් නැහැ. මම සිනහා සෙමින් හිස වනා එය අනුමත කරයි.
    Original price was: Rs. 3,500.00.Current price is: Rs. 3,150.00.
  • -20%
    (0)

    ෆස්ට් ක්ලාස් – First class

    මගේ අම්මා මට නේත්‍රා’ කියල නම් තිබ්බෙ මං ඉපදෙන්න තියා තමන්ට දරුවෙක් ගැන හිතන්නවත් පුළුවන් වයසකදී නෙවෙයි කියල. එයා කාලෙකට ඉහත දී දවසක් මා එක්ක කිව්ව මට මේ දැන් වගේ මතකයි. අම්මා පරම්පරාවෙන් ධනවත් පවුලක දෙටු දියණිය වෙලා යෞවනයේ දීම පරම්පරාවට පිටුපෑවත්, එයාට ඕන වෙලා තිබුණෙ මොනවද කියල එයා දන්නෙ නෑ කියලයි මගේ හිත දැන් කියන්නෙ. වෙච්චි දේවල් වලට වඩා කරගත්තු දේවල් ගැහැනියකට ඕන තරම් තියෙන්න පුළුවන්. එහෙම කියලා අම්මා කවදාකවත් පිළිවෙතින් පිට පැන්න ගැහැනියක් නෙවෙයි. පාරමිතාවක් පුරන දෙවඟනක් වගේ මගේ අම්මා මාව දෝතට ගන්න ඇති. ඇයගේ අතැගිලිවල පහස අදටත් එහෙමමයි. අද ඇයගේ දෙනෙතින් වැගිරෙන කාන්තිය, මා මෙලොව දුටු පළමු දා ඈ නෙත් තුළින් වැගිරුණ කාන්තියම වෙන්න ඇති. අද, දැන් ඇය තුළ කැලතෙන හැඟුම් සමුදායේ ඛර එදාත් එහෙම ම වෙන්න ඇති. ඒ මනඃකල්පිත කල්පනාවන්, මා සිත තුළ ඇති කරන විශ්වාසයේ පදනමයි. ලෝකය ආදරයෙන් සහ සාදරයෙන් මාව පිළිනොගත්තත්, මං මේ ලෝකයට ආවේ අනෙක් හැමෝම වගේ අඬාගෙන තමයි. ඒ හැඬීම අම්මාට ජීවත් වීමේ පුදුම ආසාවක් ඇති කරවන්න ඇති. ඒත් එදා මෙදා තුර අම්මගේ හැඬීම් ඉස්සරහ මං දියවෙලා යන්නේ ක්ෂණයෙන් කිව්වොත් එය නිවැරදිය.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 800.00.