-
(0)
වන අලින්ට කළ වෙදකම්
වනජීවී පශු වෛද්ය ප්රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.
Rs. 780.00Rs. 702.00 -
(0)
වන අලින්ට කළ වෙදකම් – Wana Alinta Kala Wedakam
වනජීවී පශු වෛද්ය ප්රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.
Rs. 780.00Rs. 702.00 -
(0)
වසන්තය නුඹම විය – Wasanthaya Nubama Viya
බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. “සර්, මම එළියට යන්නද?” පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ…? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. “එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?” මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ”. ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා කියන්නෙ කොහොමද මගේ ඇත්ත තත්වේ.. ඒ වුණාට මට ඩොක්ටර්ව ෂුවර් නෑ මම සර්ව අල්ල ගන්නම්. තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරේ ලැබෙන්නත් කලින්ම මම යෂ්ගෙ අතක එල්ලුණා. ඩොක්ටර් හිනාවෙලා එන්නත අතට ගත්තා නොබලනවාම කියලා හිතාගෙන හිටියත් මගේ ඇස් කෙළින්ම එල්ල වෙලා තිබ්බේ එන්නත දිහාවට බයටද මන්දා මාව ගැහෙනවත් එක්ක. ඒ කටුව ටිකින් ටික යෂ්ගෙ අත සිදුරු කරගෙන ඇතුළට යද්දි මගේ ඇඟම හිරිවැටෙන්න ගන්නා ඊටත් ටික වෙලාවකට පස්සෙ මුළු ලෝකම අඳුරු වෙලා පේන්නෙ නැතුවම ගියා.
Rs. 1,800.00Rs. 1,440.00 -
(0)
වස්සාන සිහිනය
ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Rs. 1,200.00Rs. 960.00 -
(0)By : Chekeha Hachemi
වැලපෙන්නි අවකන්නි – Walapenni Awakanni
කලක් සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය….. රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය……… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ “ඔල්මොරොන්දම්” නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?
ගැහැනුන්ට කිසිඳු රැකියාවක යෙදීම තහනම්!
පොදු ප්රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වා ගෙන යා යුතුය.
ස්ත්රීන්ට පිටත ඇවිදීම තහනම්!
එසේ යනවා නම් පියා, සහෝදරයා හෝ සැමියා සමඟ පමණී.
ගැහැනු බුර්කාව පමණක් ඇඳිය යුතුය.
බුර්කාවට යටින් අඳින ඇඳුම් තද පැහැ හෝ වෛවර්ණ නොවිය යුතුය
රූපලාවණ්ය ආලේපන, නිය හා තොල් ආලේපන තහනම්!
මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රූ තහනම්!
පිරිමි වෛද්යවරයකුට ස්ත්රියකගේ සිරුරට අත තැබීම තහනම්!
ස්ත්රියකට, පිරිමි සන්නාලියකුගෙන් ඇඳුම් මැසීම තහනම්!
සංගීතයට සවන් දීම තහනම්!
චිත්රපට, වීඩියෝ නැරඹීම තහනම්
කිසිදු වෙළෙන්දෙකුට ගැහැනු යට ඇඳුම් විකිණිය නොහැකිය.
සරුංගල් යැවීම තහනම්!
මේ ඒවායින් කිහිපයක් පමණි!
ඉදින්, ඔවුන් වැලපෙන්නේ නැතිව
වෙන කුමක් කරන්නද?Rs. 1,000.00Rs. 800.00 -
(0)
වැහි පීල්ලක අතරමංව – Vehi Pillaka Ataramanwa
අපි හිටියෙ තෙල් පෝලිමක.
බයිසිකලේ පෝලිමේ නතර කරලා, මං හිටියෙ තාප්ප හෙවණැලි මුවාවක. බයිසිකල් පෝලිමේ අපිට ඉස්සරහින් බයිසිකලයක් සක්ක ගහන්න ආපු කලිසම් ඇඳ ගත්තු මහත්තයෙක් හූ හඬ මැද්දෙම බයිසිකලේ තල්ලු කරගෙන පිටිපස්සට ගියා. මිනිහ පිට ගමක කෙනෙක්. මේ ගමේම කෙනෙක් උනා නම් කුණුහරුප දෙකක් කියලා කොහොම හරි පෝලිමේ ඉස්සරහට බයිසිකලේ රිංගව ගන්නවා.
ඒ වෙද්දි වෙලාව හවස දෙක විතර වෙන්න ඇති. ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණත් ගිනි කාෂ්ඨක අව්ව. පාරෙ තාරත් උණු වෙනවද මන්දා. ඒ අස්සෙ නැගෙනහිර අහසින් වැහි වලාකුළුත් අහසෙ මෝදු වෙන්න පටන් අරන්.Rs. 900.00Rs. 810.00 -
(0)
විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් – VIDYAWE SAHA MINIS MOLAYE ABIRAHAS
විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටත් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ්‍යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද?
Rs. 1,100.00Rs. 880.00 -
(0)
විශිෂ්ට පියවර
හැකියාව ලාභ භාණ්ඩයක්එපා වෙන්න කලින් නවත්වන්නකියවන්න එපා. ප්රතිඵලය පෙන්වන්නමෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්නRs. 600.00Rs. 510.00 -
(0)
විෂ් – Wish
මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි. සුදු හා කළු වස්ත්ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි. මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර කරන්නට වෙනත් යමක් නොතිබුණි. ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක නොබියව ලොවට පවසනු ඇත. එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය
Rs. 1,100.00Rs. 880.00 -
(0)By : Sang Young Park
විසල් නුවරක ආදරය – Visal Nuwaraka Adaraya
පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.
මොකක්ද දැන් ඔයාගෙ හීනේ?
මගේ හීනේ…සල්ලි ගොඩක් හම්බ කරන එක. තව… උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගන්නට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.Rs. 1,450.00Rs. 1,305.00 -
(0)
වීනස්
“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ, දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.“ඊට පස්සේ”මම ඇහැව්වා.“ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”“මම කළුයි. ඔයා සුදුයි. ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?” “ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”Rs. 1,300.00Rs. 1,040.00 -
(0)By : Melissa Wiley
වෙරළබඩ නගරයේ කුඩා නිවහන – Weralabada Nagaraye Kuda Niwahana
අම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා ” බීන්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට් ” යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිඟානකටම දුම් දමන බේල්ඩ් බීන්ස් * පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වූයේ බේන්ඩ් බීන්ස්ය.මීට අවුරුද්දකට කලින් චාලට් සිව් හැවිරිදි වියට එළඹුණු දා සිට ඇයට පැවරුණු රාජකාරියක් වන්නේ මෙවැනි වේලාවට අල්මාරියේ රාක්කවල ඇති පියුටර පිගන් ළිප ළඟ සිටිනRs. 850.00Rs. 680.00 -
(0)
සජ්ඣායනා – Sajjayana
ළා ඉරේ රැස් කදම්බය පොළොව
සිප ගත්තේ හරි පරිස්සමට තමාගේ
පෙම්වතියට සිපගන්න පෙම්වතෙක්
වගේ. හමන සුළගේ පවා තැවරිලා
තිබ්බේ අමුතුම සතුටක් නැවුම් බවක්.
දෝරේ ගලනා ආදරය ඉවුරුතලා
ඉහිරෙද්දී මින් පෙර කිසිදු දිනෙක
නොවිඳි මිහිරියාවකින් සිත මන්මත්
වෙද්දී සඳැසි නොඉවසිල්ලෙන් බලා
සිටියේ උදෑසනින්ම ඒ අළු දුඹුරු දෑස
දැක ගන්නයි.
“මොකො උබේ මූණ වෙනදට
නැති පාටක් වැටිලා?”“ඇයි, අද මගේ මූණ මොන පාටද?”
” ඒක තනිකරම ඉතිං පෙම් පාටක්
වගේ තමයි මට පෙන්නේ”“අනේ මේ පලයං යන්න. එහෙම
පාටක් මම පොඩි කාලේවත් දැකලා
නෑනෙ. අඩුම ගාණෙ අපේ පාට
පෙට්ටියකටත්.”” ඔව් ඔව්… ඒවා මේ පොඩි කාලේ
පේන පාට නෙමේයි නංගි, පොඩක්
ලොකු වෙලා අළු ගක දාලා ආවට
පස්සෙ වැටෙන පාටක්.Rs. 1,950.00Rs. 1,560.00 -
(0)By : Enid Blyton
සත් සුමිතුරෝ – Sat Sumithuro
ඒ ශීත සෘතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද ..?
Rs. 500.00Rs. 450.00 -
(0)By : Victoria Holt
සත්දෙනෙක් නම් රහසක් – sathdenek nam rahasak
ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්රෙඩරිකා හාපර්ස් ග්රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී ඕ, සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්රිස්පින් සහ ක්රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු සහෝදරිය ෆ්ලෝරා වැනි හාපර්ස් ග්රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
එසේ වූවද, ෆ්රෙඩරිකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සි#ය දි#වි න#සා ගැනීම සහ මි#නීමැ# රුමක් හමුවේ විනාශ විය. ක්රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙයි.
ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදුවූයේ කවර අචින්ත්ය ඛේදවාචකයක්ද? ප්රේමයට සහ සත්යයට ජය ගත හැකි වනු ඇත්ද? මුනිවතෙහි කුමන්ත්රණය බිඳ දැමීට අවස්ථාවක් ලැබෙයිද?Rs. 1,800.00Rs. 1,530.00 -
(0)
සදාම් සමඟ මා පාරිසුලා
ජිනාගේ නිවසට මා කැඳවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්රියේ හරුම්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මාය..
Rs. 550.00Rs. 468.00
-
වන අලින්ට කළ වෙදකම් – Wana Alinta Kala Wedakam
වනජීවී පශු වෛද්ය ප්රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.