” සෙදෝරන් මොකක්වත් මට හංගන ප්රශ්නයක්ද?”
නහර මතු වී රැළි ගැසුණු සේදෝරන්ගේ දෑත්, සීරුවට තණ පියස්ස මතින් වැඩුණු වල් පැළ අතරින් ගමන් කළේය.
“ලස්සනට තියන මේ තණ බිස්ස විනාස කරන මේ වල් ගස් මුලින්ම උගුල්ල නොදැම්මොත් වැස්සට අයෙ දලු දානවා….”
සෙදෝරන් වල් පැළෑටියක් වේගයෙන් උගුල්ලා ඉවතට ගත්තෙන් ඔහුගේ මුහුණට පස් කැටිති පවා විසි විය.
ජාලිය සෙදෝරන්ගේ ආවේගශීලී හැසිරීම දෙස වික්ෂිප්තව බලා සිටියේ ඔහු කෙරෙන් වෙනසක් පෙන්නුම් කළ නිසාවෙනි.
” අම්ම ආවේ නෑ නේද දරුවො සෑහෙන දවසකින්…?”
” ඒක තමයි සෙදෝරන්… මම නිදහස් වෙන්ඩ ළඟ හන්ද මල්ලි යන්ඩ එපා කියන්න ඇති. එක අතකට මම නිදහස් වෙනකල් අම්ම මෙහෙ නොඑන එක හොඳයි… අවුරුදු විස්සක් පුරාවට අම්මගෙ මූණෙ තිබුණෙ වේළුණ කඳුළු පාරවල්. ඒව කවදාවත් මැකුණෙ නෑ. බොර පාට යට ගැහුණු ඇස් දිහා මම බලාගෙන හිටියෙ පව්කාරයෙක් වගේ…”
ඔවුන් අතර පැතිර ගියේ දැඩි නිහැඬියාවකි. ඉන් පසුව ගත වූ කාලය තුළ ජාලියගේ සිත තුළ සැරිසැරුවේ මවගේ රැලි ගැසුණු කම්මුල්ය. අඳුරු වී ගිලී ගිය බොර පැහැ දෑස්ය. අවපැහැ වූ වතය. ඇය ඇගේ කෙසඟ සිරුරට යන්තමට හුස්ම පිඹිමින්, පුරා
Reviews
There are no reviews yet.