“නේත්‍රා” නව මනෝ සංකීර්ණතාවක් හැඳින ගැනීමක් ද? “නේත්‍රා ‘ උපුල් ශාන්ත සන්නස්ගලගේ සාහිත්‍යයේ ද නව ඉසව්වක් සලකුණු කරනු ලබන්නා වූ කෘතියකි. අපගේ අරුමැසිවාදී, ජනප්‍රියවාදි නැතහොත් අද්භූතවාදී සාහිත්‍යය ලැග හුන් යල් පැන ගිය ශිල්ප වේදයේ මෙන්ම ඥාන විභාගයේ ද, මානුෂික ජීවනානුභුතිවලියෙහි ද ඛණ්ඩනයක් “නේත්‍රා සුවිශද ලෙස සලකුණු කරයි. පසුගිය දශකය තුළ සිදු වූ නව මතවාදී කතිකාවන්ගේ ආනුභාවය කතුවරයාගේ මෙම ඥාන විභාගාත්මක බණ්ඩනය පසු පස පවත්නා බව පැහැදිලි ය. කතුවරයාගේ අතිශය ජනාදරයට පත් නව කථාව වන ‘ වස්සාන සිහිනය සමඟ සැසඳූ කල්හි මෙය තහවුරු වේ. ‘වස්සාන සිහිනය’ තුළ පැවති අතිශය වැඩවසම් වු ද, පෞරාණික හා ශුද්ධවාදී වූ ද අප ගමනයක් නේත්‍රා’ තුළ දී බහිෂ්කරණය විෂයෙහි දීප්ති කුමාර ගුණරත්න සහ X කණ්ඩායම හරහා ප්‍රකාශයට පත් වූ චින්තන දහරාවේ ආභාසය මුඛ්‍ය කොන්දේසියක් වූ බව නිසැක ය. ලාංකීය ජනප්‍රියවාදී සාහිත්‍යයේ ඉදිරියෙන්ම සිටින ලේඛකයා කෙරෙහි එවන් බලපෑමක් කරන්නට හැකි වීම X කණ්ඩායම සමාජීය වශයෙනුත්, දීප්ති කුමාර ගුණරත්න ආත්මීය වශයෙනුත් ලද පැහැදිලි ජයග්‍රහණයකි.
නේත්‍රා- Nethra
මං කියන හැම දෙයක්ම විශ්වාස කරන්න – නේත්‍රා. මං මහ පොළොව වගේ ඔයාගේ දුක දරා ගන්නම්. ඔයා දන්නවද? ඔය ඇස් දෙකෙන් ඉහිරෙන්නෙ මල් සුවඳ. ඔහොම බලද්දි මට දැනෙන්නේ තාරකා රංචුවක් නිලි වැස්සට පෙඟිලා මගේ ආත්මය ඇතුළෙ සැරිසරනවා වාගේ. ඔයා අහිංසකයි. සඳ වගේ අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ මට ඔයාව ලැබුණ නම්….. ඒත් මං පිං කරලා නෑ. එහෙම වුණා නම් මං කොළඹ අතෑරලා නුවරට එනවා. ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ඔලිඳ ඇළට පැනලා ඔය සඳ මුණට පැන් ඉහිනවා. දෙණියේ අන්දර දෙවටෙදි නැවතිලා සුදු ගවුමෙ තුත්තිරි ගලවනවා. ඔය පොඩි ටිකිරි පාවල බොරළු ඇනෙන්න නොදී මගේ ඇඟට වාරු කරගන්නවා. ආදරේ හැටි එහෙම තමයි… ඇයි මං විශ්වාස කරන්නෙ නැත්තේ? මගේ පපුව විවර කරන්න පුළුවන් නම්, මං එයාට පෙන්නනවා. ඔයා හින්ද මගේ පපුව ආදරෙන් පිරිලා තියෙන හැටි. එහෙනම් මං දන්නවා, ඔයා මාව සිප ගන්නවා දහස් වතාවක්… ඇයි මට පිස්සෙක් වගේ කියවන්න දිලා බිම බලාගෙන ඉන්නේ…. කියන්න.. එක වතාවක් කියන්න. මං ඔයාට ආදරෙයි විශ්ව කියලා… ඔහු එක දිගටම කියාගෙන යයි. බැහැ මම තරයේ කීවෙමි. මම බෙහෙවින් බිය වීමි. තිගැස්සුණෙමි. ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ කොහොමද? මම හඬා
In stock
In stock






Reviews
There are no reviews yet.