• -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 4 – nihada nowu sakshi

    පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ මියගිය රූමත් තරුණිය පේරාදෙණිය, මහනුවර පාරේ පිහිටි සුපිරි වෙළෙඳ සළකට, ආරෝහ පරිණාහ දේහයකින් යුතු රූමත් තරුණියක් ගොඩ වැදුණාය. එම අවස්ථාව තරමක් කාර්ය බහුල වූ හෙයින් ඇය කිසිවකුගේ විශේෂ අවධානයක් දිනා නොගත්තාය. වෙළෙදසළේ ඔබ මොබ ඇවිද තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවනු පිණිස ඇප මුදල් අයකැමිවරයා වෙතට පැමිණියාය. අනතුරුව රුපියල් දාහේ නෝට්ටුවකින් ඇයගේ බිල ගෙවා දැමීමට සැරසුණා පමණි. සුපිරි වෙළෙඳ සෙළේ කළමනාකාරවරයා සිය කාර්යාල කාමරයේ සිට වහ වහා මුදල් කවුන්ටරය වෙත පැමිණියේය. පෙර කී තරුණිය ගෙවා දැමීමට සුදානම් වන බිල්පත, මුදල් අයකැමිවරයාගෙන් ලබාගෙන ඒ සමඟ තරුණිය සන්තකයේ වූ භාණ්ඩ සමඟ සසඳ බැලීය. ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තරුණියගේ අත් බෑගය පරීක්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටියේය. එහෙත් ඇය ඒ සඳහා තරයේ විරුද්ධ වූවාය. එහෙත් සිදුව තිබුණේ වෙනත් යමකි. කළමනාකාරවරයා තම කාර්යාලයේ තිබූ රූපවාහිනි තිරයෙන් ඊට සම්බන්ධ කැමරා පද්ධතිය හරහා වෙළෙඳසළේ සිදුවන දෑ නරඹමින් සිට ඇත. ඒ අතරවාරයේ මෙම තරුණිය අනර්ඝ වටිනාකමකින් යුත් සමහර දෑ ඇයගේ අත් බෑගයට දමා ගන්නවා ඔහු නිරීක්ෂණය කර තිබිණි.

    Original price was: Rs. 350.00.Current price is: Rs. 315.00.
  • -20%
    (0)

    මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu

    මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.
  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 3 – nihada nowu sakshi

    එක්තරා වනාන්තරයක තිබී හමුවූ කාන්තා මෘත ශරීරයකි. එය සොයාගන්නා විට සෑහෙන පමණ නරක් වී තිබූ අතර මැස්සත් සහ වෙනත් කෘමීන් රාශියක් ශරීරයේ සමහර තැන් වසා බිත්තර දමා තිබිණි. ඒ අතර ඔවුන්ගේ ජීවන චක්‍රයේ පිළවා අවස්ථාවද බෙහෙවින් දක්නට ලැබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වනු ලැබූ මුත් කෘමීන් සහ සතුන් ශරීරයේ සමහර කොටස් කා දමා තිබූ නිසාත් සැහෙන පමණ නරක් වී තිබූ නිසාත් මරණයට හේතුවක් සොයාගත නොහැකි විය. එහෙත් මෘත ශරීරය සොයාගත් ස්ථානය අසල තිබී හිස් වස කුප්පියක්ද සොයා ගත් බැවින් මෙම තැනැත්තිය වස පානය කරන්නට ඇතැයි ද එය සියදිවි නසා ගැනීමක් යැයිද අවසානයේ තීරණය කරන ලදී.

    Original price was: Rs. 450.00.Current price is: Rs. 405.00.
  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 2 – nihanda nowu sakshi

    මෙහි අඩංගු අපරාධ දහ හතරෙහි කථා නායකයින් මිය ගිය ද ඔවුන් නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාව තවදුරටත් පෝෂණය විය. ඒ ඔවුන්ගේ මරණ පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සිදු කළ සංකීර්ණ පරීක්ෂණ හේතුවෙනි. එබැවින් මම ඒ සියලු දෙනා යළි යළිත් සිහිපත් කරමි. ඔවුනට කරන ගෞරවයක් ලෙසින් සියලුම නම් ගම් මනඃකල්පිතව තබමි.

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.
  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ශි 1 – Nihanda nowu sakshi

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙකුව සිටි අවධියේ මා නේවාසිකව සිටියේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේය. දිනක් රාත්‍රියේ මා එහි අංක නමය දරන කාමරයේ පාඩම් කරමින් සිටිනා විට එහි ඉහළ මාලයේ කථිකාචාර්යවරුන්ගේ සාදයක් පැවතියේය. මෙය මා හට මහත් කරදරයක් වූයෙන් එයට විරෝධය පළකළ මා සමඟ කළහයට පැටලුණේ එක්තර කථිකාචාර්යවරයෙකි. මා දන්නා තරමින් ඔහු ඉගැන්වීමෙහි අතිදක්ෂ දීප්තිමත් කථිකාචාර්යවරයෙක් විය. එමෙන්ම පියවි ජීවිතයේ ඉතා සුහද පුද්ගලයෙක් විය. එහෙත් මධුවිතින් මත්ව සිටි ඔහු මා සමඟ දරුණු අරගලයකට සූදානම් වූ අතර, උපශාලාධිපතිතුමා සහ අනෙකුත් සිසුහු මැදිහත් වී එම අරගලය වහවහා සංසිඳ වූහ. තවත් වසරක පමණ කාළයක් අප මෙම ශාලාවේ විරසකයින් ලෙස කල් ගෙවන ලදී. කාලයාගේ ඇවෑමෙන් අපි දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණෙමු. ඒ අන් කිසිවක් නොව පියවි ජීවිතයේ ඔහුගේ ප්‍රියමනාප සහ සුහදශීලී බව නිසාමය. පසු කාලයක ඔහු මා අතිශයින් ප්‍රිය කළ පුද්ගලයන් අතළොස්සකගෙන් කෙනෙකු වූයේය. ඒ නිසාම පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන අවස්ථාවේදී ඔහුගේ සියලු නීතිමය ලියකියවිලි නීතිඥයෙකු ලෙස සහතික කළේ මා විසිනි. පසු කාලයක වෛද්‍ය විද්‍යාලයයේ අධ්‍යයන කටයුතු අවසන් කළ මා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණෙමි. ඉන් අනතුරුව අපේ මිතුදම තව තවත් වර්ධනය වූයේය. විශ්ව විද්‍යාලයයේ පර්යේෂණ සැසිවාරයන්හි දි අපි නිතර හමු වුණෙමු.

    Original price was: Rs. 550.00.Current price is: Rs. 495.00.
  • -10%
    (0)

    ලංකාවේ ගිනිඅවි සහ දඩයම් Gini avi saha dadayam

    ප්‍රදේශය නොදුටු අයකුට ඒ ප්‍රදේශය පිළිබඳ මනා වැටහීමක් ඇතිවන ආකාරයට යම් කිසි කැලැබද ප්‍රදේශයක් විස්තර කිරීම දුෂ්කර ය. එහෙත් විදේශයක දඩ කෙළියේ නො යෙදුන, ඒ ප්‍රදේශය නොදුටු අයකුගේ සිත් ඇද ගන්නා ආකාරයට ඒ පිළිබඳ විස්තර කිරීමට නම්, ඒ ප්‍රදේශය පිළිබඳ මනා පැහැදිලි විස්තරයක් කළ යුතු ම ය. මෙ වන් දඩ කෙළි සිදු කරන ලද භුමි භාගය පිළිබඳ මනා විස්තර කිරීමක් නො මැති කම නිසා ම මෙ වන් ක්‍රීඩාවන් හි පසුව යෙදෙන්නන් අපහසුතාවට පත් කෙරේ. පිටු විස්සක් එක දිගට ඔබට කියවාගෙන යන හැකි ය. ඉන් පසු ඒ විස්තර වල දැනෙන ඒකාකාරි ස්වභාවය නිසා ම, ඔබට හැඟී යනු යේ මේ විස්තර තුළ ඇත්තේ හුදෙක් සතුන් හරහට දිගට ඝාතනය කරගෙන යෑමක් බව පමණි. එයට නිසි වාතාවරණය නො සැල සේ නම් හුදෙක් සතකු ඝාතනය කිරීම දඩ කෙළියක්, එසේත් නැතිනම් ක්‍රීඩාවක් බවට පත් වන්නේ නැත. මේ හැඟීම සත්ත්ව ඝාතකයකු ගේ සිත තුළ ඇති වන්නේ නැත. හේ මුව නාම්බෙකු කණුවකට හිර කොට ගෙළ සිඳ දමයි. වනාන්තරයේ සතෙකු හඹාගොස් ඌ එළා ගැනීමේ දී කෙළියේ යන්නකු ලබන අන්දමේ ම වින්දනයක් හේ ඉන් ලබයි. දඩ කෙළියේ යෙදෙන සැබෑ ක්‍රීඩකයෙකුට, කැලෑබද ප්‍රදේශය වැඩි වත්ම මින් ලබන වින්දනය ද වැඩි වේ. ජනාකීර්ණ පරිසරයක. ඇති කර්මාන්ත ශාලා ආශ්‍රිතව.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.
  • -20%
    (0)

    පෝරකය ඉව කළ මිනිස්සු – Porakata Iwa Kala Minissu

    අපරාධ වෛද්‍ය විද්‍යා විෂය ඉමහත් කුතුහලය දනවන එකකි. මෙම විෂයයේ එකල ප්‍රවීණයන් වූ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය සරවන පාවනන්දන් වැනි වියතුන්ගෙන් වෛද්‍ය විද්‍යාලයේ දී ගුරුහරුකම් ලබන්නට වරම් ලද මෙම ලේඛකයා වෛද්‍ය නීති පර්යේෂණාගාරයෙන් ලබා ගත් වෘත්තිමය අත්දැකීම් සමුදාය ඉමහත්ය. මෙම නුහුරු නුපුරුදු විෂය මහජනයා අතරට ගෙන ඒම සඳහා පුරෝගාමී වූවන් අතර ඔහුට අයත් වන්නේ ඉහළම තැනකි. මෙහි දී ඔහු වහරණ බස ඉතා සරලය. මටසිලුටුය. වියරණ නීති රැක ගන්නට දරන වෙහෙස අපමණය. එය අපට පසක් වන්නේ ඔහු පොතක් ලියන්නට අත තබන මොහොතේ සිට ඔහුගෙන් අපට ලැබෙන දුරකථන ඇමතුම්වලිනි. වියත් ඇසුරට ඔහු ප්‍රියය. එම සමාගම්වල දී හොඳ ඇහුම්කන් දෙන්නකු වෙමින් යමක් ඉගෙන ගන්නට දක්වන්නා වූ උනන්දුව ඔහු සතු කැපී පෙනෙන ලක්ෂණයකි.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    භූතෝන්මාදය සහ තවත් අද්භූත කතා

    භූතෝන්මාදය
    හිස සුන් මළකඳු අතවනයි!
    මඟ පෙන්වන්නා
    අසුබ තෙර නිමිනි
    ගොළුමඩමේ අබිරහස
    සෙලවෙන මනස
    අන්හළ නොහැකි බැඳීම්
    Original price was: Rs. 890.00.Current price is: Rs. 712.00.
  • -20%
    (0)

    රහස් පරික්ශක හාමුදුරුවෝ – RAHAS PARIKSHAKA HAMUDURUWO

    මට උන්වහන්සේව හමු වූවේ ඉතාමත් අහඹු ආකාරයෙනි. එසේ හමු නොවූවා නම් වසර තිහකට පසුවුව ද මේ කතා මාලාව ඔබ හමුවෙහි තැබීමට මා හට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසාම උන්වහන්සේව මුණගැස් වූ මාගේ දෛවය. ඉරණම හෝ ඔබ පවසන්නා වූ ඒ ඕනෑම ජීවිතයේ අනපේක්ෂිත දායාදයකට’ මම බොහෝ සෙයින් කෘතඥ පූර්වක වෙමි.
    හරියට ම, මීට වසර තිස් හතරකට පෙරාතුව එනම් 1990 වර්ෂයේ දී මම අම්පාර නගරයේ පදියතලාව නමින් හැඳින් වූ කුඩා ගමක පිහිටි පොලිස් ස්ථානයකට පත්වීමක් ලැබුවෙමි. එය සිදු වූවේ මේ ආකාරයෙනි.
    මා පොලිස් වෘත්තියට ඇතුළත් වූයේ සැලකිය යුතු අධ්යාපන සුදුසුකමක් නොමැති තරුණ කොස්තාපල්වරයෙකු ලෙස යි. මගේ මුල් ම රැකියා ස්ථානය වූයේ මඩකලපුව දිස්ත්රික්කයේ පිහිටි එරාවුර් පොලිස් ස්ථානය යි. එය 80 දශකයේ අග කාල වකවානුව වූ බැවින් යාපනය නගරයේ එල්.ටී.ටී.ඊ. ක්රියාන්විත දරුණු වෙමින්, ත්රස්තවාදීන් යුධ සේනාංක සමග දරුණුවට සටන් ඇවිළෙමින් තිබුණු කාලවකවානුවක් විය.
    මට නිසි අධ්යාපන සුදුසුකමක් නොතිබුණත් මම නිර්භීත කෙනෙක් වූ වෙමි. පොලිස් වෘත්තියට ඇතුල් වෙද්දිත් මාගේ සම වයසේ අයවළුන්නට වඩා හැඩි දැඩි සිරුරකින් ද, ශක්තිමත් බාහු සහ උස ශරීරයකින් ද යුක්ත වූ මා එකල මඩකලපුව එරාවුර් පොලිස් ස්ථානයේ සේවය කළ ශක්තිමත් ම සහ නිර්භීත ම පොලිස් නිලධාරියා ලෙස හැඳින්වීමේ වරදක් නැත.
    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    ජෝකර්- Joker

    ” විකාර, මටත් පිස්සු. තම සිත තුළ ජනිත වූ සිතුවිලි වලට එරෙහි වූ ඔහු මෙතෙක් වේලාවක් ගැට ගසා තිබූ තිර රෙදි ලිහා දැමුවේ ය. එහෙත් පරිසරයේ වූ මුසල බව තවත් දරා ගත නොහැකි ය යන හැඟීමක් සිත තුළ පෙරළි කරන්නට විය. තම සිතට දැනෙන මේ අනිසි බිය කුමක් ද යන්න පිළිබඳ නාමල් තවදුරටත් සිතීමට උත්සුක නොවීය. එය සැබැවින්ම මේ සිතුවම නිසා ඇති වූවක්ද? කිසිවෙකු විසින් තමාගේ දිවි තොර කරන්නට උත්සාහ කරනු ඇතැයි යන සිතුවිල්ලක් බැහැර කරන්නට නොහැකි ලෙස සිතට වද දෙන අයුරක් ඔහුට දැනුණි. අද සවස ලැබුණු මේ චිත්‍රය ද ඒ සිතිවිල්ලට පිටිවහලක් වන්නට ඇත. තමා කිසිවෙකුට සිහිනෙකුදු හෝ වරදක් කර නොමැති බව ලෝකයක් වුවද සාක්ෂි දරනු ඇතැයි ඔහු සිතුවේ ය.

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -20%
    (0)

    ත්‍රිත්ව

    “ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා”

     

    “මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.”

     

    ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.

     

    “මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්.”

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    විකෘති – Vikurthi

    දෙදහස් පහළොව වසර ආරම්භ වූයේ දවස තිස්සේම ඇද හැලෙන අනෝරා වැසි සමගිනි, නව වසර උදා වූ නමුදු හිරු එළියට මහ පොළොව සිප ගන්නට අවස්ථාවක් නොලද බව කේතකී මොහොතක් කල්පනා කළාය. උදා වූ නව වසර පිළිබඳ ව උද්යෝගයට වඩා ඇයගේ සිතට දැනෙන්න වූයේ නුපුරුදු අනතුරක් පිළිබඳ ව සේයාවකි. පසුගිය දින කිහිපය පුරාවටම සිතේ හැම අහුමුල්ලක ම එම හැඟීම පැලපදියම් වී තිබු බව කේතකී මෙනෙහි කළා ය. එය දේශ ගුණයේ වෙනස් විම නිසා ඇති වූ තමාගේ සිතළුවක් පමණ ද? නොවේ නම් සැබෑවටම කිසියම් අනතුරක් තමා පසුපස පැමිණේ ද? ස්ථාන මාරු වීම් ලැබීම් පොලිස් සේවයට නුහුරු නුපුරුදු වූවක් නොවුණ ද තම පුහුණු කණ්ඩායමේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් සමත් වී පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට බැදුණු ඇයට වසරක් වැනි කෙටි කාලයක් තුළ ලැබුණු ස්ථාන මාරුව නිසා ඇති වී තිබුණේ සිත් තැවුලකි. විශේෂයෙන්ම අතිශයින් ම කාර්යය බහුල කොළඹ කාර්යාලයේ කටයුතු කළ ඇයට සීතල නුවර එළියේ සැහැල්ලු රාජකාරි කටයුතු උදාසීන බවක් ගෙන ආවාය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.
  • -20%
    (0)

    11 / ELEVEN

    මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.

    මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.

    මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.

    “මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”

    දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    ගෝහාර්

    කූඩා දරුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූද කුතුහලාත්මක වූද මෙම වෘත්තාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා අරෝපණය වූ ආකාරය ගැන පාඨක ඔබ දැනගත යුතුය. දිනක් තම ළගම මිතුරියකව මුණ ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිද දැඩි වික්ෂිප්ත භාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය. ඇයගේ මුහුණ සුදුමැලි වී ඇත, ඇය කුමක් හෝ පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතු මා ඇය වෙතට ළංව එයට හේතුව විමසා සිටියෙමි. ඇය තියුණු බැල්මකින් මා දෙස බැලූවාය. ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ටතම කතාවක් යැයි මා දැන ගත්තෙමි. මා මෙතෙක් ලියු සෑම කතාවක්ම මගේ බිරිද විසින්ම මා හට කියු අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එ ආකාරයෙම එකක් විය යුතුයැයි සිතු මා එය දැනගනු රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි. ඇය මා හට ගෝහා\ර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවසුවේ එවිටය. ඇයගේ හොදම මිතුරියක වන රිප්සිමේ නමින් හදුන්වන තැනැත්තියගේ දරුවෙකුගේ ජීවිතයේ සිදුවුනු සහා තවමත් සිදුවෙමින් පවතින අතිශයින්ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්ම සිදුවීම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පලකරමි. පාඨක ඔබේ රසවින්දනය තරිව කරනු වස් මෙහි සමහර සිදුවීම් පරබන්ධයක් කොට මා නිර්මාණය කරමි. එහෙත් ඔබ මෙය දැන ගත යුතුය. මෙය සත්ය සිදුවීම් දාමයක් මූලාශර කොට ගෙන නිර්මාණය කල වෘත්තාන්තයකි. ගෝහා සේම ගෝර් ද තවමත් ඔහු නොවුන් අතර ජීවත්වෙයි. ගෝහාර් කතාවේ පසුතලයට රටවල් දෙකක් තේමා වී ඇත. එකක් නම් මෙහි පරධාන පසුතලය ලෙස සකැස්වී ඇති අර්මේනියාවයි. එය නැගෙනහිර යුරෝපයේ හිතාමත්ම කුඩා සහා සුන්දර රටකි. මෙහි ගුස්තා කතාවට පසුතලය වන්නේ අර්මේනියාවේ වැනඞ්සෝර් නමින් හදුන්වන අතීශයින්ම සුන්දරවූ කදුවලල්ලකින් වැසුනු විශාල නගරයකි. ශීත කාලයට මෙම කදු මුලූමනින්ම හිමෙන් වැසී යන අතර එය අති රමනීය චමත්කාරයක් උසුලයි. මෙහි තුන්වන පසුතලය වන්නේ ස්විස්ටර්ලන්තයයි.
    – මුතුමුදලිගේ නිශ්ශංක –

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    කොළඹ ප්‍රහාරය

    ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටහට අඩියක්වත් තැබිමට හැකිවූයේ නැත, අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයන් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩේටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීනු එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටක් “අල්ලාහු අක්බර්” යැයි හ

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    යක්ෂයා අපාගත වෙයි – YAKSHAYA APAGATHA WEI

    රසල් සහ ඩැල්රින් ඉන්ග්‍රම් අඹුසැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් භාරකාරවරයා ව්සින් රැකියා ලබාදී, වාසය සඳහා නිවසද ලබා දෙයි. එහි මුලින් හැඟුනේ එය වෙත පැමිණි ආශිර්වාදයක් විලසිනි. යම් දෙයක් කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ, එසේම මාරාන්තික රෝගයකටය. ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.

    පුරුද්දට මිණි මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. නියමිත මරණයට පත්වන්නේ භාරකරුගේම බිරිඳ. මේ සියල්ල පවතින ප්රසිද්ධ නිවසක් තුළ තිබේ. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවූයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සිතාගත නොහැකි වීම, යම් දෙයක් නොතිබූ අලුත් පන්නයකට නොවේද?

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    5D මිරකල් – 5D miracle

    2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -10%
    (0)

    මිහිඳු ගිරෙන් හිම ගිරට – Mihindu giren hima girata

    සුදුපැහැ හිම වසාගත් කඳුවැටි පසුබිම් කරගත් කඳුකරයක තුරු වදුලෙන් සැදුම් ලත් බිමක පුංචි අඩිපාරක් ඔස්සේ මම ඇවිදිමින් සිටියෙමි. එය කිසිදා නොගිය මගක් වුවද මා හොඳින් දන්නා මගතොටක් විය. මම අරමුණක් ඇතිව යමක් සොයමින් සිටියෙමි. මා තුළ සතුට සොම්නස හා බලාපොරොත්තු විය. ඒ මා දුටු සිහිනයකි. එකවරක් නොව කීපවරක් දුටු සිහිනයකි. මීට වසර ගණනාවකට පෙර සිට වරින් වර දුටු සිහිනයකි. බොහෝ රාත්‍රි වල මා අවදි වූයේ මේ සිහිනයත් සමඟයි. ඒ හැම රැයකම හිමාලය වෙත යායුතුය. යන්නෙමි, යන සිතුවිල්ල මා තුළ විය. එවන් සිතුවිල්ලක් මා තුළ තිබුණ ද ඒ ගමන වෙනුවෙන් කිසිදු සුදානමක් හෝ ප්‍රායෝගිකව කළ යුතු වූ කිසිවක් මා විසින් කර තිබුණේ නැත. එහෙත් මා හිමාලය ගැන කියවමින් ද ඒ පිළිබඳ හැකිතාක් තොරතුරු සොයමින්

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -10%
    (0)

    පලායන්නා- Palayanna

    ඔහු දොර විවෘත කරන විට ම ආරක්ෂක සීනුව නාද වන්නට විය. එය ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ අත්වැරදිමක් වුවද, එය පුදුමයක් වූයේ. කොනර් ෆිස් ජෙරලඩ් ඔහුගේ සමකාලීනයන් විසින් සලකනු ලැබුවේ ගුරුන්ගේත් ගුරෙකු වශයෙන් වූ නිසාය. සැන් වික්ටෝරියා දිස්ත්‍රික්කයේ සොරකමක් සඳහා ප්‍රදේශයේ පොලිසිය ප්‍රතිචාර දැක්වීමට විනාඩි කිහිපයකට වඩා ගත වනු ඇතැයි ෆිස් ජෙරල්ඩ් කල් ල්තබා බලාපොරොත්තු වූයේය. බ්‍රසීලයට එරෙහිව පැවැත්වීමට නියමිත වාර්ෂික පාපන්දු තරගයේ පළමු පහර ආරම්භ වීමට තවමත් පැය දෙකක් පමණ තිබුණ ද කොලොම්බියාවේ සියලුම රූපවාහිනී යන්ත්‍ර වලින් අර්ධයක් මේ වන විට ක්‍රියාත්මකව තිබිණි. තරගය ආරම්භ වූවාට පසුව ෆිට්ස් ජෙරල්ඩ් උකස් සාප්පුවට ඇතුලු වුයේ නම් විනිසුරුවරයා අවසන් විසිල් නාදය පිඹින තෙක් පොලිසය එහි නොපැමිණෙනු ඇත. ස්වදේශික අපරාධකරුවෝ තරගය සලකනු ලැබුවේ විනාඩි අනුවක නිදහස් දීමනාවක් ලෙසට බව ප්‍රසිද්ධ කාරණයක් විය. නමුත් ඒ විනාඩි අනූවේ කාලයේ දී ඔහු යොදාගෙන තිබූ අනිත් කාරණය නිසා පොලීසිය දින ගණනක් වෙහෙසවනු ඇත. සමහර විට සති කිහිපයක්, එසේත් නැතිනම් මාස කිහිපයක් ගතවන්නට ඉඩ ඇත්තේ මෙම උකස් සාප්පුවට සොරෙන් ඇතුලු වීම සමග එහි සම්බන්ධතාවක් තිබේ දැයි දැනගැනීමටය.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -10%
    (0)

    12.12.12

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
    මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    දිස්පරයු – Disparue

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු  12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……

    2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
    තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
    තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.