-
පලායන්නා- Palayanna
Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.ඔහු දොර විවෘත කරන විට ම ආරක්ෂක සීනුව නාද වන්නට විය. එය ආධුනිකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයේ අත්වැරදිමක් වුවද, එය පුදුමයක් වූයේ. කොනර් ෆිස් ජෙරලඩ් ඔහුගේ සමකාලීනයන් විසින් සලකනු ලැබුවේ ගුරුන්ගේත් ගුරෙකු වශයෙන් වූ නිසාය. සැන් වික්ටෝරියා දිස්ත්‍රික්කයේ සොරකමක් සඳහා ප්‍රදේශයේ පොලිසිය ප්‍රතිචාර දැක්වීමට විනාඩි කිහිපයකට වඩා ගත වනු ඇතැයි ෆිස් ජෙරල්ඩ් කල් ල්තබා බලාපොරොත්තු වූයේය. බ්‍රසීලයට එරෙහිව පැවැත්වීමට නියමිත වාර්ෂික පාපන්දු තරගයේ පළමු පහර ආරම්භ වීමට තවමත් පැය දෙකක් පමණ තිබුණ ද කොලොම්බියාවේ සියලුම රූපවාහිනී යන්ත්‍ර වලින් අර්ධයක් මේ වන විට ක්‍රියාත්මකව තිබිණි. තරගය ආරම්භ වූවාට පසුව ෆිට්ස් ජෙරල්ඩ් උකස් සාප්පුවට ඇතුලු වුයේ නම් විනිසුරුවරයා අවසන් විසිල් නාදය පිඹින තෙක් පොලිසය එහි නොපැමිණෙනු ඇත. ස්වදේශික අපරාධකරුවෝ තරගය සලකනු ලැබුවේ විනාඩි අනුවක නිදහස් දීමනාවක් ලෙසට බව ප්‍රසිද්ධ කාරණයක් විය. නමුත් ඒ විනාඩි අනූවේ කාලයේ දී ඔහු යොදාගෙන තිබූ අනිත් කාරණය නිසා පොලීසිය දින ගණනක් වෙහෙසවනු ඇත. සමහර විට සති කිහිපයක්, එසේත් නැතිනම් මාස කිහිපයක් ගතවන්නට ඉඩ ඇත්තේ මෙම උකස් සාප්පුවට සොරෙන් ඇතුලු වීම සමග එහි සම්බන්ධතාවක් තිබේ දැයි දැනගැනීමටය.
-
මිහිඳු ගිරෙන් හිම ගිරට – Mihindu giren hima girata
Original price was: Rs. 1,350.00.Rs. 1,215.00Current price is: Rs. 1,215.00.සුදුපැහැ හිම වසාගත් කඳුවැටි පසුබිම් කරගත් කඳුකරයක තුරු වදුලෙන් සැදුම් ලත් බිමක පුංචි අඩිපාරක් ඔස්සේ මම ඇවිදිමින් සිටියෙමි. එය කිසිදා නොගිය මගක් වුවද මා හොඳින් දන්නා මගතොටක් විය. මම අරමුණක් ඇතිව යමක් සොයමින් සිටියෙමි. මා තුළ සතුට සොම්නස හා බලාපොරොත්තු විය. ඒ මා දුටු සිහිනයකි. එකවරක් නොව කීපවරක් දුටු සිහිනයකි. මීට වසර ගණනාවකට පෙර සිට වරින් වර දුටු සිහිනයකි. බොහෝ රාත්‍රි වල මා අවදි වූයේ මේ සිහිනයත් සමඟයි. ඒ හැම රැයකම හිමාලය වෙත යායුතුය. යන්නෙමි, යන සිතුවිල්ල මා තුළ විය. එවන් සිතුවිල්ලක් මා තුළ තිබුණ ද ඒ ගමන වෙනුවෙන් කිසිදු සුදානමක් හෝ ප්‍රායෝගිකව කළ යුතු වූ කිසිවක් මා විසින් කර තිබුණේ නැත. එහෙත් මා හිමාලය ගැන කියවමින් ද ඒ පිළිබඳ හැකිතාක් තොරතුරු සොයමින්
-
5D මිරකල් – 5D miracle
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.
-
විකෘති – Vikurthi
Original price was: Rs. 1,250.00.Rs. 1,000.00Current price is: Rs. 1,000.00.දෙදහස් පහළොව වසර ආරම්භ වූයේ දවස තිස්සේම ඇද හැලෙන අනෝරා වැසි සමගිනි, නව වසර උදා වූ නමුදු හිරු එළියට මහ පොළොව සිප ගන්නට අවස්ථාවක් නොලද බව කේතකී මොහොතක් කල්පනා කළාය. උදා වූ නව වසර පිළිබඳ ව උද්යෝගයට වඩා ඇයගේ සිතට දැනෙන්න වූයේ නුපුරුදු අනතුරක් පිළිබඳ ව සේයාවකි. පසුගිය දින කිහිපය පුරාවටම සිතේ හැම අහුමුල්ලක ම එම හැඟීම පැලපදියම් වී තිබු බව කේතකී මෙනෙහි කළා ය. එය දේශ ගුණයේ වෙනස් විම නිසා ඇති වූ තමාගේ සිතළුවක් පමණ ද? නොවේ නම් සැබෑවටම කිසියම් අනතුරක් තමා පසුපස පැමිණේ ද? ස්ථාන මාරු වීම් ලැබීම් පොලිස් සේවයට නුහුරු නුපුරුදු වූවක් නොවුණ ද තම පුහුණු කණ්ඩායමේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් සමත් වී පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයට බැදුණු ඇයට වසරක් වැනි කෙටි කාලයක් තුළ ලැබුණු ස්ථාන මාරුව නිසා ඇති වී තිබුණේ සිත් තැවුලකි. විශේෂයෙන්ම අතිශයින් ම කාර්යය බහුල කොළඹ කාර්යාලයේ කටයුතු කළ ඇයට සීතල නුවර එළියේ සැහැල්ලු රාජකාරි කටයුතු උදාසීන බවක් ගෙන ආවාය.
-
ජෝකර්- Joker
Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.” විකාර, මටත් පිස්සු. තම සිත තුළ ජනිත වූ සිතුවිලි වලට එරෙහි වූ ඔහු මෙතෙක් වේලාවක් ගැට ගසා තිබූ තිර රෙදි ලිහා දැමුවේ ය. එහෙත් පරිසරයේ වූ මුසල බව තවත් දරා ගත නොහැකි ය යන හැඟීමක් සිත තුළ පෙරළි කරන්නට විය. තම සිතට දැනෙන මේ අනිසි බිය කුමක් ද යන්න පිළිබඳ නාමල් තවදුරටත් සිතීමට උත්සුක නොවීය. එය සැබැවින්ම මේ සිතුවම නිසා ඇති වූවක්ද? කිසිවෙකු විසින් තමාගේ දිවි තොර කරන්නට උත්සාහ කරනු ඇතැයි යන සිතුවිල්ලක් බැහැර කරන්නට නොහැකි ලෙස සිතට වද දෙන අයුරක් ඔහුට දැනුණි. අද සවස ලැබුණු මේ චිත්‍රය ද ඒ සිතිවිල්ලට පිටිවහලක් වන්නට ඇත. තමා කිසිවෙකුට සිහිනෙකුදු හෝ වරදක් කර නොමැති බව ලෝකයක් වුවද සාක්ෂි දරනු ඇතැයි ඔහු සිතුවේ ය.
-
නිහඬ නොවූ සාක්ශි 1 – Nihanda nowu sakshi
Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙකුව සිටි අවධියේ මා නේවාසිකව සිටියේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේය. දිනක් රාත්‍රියේ මා එහි අංක නමය දරන කාමරයේ පාඩම් කරමින් සිටිනා විට එහි ඉහළ මාලයේ කථිකාචාර්යවරුන්ගේ සාදයක් පැවතියේය. මෙය මා හට මහත් කරදරයක් වූයෙන් එයට විරෝධය පළකළ මා සමඟ කළහයට පැටලුණේ එක්තර කථිකාචාර්යවරයෙකි. මා දන්නා තරමින් ඔහු ඉගැන්වීමෙහි අතිදක්ෂ දීප්තිමත් කථිකාචාර්යවරයෙක් විය. එමෙන්ම පියවි ජීවිතයේ ඉතා සුහද පුද්ගලයෙක් විය. එහෙත් මධුවිතින් මත්ව සිටි ඔහු මා සමඟ දරුණු අරගලයකට සූදානම් වූ අතර, උපශාලාධිපතිතුමා සහ අනෙකුත් සිසුහු මැදිහත් වී එම අරගලය වහවහා සංසිඳ වූහ. තවත් වසරක පමණ කාළයක් අප මෙම ශාලාවේ විරසකයින් ලෙස කල් ගෙවන ලදී. කාලයාගේ ඇවෑමෙන් අපි දෙදෙනා හොඳ මිතුරන් බවට පත් වුණෙමු. ඒ අන් කිසිවක් නොව පියවි ජීවිතයේ ඔහුගේ ප්‍රියමනාප සහ සුහදශීලී බව නිසාමය. පසු කාලයක ඔහු මා අතිශයින් ප්‍රිය කළ පුද්ගලයන් අතළොස්සකගෙන් කෙනෙකු වූයේය. ඒ නිසාම පශ්චාත් උපාධිය සඳහා විදේශගත වන අවස්ථාවේදී ඔහුගේ සියලු නීතිමය ලියකියවිලි නීතිඥයෙකු ලෙස සහතික කළේ මා විසිනි. පසු කාලයක වෛද්‍ය විද්‍යාලයයේ අධ්‍යයන කටයුතු අවසන් කළ මා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණෙමි. ඉන් අනතුරුව අපේ මිතුදම තව තවත් වර්ධනය වූයේය. විශ්ව විද්‍යාලයයේ පර්යේෂණ සැසිවාරයන්හි දි අපි නිතර හමු වුණෙමු.
-
නිහඬ නොවූ සාක්ෂි 2 – nihanda nowu sakshi
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.මෙහි අඩංගු අපරාධ දහ හතරෙහි කථා නායකයින් මිය ගිය ද ඔවුන් නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාව තවදුරටත් පෝෂණය විය. ඒ ඔවුන්ගේ මරණ පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සිදු කළ සංකීර්ණ පරීක්ෂණ හේතුවෙනි. එබැවින් මම ඒ සියලු දෙනා යළි යළිත් සිහිපත් කරමි. ඔවුනට කරන ගෞරවයක් ලෙසින් සියලුම නම් ගම් මනඃකල්පිතව තබමි.
-
නිහඬ නොවූ සාක්ෂි 3 – nihada nowu sakshi
Original price was: Rs. 450.00.Rs. 405.00Current price is: Rs. 405.00.එක්තරා වනාන්තරයක තිබී හමුවූ කාන්තා මෘත ශරීරයකි. එය සොයාගන්නා විට සෑහෙන පමණ නරක් වී තිබූ අතර මැස්සත් සහ වෙනත් කෘමීන් රාශියක් ශරීරයේ සමහර තැන් වසා බිත්තර දමා තිබිණි. ඒ අතර ඔවුන්ගේ ජීවන චක්‍රයේ පිළවා අවස්ථාවද බෙහෙවින් දක්නට ලැබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පවත්වනු ලැබූ මුත් කෘමීන් සහ සතුන් ශරීරයේ සමහර කොටස් කා දමා තිබූ නිසාත් සැහෙන පමණ නරක් වී තිබූ නිසාත් මරණයට හේතුවක් සොයාගත නොහැකි විය. එහෙත් මෘත ශරීරය සොයාගත් ස්ථානය අසල තිබී හිස් වස කුප්පියක්ද සොයා ගත් බැවින් මෙම තැනැත්තිය වස පානය කරන්නට ඇතැයි ද එය සියදිවි නසා ගැනීමක් යැයිද අවසානයේ තීරණය කරන ලදී.
-
මරණයෙන් පිබිදුණු මිනිස්සු – Maranayen pibidunu minissu
Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.මරා දැමුණු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ. ලන්වන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුණේ බෙහෙවින් පැරණි, විශාල නිවසක් තුළය. එල්ම ගසින් හා දේවදාර ගසින් සෙවණ වූ පාසල් භූමිය රමණිය තේමිස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත්, ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුළු සියල්ලෝම පාසල පටන් ගත් දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණි ගුරුවරුන්ට අමතරව සැම්ප්සන් නම් වූ අලුත් ගුරුවරයෙක් ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුණු ඝන රැවුලකින් ද, උස් සිරුරකින් ද යුතු වූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රටවල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳව සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය. සැම්ප්සන්ගේ ගෙලෙහි නිරතුරුවම ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන ජී. ඩබ්ලිව්. එස්. කොටා තිබූ රන් කාසියක් එහි අමුණා තිබිණ. සැමම්ප්සන් මහතා පාසලට පැමිණ නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටන් ගත්තේය. දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාෂාව උගන්වමින් සිටියේය. ලතින් භාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණ. මේ අතරේ පන්තියේ කොනක වාඩි වී සිටි මැක්ලොයිඩ්’ නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බර වී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයකුගේ නෙත ගැටිණ. ” මැක් ලොයිඩ්, ලියන්නේ නැද්ද?
-
නිහඬ නොවූ සාක්ෂි 4 – nihada nowu sakshi
Original price was: Rs. 350.00.Rs. 315.00Current price is: Rs. 315.00.පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ මියගිය රූමත් තරුණිය පේරාදෙණිය, මහනුවර පාරේ පිහිටි සුපිරි වෙළෙඳ සළකට, ආරෝහ පරිණාහ දේහයකින් යුතු රූමත් තරුණියක් ගොඩ වැදුණාය. එම අවස්ථාව තරමක් කාර්ය බහුල වූ හෙයින් ඇය කිසිවකුගේ විශේෂ අවධානයක් දිනා නොගත්තාය. වෙළෙදසළේ ඔබ මොබ ඇවිද තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවනු පිණිස ඇප මුදල් අයකැමිවරයා වෙතට පැමිණියාය. අනතුරුව රුපියල් දාහේ නෝට්ටුවකින් ඇයගේ බිල ගෙවා දැමීමට සැරසුණා පමණි. සුපිරි වෙළෙඳ සෙළේ කළමනාකාරවරයා සිය කාර්යාල කාමරයේ සිට වහ වහා මුදල් කවුන්ටරය වෙත පැමිණියේය. පෙර කී තරුණිය ගෙවා දැමීමට සුදානම් වන බිල්පත, මුදල් අයකැමිවරයාගෙන් ලබාගෙන ඒ සමඟ තරුණිය සන්තකයේ වූ භාණ්ඩ සමඟ සසඳ බැලීය. ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තරුණියගේ අත් බෑගය පරීක්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටියේය. එහෙත් ඇය ඒ සඳහා තරයේ විරුද්ධ වූවාය. එහෙත් සිදුව තිබුණේ වෙනත් යමකි. කළමනාකාරවරයා තම කාර්යාලයේ තිබූ රූපවාහිනි තිරයෙන් ඊට සම්බන්ධ කැමරා පද්ධතිය හරහා වෙළෙඳසළේ සිදුවන දෑ නරඹමින් සිට ඇත. ඒ අතරවාරයේ මෙම තරුණිය අනර්ඝ වටිනාකමකින් යුත් සමහර දෑ ඇයගේ අත් බෑගයට දමා ගන්නවා ඔහු නිරීක්ෂණය කර තිබිණි.





















