-
5D මිරකල් – 5D miracle
Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.
-
අකුරු – Akuru
Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.
මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.
-
අගත අනගත – Agatha anagatha
Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.රැයෙහි මජ්ජිම යාමය ගෙවෙමින් තිබුණේය. උදාව එන්නට නියමිතව තිබුණේ පුරා පෝයට පසු දිනය බැවින් පිරිවැස්ම ඉවත ලූ කිරි හට්ටියක් උඩින් බලන විට පෙනෙන අන්දමට හඳ වෘත්තය රෑ අහසේ බටහිරට බර වෙන්නට පායා තිබුණි. පර්වත බෙණයේ මුවින් නික්මෙන ධම්මචක්කයේ රිද්මගත ස්වර අඩි දහසක් උසින් අවකාශයට පැන ඈත උග්ගල් කල්තොට කුඹුරු තලා ගැමි දනව් පසුකොට වියැකී යයි. පර්වතයේ තැන තැන කාලය විසින් දෙදරවා කැණ පාදා දුන් සුළු ඉඩෙක මුල් ඔබාගෙන එසැවී සිටි දෘඪ අරටු ඇති ගසෙක තුරු පත් සොලවමින් මඳ සුළඟක් හමා යයි. හඳ වතුරේ පාව එන නිලි වැහි කුඩ තුනී තෙත පටලයක්ව පව්වේ තෘණ වැවුණු තැනක ඒවා අතුරින් මතුව ආ බෝවිටියා මල්වල පෙති මතද සෙසු සෑම තැනකම ද තැවරී ඇතත් ඉන් කිසිවක් තෙතබරිත නොවන බව විමලබුද්ධි ලොකු හාමුදුරුවන්ට විශ්වාසය. පර්වත බෙනයේ ඉඩැති තැනක් පාදා තළා මට්ටම් කොට පැදුරු පලස් එළා පිටතින් ඇදි රැහැනින් විදුලිය සම්පාදනය කොට තනා දුන් මණ්ඩපයේ වැඩ සිටින පරිත්ත භාණක මහා සංඝයා වහන්සේ අලුයම උදාවන තුරු බලගතු පිරිත් ධර්මය සජ්ඣායනා කිරීමට පේ වී සිටිති. කෙමෙන් පටු වන ඈතට යද්දී නැවත තැනින් තැන දිගු පුළුල් අවකාශැති තැන්වල ලැග සිටින පර්වත කුහරයේ දිගුකාලීන හිමිකරුවන් වන කිහිප වර්ගයක වවුලන් පිරිත් සජ්ඣායනය අසා කලබල නොවීම පුදුමයක් නොවේ. උන් පරම්පරා ගණනාවක් අවුරුදු සිය ගණනක් මේ පින් බිමේ පිරිත් පමණක් නොව කුරාන ගීද ශ්‍රවණය කරන්නට ඇතැයි බහුශ්‍රැත මහා තෙරණුන්
-
අඟුරු මල් – Aguru mal
Original price was: Rs. 1,300.00.Rs. 1,040.00Current price is: Rs. 1,040.00.කෙළවරක් නොපෙනෙන මාර්ගය පුරාම බිම කහපාට රෙද්දත් ඇතිරුවා සේ ඇහැල මල් වැටි පිරි තිබුණි. සැරින් සැරේ හමන සුළඟත් සමඟ එකතු වුණු පාර දෙපස ඇති ඇහැල ගස් වලින් දිගටම මල් වැසි වස්සන්න පටන් ගත්තේය. කිසිඳු ආඩම්බරයක් නොමැතිව එක දිගට මල් වැසි වස්සන ඇහැල ගස් එක්ක සිනාවෙන හුළඟ, මල් පෙති එක්ක මුසු වෙච්ච ආලවන්ත සුවඳක් හැම තැනටම පතුරවමින් උන්නේය. අහසින් වැටුණු තරු කැට මෙන් රත්තරං පාවට ඇහැල ගස් අතරින් වැටෙන හිරු එළියට මාර්ගය පුරා ඇති දිය බිංදු දිළිසෙමින් තිබුණි. රතු රෝස පොකුරක් අතින් ගත්තු කඩවසම් තරුණයෙක් නවීන පන්නයේ මෝටර් රථයකට පිට දී කහ පාට මල් පිරුණු පාර දෙස නොඉවසිල්ලෙන් බලා සිටියේය. ඇහැල මල් පිරුණු පාරට අනෙක් පසින් රෝස පාට ගවුමකින් සැරසුණු ලස්සන තරුණියක් මතුවුණි. ඉක්මන් ගමනින් පාර දිගේ ආපු තරුණිය ඇහැල මල් පිරිණු පාරෙන් අනෙක් පස සිට බලා සිටින කුමාරයෙක් වැනි තරුණයාව දුටුවාය. මුහුණට වැටුණු කෙස් රොද නැවත කන පිටුපසින් රඳවා ගන්නා අතරතුර තරුණියගේ මූණට ලස්සන හිනාවක් නැගුණි. ළා රෝස පාට තොල් සායම් ආලේප කර තිබූ දෙතොල් වලින් සහ රෝස පැහැ කම්මුල් දෙක ඇගේ මුණට ගෙනාවේ. කුලුදුලේ පිපුණු පිරුණු රෝස මලක ලස්සනක්ය. තමන්ගේ අතේ තියන රෝස මල් පොකුරටම වඩා අලංකාරව පාරේ අනෙක් පස සිට තමන් ළඟට එන තරුණියව අර තරුණයාට පෙනුණි. ඉක්මන් ගමනින් අඩි තියමින් රෝස පාට තරුණිය, තරුණයා වෙත දුවගෙන එන්නට පටන් ගත්තාය. ගතවුණේ තත්පරේකින් සීයකටත් වඩා අඩු කාලයක්යය. වේගයෙන් පැමිණි වෑන් රථයක දඩාස් හඬ නංවමින් ගැටුණු සොඳුරු තරුණිය අඩි කිහිපයක් උඩට විසිවී ගියේය. ඒ විසිවුණු වේගයෙන්ම නැවත බිමට ඇඳ වැටුණු කරුණියගේ ශරීරය මීටර් කිහිපයක්ම ඇහැල මල් පිරුණු බිම අවුස්සමින් ඇඳී යන්නට
-
අදෘෂ්‍යමාන
Rs. 550.00“අදවත් ඔයාට බෑනෙ ඕකෙන් ටිකක් අයින් වෙලා ඉන්න…
මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ ……
සිතට නැග ආ නොරිස්සුම වචන බවට පෙරලා, ජෙරාඩ්ට ඒ වචන වලින්ම දමා ගැසූ ඉනෝකා කාමරයෙන් පිට වෙන්නට දොර හැරියාය. ජෙරාඩ් කළේ ඇය දෙස බලා යන්තමින් සිනා සී නැවතත් ලැප්ටොප් පරිගණකය දෙසට නෙත් යොමා ගැනීමය. ජෙරාඩ්ගේ හැටි එහෙමය. ඉනෝකා විහිළුවකට කියන දෙයකත්, තරහවෙන් බණින බැණුමකත් ඔහුට ලොකු වෙනසක් නැත. ඒ කෝකටත් ඔහු දක්වන ප්‍රතිචාරය එකකි. ඒ. ඉනෝකා කියන සියල්ල සිනාවකින් බාරගෙන, නිහඬව සිටීම පමණකි. ඔහුගේ ඒ සන්සුන් ප්‍රතිචාරය, ඉනෝකාගේ කෝපය තවත් වැඩි කරවන්නකි. පෙරටත් වඩා කේන්තියෙන්, ඉනෝකා කාමරයෙන් පිටවූයේ මහ හඬක් නැගෙන සේ දොරත් වසාගෙනමය. එළිමහන සීතලය. ඉවසන්නට බැරි තරම් සීතලය. ඉනෝකාට මේ සීතල නුහුරුය.
-
අඳුරුම අඳුරු රැය – Anduruma anduru reya
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.ඔහුට රිදුණේ නැත. රිදුණේ සිතටය. එහෙත් යකඩ පොලු පහරවල් වැදුණු තැන් වලින් ගලන ලේ දහර තවමත් ගලා යයි. මුහුණ සිරිලාය. ඇස් ඉඳිමී තිබේ. අත පය ගල් ගැසී ඇතිවාක් මෙනි. ඒවා සොලවන්නට නොහැකි ලෙස හිරි වැටී ඇති බවක් හැඟේ. සමහර විට කැඩී බිඳී ගොස් තිබෙන්නටද පුළුවන. ඔහු අපහසුවෙන් අවට දෙස ඇස් ඇර බැලුවේය. හැම තැනකම ඇත්තේ අඳුර පමණි. එතැනම ඇති අඳුරු බිත්තියේ කුඩා කවුළුවක් තිබේ. එයින් ඈත කොහේ හෝ තැනකින් එන ඉතා මලානික මඳ එළියක් කුටියට වැටේ. එම එළිය එන්නේ කොහි සිටදැයි නිනව්වක් ඔහුට නොවිණි. සමහර විට ඇතක දැල්වෙන කුඩා විදුලි බුබුලකින් එය එනවා ඇත. නැති නම් බිත්තියට පිටත තවත් මෙවැනිම කුටියකින් එය එන්නට පුළුවන. නැති නම් හඳ එළිය ද විය හැකිය. ඔහුට දැඩි පිපාසයක් දැනිණි. බඩගින්නක් නැත. මේ කුටියට තමා රැගෙන පැමිණි කීපදෙනා පිටව ගොස් දැන් බොහෝ වේලාවක් ඉක්ම ගොස් ඇත. ඔවුන් කිසිවෙකු ළඟපාතක ඉන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පියවර හඬ සෙමෙන් ඈතට ඇදී මැකී ගිය හැටි ඔහුට මතක තිබේ. ඉඳින් අවට ළඟපාතක කිසිවෙකු අතැයි ඔහුට සිතුණේ නැත. එසේ සිටියත් කිසිවෙකු ඔහුට සවන් දෙයිද? කාමරය ඉතා කුඩා පුස් ගඳ ගහන එකකි. පොළොව සීතලය. වවුල් වසුරු පිරී ඇතැයි ඔහුට දැනිණ. පරණ ගෝනි පඩංගුවක් එක
-
අපරාජිත ජිවිතයක් – Aparajitha jiwithayak
Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00.සර්වජයා දුම්රියකට නැගුණේ දෙවැනි වතාවටය. මුල් වරට දුම්රියක ගොස් දැන් බොහෝ කල් ගත වී ඇත. ඇයගේ සැමියා වූ හරිහර බරණැස සිට ගමට පැමිණ පවුල් ජීවිතය ඇරඹු මුල් දිනවල ඔවුහු යුගල කිශෝර් දේවලයට දුම්රියෙන් ගියහ. ඇය හැම දුම්රිය පොළකදීම නගින බසින මිනිසුන් දෙස සතුටින් බලා සිටියාය. එක් එක් ආකාරයේ ඇඳුම් පැළඳුම්ලාගත්, විවිධාකාර මුහුණුවරවල් ඇති කාන්තාවන් ඇයගේ විශේෂ අවධානයට යොමු විය. ජගන්නාථපුර නැවතුම් පොළේදී අග්ගලා විකුණනු දුටු ඇය අපුට කතා කළාය. * අපු අග්ගලා කන්න ආසයි නේද? අරන් දෙන්නද?” දුම්රිය පොළේ ටෙලිග්‍රාෆ් කම්බියක් මත කුරුල්ලෙක් පැද්දෙමින් සිටියේය. අපු එබි එබී ඌ දෙස බැලීය.
-
අපූගේ ලෝකය Apuge lokaya
Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.විසිවැනි සියවසේ වංග සමාජයේ වූ විපර්යාසයන් නවකථා කරුවකුගේ කෙළි තුඩිගේ සිත්තම් කළ අපූ පිළිබඳ ත්‍රිත්ව වෘත්තාන්තයේ තෙවැනි කොටසේ සිංහල අනුවාදය ද දැන් මුද්‍රණද්වාරයෙන් නිකුත් වී ඇත. මෙම අසූ ත්‍රිත්වය සිංහල පරිවර්තිත නව කථා සාහිත්‍යයට එකතු වීම පාඨකයින්ගේ මෙන්ම කථා රචකයන්ගේ ද මහත් භාග්‍යයක් වන්නේමය. විශේෂයෙන් මෙම කථා තුනේ දෙවැනි තුන් වැනි කථා ඉංග්‍රීසි බසට පවා මෙතෙක් පරිවර්තනය වී නැති ඒවාය. ලේඩිකොට ඒවා සිංහලයට නඟන්නේ ඒවායේ මුල් වංග බසින්මය. ඇය එසේ නොකරන්නට වංග නව කථා සාහිත්‍යයේ මෙම විශිෂ්ට නිර්මාණයෙහි රසය අංග සම්පූර්ණව විඳීමට සිංහල පාඨකයාට නොලැබනු ඇත. අනික් කෘති දෙකේ මෙන්ම මෙම කොටසේ ද පරිවර්තන කාර්යය ඉතා මැනවින් ඉටු වී ඇති බව කිව යුතුය. බස හැසිරවීමේදී කතුවරිය බොහෝ පරික්ෂාකාරී වී ඇති බව බොහෝ තැන්වලදී පෙනේ. කථාව කියවා ගෙන යන විට බොහෝ අවස්ථාවන්හි දී මෙය පර්වර්තනයක් නොව සිංහල බසින් කළ මුල් කෘතියක් දෝ යන සැකය පාඨකයාට ඇති වන්නේ මුල් කෘතියේ කතුවරයාගේ නිරවුල් චින්තන ධාරාව ඒ පරිදිම සිංහලට නඟන්නට කතුවරිය සමත්ව ඇති නිසාය. එසේම වංග සමාජයත් සිංහල සමාජයත් අතර ඇති සමීප බව ද එම හෘදයාංගම බවට හේතු වන්නට ඇත. සුක්ෂම – සංවේදී කලාකරුවෙකුගේ මනස කාල – දේශ ඉක්මවා අනන්තය දක්වා විහිදී යමින් පාඨකයාට ලබාදෙන සනාතන අත්දැකීම් සම්භාරයට මුල් වංග කථා ත්‍රිත්වයේ දී වංග පාඨකයන්ට සහභාගි වන්නට ලැබුණාක් මෙන්ම මෙම සිංහල කෘතිවලදී සිංහල පාඨකයන්ට ද වීම අත්දැකිම් වලට සහභාගි විය හැකි අන්දමට ඒවායේ පරිවර්තන කාර්යය මනාව සිදු වී ඇති බව නැවතත් කිව යුතුය. සිංහල පාඨකයාගේ වින්දන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මෙතෙක් විඳි වෙහෙස ගැන සිංහල පාඨකයන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන අතර, මෙවන් අගනා කෘති ඇය අතින් තවත් බිහිවෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
-
අපේ ආදර කතාව – Ape adara kathawa
Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00.මාතෘකාව
අත්‍යවශ්‍යම කියවීම.
අනුමාතෘකාව
අකැමැති මිනිස්සු අත් හරින කැමැති, මිනිස්සු වැළඳ ගන්නා ” සිතීමේ ක්‍රමය” ගැන.
ඔයාලට හොඳ වැටහීමක් ඇති ආදර ගනුදෙනු කිරීම් ගැන. ආදර ගනුදෙනු වල දී විශ්වාසවන්තකම ඉතා වැදගත් සාධකයක්. ඒ කියන්නේ සාමාන්‍ය ගනුදෙනුවල දී මිනිස් ගැටලු වලට කිසිම තැනක් නැහැ. හැබැයි ආදර ගනුදෙනුවල දී විශ්වාසවන්තකමට මාර තැනක් තියෙනවා. ධනේශ්වර නිෂ්පාදන මාදිලිය තුළ වුණත් මනස ක්‍රියා කිරීමේ එක්තරා සීමාවක් තමයි විශ්වාසවන්තකම. සාමාන්‍ය ගනුදෙනුවක දී භෞතික සාධක නිර්මාණය කරන්නේ එක්කෝ විකාර වලින්. නැත්නම් ගූඪත්වය විසින්. හැබැයි සතියට අඩුම වශයෙන් පැයක්වත් ආදර මිනිස් ඇසුරක් තියෙනව නම් කිව්ව සාධකය වෙනස් වෙනවා.
අන්න ඒ හින්ද මං මෙහෙම කියන්න කැමැතියි.
-
අප්පච්චි ඇවිත් – Appachchi awith
Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.මගේ සම්පූර්ණ නම මේස්ත්‍රීගේ හිල්වා ගුණවර්ධන. වයස අවුරුදු 48 යි. මම විවාහකයි. විවාහ වෙලා ඉන්නෙ කිත්සිරි ගුණවර්ධන සමඟ. එයා හෙලීස් එකේ වැඩ පරික්ෂකවරයෙක්. ඔව්. අපට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ අය දැන් ලොකුයි. මිය ගොස් සිටින සුමාලි මගේ මිතුරියක්. නැහැ. එහෙම කුඩා කාලෙ ඉඳලා තියෙන මිතුරුකමක් නොවෙයි. ඒ අය අපේ අසල්වැසියෝ. ඒ අය ඔය ගෙදරට ඇවිත් දැන් අවුරුදු 12ක් විතර ඇති. ඒ කාලෙ ඉඳලාම අපි මිතුරුයි. සුමාලි වැඩ කළේ බැංකුවෙ. නිස්සංක සේනාධිර කියන්නෙ එයාගෙ ස්වාමි පුරුෂයා තමයි. ඔහු පරිපාලන සේවයේ විධායක නිලධාරියෙක් කියලා දන්නවා. සුමුදු තමයි ඔවුන්ගේ එකම දුව. ඇයට මම හිතන්නේ අවුරුදු 10ක් විතර ඇති. ඇය ඉගෙන ගන්නේ විශාකාවේ. නැහැ. එහෙම ඒ දෙන්න අතර ආරවුල් තිබුණේ නැහැ. සුමාලි කියන්නේ හරි අහිංසක ළමයෙක්. මම හිතන්නෙ නැහැ














