• -20%
    (0)

    පෘථිවි – Pruthivi

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.

    ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය. ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය. ‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද…’ හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්ඈ ත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්
    බැලු‍වේය. ‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා
    හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!’
    තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.
    ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන්ගි ලිහිණි.

  • -20%
    (0)

    පෝ – PO

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
    තානායම අවුරුද්දකට කලින් සම්පුර්ණයෙන්ම වහලා දැම්මා,”
    “කවුද සිරිමෙවන්? “
    “ඕකේ අයිතිකාරයා. ඉස්සර හින්නළුවේ හිටිය කෙරුම්
    කාරයෙක්. මිනිහගේ තමයි ඔය තානායමත්”
    ” මොනවටද මිනිහව ඇල්ලුවේ ”
    “කැලෑවේ ජාවාරම් කරනවා කියලා”
    “මොන ජාවාරම්ද?”
    “කුඩු, ඒත් ඒක නෙමේ ඇත්ත කතාව. මිනිහා කුඩු ජාවාරම් කරන්න ඇති, ඒ එක්කම ඊට වඩා ලොකු ජාවාරමක් මිනිහා කළා “
  • -20%
    (0)

    ප්‍රේමසුත්‍ර

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.

    එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.

    අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි

  • -10%
    (0)

    බත්තලංගුණ්ඩුව – Baththalangunduwa

    Original price was: Rs. 980.00.Current price is: Rs. 882.00.

    කල්පිටි කළපු දියවර මත හිරු රැස් වෑස්සෙයි. ළා හිරු රැසින් තෙමී අවදි වී ඇඟමැළි කඩා ගත් කළපුව සරැලි නංවයි. සිහින් සරැලි එකෙකු පසුපස එකෙකු ලුහුබඳී. අඩුලුහුඬුකම් නැති රිද්මය චලනයකි. කෙළි දෙළෙනි.

    හිමි දිරියටත් නොදන්වා දවස අවදි වූවා වැන්න.

    වයඹදිග සතර දිග් භාගයට උදෑසන උදා වුව අහස මඳඳුරු ය.

  • -20%
    (0)

    බිසෝ උරුමය – Biso Urumaya

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,000.00.

    වජ‍්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ‍්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත‍්‍රික කුමන්ත‍්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
    ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
    මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
    බිසෝ උරුමය- වජ‍්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත‍්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත‍්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.

  • -10%
    (0)

    මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.

    මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.

    මේ මගේ ආදර අවනඩුව !

  • -20%
    මගේ කුලුඳුල් පෙම්වතිය
    (0)

    මගේ කුලුඳුල් පෙම්වතිය

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.

    දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන

    – උපුල් ශාන්ත සන්නස්ගල

  • -20%
    (0)

    මරුබිම

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.
    සිංහල පත්තරේක වැඩ කළත්..
    දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.
    ඒ වගේ ම.. ජාත්යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕන
  • -10%
    (0)

    මසායි දූතිකාව – Masai Duthikawa

    Original price was: Rs. 675.00.Current price is: Rs. 607.50.

    අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නොවූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත් විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක. නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.

  • -20%
    (0)

    මා

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.

    ජීවිතය මහ පුදුමාකාර දෙයකි.සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ.සියල්ල තීරණය කරනු ලබන්නේ එ මොහොත විසිනි.අවසන ශේෂ වනුයේ කලකිරිම් හා පසුතැවීම් පමණි.ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත.හේතු සොයන්නට යෑම ද නිශ්ඵලය.ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය.එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත.එ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද එ මොහොත විසින්ය.

  • -20%
    (0)

    මාණික්කාවත

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.

    “උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…

  • -20%
    (0)

    මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya

    Original price was: Rs. 700.00.Current price is: Rs. 560.00.

    මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.

  • -10%
    (0)

    මිනිත්තු එකොළහේ කතන්දරේ

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.

    මට ලෝකයට අනුව චූදිතයෙකු වෙන්නත් සතුට හොයාගෙන අවදානම් ගමනක යෙදෙන්නත් පුලුවන්.ඒ සියල්ල මම ජීවිතය දකින විදිය ගැන ගැටලුවක් විතරයි. මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුණු, නිළියක් වෙන්න ජීනීවාවලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වාභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැඟෙන ආලෝකය හොයාගෙන යන, අවදානම් සහගත ගමනේදි ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණොත් කුමක් වේවිද? ජීවිතය සොයා යෑමේදී, ආදරය ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂයක කතාවයි. මිනිත්තු එකොළහේ කතාන්දරේ.’සන්තියාගෝ නම් සැරිසරන්නා’ කෘතියෙන් කෘතියෙන් කීර්තියට පත් පාවුලෝ කොයියෝගේ, ලිංගිකත්වය විෂයය කරගත් කතා පුවතක් සහිත අලංකාරමය භාෂා රීතියක් රැගත් නවකතාවයි.මිනිත්තු එකොළහේ කතාන්දරේ.

  • -20%
    (0)

    මීෂා

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.

    අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, “ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු “අට්ටාලමක්” තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.

    ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.

    මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව “වෙනම” පොතකි.

  • -10%
    (0)

    මෞන – Mauna

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

  • -10%
    (0)

    රාවණා මෙහෙයුම – Rawana Meheyuma

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.

    මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය තෛිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස,ඉතිහාසයේ වැළලි ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.