• -10%
    (0)

    සදහස[දමරඣ 2] – Sandahasa

    බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.

    Original price was: Rs. 2,200.00.Current price is: Rs. 1,980.00.
  • -10%
    (0)

    පැණී වළලු 3- Peni walalu 3

    විසාල පිට්ටනියේ අග්ගිස්සට වෙන්න පිට්ටනියට මූණ දාලා තියෙන පැවිලියන් එකේ වම් කෙළවරට වෙන්න උඩට නගින්න පඩි හත අටක් තියෙයි. පඩිපෙළ දිගේ උසටත් දිගටත් යකඩ බට ගහල තියෙයි. ටකරං වහලෙන් වැටෙන වතුර වැටෙන නොවැටෙන ගාණට තියෙන මේ බට උඩ පස්සට වෙන්න පස්ස බර කරලා සමබර කරගෙන අපිත් ඉතිං තෙමිච්ච කුකුළො වගේ ඔළුවෙනුත් තෙත බරි වෙච්ච ඇඳුම් වලිනුත් වතුර බේරි බේරි සට සට ගගා වෙවුල වෙවුලා වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලන් ඉන්න අතරේ එක එක්කෙනාට ඇඟිල්ල දික්කර කර හිනා වෙනවා. ඇයි හිනාවෙන්නෙ කියල කවුරුවත් දන්නෙ නෑ. මහ හයියෙන් හිනා වෙනවා. වැස්ස පෙනේරයකින් පිටි හලනව වගේ සැර කර කර බාල කර කර අහසෙන් වතුර වත් කරනවා. තණකොළ වැහිලා වතුර පිරිල ඒ වතුර වැවක වගේ රැලි නටවනවා. බටේ උඩින් පැනල කොට කලිසම ඇඳන් ඉන්න ගමන්ම උඩට උණ්ඩි කරල වතුර මිරිකපු කරුණාරත්න ටී ෂර්ට් එක ඔළුවෙන් ගලෝල ඒකෙන් වතුර මිරිකලා ආපහු අඳින්නෙ නැතුව ඔළුවෙ බැඳගත්තා. අපි හැමෝම එහෙම කරා. ඊට පස්සේ එයා “අපි සින්දුවක් කියමු. මොකද්ද කියන්නේ. මේක කියමු. මාගේ පැලෙ අඳුර මකන්න… හිතෙනවා මනාලියක් ගෙනෙන්න……’ කියලා එයාම කියලා එයාම සින්දුවකුත් පටන් ගත්තා. අපි හැමෝමත් ඒක කියන්න පටන් ගත්තා. මං ටොෆි කන්න සාක්කුවේ දාගෙන ආපු රුපියලේ කාසිය සාක්කුවට අත දාලා අමාරුවෙන් හොයාගෙන ඒකෙන් අර යකඩ බටේට තල තල සින්දුව කියන්න ගත්තා. යකඩ බටේට කාසි වලින් තලන සද්දෙන් වැස්සෙ සද්දෙත් ටකරං වහපු පැවිලියන් වහලට වතුර වැටෙන සද්දෙත් හින්දා සින්දුව ඇහෙන්නෙ නෑ, ඒ පාර හැමෝම අඩි හප්ප හප්ප යටි ගිරියෙන් අහසට ඇහෙන්න තරම් හයියෙන් සින්දුව කියනවා. මාගේ පැලෙ අඳුර මකන්න හිතෙනවා

    Original price was: Rs. 1,950.00.Current price is: Rs. 1,755.00.
  • -20%
    (0)

    අමාවක හස – Amawaka hasa

    ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේ
    ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ
    ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන
    හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත
    බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….
    මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ
    ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ
    ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති
    වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට
    ආසාවෙන් හිර වෙලා.
    “මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද
    ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නද
    හිනාවෙන් පවිත්ර?”
    “ඒ දෙකම එපා”
    “එහෙනම්?”
    “මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”
    Original price was: Rs. 2,100.00.Current price is: Rs. 1,680.00.
  • -10%
    (0)

    ශ්වේත රථ – Shewtha ratha

    එහෙනම් පුතා ඇතුළට යන්න. මම එක්ක යන්න එන්නම්… මොකද බැරි…? හොඳ ළමයි ඉගෙන ගන්න ඕනි. “නැ… මට පැණි මුරුක්කු ඕනි… ඊයෙත් අරන් දුන්නේ…? “ඉතිං ඊයෙන් ඉගෙන ගත්තේ…? අම්මා ගේ මුවගට හිනාවක් නැගුණි. මෙහෙම කටකාර පුංචි දඩබ්බරයෙකු ගෙන් අම්මා කෙසේ නම් බේරෙන්නද? අදත් ඔහු පෙර පාසලේ හිඳ ඉගෙනුම ලබනු දැකීමට නම්, මේ අල්ලස ලබා දිය යුතුව ඇත. අයියේ….දෙන්නකෝ ඔය පැණි මුරුක්කුවක්. බේරුමක් නෑ නේ ද? මං ආයෙත් කඩේට පැණි මුරුක්කු ගේන්නෙ නෑ…” “සීයා කියන්නෙ බොරු….සීයා ඒම කරන්නෙ නෑ…. සීයා මට ආදරෙයි නේ…” මුරුක්කුව අතට ගත් පොඩි එකා කීවේ උඩ පනිමින්ය. ඔක් කොමලගේ හුරතලය නිසා තමයි මේ…..

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    දමරඣ – Damarajha

    ගලා යන දිය රළක මෙන් උස් පනත් වීම සහිත වූ රටාවකට  මුහුදු ලිහිණින් නෞකාවේ කුඹ ගස අන්තයේ ගෑවී නොගෑවී පියඹා ගොඩබිම දෙසින් හමා ආ සුළං ධාරා විඳ දරාගනිමින්, ඒවාට ප්‍රතිරෝධයට දක්වමිනි. ලිහිණින් රංචුවේ පුරෝගාමී ලිහිණියා රටාවේ ඊ හිසක් වන් තුඩ පියඹා ගියෙන් අන් පක්ෂීන්ට තිබුණේ ඌ ලුහුබැඳීම ම පමණකි. හිරු අතාංගගත වීමට හෝරා කීපයක් තිබුණෙන් ලිහිණින් ඇදෙන්නේ උන්ගේ කැදලි කරා විය නොහැක. සයුරු රළ අතරින් ඔබ මොබ හිස් ඔසවා තිබූ ගල් පර නොසැලකිය හැකි තරමේ වූ බැවින් මුහුදෙන් වෙන් වූ කදිම තටාකයක් වන කොටසකින් සුසැදි ගොඩබිම දෙසට ලිහිණින්ගේ පියා සැරිය යොමු වුයේ කුසට තවත් යමක් එකතු කර ගැනීමේ අභිලාෂය පෙරදැරිවය. ඒ ගෝකණ නතිත්ථය යි. ජම්බුද්වීපය ආශ්‍රිත සාගර කලාපයේ නාවුක වෙළහෙළඳාමේ ප්‍රබල කාරියක් ඉටු කරනා ගෝ කණ්නයේ චිරප්‍රසිද්ධ වරාය යි. මුදු ලිහිණින් රෑන පියඹා ගොස් දැවමය නෞකා තට්ටුවක් මත ගිමන් හරින්නට වූයේ තව මොහොතකින් වරායෙන් ඉවත දමන අබලි ද්‍රව්‍යයක හෝ ධීවරයන්ගේ අපද්‍රව්‍ය වල ඇති යමක් තම රාත්‍රී භෝජනයට ගෙන, වරාය ඉස්මත්තේ ඇති ගල් පරවල ඇති කැදලිවල සිටිනා තමන්ගේ පැටවුන්ට ද ඉන් කොටසක් රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිවය. සැලකිය යුතු තරමේ විශාල වරායේ නෞකා රාශියක් ගාල් කර තිබුණෙන් එහි පිරි ඇති කරදිය පරිමාව පිළිබඳ ඉහළ ප්‍රදීපාගාරයේ සිට බලනෙකුට සිතාගත නොහැකි ය. අ

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,620.00.
  • -10%
    (0)

    දිස්පරයු – Disparue

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු  12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……

    2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
    තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
    තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -10%
    (0)

    කන්ද උඩ ගින්දර

    ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.
  • -20%
    (0)

    ඇල්බට්වරුද මනුෂ්‍ය‍යෝය – Albertwaru da manushyoya

    ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාත්‍යාවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැරගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජීවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය. මේ සඳහා ඇය ගත් පළමු උත්සාහයේදී නාවල සුප්‍රකට ටයිල් කඩයක සේවිකාවක ඇයගෙන් ඇසුවේ, බාත්ටබ් එකක් සවි කර කැන්ඩ්ල හෝල්ඩරයක් තබා ඉටු කර ගත හැකි ආශාවක් වෙනුවෙන් හොටක් වැනි යමක් සහිත සින්ක් එකක් සොයන්නේ මොන මඟුලකටද යන්නයි.

    Original price was: Rs. 1,950.00.Current price is: Rs. 1,560.00.
  • -10%
    (0)

    ලෝවීනා – loveena

    “මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
    තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
    කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,485.00.
  • -10%
    (0)

    නිල් කට්රොල් – Nil Katarol

    මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
    එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා
    නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,485.00.
  • -20%
    (0)

    හිරිකඩ – Hirikada

    මඳ අඳුර මුසු වූ අරුණෝදය තවමත් අලුත් දවස පිළිගන්නට නොකමැත්තෙන් මෙනි. අතහැර දැමුණු වෙල් යායේ ගෙවුණු රාත්‍රියේ පන් ගස් අතර නිදි සුව විදි කුරුලු බටිත්තෝ නිදි ගැට කඩමින් ඇහැරෙත් දී වෙල් යායේ කෙළවරකට වන්නට පිහිටි දේවිකාගේ කුඩා නිවස වෙල්යාය මත වියන් බැඳි සිහින් මීදුම අතරින් ඡායාවක් මෙන් ඈතට පෙනෙයි. නිවසේ වහලයෙන් පිට වන දුම් රොටු උදෑසන හිස් අහස් කුස සිපගනිත්දී දේවිකා ළිපගිනි අවුළවමින් ළිප අසලටම වී ඒ දෙස බලා බර කල්පනාවකය. උන්දැට උන දේ හොංකවිසියක්වත් මට හිතාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. ගමේ එකාල මොන තරම් කතන්දර කීවත් මයෙ හිත නම් කියන්නෙම තිස්සට කිසිම ආන්තරාවක් නෑ කියලයි. කවදහරි දවසක තිස්ස මේ වැට කඩුල්ල පැනල ගෙට ගොඩවදිනව කියල මට සහතිකයි. ඒත් එතකන් අපි ජිවත් වෙන්න එපැයි. ඒ හින්දයි හොඳට හිතල අද මේ තීරණය ගත්තෙ..ළිප් ගල් තුනට හිර වී ඇති වතුර කේතලය යහමින් පැසෙත් දී ඒ වගක්වත් නොදත් දේවිකා මොහොතින් කල්පනාවෙන් මිදුණෙ අසල පැදුරේ වකුටු වී නිදා සිටි හිච්චාගේ සිහින් කෙඳිරිල්ලටය. දේවිකා මොහොතින් හිස හරවා බලා උඩු කය වසාලූ මල් වැටුණු චිත්ත රෙද්ද යළි කර වටා දමා ගනිමින් මෙතෙක් හිඳ උන් ළිප අසලින් නැගිට හිච්චා නිදා සිටිනා පැදුර අසලට සමීප වූවාය.

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.
  • -20%
    (0)

    ගුප්ත දඩබිම – GUPTHA DADABIMA

    මෙනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකයෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා… ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.
  • -10%
    (0)

    අකුරු – Akuru

    එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.

    මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    සිල්වර් ටිප්ස් – Silver tips

    රාත්‍රියේ පූර්වභාගයේ වැසි වැටුණේ සෙමිනි. එය මංගල යුවළකට පිංතුර සැමරුමකට කදිම මෘදු වැස්සකි. මනා ආලෝකය පාලනයකින්, විශිෂ්ට ගණයේ පිංතූර නිර්මාණය කර ගත හැකි කුඩා බිඳු සහිත වැස්සකි. මනමාලිය කළඹ අහසට විසි කරනා විට මල් සිඹින දිය බිඳු පවා පැහැදිලිව ඡායා රූගත කළ හැකි වැස්සකි. කොටින් ම මල් වැස්සකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විටදී වැසි බිඳු ක්‍රමයෙන් ප්‍රසාරණය වී මල් කළඹකට ඔරොත්තු නොදෙනා තත්වයට පත්වෙමින් තිබිණ. අවට පරිසරයේ නැගී සිටි රූස්ස ගහ කොළට පවා ඒ දෙන රිදුම ඉවසිය නොහැකිව බොහෝ වේලාවක් මුගුරකින් තැළුම් කන්නා සේ වේදනාවෙන්, එහෙත් නොබිණූ මුවින් නිදි වර්ජිතව සිටින්නට හිත හදාගෙන සිටියේය. වරින් වර පිපුරුණු අකුණු, උස්ම තුරු හිස් මත පතිත වී, ගස් බඳ බිහිසුණු විදුලි වෙලීමකට ලක්කොට මුදුන් මුල ඔස්සේ දිය බරිත පොළොව පුපුරවා, කිමිදී, අතුරුදහන් වෙමින් තිබුණේය. හිරි වැටී ගිය තම සිරුර නිරුපද්‍රිතද යන්න රූස්ස ගහ කොළට සොයා බලන්නට උපකාරී වූයේ ක්ෂණයකින් ඇති වී නැති වී යන විදුලි එළියයි. ඔව්… එය මුරු ගසන් වර්ෂාවයි. රාත්‍රියේ පශ්චිම භාගය වන විට පුපුරා හැලුණු අහස, ක්‍රමයෙන් ශාන්ත වෙමින් සිටියේය. අකුණු හඬ ඈතින් ඈතට යමින් නුස් පොකුණු කන්දෙන් එපිට සිට දුර්වල අලෝක ධාරා එල්ල කරමින් සිටියි. හෙණ හඬ ඇසෙන්නේ ඇතින් දුම්රියක් කන්දක් නගින හඬ සිහිගන්වමිනි. පරිසරය සන්සුන් වුවද, නොකඩවා දිය උරා බිව් හෙයින්ද, අවශේෂ කුඩා ඇළ මාර්ග වලින් සහ කාණු වලින් සපැමිණි ජල ධාරාවන් නිසාද කුඩා වැල් ඔයට තම ඉවුරු වල උසත් සිරුරේ පළලත් පාලනය කර ගැනීමට දැඩි සටනක නියුක්ත වන්නට සිදුව තිබිණි. බොහෝ වැසි කාලවලදී ඔය, එවැනි හැලහැප්පීම්වලට මුහුණ දෙයි. එහෙත් ගඟකට කිසි දිනෙක ඉවුරක් කඩා බිඳ දමනවා මිස උස්ව නගාලන්නට නොහැකිය. ගොඩ කර ගන්නවා මිසක පතුල හාරා ගැඹුර වැඩි කර ගැනීමට නොහැකිය. උස්ව නැගුණු ජල කඳ නිසා ගම්මානයේ සියලුම බොක්කු, කුඩා පාලම් සහ ඒ දඬු ගෑවී නොගෑවී යන්නට තරම්

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -20%
    (0)

    නේත්‍රා- Nethra

    මං කියන හැම දෙයක්ම විශ්වාස කරන්න – නේත්‍රා. මං මහ පොළොව වගේ ඔයාගේ දුක දරා ගන්නම්. ඔයා දන්නවද? ඔය ඇස් දෙකෙන් ඉහිරෙන්නෙ මල් සුවඳ. ඔහොම බලද්දි මට දැනෙන්නේ තාරකා රංචුවක් නිලි වැස්සට පෙඟිලා මගේ ආත්මය ඇතුළෙ සැරිසරනවා වාගේ. ඔයා අහිංසකයි. සඳ වගේ අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ මට ඔයාව ලැබුණ නම්….. ඒත් මං පිං කරලා නෑ. එහෙම වුණා නම් මං කොළඹ අතෑරලා නුවරට එනවා. ඔයාලගේ ගෙවල් ළඟ තියෙන ඔලිඳ ඇළට පැනලා ඔය සඳ මුණට පැන් ඉහිනවා. දෙණියේ අන්දර දෙවටෙදි නැවතිලා සුදු ගවුමෙ තුත්තිරි ගලවනවා. ඔය පොඩි ටිකිරි පාවල බොරළු ඇනෙන්න නොදී මගේ ඇඟට වාරු කරගන්නවා. ආදරේ හැටි එහෙම තමයි… ඇයි මං විශ්වාස කරන්නෙ නැත්තේ? මගේ පපුව විවර කරන්න පුළුවන් නම්, මං එයාට පෙන්නනවා. ඔයා හින්ද මගේ පපුව ආදරෙන් පිරිලා තියෙන හැටි. එහෙනම් මං දන්නවා, ඔයා මාව සිප ගන්නවා දහස් වතාවක්… ඇයි මට පිස්සෙක් වගේ කියවන්න දිලා බිම බලාගෙන ඉන්නේ…. කියන්න.. එක වතාවක් කියන්න. මං ඔයාට ආදරෙයි විශ්ව කියලා… ඔහු එක දිගටම කියාගෙන යයි. බැහැ මම තරයේ කීවෙමි. මම බෙහෙවින් බිය වීමි. තිගැස්සුණෙමි. ජීවිතයට බලාපොරොත්තු දෙන්නේ කොහොමද? මම හඬා

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,440.00.
  • -20%
    (0)

    වසන්තය නුඹම විය – Wasanthaya Nubama Viya

    බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. “සර්, මම එළියට යන්නද?” පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ…? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. “එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?” මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ”. ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා කියන්නෙ කොහොමද මගේ ඇත්ත තත්වේ.. ඒ වුණාට මට ඩොක්ටර්ව ෂුවර් නෑ මම සර්ව අල්ල ගන්නම්. තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරේ ලැබෙන්නත් කලින්ම මම යෂ්ගෙ අතක එල්ලුණා. ඩොක්ටර් හිනාවෙලා එන්නත අතට ගත්තා නොබලනවාම කියලා හිතාගෙන හිටියත් මගේ ඇස් කෙළින්ම එල්ල වෙලා තිබ්බේ එන්නත දිහාවට බයටද මන්දා මාව ගැහෙනවත් එක්ක. ඒ කටුව ටිකින් ටික යෂ්ගෙ අත සිදුරු කරගෙන ඇතුළට යද්දි මගේ ඇඟම හිරිවැටෙන්න ගන්නා ඊටත් ටික වෙලාවකට පස්සෙ මුළු ලෝකම අඳුරු වෙලා පේන්නෙ නැතුවම ගියා.

    Original price was: Rs. 1,800.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    12.12.12

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
    මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    දෙවැනි ගැහැනිය

    පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.

    “මම යනවා.. ” ඇගේ සැමියා කීවේය.

    මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ්‍යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි.

    ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

    තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකියි.

    අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

    මේ, ඒ කතාවයි…

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.
  • -10%
    (0)

    නිදුක්ඛා – nidukka

    කොළඹට ඇද හැලෙන්නේ හදිසි වැසි ය. ‍ඉක්මන් වැසි ය. කලබලකාරි වැසි ය. කල්තියා දැනුම් නොදෙන වැසි ය. ගිණිගහන අව්වේ කඩි මුඩියේ කොළඹ පුරා නොයෙක් දේ වල නියැලී ඉන්නා මිනිසුන්ට ඒ කඩිමුඩිය අඩියෙන් දෙකෙන් ඉවර කරවන හදිසියේම ඇද වැටෙන වැහි දියට සාප කරන්නෝ ද ආල කරන්නෝ ද අඩු නැතුව සිටිති. කලිසම් කමීස පිළිවෙළකට ඇඳි යෞවනයෙක් තම අතින් හිස ආවරණය කරගෙ සෙවණක් සොයනායුරු දැකි සදෙව්නාට ඉබේම සිනහවක් පහළ විය. සිනහවත් සමඟින්ම පිස්සෙක් කියා ද සිතුනි. නමුත් ඇයගේ සිනහවත් සිතුවිල්ලත් වියැකී යන්නට ගත වූයේ බෙරේ වැවට ඉහළ අහසේ ඇඳී මැකී ගිය අකුණු රේඛාවකටත් වඩා සැනෙකිනි. ඈ වෙත කොතැන සිට කී දෙනෙකුගේ ඇස් බැල්මන් යා වී ඇද්දැයි ඇය නොදත්තාය. හුස්මක් ගෙන තත්ත්පර තුනක් පමණ ළය මත නවත්වා ගෙන සිටි ඈ හුස්ම හඬක් පිට නොවන්නට සෙමින් පිට කළාය. සුඛෝපභෝගි සීතල නුවර – කොළඹ බස් රථයේ ටින්ටඩ් වීදුරුවකින් පිටත බලා උන් සදෙව්නා එක් දිනකටවත් මේ කලබලකාරී වටපිටාවෙන් මිදී යන්නට ලැබුණු සතුට සැහැල්ලුවක් කොට ගෙන අත්විඳ ගන්නටත් පැකිළුණාය.

    Original price was: Rs. 1,590.00.Current price is: Rs. 1,431.00.
  • -15%
    (0)

    මන්දෝදරී – Mandodari

    ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’ ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.

    ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය.

    ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’

    පෙර ඇණවුම් කළ හැක
    අගෝස්තු 15 වන දින නිකුත් වේ.
    නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක…

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,403.00.
  • -15%
    (0)

    I.D

    මුළු ගමම එය දැන ගත්තේ ඇසළ පසළොස්වක පෝය දා උදෑසන අටයි දහයටය. අස්සජි නායක ස්වාමීන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් උපාසික උපාසිකාවන් පංච ශීලයේ පිහිටුවා එදින ධර්ම දේශනාවට නියමිත බණ පදය කියන්නට සූදානම් වුවා පමණි. පන්සලේ ඇබිත්ත කොලුවාගේ උස් හඬ ධර්ම ශාලාවේ ඈත කෙළවරින් උන්වහන්සේට ඇසුණේය. ‘විමලරත්න මහත්තය මරල දාල. මුල්ම බණ පදය කියන විට අස්සජි ස්වාමීන් වහන්සේට එය පැහැදිලිව ඇසුණේ නැත. ඒ නිසා උන්වහන්සේ අප්පමාදෝ අමත පදං’ යනුවෙන් වදාරා ඊළඟට පමාදෝ මච්චුනෝ පදං’ යැයි දේශනා කළේ සැකයෙන් යුතුවය. එහෙත් පන්සලේ ඇබිත්ත කොලුවා අර වචන කීපය ධර්ම ශාලාවේ ඈත සිටි කෙනෙකුට උස් හඬින් පවසන විට උන්වහන්සේ අප්පමත්තා නමීයන්ති’ වෙනුවට මොකද්ද සරත් කිව්වේ’ යැයි ප්‍රශ්න කළහ. එවිට තුන්වෙනි වරටත් ඇබිත්ත කොලුවා අර වචන කීපය කෑ ගසා පවසන හඬ ධර්ම ශාලාවේ කෙළවරින් ඇසිණි. ඒ සමඟ විමලරත්න මහත්තය මරල දාල ?’ යැයි මයික්‍රෆෝනය දෙදරවමින් උන්වහන්සේගේ හඬ රැව් පිළිරැව් නැඟුණේ යේ පමත්තා යථා මතා’ නම් හතරවන බණ පදයට පෙරය.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.50.
  • -15%
    (0)

    මාගම් සෝලිය – Magam soliya

    සැන්දෑ හිරු එළියෙන් පෑළ දිග අහස රක්ත වර්ණ වෙමින් තිබුණු ඒ සන්ධ්‍යා යාමයේ ඇබිත්ත කොලුවා ඇහිපිය නොහෙළා බලා සිටියේ ලොකු හාමුදුරුවන් දිහාය. හවසට හොඳ ආසන දෙකක් හරිගැස්සුවොත් හොඳයි…. මගේ ඇඳ ළඟ. උන්වහන්සේ මේ විධානය ඇබිත්ත කොලුවාට කර තිබුණේ එදා ඉරිදා උදයේ දෙමට කුරකින් දත් පිරිසිදු කරන ගමන්ය. ඌව වෙල්ලස්සේ කැළෑබදට වෙන්න ඇති මේ ගම් මණ්ඩියට තියෙන එකම පන්සල මේකය. ලොකු හාමුදුරුවන්ම ඇබිත්ත කොලුවාට කියා ඇති විදිහට මේ ආරාමය ශත වර්ෂ ගණනාවක් පැරණිය. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේ තිස්ස කුමරා මේ අඩවියට සැපත් වූ අවධියේ මේ ආරාමය පිළිසකර කරනට ඇති බවය, මුඛ පරම්පරාගතව පැමිණි විශ්වාසය වුණේ. ඒත් උන්වහන්සේ මීට දශක හතර පහකට ඉස්සර මෙහාට වඩින විට මෙතැන තිබුණේ පන්සලක් නොවේ. ගරා වැටුණු වරිච්චි බිත්ති කීපයක් සහ ගල් කණු කීපයක් පමණි.

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.00.
  • -20%
    (0)

    කුර හඬෙකි වියැකෙන

    කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
    රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
    සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
    ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
    ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
    සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
    තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
    අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
    ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
    ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
    හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
    රාජ්ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
    ‘කුර හඩෙකි වියැකෙන’
    Original price was: Rs. 1,700.00.Current price is: Rs. 1,360.00.
  • -10%
    (0)

    සී+ C+

    අද හවසට ලෙක්චර්ස් ඉවර වෙලා කලම්බු සිටි සෙන්ටර් යමුද? මට ඇඳුමක් ගන්න? ” දිල් බබළන දෙනෙතින් ප්‍රශ්න දෙකක් යොමු කළා. ” ඒ පාර මොකාටද එන්න හදන්නේ?” පිළිතුර විදියටත් මටත් තිබුණේ නාහා ඉන්න බැරි ප්‍රශ්නයක්. ඇගේ මුහුණේ දීප්තිය මොහොතකට අතුරුදහන් වී යළි දැල්වුණා. දිල්ට සුපිරිසාප්පු සංකීර්ණ ඇල්ජික්. මාක්ස් ආගම අබිං කිව්වේ කෙසේද, එලෙසම දිල්ට ඉහළ පන්තියේ අරුමෝසම් සාප්පු සවාරි අරහං. කොළඹ පැමිණි පසු ඇය විශ්ව විද්‍යාලයට අයත් කොළඹ හතේ ශිෂ්‍ය නේවාසිකාගාරයක නවාතැන් ගත් මුත්, ඇඳුම් ගත්තේ මහරගම පමුණුවේ තොග රෙදි මධ්‍යස්ථාන වලින්. අන්තිමට බොම්බෙ ස්වීට් කඩේකින් ෆලූඩා දෙකක් බොන්න සල්ලිත් ඉතිරි කරගන්නවා. අනතුරුව මහරගම මංගල මාවතේ පිහිටි අපගේ නිවසට දෙන්නත් එක්ක පයින්ම යනවා. ටුක් ටුක් එකක යෑම සඳහා මගේ මුදල් පවා වියදම් කිරීම පාප කර්මයක් කියලයි ඈ හිතු වේ. මුදල් යහමින් අතේ තිබුණොත් දිල් මා සමග බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් රෙදි සාප්පුවට ගාටනවා. එදාට ඈ ගාව මුදල් ඉතිරි නොවුණොත් මං ගානේ අරන් දෙනවා කෙටි කෑමක්. හැබැයි ඒකට දිග කතාවක් අහගන්න වෙනවා. ” අයියෝ ෆැබ් කඩේ හරි ගණන්. අපිට පෙරේරා ගාවට යන්න තිබුණේ ” ඈ කණගාටු වෙනවා.

    Original price was: Rs. 1,490.00.Current price is: Rs. 1,341.00.
  • -20%
    (0)

    ලුනා – Luna

    ගොඩක් අය කියන කතාවක් තමයි සෙක්ස් තියෙන්නෙ කරන්න’ මිස කතා කරන්න ‘ නෙමෙයි කියල. ඒත් මං වැඩියෙන් කැමති සෙක්ස් ගැන කතා කරන්න, ලියන්න, ඒ වටේ නටන්න. සෙක්ස් කියන්නෙ කරන්න’ තියෙන දේකට වඩා විඳින්න, දකින්න. කියවන්න. පරිකල්පනය කරන්න තියෙන දෙයක් විදිහටයි මං හිතන්නෙ. ඉතින් ඉරොතික පොතක් ලියනවා කියන්නෙම මට රමණයක් හා සමාන අත්දැකීමක්. තනියම ලියනවටත් වඩා තව කෙනෙක් එක්ක ශෘංගාර පරිච්ඡේද ලිවීම කියන්නෙ ස්වර්ගමය ආස්වාදයක්. අපි එකිනෙකාගේ හැඟීම්, ආශාවන්, කියන නොකියන කතාවන් ඇතුළෙන් කාලය හරහා ඉරොතික වියමනක් කරනවා. ඒක භාෂාවේ, සාහිත්‍යයේ හෝ ව්‍යාකරණයේ අභ්‍යාසයකට වඩා අපේ ජීවිත ඇතුළෙන් කැණීම් කරමින්, අපේ ආශාවන්, විපරීතයන් සොයා ගෙන යමින්, ඒවා එකිනෙකා සමග බෙදාගනිමින් කරන තාන්ත්‍රික ගවේෂණයක්. හොඳ, නරක සංස්කරණයන් වාරණයන් ඉක්මවා අපිට කොයි තරම් අපිව විනිශ්චයකින් තොරව බාරගන්න පුළුවන්ද කියන එක ගැන ආදරණීය අත්දැකීමක්. unapologetic කියන වචනෙ ජිවිතය සම්බන්දයෙන් යොදන්න මං ගොඩක් කැමති වචනයක්. විශේෂයෙන්ම ගැහැනියක් තමන්ගේ ජීවිතය දිහා අන්ඇපොලොජටික් විදිහට බලනවා කියන්නෙ මට ඒක ශුද්ධ වූ වායාමයක්. තමන්ගේ ජීවිතය, තමන්ගේ ආශාව වරදකාරිත්වයකින් හෝ පශ්චාත්තාපයකින් තොරව ආඩම්බරෙන් වැලඳ ගැනීම. ලංකාවේ ගැහැනු එහෙම පොත් ලියන්නෙම නැති තරම්. ඒ අය පිටත සිටින පිරිමියාගෙන් තමන්ගේ සිතීමට සීමා පනවා ගන්නවා. තමන්ගේ සුවිසල් වනාන්තර ආත්මය ක්ෂුද්‍ර කරගන්නවා. ඒ වෙනුවට සැබෑ ආත්මයේ සළු පිළි උනා දමමින් පිරුවත්ව වැළඳ ගැනීමට වචන අතර ඉඩදෙන ගැහැනුකම කියන්නෙ නිවර භාවයක්. ලූනා, එහෙම වියමනක්. ගැහැනු සිතක

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -20%
    (0)

    ක්ලියෝපැට්රා එයා තමයි රැජින – Cleopatra Eya Thamai

    ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා.
    එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ, සීතල පොළොව. භාෂා තුනකින් කැටයම්කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.
    අහා මේන්න ඉන්නවා අපේ පාරාවෝගේ දූ කුමරිය.”
    ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉදන්ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -20%
    (0)

    තේ තවම උනුසුම් – Tea tawama unusum

    භාර දේශයේ දකුණු කෙළවර පිහිටි තමිල්නාඩු ප්‍රාන්තයේ එක් කුඩා ගමක්, දීර්ඝ කාලීන නියඟයෙන් පීඩා විඳිමින්, වියළී ගිය ළපටි ගොයමින් ඊළඟ කන්නයේ වැපිරෙන බිත්තර වියට කාබනික පොහොරක් තැනීමේ නිරතව සිටියාය. ඉබාගාතේ යන දෙන්නු ඒ පිදුරු ලෑටිගාමින්, ගිනිගත් හිරු දෙසට හිස ඔසවා වැසි බිඳක් අයැද සිටියෝය. උසස් යයි සම්මත කුලයක උපදින්නට වාසනාව නොලද ඒ ජනතාව, තමන්ට යයි කියාගන්නා බිම් අඟලක අයිතියක් නොමැතිව, ඉඩම් හිමියාට බදු ගෙවමින්, දුකම අනුභව කරමින් අපාගත ජිවිත ගත කළෝය. කුඹුරු පුරන්ව ගොස්ය. ඒ දෙසින් ඇදී එන ගිනි සුළඟ සෙල්වරාජිනීගේ සියොළඟ රත් කරමින් කැරකෙන්නට විය. ඒ සුළඟට හසුව ඉහළ නගිමින් සුළි කැරකෙන ගිනිගත් දුවිල්ල ඇගේ කන්, නාසා පසාරු කරගෙන මොළය තෙක් දිවෙයි. හිස වැසෙන සේ සාරි පොට සකස් කරගත් ඇය නැගිට ගොමරිටි එකිනෙක ඉස්තෝප්පුවට විසිකරන්නට වුණාය. විසි වී යන ඒ හැම ගොම රිටකම මතු වී, දියාරු වී යන මුහුණක රත් පැහැගත් දෑස ඇය වෙත ගිනි පිඹින්නේ, ඉඩෝරය, ගිනි හුළඟ, ගංවතුර හා තමා සිවු නිවුන් සොහොයුරන්ය යන පණිවුඩය සෙල්විට සිහිකර දෙමින්ය. සෙල්විලා පාගාගෙන, උන් සූරා කමින්, සුන්නද්දූලි කිරීම තම එකම ප්‍රාර්ථනය කරගත් අසත් පුරුෂයෙකි ඔහු. ඔහු නමින් ඉලයරාජ්ය. උපතින් බ්‍රාහ්මණය. ඉඩම් හිමිකරුය.

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -20%
    (0)

    අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)

    අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
    ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
    මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
    විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
    තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
    උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
    පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
    එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
    මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
    ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
    ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
    මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
    රත්තරං අම්මේ!’
    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,280.00.
  • -10%
    (0)

    අසමජ්ජාති ආදරය – Asamajjathi adaraya

    පිටින් පිටින් ගොම්මන් කළුවර බිම වෙළා ගන්නට මාන බලමින් සිටියි. ගැහැනියක යහන් ගැබක් තුළ පෙරළා ගන්නට යත්න දරනා හැඩි දැඩි පිරිමියෙක් සේ. අර විටෙක ළං වෙමින් ද තවත් විටෙක දුරස් වෙමින් ද මේ නොනිමි අරගලය කරමින් සිටියේ ය. හැඩි දැඩි මිනිසා ස්ත්‍රියක වෙළා ගනිමින් යහන තුළ වතුරුවා මුළුමනින් ම පරාජය කළාක් සේ, මහ මුහුද විසින් අහිංසක ඉර ගිල ගනු ලැබුවේ ය. ඉනික්බිති කල බැගෑනි තත්ත්වය ක්‍රමයෙන් වියැකී ගියේ ය. වෙලාව, නවය හමාර ද පසු වී තිබුණ ද නගරයේ වීථි මතට උස ගොඩනැගිලිවලින් හා වාහන වලින් වැටෙන ආලෝක ධාරා මඟින් සොබා කළුවර යටපත් කරනු ලැබ ඇත. සෙනසුරාදා දවසක් වූයෙන් ද, නවය ද පසු වී තිබුණු හෙයින් ද වෙනදා තරම්වත් කඩිමුඩියක් නොතිබුණ ද සෑහෙන තරම් මිනිසුන් ද ගැහැනුන් ද නැතුවාම නොවේ. ” බස් නැති වුණොත් අපි කොහොම ද යන්නේ?” යි අපේක්ෂා විමසන්නී ය. “කරන්න දෙයක් නෑ. එහෙම වුණොත් එක්කෝ වෙන මොකක් හරි වාහනයක් එනකල් වාත වෙන්න වෙනවා. නැත්තං ඉතිං කොහේ හරි ඉන්න වෙනවා. නලින්දගේ ප්‍රතිචාරය විටෙක අවිනිශ්චිතතාවක් ද තවත් විටක සැකයක් ද පමණක් නොව, වැඩි වශයෙන් ම පෙන්නුම් කළේ, බියකරු බවකි.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.
  • -10%
    (0)

    මැකී ගිය දඩමං Maki giya dadaman

    1902 වර්ෂයෙහි මෙම ලංකාද්වීපයෙහි ගල් ගෙවල ජීවත් වුණු පාරම්පරික වැද්දෝ සිටියහ. ලංකාවේ ආදිම මනුෂ්‍යයන්ගෙන් ඉතිරිව සිටි පවුල් භයකට වැඩි නොවන මේ වැද්දෝ නීලා නම් වැදි රාළගේ ආරක්ෂාව හා ආඥාව ද යටතේ විසුවෝ ය. වන දඩයමින් ජිවත් වූ මේ වැද්දෝ ගොවිතැන් කිරීම තබා ඒ පිළිබඳ ආදී ම දළ ක්‍රමය වූ වන බද ගම්වල මිනිසුන් කරන හේන් වැපිරීම පවා යම්තමින් වත් නොදැන සිටියෝ ය. එසේ ම ගම්වැද්දන් යම්තමින් අටවා ගන්නා ගස්පොතුවලින් ආවරණය කෙරෙන ගෙපැලක් තනා ගැනීමට හෝ මොවුහු නොදැන සිටියෝය. මොවුහු දඩයම සඳහා තැනින් තැන ඇවිදිමින් ජීවත් වන්නෝ වූහ. ඔවුන්ගේ ආහාර වනයෙන් ම සොයා ගත්තක් විය. ඔවුන්ගේ ආයුධ වූයේ ඊතල හා දුන්නත්, හදිසි අනතුරකදී අතට ගැනීමට කරේ ගන්නාගෙන හෝ ඉණේ රුවාගෙන යන කුඩා පොරවත් ය. ඔවුන්ගේ ඇඳුම තට්ටම වසා ගැනීමටත් ප්‍රමාණවත් නොවන ඉණේ ඔතාගත් රෙදි කඩක් හා අඹුද්ධයක් ද පමණි. විටට විකීමට ගන්නා දෙමට, ගල් කැරු වැනි පොතු හා හුණු දුම්කොළ දමා ඇති වඳුරු සමින් කළ බුලත්මල්ල ඉණකඩ අතරේ රුවා දවටාගත් මෙවැනි මිනිස්සු තිදෙනෙක් ඔවුන්ගේ බල්ලන් ද කැටුව ඔවුන් කියන හැටියට රඳන්ට දඩයමේ නික්මුණෝ ය. ඔවුහු එදාම ආපසු එද්ද, දෙතුන් දිනක් වනයේ රඳත් ද යනු තීරණය වන්නේ ලැබෙන දඩයම් අනුවය.

    Original price was: Rs. 1,380.00.Current price is: Rs. 1,242.00.
  • -10%
    (0)

    තීහාතා

    මේ අපේ ආදර කතාවේ අවසානයේ ආරම්භයයි.

    “ඔයා මට ආදරේ නම් මට යන්න දෙන්න

    ගීත් නින්දෙන් නැගිට හරි බරි ගසා එරමිණිය ගොතාගෙන මා අසලින් වාඩි ගත් දිව්‍යා, මියුරු ස්වරයෙන් කුරිරු උදාන ගීයක් ගැයුවා. උදේ පාන්දර නින්දෙන් නැගිටුවා කණට ගැහුවා වගෙයි මට දැනුණේ. ඈ ඊයේ රෑ නවතපු තැණින් පටන් ගෙන. ඔයාට නැති වෙලාවට ඉන්නයි, පුළුවන් වුණාම යන්නයි මම අනාථ නිවාසයක් කියලා හිතුවද? ” තරහව ප්‍රකාශ කිරීම ඵල රහිත බැව් දත් නමුත් නිශ්ඵල දේ හෝ ඵලදායි වෙතැයි සිතන තත්ත්වයකට පත්වෙලා උන්නේ මම. “ඔයා අනාථ නිවාසයක් නෙවෙයි හිර ගෙදරක්. ඔයාගේ කුඩුව ඇතුළේ මට සතුට ආරක්ෂාව ඇති කියල ඔයා හිතනවා. එහෙම නෑ. ඔයා මට සැලකුවෙත් හිරකාරයෙකුට වගේ ” දිව්‍යාං අපේ මාළිගාවට ප්‍රහාරයක් දියත් කර එය සුණු විසුණු කර දමා එහි රජ වෙලා උන්නු මාව අනාථ කර දැම්මා. දිව්‍යා එදා ගේට්ටුවෙන් ඇතුළු වුණේ නම් යුද්දෙකට එනව වගේ ‍නෙවෙයි. මුව පුරා ආදරබර හිනාවක් පුරෝගෙන. වෙනදට කෙළින්ම කාමරේට එතනින් නාන කාමරේට, ඊළඟට බල්ලා ගාවට ගිහින් අවසානෙට මා ගාවට එන මගේ අපූරු පෙම්වතිය. එදා දොරෙන් ඇතුළු වී සාලයෙන් වාඩි වුණේ හැමදාම කරන පුරුද්දට වගේ. මම දන්නවා ඇය තකහනියක්ම ආවේ ඇයි කියලා.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.
  • -10%
    (0)

    ප්‍රේමානිශංස – Premanishansa

    අවලෝකිතේශ්වර බෝසතුන්ගේ අභය මුද්‍රාවෙන් පෙනී සිටින ලෝකඩ පිළිමය පොත් රාක්කයේ ඉහළ මාලයේ අවකාශයට යම් අරුතක් පුරවමින් එහි හරි මැද වැඩ සිටී. ඒ බරැති පිළිමය යට විභූති පැකට්ටුවකි. ඒ දෙකම දෙවාරයකට ඒවා පවත්නා තැන්හි තැන්පත් කළේ මා නො වේ. ශ්‍යාමිය. ශ්‍යාම් කුමාරස්වාමිය. මවිසින් මගේ කර ගැනීම සඳහා නැවත නාම ගැන්වුණු නිරූය. අවලෝකිතේශ්වර පිළිමය කෞතුක වස්තුවකි. නිරූ මා සමඟ ජීවත්වන තාක් කල් එහි කාල වකවානු නො වීම සන්න යැයි ඈ මට සොඳුරු නියෝගයක් කළාය. එය සිය භක්තිය නම් ප්‍රාණය කැවූ තමා සතු වටිනා ම අජීවී වස්තුව යයි ඇය පැවසූ බව මගේ මතකයේ ගලේ කෙටූ ඉරක් මෙන් රැඳී පවතී. පුරා වස්තු විකුණන කඩයක විකිණෙන්නට නියමිතව වැඩ සිටි උන්වහන්සේ ශත වර්ෂාධික කාලයක් පැරණි බව නම් කිව හැකිය. ඒ වන විටත් නීතියට අනුව පුරා වස්තු රටින් පිටමං කිරීම මිස, පුරා වස්තු මිලදී ගැනීම, විකිණීම හෝ තමා සන්තකයේ තබා ගැනීම ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතියට අනුව වරදක් නොවන බව ඇයත් මමත් දැන සිටියෙමු.

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,215.00.