පරිවර්තන
-
(0)
“අරණකට පෙම් බැඳ”
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද? -
(0)By : ඩෑන් බ්‍රවුන්
“සම්භවය”
Rs. 2,900.00Original price was: Rs. 2,900.00.Rs. 2,320.00Current price is: Rs. 2,320.00.අප පැමිණියේ කොතැනක සිට ද ?
අප යන්නේ කොතැනකට ද ? -
(0)By : Enid Blyton
අපූරු ඉස්කෝලේ අවසන් වාරේ – Apooru Iskole Awasanware
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.මෙය ඔබ මෙතෙක් රසවිඳි “අපූරු ඉස්කෝලේ” කතා මාලාවේ අවසන් කතාව යි. st. clare’s නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
-
(0)By : JACK HIGGINS
අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.
එබැවින්ම.
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!
-
(0)By : Gowripal Sathiri
අවියෙන් ලියූ අකුරු – Awiyen Liyu Akuru
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ ‘ආයුද එළුත්තු’ නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.
ජාතික ප්‍රශ්නයේ ‘ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.
වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.
-
(0)By : ලොරන්ස් රීස්
අවුෂ්ව්ට්ස් ඝාතක කඳවුර – AUSCHWITZ GHATHAKA KANDAWURA
Rs. 1,450.00Original price was: Rs. 1,450.00.Rs. 1,305.00Current price is: Rs. 1,305.00.අපකීර්තිමතේ නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රිස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්රමය, පලා යෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්තරයකි.‘බ්රිතාන්ය ජනගහනයෙන් අඩක් අවුෂ්ටිට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැයි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රිස් පෙන්වා දෙයි. ඉන් සමහරක්, ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරගත් අගනා තොරතුරු වලින් පොහොසත් වීම අතිශය වැදගත්…නිල් අවර්සන්, ඔබ්සර්වර් මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්හයන් තොම්සන්, ගාඩියන් -
(0)
උමතු හස්තය – Umatu Hastaya
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00.ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.
-
(0)By : C.S. Lewis
කැස්පියන් කුමාරයා (NARNIA)
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!
සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන ‘කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.
-
(0)By : Hovhannes tumanyan
ගිකෝර්
Rs. 450.00Original price was: Rs. 450.00.Rs. 360.00Current price is: Rs. 360.00. -
(0)
ගිම්හාන ගීතය – Gimhana Geethaya
Rs. 750.00Original price was: Rs. 750.00.Rs. 600.00Current price is: Rs. 600.00.එවකට පහළොස් වන වියේ පසු වු මයිකල් බර්ග්ට ඔහුට වඩා දෙගුණයක් වයසැති හනා ස්මිට්ස්ව මුණගැසුණේ අහඹු සිද්ධියක් මඟිනි. ඔවුන් දෙදෙනා අතර වූ සරාගී ප්රේම සම්බන්ධය ඒ ගිමිහානය හරහා යන්ත්රයක් නොමැති අහස් යානයක් මෙන් පාව ගියේය. දිනක් ඇය ඔහුටද නොදන්වා නගරය අතහැර ගියාය. ඉන් වසර කීපයකට පසු මයිකල් බර්ග් විශ්වවිද්යාලයේ නිති පීඨයේ නීතිය හදාරමින් සිටි අතර දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධකාගාරයක යුදෙව් ජාතිකයන් ඝාතනයකර දැමීමට හවුල් වූ කාන්තාවන් කීපදෙනෙකුට විරුද්ධව ඇසුණු නඩුවක් බැලීමට යයි. එහිදී මයිකල්ට හනා ස්මිට්ස්ව නැවත මුණගැසෙයි. ඇය නඩුවේ විත්තිකාරිය බැව් දැනගැනීමට ලැබෙයි. සිය භද්ර යෞවනයේදී පළමුවෙන්ම ස්ත්රීපුරුෂ සම්භෝගයේ අ ආ යන්න ඔහුට කියාදුන් මේ යුවතිය දැකීමෙන් මයිකල් පුදුමයට පත් වෙයි. නඩුවෙන් වරදකාරිය බවට පත්වන ඇයට අධිකරණය වසර දහඅටක සිර දඩුවමක් නියම කරයි. ‘හැමදාම මගෙ හිතට වධ දීපු කාරණයක් තමයි.. ඔය කිසිම කෙනෙකුට මාව තේරුම් ගැනීමට බැරිවීම.. ඒ විතරක් නෙමෙයි මට ඒ දේවල් කරන්නට සිදු වුණේ මොකද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ..එහෙම දැන හිටියා නම් මාව උසාවියකට කැඳවලා නඩු අහන්නේ නෑ.. ඒ ඇත්ත සිද්ධිය දැනගෙන හිටියෙ ඒ වධකාගාරයේදී මැරුණ අය විතරයි… මේ හිරගෙදර සිටි කාලය තුළ ඒ මැරිච්ච අය මාව සොයාගෙන ආවා.. මම කැමති වුණත් නැති වුණත් සෑම රාත්රියකම ඒ අය මාව සොයාගෙන ආවා.. නඩුවට ඉස්සෙල්ලා ඒ මැරිච්ච මිනිස්සු මා ළඟට ආව නම් අන්ව එළවලා දමන්නට මට හැකියාව තිබුණා. ඒත් දැන්
-
(0)
ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන
Rs. 350.00Original price was: Rs. 350.00.Rs. 280.00Current price is: Rs. 280.00.එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.
-
(0)By : ශෙහාන් කරණාතිලක
චයිනමන්
Rs. 695.00Original price was: Rs. 695.00.Rs. 590.00Current price is: Rs. 590.00.බූකර් සම්මාන ලාබි ශෙහාන් කරුණාත්ලකගේ ප්රථම නව කතාව මෙන්ම, වැඩිම ජාත්යන්තර සම්මාන ලාබි ශ්රී ලාංකික නවකථාව.
-
(0)
චේ: චරිතාපදානය
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.අඳුරුතම හෝරාවේදී අරුණලු ගෙනා මිනිසා
සිදුවීම් පිළිබඳ ඔහුගේ විස්තරයට අනුව, රොඩ්රිගුවේස් අනතුරුව වේ සමඟ කතා කිරීම සඳහා පිටතට ගියේ එහිදී වේගේ ඡායාරූප අරගත්තේය. වසර ගණනාවක් පුරා සී.අයි.ඒ. සංවිධානය යටතේ අතිශය රහසිගතව තබා ගැනුණු මේ ඡායාරූප පසුව එළියට පැමිණියේය. මින් එක් ඡායාරූපයක පිරුණ මුහුණින් හා යෞවන පෙනුමින් යුත් රොඩ්රිගුවේස්, දමනය කරන ලද වන සතකු මෙන් පෙනෙනා වේගේ උර වටා අතක් දමාගෙන සිටිනු දක්නට ලැබෙයි. වේගේ වැහැරුණ මුහුණ බිමට යොමුව ඇත. දිගු හිසකේ පහතට එල්ලා වැටී ඇති අතර, ඔහු දෑත් බැඳගෙන සිටියි.
-
(0)
තෙත්සූයා නම් දුනුවායා
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00.“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”
-
(0)By : James Niranjan-
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.
ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
-
(0)By : Anthony Doerr
දෘෂ්ටිමානයට ඔබ්බෙන් – Drushtimaanayata Obben
Rs. 2,600.00Original price was: Rs. 2,600.00.Rs. 2,340.00Current price is: Rs. 2,340.00.යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.
වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.
එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?
සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩදෙනු නොලැබෙයි.
යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරීගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.
එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.