පරිවර්තන

Show
  • -10%
    (0)

    දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits

    ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.

    ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

    Original price was: Rs. 1,000.00.Current price is: Rs. 900.00.
  • -20%
    (0)

    ධනවත් පියා,දිළිඳු පියා

    Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

    Original price was: Rs. 920.00.Current price is: Rs. 736.00.
  • -20%
    (0)

    ගිකෝර්

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.
  • -20%
    silvabookshop.lk_ guru_geethaya
    (0)

    ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන

    එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.

    Original price was: Rs. 350.00.Current price is: Rs. 280.00.
  • -20%
    (0)

    තෙත්සූයා නම් දුනුවායා

    “දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.

    එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.
  • -20%
    (0)

    “අරණකට පෙම් බැඳ”

    මුකුත් නෑ. මේ මල් ඇට වගයක්.
    මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -10%
    (0)

    මොසාඩ් – Mossad

    “ඊශ්රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරන මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමක් මාසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්,කඩාකප්පල් කිරිම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය,

    Original price was: Rs. 1,495.00.Current price is: Rs. 1,345.50.
  • -15%
    (0)

    චයිනමන්

    බූකර් සම්මාන ලාබි ශෙහාන් කරුණාත්ලකගේ ප්රථම නව කතාව මෙන්ම, වැඩිම ජාත්යන්තර සම්මාන ලාබි ශ්රී ලාංකික නවකථාව.

    Original price was: Rs. 695.00.Current price is: Rs. 590.00.
  • -20%
    (0)

    “සම්භවය”

    අප පැමිණියේ කොතැනක සිට ද ?
    අප යන්නේ කොතැනකට ද ?

    Original price was: Rs. 2,900.00.Current price is: Rs. 2,320.00.
  • -20%
    (0)

    වෙරළබඩ නගරයේ කුඩා නිවහන – Weralabada Nagaraye Kuda Niwahana

    අම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා ” බීන්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට් ” යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිඟානකටම දුම් දමන බේල්ඩ් බීන්ස් * පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වූයේ බේන්ඩ් බීන්ස්ය.
    මීට අවුරුද්දකට කලින් චාලට් සිව් හැවිරිදි වියට එළඹුණු දා සිට ඇයට පැවරුණු රාජකාරියක් වන්නේ මෙවැනි වේලාවට අල්මාරියේ රාක්කවල ඇති පියුටර පිගන් ළිප ළඟ සිටින
    Original price was: Rs. 850.00.Current price is: Rs. 680.00.
  • -20%
    (0)

    හිට්ලර් ඊවා අමරනීය ආදරය – Hitler Eva Amaraneeya Adaraya

    නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 – 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ්‍රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත්‍යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද යන්න විදහා දැක්වෙන අවස්ථා ද ඔහුගේ චරිතයේ විරල නැත. රිචඩ් වාග්නර්ගේ සංගීතයට වශීව ඔහු ඊට ලොබ බැඳ සිට ඇත්තේ ඇදහිය නොහැකි ආකාරයට ය. එලෙසම සම්භාවනීය ජර්මන් ලේඛකයන් වූ වොෆ්ගන්ග් ගොන්තේ, ප්‍රීඩ්‍රිච් ෂිලර් වැන්නවුන් ඔහුගේ නිබඳ ඇගයුමට පාත්‍රවී තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඔවුන්ගේ කෘති ඇසුරු කර ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -10%
    (0)

    සන්තියාගෝ නම් සැරිසරන්නා

    “ලෝකේ හැම දිග්භාගෙන්ම එන මිනිස්සු මේ ගම පහු කරගෙන යනවා පුතේ.’ ඔහුගේ පියා කීවේය. ‘ ඒ හැම කෙනෙක්ම එන්නේ අලුත් අලුත් දේවල් අරගෙන. හැබැයි මෙහෙන් පිටවෙලා යනකොටත් මූලික වශයෙන්ම ඒ ගොල්ල මෙහෙට එනකොට හිටපු මිනිස්සුම තමයි. මාලිගාව දැක බලා ගන්න කන්දට නඟින මිනිස්සු තමන්ගෙ ගමන නවත්තල දාන්නෙ පවතින වර්තමානයට වඩා අතීතය හොඳයි කියල හිත හිතා. දුඹුරු කෙස්, කලු හම තිබ්බය කියලා වෙනසක් නෑ. ඒ මිනිස්සුත් මෙහෙ ජිවත් වෙන අය වගේම තමයි.’

    ඒත්, මං කැමතියි ඒ මිනිස්සු ජීවත් වෙන නගරවල තියෙන මාලිගාවලුත් දැක බලා ගන්න. කොලුවා තම අදහස පැහැදිලි කළේය.

    “ඔය මිනිස්සු, අපේ ගම් රටවල් දැක්කම කියන්නෙ සදහටම මෙහෙ ජීවත් වෙලා ඉන්න හිතෙනව කියලයි.” පියා දිගටම කතා කරගෙන ගියේය.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 882.00.
  • -20%
    (0)

    නිල් නිවුන්නු – Nil Niwunnu

    තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
    දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
    ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
    ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -10%
    (0)

    භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 2 – Bharatha Yogin Saha Isiwarayan Samaga 2

    ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
    ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…

    Original price was: Rs. 400.00.Current price is: Rs. 360.00.
  • -10%
    (0)

    භාරත යෝගීන් සහ ඉසිවරයන් සමඟ 1 – Bharatha Yogin Saha Isiwarayan Samaga 1

    ඇතමකු යෝගීන් ලෙස ද, තවත් සමහරු සන්නාසීන් ලෙස
    ද හඳුන්වනු ලබන ගුප්ත සමාජ තලයකට අයත් මෙම මිනිසුන් පිළිබඳ වූ විටින් විට අපට ආසන්නට ලැබෙන එකී වෘත්තාන්ත පිටු පස ඇති සත්යය කුමක්ද? අභ්යාසයේ යෙදෙන්නන්ට මානසික ශක්තීන්ගේ අති විශේෂ සංවර්ධනයක් සහතික කෙරෙන පෞරාණික ප්රඥාවක් භාරතයේ පවනින්නේ යයි දන්වමින් අප වෙත ලැබෙන සක්රීය ඉඟි පිටු පස ඇති සත්යය කුමක්ද? මා එය සොයා දීර්ඝ ගමනක යෙදුණු අතර…

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -10%
    (0)

    නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා – Nattal Pudime Abirahasa

    ඇත්තෙන්ම එම දර්ශනය දිස්වූයේ නාට්‍යයක කොටසක් මෙනි. යාර කීපයක් ඈතින් බ්‍රිජට් හිම මත වැතිර සිටියාය. ඇය තද රතු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි අතර සුදු පැහැති වූල් මෆ්ලරයක් උරහිස වටා ඔතා තිබිණි. සුදු මෆ්ලරය පුරා රතු පැහැති පැල්ලම් විය. පසෙකට හැරී තිබුණ මුහුණ තද කලු කෙස් කළඹෙන් වැසී තිබිණි. එක් අතක් සිරුරට යටව තිබූ අතර අනෙක් අත තිබුණේ මිට මෙලවූ ඉරියව්වෙනි. ඇඳුමේ තිබූ රත් පැහැති පැල්ලම මත කැටයම් කළ මිටක් සහිත පැරණි පිහියක් විය. කර්නල් වරයාට අයත් පෞරාණික වස්තුවක් වූ එම පිහිය අමුත්තන්ට පෙන්වූයේ පෙර දිනයේය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.