-
ලස්සන වසිලිස්සා – LASSANA WASILISSA
Original price was: Rs. 1,400.00.Rs. 1,260.00Current price is: Rs. 1,260.00.එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියෙ එකම එක දුවක් විතරයි. එයාගෙ නම වසිලිස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලිස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කකු දීලා මෙහෙම කීවා.” අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත්ම පෙන්වන්නේ නැතිව පරිස්සම් කර ගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි. “අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.වසිලිස්සාගේ මහලු පියා ටික කලක් දුක් වුණා. පසුව ඔහු වෙනත් ගෑනියක විවාහ කර ගත්තා. තාත්තා හිතුවේ ඈ හොඳ කෙනෙකු හැටියටයි. එහෙත් ඈ නපුරුයි. වසිලිස්සාව කුඩම්මාට භාර දුන්නා.කුඩම්මාට දූවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා නපුරුයි. මෝඩයි, දඟකාරයි. කුඩම්මා ඇගේ දූවරුන්ට ආදරය කළා. උන්ව හුරතල් කළා. ඈ වසිලිස්සාට නිතරම බණින්නට වුණා. වසිලීස්සාගේ ජීවිතය දුකින් පිරුණා. කුඩම්මයි ඇගේ දූවරු දෙදෙනයි හැම තිස්සේම වසිලීස්සාට නපුරු හිතින් බණිනවා. වැඩ ගොඩක් භාර දෙනවා. එහෙම කළේ මොකටද කියලා දන්නවද? … -
හයිඩි – Heidi
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.පැරැණි රම්‍ය මායන් ෆෙල්ඩ් නගරයේ සිට ඇල්ප්ස් කඳු වැටිය නිල් පාමුල පිහිටි ගම්මානය කරා තුරු සෙවණින් සිසිල් වූ තණ බිම් හරහා ඩි පාරක් වැටී ඇත. හිමෙන් වැසී ගත් ඇල්ප්ස් කඳු මුදුන පහත නිම්නය දෙස තේජාන්විත බැල්මක් හෙළා සිටී. අඩි පාර ටික ටික ඉහළට ඇදෙත්ම, අසල ලඳු වන රොද සැදි කෙටි තණ හා සවිමත් කඳු පැළෑටි වලින් නික්මෙන නැවුම් සුගන්ධය අවට වාතය හා මුසු වේ. මෙතැන් සිට ඇල්ප්ස් කඳුවැටිය කරා වැටී ඇති අඩි පාර කර්කශ වූද, බෑවුම් සහිත වූද දුෂ්කර ගමන් මගකි. ජුනි මාසයේ හොඳට හිරු පායා තුබූ පැහැබර උදෑසනක, මෙම කඳුකර ගම්මානයට අයත් උස සවිමත් පෙනුමක් ඇති තරුණියක් පස් හැවිරිදි වියේ පමණ පසු වූ දැරියක අතින් අල්ලාගෙන මෙම පටු අඩි පාර දිගේ ඉහළට නගිමින් සිටියාය. දැරියගේ කම්මුල් රතු වී තිබුණි. දුඹුරු පාට ගැසී තිබුණු සිරුරේ හමද හිරු එළිය නිසා පැහැපත් රක්ත වර්ණයට හැරී තිබිණි. මෙය පුදුමයට හේතුවක් නොවේ. දැවෙන අව්වේ වුවද දැරියගේ ශරීරය ඔතා ආවරණය කර තිබුණේ සීත හිමෙන් ආරක්ෂා කිරීමට සේය. ඈ ගවුම් දෙකක් නැත්නම් තුනක් එක පිට එක ඇඳගෙන සිටියාය. ඊට අමතරව, ලොකු රතු පාට සළුවක් ඇගේ සිරුර වටා දවටා තිබුණේ පස් හැවිරිදි ඇය කවුදැයි දැක ඇඳින ගත නොහැකි තරමටය.
-
හරි පුදුම ඉස්කෝලෙ – Hari puduma iskole
Original price was: Rs. 860.00.Rs. 688.00Current price is: Rs. 688.00.ටොමෝ නැමැති පාසල ගැනත්. එය අරඹා පවත්වා ගෙන ගිය පුද්ගලයා වූ, සොසාතු කොබයාෂි මහතා ගැනත් ලිවීම දිගු කලෙක සිටම වට අත්‍යවශ්‍ය ව පැවැති කරුණෙකි. මෙහි කිසි ම කරාංගයක් මවිසින් නිර්මාණය කරන ලද්දේ නොවේ. ඒ සියල්ල සත්‍ය වශයෙන් ම සිදු වූ ඒවා වන අතර, මට මතක් කර ගත හැකි වී ඇත්තේ ඉතාම ස්වල්පයක් පමණි. මේවා ලිවීමට මට අවශ්‍ය වූවාට අමතර ව, කඩ වූ පොරොන්දුවක් වෙනුවෙන් යමක් කිරීමට ද මම නොතිත් ව සිටියෙමි. මෙහි එක් පරිච්ජේදයක මා සඳහන් කළ පරිදි, වැඩුණු පසු මා ටොමෝවෙහි ඉගැන්වීමේ යෙදෙන බවට ළමතු වශයෙන් මම ගම්භීර ප්‍රතිඥාවක් දුන්නෙමි. කෙසේ වුවද එය මා ඉටු කිරීමට අවකාශ නොලත් ප්‍රතිඥාවෙකි. ඒ වෙනුවට කොබයාෂි මහතා කෙබඳු අයෙක්ද යන්න ගැන හා ළමයින් කෙරෙහි එතුමා ගේ අනුපම ආදරය සහ ඉගෙනුම සඳහා ඔවුන්ට අවකාශ සකස් කළ ආකාරය ගැන හැකි තරම් පිරිසක් දැනුවත් කිරීමට මම උත්සාහ කළෙමි. කොබයාෂි මහතා වර්ෂ 1963 දී අභාවයට පත් විය. අදත් ජීවත් වී නම් එතුමා තවත් බොහෝ දේ මට කියා දෙනු ඇත. ළමා වියේ මතක සටහන් ලෙස ම පෙනී ගිය බොහෝ දේ ඇත්ත වශයෙන්ම කිසියම් ප්‍රතිඵල සාධනය කර ගැනීම සඳහා ඉතා පරිස්සමින් සිතා මතා ගොඩ නඟන ලද, ක්‍රියාකාරකම් වූ බව මට පැහැදිලි වූයේ මෙය ලියා ගෙන යද්දී ය. මේවා ඇත්තට ම කොබයාෂි මහතාගේ සිතේ තිබූ දේ නේද? මෙසේ සිතීම කෙතරම් කදිම දැයි සිතෙන විට, එක් එක් කරුණ මගේ විස්මය සහ කෘතඥතාව වර්ධනය කළේය. මා ගැන ම සිතුව හොත් ” දන්නවද? ඔයා හරිම හොඳ ළමයෙක් !” කියමින් මා රඳවා ගත් සුවිශේෂ අකාරයෙහි අගය කෙසේවත් තක්සේරු කළ නො හැක්කේය. මම ටොමෝ වට ඇතුළු නොවූයෙම් නම්, කොබයාෂි මහතා හමු නො වුයෙම් නම්,
-
බෙරගල කන්දේ නිධානය 2 – Beragala Kande Nidhanaya 2
Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.“උතුමාණෙනි, උරුමය කියල දෙක තුනක් නෑ. උරුමය කියල කියන්නේ එක දෙයක්.’ වැදි ගැහැනිය කළු පැහැ ගැසුණු දත් පෙන්නා සිනා සෙමින් කීවා. “ගොයියගෙන් උගෙ පුතාට ලැබෙන උරුමය ගොයිකම, වැද්දගෙන් උගෙ පුතාට ලැබෙන්නෙ දඩයම. ඒ විදියට රජාගෙන් පුතාට ලැබෙන්නෙ මොකක්ද? ‘ එසේ කියා නැවත මුව අයා සිනාසුණ ගැහැනිය අවසානයේ මෙසේ කීවාය. ” රජකම….. රජකම “















