Education - අධ්‍යාපනික

  • -10%
    (0)

    රුසියානු භාෂාවට අත්වැලක් – Rusiyanu Bhashavata Athvalak

    සිංහලෙන්ම රුසියානු බස ඉගෙනීමට දැන් “රුසියානු භාෂාවට අත්වැලක්”
    මේ ඔබටයි
    උසස් අධ්යාපනය සදහා රුසියාව බලා යාමට අපේක්ෂිත
    සිසුන්
    රුසියානු සංචාරකයින් ට මගපෙන්වන සංචාරක මගපෙන්වන්නන්
    රුසියානු බස ඉගෙනීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙක් වෙනුවෙන්
    එදිනෙදා ජීවිතයේ අසන දෙබස් රුසියන් බසින් අහන හැටි / කියන හැටි මෙම ග්රන්ථයේ අන්තර්ගත වේ

    Original price was: Rs. 690.00.Current price is: Rs. 621.00.
  • -20%
    (0)

    ධනවත් පියා,දිළිඳු පියා

    Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.
  • -20%
    (0)

    දියුණූවේ උපරිමයට 80/20 ක්‍රමවේදය – Diyunuwe uparimayata 80/20 kramawedaya

    පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්‍රත්‍යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්‍යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්‍යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්‍රමාණයක් එනම් 20% ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් මුළු ප්‍රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්‍රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්‍ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
  • -20%
    (0)

    Golden Era Goals – Rajitha Medungoda

    Chapter 1: Introduction 1.1. Introduction. Humanity stands at a global crossroads, entangled in cycles of war, uncertainty, and stress while human activity drives our planet towards ecological collapse. Although humanity has achieved remarkable advancements in technology and developed thriving economies, happiness still seems out of reach, while a growing sense of disconnection and unrest severely damage our peace of mind. The world expands materially, yet it feels spiritually empty, with no logical strategy for lasting happiness. This realization compelled me to write Golden Era Goals, a book that suggests transformational changes to restore peace in mind while ensuring sustainable human progress. It led me to a pivotal question: What if genuine progress is not about status or wealth, but about the flourishing of humanity? The answer is not merely external; it lies within us. The Golden Era Goals (GEG) and the Human Brilliance Paradigm (HBP) form the foundation of a new worldview, one I developed in response to the growing crisis of our time. This change emphasizes personal happiness, ethical leadership, and sustainable development over material wealth. Central to its mission are The Eight Dimensions of Human Brilliance, a guiding philosophy to unleash the untapped potential in all human beings to enable more innovation for a world of peace, purpose and prosperity. This book is not just an idea, it is a call to action, and it is the formula to restore our world with a systems approach crafted to protect both people and planet for future generations. A bl

    Original price was: Rs. 3,900.00.Current price is: Rs. 3,120.00.
  • -20%
    (0)

    Footprints in the dust

    Buddhism teaches that each person comes into their present life from an earlier one and that most people will have another life when their present one ends. This process of being born, dying and being reborn is called samsara and only ceases when one attains a state called awakening, bodhi, more commonly known as Nirvana. Like everyone else, the Buddha had many lives before his final one as Gotarna, and the Buddhist tradition created fictional biographies of over five hundred of these former lives, recounted in a book called the Jätaka. What is unique about the Buddha is not that he had former incarnations, fictional or otherwise, but that in the centuries after he attained Nirvana devotees and admirers have continued to ‘reincarnate him in a sense, by creating new ‘lives’ for him, some of these more incredible than his former ones as recounted in the Jätaka. Although physically and in a number of other ways the Buddha was an ordinary human being, some participants at the Third Buddhist Council, which took place around the middle of the second century BCE, asserted that such was his purity that his faeces had a fragrant smell. There were, however, those who maintained a more realistic view of the Buddha and who gave a common sense rebuttal to this claim. If this were true, they argued, it would have required the Buddha to eat perfume,

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -10%
    (0)

    ගණිත විනෝදය- Ganitha Vinodaya

    ” අද උදේ මම ලේනෙක් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කළා ” විවේකාගාරයේ උදේ තේ පානය සඳහා වාඩි වු විවේකාලාභීන්ගෙන් එකෙක් පැවසීය. ” මේ ළඟ කැලේ තියෙන රවුම් එළිමහත් පිට්ටනිය දන්නවද? ඒ පිට්ටනිය මැද එකම ගහයි තියෙන්නේ. ලේනා හැංගුනේ ඒ ගහ පිටිපස්සේ. කැලේ සිට පිට්ටනියට එනකොටම මම දැක්කා ලේනා ගහේ කඳ පිටිපස්සේ සිට උගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන ඉන්නවා. මම දැක්කේ උගේ මුහුණ විතරයි. ලේනා හොඳ හැටි බලාග. න්න මම ඌට කිට්ටු නොවී පිට්ටනිය අයින දිගේ ගහ වටේට ගියා. හතර වතාවක්ම මම ගහ වටේ ගියා. මම දැක්කේ ලේනාගේ මුහුණ විතරයි. කොහොමටත් මට ලේනා වටේ යන්ට බැරි වුණා.” ” එහෙත් ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා ” තේ මේසයට වාඩි වී සිටි එකෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ” ගහ වටේ මිස ලේනා වටේ නොවෙයි.” “ලේනා හිටියේ ඒ ගහේ? ” ” ඉතින් ?” ” ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරැකුණා.” ” හොඳයි කැරැකුණා ! ලේනාගේ පිට එකවතාවක්වත් දැක්කේ නැහැ.'” ” පිට මොනවටද? ලේනා හිටියේ මැද. ඔබ වටේට කැරැකුණා. ඒ කියන්නේ ඔබ ලේනා වටෙත් කැරැකුණා.” ” කොහොමටත් එහෙම නොවෙයි. මම ඔබ වටේ යනවා කියලා හිතන්න. ඔබත් හැම වේලාවේම මට මූණ පා ඉන්නවා. ඔබේ පිට මට පෙනෙන්නේ නැහැ. ඔබ හිතන්නේ මම ඔබ වටේ කැරැකුණා කියලද? ” ” ඇත්ත වශයෙන්ම එහෙම තමා. වෙන කොහොමද? ” ” එක වතාවක්වත් ඔබේ පිට පැත්තට යන්නේ නැති නම්, ඔබේ පිට දකින්නේ නැති නම්, මම ඔබ වටේ කරකැවෙනවාද? ” ” පිටේ තේරුමක් නැහැ ! ඔබ මා වටේ රවුමක් කරකැවිලා හිටපු තැන – ටම ආවා. ඒ නිසයි ඔබ මා වටේ කරකැවුණා කියන්නේ. මගේ පිට දැකීම නොවෙයි.” ” ඒ කොහොමද ? වස්තුවක් වටේ කරකැවෙනවා කීමේ තේරුම කුමක්ද? මා හිතන හැටියට එයට එකම තේරුමයි දෙන්න පුළුවන්: එනම් වස්තුව සෑම දිසාවකින්ම බලාගත හැකි වන සේ අනුක්‍රමයෙන් එය වටා යෑමයි. සත්‍යය එය නෙවද මහාචාර්ය තුමා ” වාද කරන්නා තේ මේසයට වාඩි වී සිටි මහල්ලෙකුගෙන් විතාළේය. ” වාදය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් වචන පිළිබඳවයි ” විද්‍යාඥයා පිළිතුරු දුන්නේය. ” මේ වගේ අවස්ථා වලදී මුල සිටම පටන්ගත යුතුයි: අපි වචන වල අර්ථය ගැන එකඟත්වයකට පැමිණිය යුතුයි. ” වස්තුවක් 15

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.
  • -10%
    (0)

    ගැඹුරු මුහුද – Gamburu muhuda

    තල් මසුන්’ මරා කන බියකරු සත්ත්වයෙක් මහ මුහුදේ නිදැල්ලේ ගැවසෙයි. මහ මුහුද ලෙයින් රත් පැහැ ගන්වා, රැල්ලත් සමඟ පෙරළෙමින් පා වෙන මිය ගිය විශාල තල්මසකු දකුණු ශාන්ති කර ගුවන් මුර සේවය’ විසින් දක්නා ලදි. තත්පර කීපයක් තුළ දී අනතුරු හඟවන ඉතා සංකීර්ණ වූ සංඥා පද්ධතිය ක්‍රියාත්මක කරන ලදින් සැන්ෆ්‍රැන්සිස්කෝ ” නුවර සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දක්වා නිලධරයෝ මුහුදු සිතියම් මත ඉත්තන් තබමින් දුර දක්වන වෘත්ත අඳින්නට වූහ. බඹ විස්සක් ගැඹුරට බසින්නට වූ පස් වන මුර සබ්මැරීනයේ පාලන ඵලකය * උඩින් පහත් වූ දොන් බර්ලි තව මත් නිදිමතින් පිරි නෙත් පිසදමමින් පාලන ඵලකය දෙස බලා සිටියේ ය. මේ අනතුරු හැඟවීම තමා ගේ බල පෙදෙස තුළ සිදු වීම ගැන දොන් බර්ලි සතුටු විය. මාස ගණනකට පසු ලැබුණු පළමු වන නියම අනතුරු හැඟවීම මෙය විය. වෙනෙකක් තබා ඔහු ගේ ජීවිතය රැඳී පැවති මුර ස මෙරීනයේ උපකරණ දෙස බලා සිටින අතර ඔහු ගේ සිත අනාගතය දෙසට යොමු විය. කුමක් සිදු වන්නට ඇද්ද? ඔහුට ලැබුණු කෙටි පණිවුඩයෙන් වැඩි විස්තර දැන ගත නොහැකි විය. භීතියෙන් කලබල වී තව මත් උතුරු දෙස බලා දිවයන මහා තල්මසුන් අයිනක් ‘ පසු පස සැතපුම් දහසක් පමණ ඈතින් අලුත මරන ලද තල්මසකු දිය උඩ පාවෙන බව පමණක් පණිවුඩයෙහි සඳහන් විය.

    Original price was: Rs. 1,250.00.Current price is: Rs. 1,125.00.