-
(0)By : පොසිකා රණසිංහ
ඔකිගහරා – Okigahara
.” මම සෙලීනා. සෙලීනා ගෝමස්. එතකොට මිස්ටර්?”
” හෙලෝ.. මිස්ටර්..”
ඔහු සිටියේ වෙනත් කල්පනාවක ය. ඒ නිසා ඇය විමසූ දේ හරි හැටි ඇසුණේ නැත.
” අහ් සොරි.. සෙලී, සෙලීනා කිව්වා නේද? සෙලීනා මගෙන් මොකක් හරි ඇහුවද?”
“මිස්ටර්ගේ නම මොකද්ද ? ” ඇය මුවග රැඳි අඩ සිනහවෙන්ම ප්රශ්නය ඇසුවා ය.
“මම තිසල් හේවගේ. ඉතින් සෙලීනා ඔබව හමු වීම සතුටක්.
————————————-
“මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!.” එම අනතුරු ඇඟවීම කුමක් ද?Rs. 750.00Rs. 600.00 -
(0)By : පොසිකා රණසිංහ
ඇබ්නුක්ටා – Abnukta
‘එහි සිටියේ, රළු සළුවකින් සිරුර වසාගත් කාන්තාවකි.සුළඟ ප්රචණ්ඩ වූ බැවින් අර්ධ නග්න නාරි දේහයේ සළු පිළි සුළගෙහි නටන්නට වූයේ ගොදුරකට පනින්නට සැරසෙන සර්පයින් රොත්තක් සේය.ඔහු ඇය දෙස බැලුවේය.ඇගේ නෙතු ඔහුගේ නෙතු හා ගැටුණ පළවෙනි මොහොතේම විදුලි සැරයක් වැදුනාක් මෙන් හැඟිමකින් ඔහුගේ හිත සලිත වී ගියේය.”
Rs. 950.00Rs. 760.00 -
(0)
මීෂා
අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, “ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු “අට්ටාලමක්” තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.
ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.
මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව “වෙනම” පොතකි.
Rs. 980.00Rs. 784.00 -
(0)
අවිකාරයන්ගේ කවිකාර ලියවිලි
සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කතාකරයි. එසේම සිපිරිගෙය තුළද නේවාසිකාගාර තුළද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑතරම කුරුටු ගී ලියවී ඇත. තමුත් ඒ සියල්ල අතරේ අව් ගැටුණු යුද බිම තුළ ද එවැහිම කුරුටු ගී විශේෂයක් ලියවී තිබුණු බව යුද බිමෙහි අත්දැකීම ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනෙකු නොදනිති.මරණය අහඹුවක් නොවූ රණබිම තුළ සෑම ක්‍රියාකාරකමක්ම සිදුවූයේ රණවිරුවන්ගේ දහඩිය, කඳුළු, රුධිරය පිරි සංවේදී මැදිහත් වීම් මතින්ය. රුවන්ගේ සුසුමක උණුසුමත්, සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත්‍රයකින් හෝ පාඨක ඔබට දැනේ නම් මේ පොත වෙනුවෙන් මා ගත් උත්සාහය සාර්ථකය.Rs. 1,000.00Rs. 900.00 -
(0)
කොළඹ ප්‍රහාරය
ඔවුන් එකෙකුටවත් බසයෙන් පිටහට අඩියක්වත් තැබිමට හැකිවූයේ නැත, අඩි හයක් පමණ උස වූ පකිස්ථානුවෙක් මෙන් පැහැපත් ශරීරයන් තිබුනු මෙම මුස්ලිම් ජාතිකයා ඔහුගේ ඉණෙහි තිබුණු ඩේටනේටරය අතට ගෙන එහි ස්විචයට ඇගිල්ල තබා එය ඉහළට එසවූයේය. එය තමන්ගේ අවසානය යැයි දැනගත් මගීනු එකා පිට එකා වැටී එතැනම ගල් ගැසී නතර වූහ. ඔහු ස්විචය සියල්ලන්ටම පෙනෙන සේ ඉහළට ඔසවමින් අවසන් වරටක් “අල්ලාහු අක්බර්” යැයි හ
Rs. 1,300.00Rs. 1,040.00 -
(0)
ත්‍රිත්ව
“ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා”
“මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.”
ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.
“මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්.”
Rs. 1,400.00Rs. 1,120.00 -
(0)
අවි බිමක ගිනියම
තැන තැන බිම වැට ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්රයත්නය ගස්ලබ ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්ගි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලුතිනන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අවි රශ්මිය භට නිවාසයේ වහලය විනිවිවද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝප්රල් හීනප්පු සිතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.
Rs. 1,400.00Rs. 1,260.00 -
(0)
මොසාඩ් – Mossad
“ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරන මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමක් මාසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්,කඩාකප්පල් කිරිම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය,
Rs. 1,495.00Rs. 1,345.50 -
(0)
මරණය මැදින් මුලතිව් සිට
මේ අතර, මුලතිව් ඉහළ අහසේ හමුදා සාමාජිකයින් සොයා හෙලිකොප්ටර් යානා කැරකැවෙන්නට විය. වතුර ටැංකියේ සිටි සෑම අයෙකුම ඒ දෙස බලා සිටින්නට වූයේ බලාපොරොත්තු සහගතවය කෑගසන්නට හෝ අත වනන්නට ඒ තුළ කිසිදු ඉඩක් නොවූ තැන කපිතාන් පලිහවඩන තමා සතුව තිබූ කොම්පාසුව ගෙන එහි ඇති කන්නාඩිය හිරු එළියට නිරාවරණය වන ලෙස අල්ලා එමගින් හෙලිකොප්ටර් යානයට යම් පණිවිඩයක් ලබා දීමට උත්සුක විය. සෙසු සියලු දෙනාද නොඉවසිල්ලෙන් ඒ දෙස බලා හිඳින්නට වූ නමුත් හෙලිකොප්ටර් යානා එම සීමාවෙන් ඉවතට ඇදුනා මිස අන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වීය. ජීවත්වීමේ බලාපොරොත්තු යළිත් වරක් අතරමග කඩා වැටුණු සයක් ඔවුනට දැණින. අවාසනාව තවදුරටත් ඔවුන් අතැර නොගොස් තිබුණු සේයකි.මරුවා හඹා එද්දි ජිවිතය අත් නොහළ විරුවන් දස් දෙනෙකුගේ සත්‍ය කතාවRs. 1,500.00Rs. 1,350.00 -
(0)
7.1.90
එදා, ඔක්තෝබර් පළවෙනිදා, කවදාවත් නැතිව සමරගිරියේ පැවැති මේ බලවත් නිශ්ශබ්දය සිඳීගියේය. බන්දුල සමරජීවගේ බිරිඳ වූ රාධා විසින් යටිගිරියෙන් කළ භයානක කෑගැසීමක් හා විලාපයක් නිසා සමරගිරියේ සෙසු අය පමණක් නොව අවට ගෙවල්වල උදවියද, ඒ ඔක්තෝබර් පළවෙනිදා, යහනින් නැගිට්ටේ මහත් භීතියෙනි.
Rs. 1,600.00Rs. 1,440.00 -
(0)By : Melanie Golding
ලිට්ල් ඩාලින්ස් – Little Darlings
ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.
ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.
මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.
මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.
Rs. 1,700.00Rs. 1,530.00 -
(0)
බියුරෝ
ලොව බලවතුන් අප දෙස බලා සිටී.අපේ හැසිරීම්,කතාබහ,ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.ඒවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම ඒකකි. ඒසේ නැතිනම් ඔවුන්ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතු ය.
මැරෙනවානම් අපි ඔක්කොම ඒකට මැරෙමු…ඒය අපේ තීරණයයි.
Rs. 1,900.00Rs. 1,710.00