-
(0)
KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA
යං ගස්
අපේ ගෙදරත් කංසා ගස්වල
පල දරන මල් පිපෙනවා
දහස්පෙතියා අහිංසක ගස්
රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
හිපොප් රැප්වල සුවඳ අරගෙන
පෑන කොපුවක නිදනවාචින්තිලා ෆිල්ටිලා තවමත්
මිදුලෙ සක්මන් කරනවා
අනු අටකට බිව්ව ගල් එක
තුන් දාහ දැන් පයිනවා
Voice වල නම් පුංචි කෙල්ලෝ
මගේ සින්දුත් කියනවා
ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
බැණුම් අහ අහ නහිනවාRs. 600.00Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00. -
(0)
TOXIC ගර්භ විස (PRE ORDER)
කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..’Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,320.00Current price is: Rs. 1,320.00. -
(0)By : JACK HIGGINS
අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA
සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.
එබැවින්ම.
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00. -
(0)
අබ්දුල් වෙන්න කලින් – Abdul Wenna Kalin
අපිට පස්සෙන් පියාඹන උං
ආයෙ හිරවිය යුතුද කොටුවල
තටු කපපු දුක අපි වගේ උං
ආයෙමත් ලිය යුතුද පිටුවල
ගොරව ගොරවා බලං ඉන්නවා
තමයි වටේම අඳුරු කරුවල
එහෙව් විටකදි ගින්දරක් මිස
එලිය මදි දුර ඈත තරුවලRs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)
අමාවක හස – Amawaka hasa
ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”Rs. 2,100.00Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00. -
(0)
අවසන් සෙබළා- AWASAN SEBALA
පුෂ්ප කුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරී හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසු දින ඇරඹීමට නියමිතක්‍රියා න්විතයේ මුලින්ම පස් බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
“මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”
සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇති කළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරීන් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාර්ගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණ දෙන නිලධාරී දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙතදිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.
මෙවන් මොහොතක ඔහුගේ වම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරී තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙන නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක වම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.
එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරීන්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වන විට ක් රියා න්විතය අවස න්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. ස ට නෙහි ජයග්‍රහණය හ මුදා භ ට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙ ඩි බෙ හෙත් සුවඳ මුසු වූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රු ධි ර බිඳු ස ට නෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණ දෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතු යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්ප කුමාරගේ අ ස ම්පූ ර්ණ සි රු රු කො ටස් එහි විය. පෙරදා තමා සමග ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.Rs. 1,300.00Original price was: Rs. 1,300.00.Rs. 1,170.00Current price is: Rs. 1,170.00. -
(0)
අහංකාර කුමරි – AHANKARA KUMARI
රජු නපුරුය. ප්‍රචණ්ඩය. ඒ නිසාම ඩබ්රොස්කාවේ රධාක් රැජින, තම එකම දූ කුමරියව රැගෙන පැර්සියට පලා යන්නීය. පැරිසිය වටලෑමෙන් රැජිනටත්, ඉලෝනා කුමරියටත් අනන්ත දුක් විඳින්නට සිදුවෙයි. රැජින දුක්විඳිමින්ම මිය ගිය පසුව, පියරජතුමා කුමරියව ආපසු රටට කැඳවයි.
රජතුමාගේ අසාධාරණ පාලනය නිසා රටවැසියන් දෙපිල බෙදී සටන් කරන්නට සැරසී සිටින විටෙක, රුසියානුවන් රට යටත් කරගන්නට පැමිණෙයි. කළ හැක්කේ එකම දෙයකි… රජුගේ දූ කුමරියව සතුරු පාර්ශවයේ කුමාරයාට විවාහ කර දීමය…
කවදාවත් දැක නැති, නාඳුනන සාරෝස් කුමාරයාගේ අත ගන්නා මේ අහංකාර කුමරියට කුමක් සිදුවෙනු ඇතිද?
Rs. 1,100.00Original price was: Rs. 1,100.00.Rs. 880.00Current price is: Rs. 880.00. -
(0)
ඇසග හීනය – ESAGA HEENAYA
පොලීසිය තුළට යන විට තම ජිප් රථය තුළ සිටිය සංජනා අතුරුදහන්වීම රන්තුෂ්ව පුදුමයට පත් කරවන්න හේතුකාරක විය. රන්තුෂ් වහා සංජනා ජිප් රථය තුළ වාඩිවී සිටි පැත්තේ පැති දොර විවෘත කළේය. සංජනාගේ ඇඳුමේ තැවරී තිබූ මඩ මෙන්ම සංජනාගේ ඇගෙන් බේරුණු වතුරෙන් එම අසුන තෙත බරිත වි තිබුණි. එයට අමතරව අසුන මත ලේ බිංදු කිහිපයක්ද විය.
” අකලංක මේ බලපන් මචං, මං බොරුවක් නෙවී කියන්නෙ. තාමත් මේ සිට් එක තෙතයි. ලේත් හැලිලා, මඩත් තැවරිලා…”
” උඹ බොරු කියන්නෙ නැති බව මම දන්නවනෙ මචං, මෙතන අපි නොදන්න ලොකු සිරියස් කේස් එකක් තියෙනවා…… බණ්ඩාර ටක් ගාලා සර්ච් ටිම් එකක් දාලා මේ අවට ඉක්මණටම සර්ච් කරන්න…”
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00. -
(0)By : KEN MOGI - කෙන් මොගි
ඉකිගායි – IKIGAI (සතුටින් දිගුකල් ජිවත්වීමේ ජපන් රහස්
ජපන් භාෂාවෙන් ඉකිගායි’ වශයෙන් හඳුන්වනු ලබන ජිවිතයේ සතුට හා ජීවිතයේ අර්ථය ඔනො මැනවින් වටහා ගෙන ඇත. “ඉකි ” යන්නෙන් ජීවිතය ද “ගයි” යන්නෙන් හේතුකාරණය ද අදහස් කෙරේ. ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය හේතුකාරණය ඉකිගායි ” යන්නේ අර්ථය වෙයි. ජීවිතය පවත්නේ කුමකටද? ඒ කාරණා සියල්ලක්ම ඊට ඇතුළත් වෙයි. එය ජපන් සංස්කෘතියේ හරය වෙයි. එය ඔවුන්ගේ ජීවන පිළිවෙත
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 560.00Current price is: Rs. 560.00. -
(0)
ඉතින් මට සමාවෙන්න – Ithin Mata Samawenna
බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්නRs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)By : Dan Brown
උල්කාශ්මයේ අබිරහස – ULKASHMAYE ABIRAHASA
ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්‍රහණයක් බව ප්‍රකාශ කරයි. හේතුව එය නාසා ප්‍රතිපත්තිවලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය.
එම සොයාගැනීමේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්‍යාත්මක ප්‍රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩුදෙන දැවැන්ත රැවටීමකි.
නමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.Rs. 2,400.00Original price was: Rs. 2,400.00.Rs. 2,040.00Current price is: Rs. 2,040.00. -
(0)
ඒ දවස් හරි වෙනස් – E Dwas Hari Wenas
ඉස්සෙල්ලා ම ඔහුට ඇයගෙ හීනි ඇගිලි තුඩු වල ස්පර්ශය දැනෙන්න ගත්තා. ඒත් එක්ක ම ඇඟිලි වලින් පටං ගත්තඋණුසුමක් මුලු ඇඟ පුරාම පැතිරෙන විදිහ ඔහුට දැණුනා. ඇගේ අත සිනිඳු වුණා වගේ ම උණුසුම් වුණා. ඒක ඔහුට ඇති කරේ ගුලිවෙලා නිදා ගැනීමේ වුවමනාවක්.මූට මේ මොකක් ද වුණේ වගේ ලුක් එකක් එක්ක ඇය ඔහු දිහාවට හැරුණා. මුකුත් නොකියම ඔහුත් ඇය දිහා බලාගෙන ඉඳලා තිබුණා. තත්පර දහයක් විතර ඔවුන් එකිනෙකා දිහා බලාගෙන ඉද්දි, ඔහුට ඇත්තට ම හැම දේම හොඳින් සිද්ධ වෙයි කියලා දැනෙන්න පටං ගත්තා. ඒ වගේ ම හැමදේම හොඳින් සිද්ධ වේවි කියලා ඔහු විශ්වාස කරන්න පටං අරගෙන තිබුණා.ඒත් එක්කම කඳවුරේ කෙළවරකින් කවුදෝ කෑගහනවා ඇහුණා.” සිරිමල් අයියා වැටිලා…”Rs. 2,000.00Original price was: Rs. 2,000.00.Rs. 1,700.00Current price is: Rs. 1,700.00. -
(0)By : Anuhas Viduranga
ඒතං මංගල මුත්තමං – Ethan mangala muththaman
කවරක් වුවද මානවයාට සමහර ගති උරුමයෙන්ම ලැබුණ ඒවා කවර රටක ජීවත් වුව ද ජාති ආගම්, කුල හෝ සංස්කෘතීන් බව මගේ හැඟීමයි. කතන්දර ඇසීම සහ කතන්දර කීම ද එවැනි වූ ලොව පුරා මානවයා, මානව පැටවකුව සිටියදී සිටම ප්‍රිය කරන දෙයකි. ලොව කොයි දේ කෙසේ වෙතත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ සංස්කෘතියක් ලෙස ම පුංචි දා පටන් කතන්දර ඇසීමට සහ කතන්දර කීමට ප්‍රිය වෙති. මුතුබෙල්ලාගේ දුක්බර ජිවිත කතන්දරය, අප අතරින් සියයට අනුනවයක්ම අසන්නට ඇත්තේ තම තමන්ගේ ජීවිතවල පළමු දශකය තුළයි. මුතුබෙල්ලාගේ කටුව තුළට යන වැලි කැටයක් දිනෙක මිල අධිකම මුතු ඇටයක් බවට පත් වන තෙක් එම සත්ත්වයාගේ වේදනාවන් ගැන ශෝක වන අප මුතුබෙල්ලා විසින් වේදනා විද නිපදවන මුතු ඇට අප සන්තක කර ගැනීමට වෙර දරයි. එම මුතු බෙල්ලාගේ සෝබර ජීවිත කතන්දරයත් තවත් සිය ගණනක් කතන්දරත් රස විඳ ඇති අප, එම දුක්බර කතන්දර තුළ ඇති මහා බරසාර ජීවිත පාඩම් උගෙනීමට දැඩිව අපොහොසත් වී ඇත්තෙමු. මුතු බෙල්ලා යනු සොබා දහමේ අද්විතීය නිර්මාණයකි. සත්ත්වයාගේ වේදනාකාරි ජීවිතය තුළ නිපදවෙන මුතු ඇටය ද සොබා දහමේ ම අධි මිල නිෂ්පාදනයකි. මිනිසා ද සොබාදහමේ ම එතෙක් මෙතෙක් බිහි වූ අද්විතීය ම නිර්මාණය සේ සැලකෙයි. මුතු බෙල්ලාගේ ජීවිතය දෙස නිරීක්ෂණියව බලන් සිටීමෙන් රසවත් කතන්දරයක් නිර්මාණය කළේ. එය රස කරමින් කීවේ සහ කුතුහලයෙන් යුතුව අසා සිටියේ ද මිනිසා මය.
Rs. 650.00Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00. -
(0)
කා – KA
පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්යා ඇදහීම අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්යමය හාස්කම් සහ ඉන්ද්රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි.මෙහි දැක්වෙන චරිත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි.පුතුන් නොලද මහලු පාරාවෝගේ ඇවෑමෙන් ඊජිප්තු දේශය පාලනය කිරීමේ උරුමය ලද්දි නෙතර් තුවා දූ කුමරිය වූවාය. සුරූපී නෙතර් තුවා ඊට නොදෙවෙනි ව ප්රඥා සම්පන්න කුමරියක් ද වූවාය. පාරාවෝට සහ ඔහුගේ කිරුළ හිමි දූ කුමරියට ඔවුන්ගේ කිරුළ උදුරා ගැනීම සඳහා කුරිරු කුමන්ත්රණයක නිරත වෙමින් සිටි සතුරකුට මුහුණ දීමට සිදු වෙයි.පාරාවෝ පදවිය ලබා ගැනීම සඳහා එපරිද්දෙන් කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ඥාතියකු ද වූ අබී (Abi) කුමරා විසිනි. ඔහු එවකට පාරාවෝ අධිරාජයා යටතේ ‘ මෙම පීස්’ පුරයේ පාලනය භාර ව කටයුතු කළේය. මෙම්පීස් පුරයෙන් සෑහිමට නොපත් අබී කුමරාගේ එක ම සිහිනය වූයේ පාරාවෝ ඇවෑමෙන් ඊජිප්තු සිහසුන මත හිඳ ගැනීමය. එම අභිප්රාය ඉටු කර ගැනීම සඳහා ඔහුට උපදෙස් සපයමින් ඔහුට පුරෝහිතකම් කරන ලද්දේ කකු (Kuku) නම් ඉන්ද්රජාලිකයා විසිනි.මේ අතර නෙතර් තුවා කුමරිය ඇය ළමා වියේ පටන් ඇසුරු කළ යොවුන් තරුණ සොල්දාදුවකු වන රමෙස් (Rames) සමඟ ප්රේමයෙන් බැඳුණාය. එහෙත් පාරාවෝගේ පැතුම වූයේ සිය දූ කුමරිය සොල්දාදුවකුට නොව රජ කුමරෙකුට විවාහ කර දීම ය.එම ගැටුම් පෙළ නිම වන්නේ කෙබඳු ඉරණමකින් ද යන්න මෙම ප්රබන්ධය තුළ දිග හැරෙන්නේ කියවන්න තුළ කුතූහලය වඩවමිනි. බොහෝ උදුරු වලට මුහුණ දෙමින් නෙතරේ තුවා කුමරිය අබී කුමරුට සහ කකු නම් ඉන්ද්රජාලිකයාට එරෙහි සටන ජය ගන්නා ආකාරය පෞරාණික ග්රීක හා මිසර දේව පුරාණයේ වෙනත් සමාන කතන්දර වෙතට ඔබ කැඳවාගෙන යයි.Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 800.00Current price is: Rs. 800.00. -
(0)
කෙල්ල – Kella
අම්මෝ ඇති යාන්තම්… ගමේම ඕපේ හොයන රොසලින් නැන්දා දළදා මාළිගාවට ඇවිත්. මං ඇමේලියාගේ විස්තර කිව්වේ දැන් ගිහින් ගමටම කියනවා කියලා දන්න නිසාමයි. මන් කියන හැම දේටම ඇමේලියා හරි ලස්සනට හිනා වෙලා හිටියා. රොසලින් නැන්දා හිතුවේ මං මේ සුද්දි එක්ක පටළැවිලා කියලා……මී මැස්සෝ රොන් උරමින් සිටි ඕලු මල් පොකුරක් මන් එයාට අරන් දුන්නා. මල් පොකුරත් එක්ක මට එයාගේ පිංතූරයක් ගන්නම ඕන වුණා. හිතේ පොඩි බයකුත් තිබුණා හැබැයි මන් ඇහුවා.
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00. -
(0)
ක්ලියෝපැට්රා එයා තමයි රැජින – Cleopatra Eya Thamai
ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා.
එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ, සීතල පොළොව. භාෂා තුනකින් කැටයම්කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.
අහා මේන්න ඉන්නවා අපේ පාරාවෝගේ දූ කුමරිය.”
ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉදන්ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,280.00Current price is: Rs. 1,280.00.
-
අමාවක හස – Amawaka hasa
Original price was: Rs. 2,100.00.Rs. 1,680.00Current price is: Rs. 1,680.00.ඉතින් දකින්න ඕන කරපු දේ… මං ඇස් ඇරපු වෙලේඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙනහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈතබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ….මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිතිවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකටආසාවෙන් හිර වෙලා.“මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්දඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට… මං අඬන්නදහිනාවෙන් පවිත්ර?”“ඒ දෙකම එපා”“එහෙනම්?”“මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”















