• -10%
    (0)

    රන් දෝණි – Ran Doni

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    2019 දී බලහත්කාරයෙන් කාන්තාවන් වඳභාවයට පත් කළ බවට බොරු චෝදනා එල්ල වූ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ දියණියගේ කතාව පවසන “රන් දෝනි” පොත අඟහරුවාදා (30) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.

    ප්‍රවීණ මාධ්‍යවේදී සුරංග සේනානායක විසින් රචිත මෙම පොත, එම දුෂ්කර කාලය තුළ සහ ඉන් පසුව වෛද්‍ය ෂාෆිගේ පවුල මුහුණ දුන් අභියෝග විස්තර කරයි.

  • -20%
    (0)

    රමණාවෙශය – Ramanaveshaya

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.
    සැන් ප්රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප්රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කු # රීරු ඝා ත නය පිළිබඳ විමර්ශන කටයුතු වල නියැලෙන රහස් පරීක්ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව්යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය.
    ජොනී බස්ගේ ඝා ත නය සුරූපී කෝටිපතිනියක් වන ජනප්රිය ලේඛිකා කැත්රින් ට්රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණා වේශයේ ප්රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානර්ගේ අදෘශ්යමාන රංගනයක පිළිබිඹුවක්ද?
    අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත්රාසයේ උපරිම ප්රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?
  • -20%
    (0)

    රහස් පරික්ශක හාමුදුරුවෝ – RAHAS PARIKSHAKA HAMUDURUWO

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
    මට උන්වහන්සේව හමු වූවේ ඉතාමත් අහඹු ආකාරයෙනි. එසේ හමු නොවූවා නම් වසර තිහකට පසුවුව ද මේ කතා මාලාව ඔබ හමුවෙහි තැබීමට මා හට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසාම උන්වහන්සේව මුණගැස් වූ මාගේ දෛවය. ඉරණම හෝ ඔබ පවසන්නා වූ ඒ ඕනෑම ජීවිතයේ අනපේක්ෂිත දායාදයකට’ මම බොහෝ සෙයින් කෘතඥ පූර්වක වෙමි.
    හරියට ම, මීට වසර තිස් හතරකට පෙරාතුව එනම් 1990 වර්ෂයේ දී මම අම්පාර නගරයේ පදියතලාව නමින් හැඳින් වූ කුඩා ගමක පිහිටි පොලිස් ස්ථානයකට පත්වීමක් ලැබුවෙමි. එය සිදු වූවේ මේ ආකාරයෙනි.
    මා පොලිස් වෘත්තියට ඇතුළත් වූයේ සැලකිය යුතු අධ්යාපන සුදුසුකමක් නොමැති තරුණ කොස්තාපල්වරයෙකු ලෙස යි. මගේ මුල් ම රැකියා ස්ථානය වූයේ මඩකලපුව දිස්ත්රික්කයේ පිහිටි එරාවුර් පොලිස් ස්ථානය යි. එය 80 දශකයේ අග කාල වකවානුව වූ බැවින් යාපනය නගරයේ එල්.ටී.ටී.ඊ. ක්රියාන්විත දරුණු වෙමින්, ත්රස්තවාදීන් යුධ සේනාංක සමග දරුණුවට සටන් ඇවිළෙමින් තිබුණු කාලවකවානුවක් විය.
    මට නිසි අධ්යාපන සුදුසුකමක් නොතිබුණත් මම නිර්භීත කෙනෙක් වූ වෙමි. පොලිස් වෘත්තියට ඇතුල් වෙද්දිත් මාගේ සම වයසේ අයවළුන්නට වඩා හැඩි දැඩි සිරුරකින් ද, ශක්තිමත් බාහු සහ උස ශරීරයකින් ද යුක්ත වූ මා එකල මඩකලපුව එරාවුර් පොලිස් ස්ථානයේ සේවය කළ ශක්තිමත් ම සහ නිර්භීත ම පොලිස් නිලධාරියා ලෙස හැඳින්වීමේ වරදක් නැත.
  • -20%
    (0)

    ලක්ෂි – Lakshi

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
    පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
    මගේ මේ ආදරය…
    සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
    ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
    “ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
    මහා රෑ පිපිලා
    මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
    මං මතක් කරා ලක්ෂි
    කඩා හැලෙන සේපාලිකා මල්
    කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
    හරියට මගේ ආදරේ වගේ
    ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
    ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…

    මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…

    – වරුන් –

  • -20%
    (0)

    වසරේ CEO – Wasare CEO

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
    සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ
    සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳහා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනතල් මේ සටතේ බර දැනෙනවා සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉතුm හොඳින් උපයලා හැමදෙම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකීර්ම් තියෙනවා එත් අතහරින්න බැහැ සටන් විරාම නැ
    අපිට ලැබුනු දෙවල්වලට වඩා නොදැබුණු දෙවල් වැඩියි. අපි විඳුසු දේවල්වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් වඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දෙවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉමගේ කෙලවරටම බඩගාන්න
    ලොකු වැටුපක් ගන්නම නෙමෙයි හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ ජීවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ “මම එකට සුදුසුයි’ කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු සිය තිනෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න
  • -10%
    (0)

    වැහි පීල්ලක අතරමංව – Vehi Pillaka Ataramanwa

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.

    අපි හිටියෙ තෙල් පෝලිමක.
    බයිසිකලේ පෝලිමේ නතර කරලා, මං හිටියෙ තාප්ප හෙවණැලි මුවාවක. බයිසිකල් පෝලිමේ අපිට ඉස්සරහින් බයිසිකලයක් සක්ක ගහන්න ආපු කලිසම් ඇඳ ගත්තු මහත්තයෙක් හූ හඬ මැද්දෙම බයිසිකලේ තල්ලු කරගෙන පිටිපස්සට ගියා. මිනිහ පිට ගමක කෙනෙක්. මේ ගමේම කෙනෙක් උනා නම් කුණුහරුප දෙකක් කියලා කොහොම හරි පෝලිමේ ඉස්සරහට බයිසිකලේ රිංගව ගන්නවා.
    ඒ වෙද්දි වෙලාව හවස දෙක විතර වෙන්න ඇති. ඉර බැහැගෙන යන්න පටන් අරගෙන තිබුණත් ගිනි කාෂ්ඨක අව්ව. පාරෙ තාරත් උණු වෙනවද මන්දා. ඒ අස්සෙ නැගෙනහිර අහසින් වැහි වලාකුළුත් අහසෙ මෝදු වෙන්න පටන් අරන්.

  • -20%
    (0)

    විද්‍යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් – VIDYAWE SAHA MINIS MOLAYE ABIRAHAS

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 880.00.

    විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටත් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ්‍යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද?

  • -20%
    (0)

    විල මැද සටන – vila Mada Satana

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.

    ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, ‘මගියා’ යන ආරූඩ නාමයෙනි.
    ” මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ.” – මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. “උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.’
    ” මිනිහ හොඳටම වෙව්ලනවා.” මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය.
    ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ
    ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය.

    “දැන්මම නැංගුරම් උස්සමු.” ත්‍රේනර් රළු හඬකින් කීවේය…

  • -20%
    (0)

    ශාපලත් පැපිරසය Shapalath Pepiras

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,400.00.

    සමහර පුරාවිද්‍යාඥයින් විසින් ඇලඩින්ගේ ගුහාව ලෙස නම් කරන ලද කයිරෝ කෞතුකාගාරය තුළ ඇබොට් පැකෝමාස් අමුතු පණක් ලද්දකු සේ ඇවිදිනු පෙනුණි.
    එහි රැස්කොට තිබූ ඇදහිය නොහැකි තරම් ප්‍රමාණයක් වූ අතිශයින්ම වටිනා විශිෂ්ට කලා කෘති අසල, ඔහුට අළුත් ශක්තියක් ඉපදී තිබුණේය. හරියටම ඔහුට එම රාජ්‍යයේ අමරණීයත්වයට පත්වන ආත්මයන් සමග ස්වභාවිකව කතා කළ හැකි කලෙක මෙනි.
    ඇබොට්, ටූටන්කාමන් සොහොන් ගෙයින් ලබාගත් නොගිණිය හැකි තරම් වූ මිල කළ නොහැකි වස්තුව තැන්පත් කර තිබූ ස්ථානයට මාර්ක් රැගෙන ගියේය. මාර්ක් වෙවුලා ගියේය. තමා දුටු දෙයින් ගල් ගැසී, හුස්ම පවා නතර වුණ මාර්ක්; කුඩා රන්වන් දෙව් මැදුරු, රන් ආලේපිත ලීයෙන් කළ ඇඳන්, පිළිම. ලොකු පෙට්ටි, ඔටුනු සහ ආභරණ දෙස බලා සිටින්නට විය. ඇදහිය නොහැකි අන්දමේ ජීවී බවක් විද්‍යාමාන කෙරෙන රන්වන් වෙස් මුහුණ දෙස බලන ඔහුගේ ගත හිරිවැටී අප්‍රාණිකව ගියේය. දිව ගොළු වී උගුර සිර වූ ඔහු බිම ඇද නොවැටුණා පමණි.

  • -10%
    (0)

    සංචරණී – Sancharanee

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.

    දන්නවද, මේ ලෝකෙ තියෙන ලස්සනම අකුරු තුන ආදරේලු….

    ඒත්… ඔයා දන්නවද

    ඒ අකුරු තුනට වඩා ලස්සන දේවල් තව කොච්චර ලෝකෙ තියෙනවද කියලා?

    ඒවා දකින්න හැමෝටම බැහැ.

    හැබැයි දන්නවද,

    ඒ ලස්සන ගැවුණ ගෑවුණ හැම තැනකම ආදරෙත් මුහු වෙලා තියෙනවා.

    අන්න ඒකයි ආදරේ හරි ලස්සනයි කියන්නෙ.

    ලස්සන තැන්වල ආදරේ රැඳෙනවා…

    ආදරේ ඇතුළෙ ලස්සන දකිනවා…

    අන්න ඒකයි අකුරු තුනකට පණ දෙන රහස !

  • -10%
    (0)

    සදහස[දමරඣ 2] – Sandahasa

    Original price was: Rs. 2,200.00.Current price is: Rs. 1,980.00.

    බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.

  • -20%
    (0)

    සඳුගෙ දියණිය- Sanduge Diyaniya

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.
    සඳ මත සිදු වූ බිහිසුණු අභ්යවකාශ යුද්ධයෙන්නූ ලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක…’
    ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා…’
    කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ,
    සුරූපී වන රැජින ‘ෂර්මේන්…’
    ප්රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්…’ ජීවකයෙකු බඳු වූ ප්රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්…’
    මේ සියලු දෙනාටම ඉහළින් ක්රියාකාරී වූ බලසම්පන්න ‘අයොනියන් දෙවියන්…’
    ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය…!’
  • -20%
    (0)

    හූ ඒට් මයි ඇපල් – Who ate my apple

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    අල්පොන්සු දවස් කීපයක පටන් ඔහුගේ ඇස අග්ගිස්සෙහි මතුව තිබූ ගෙඩියක් හේතුවෙන් හටගත් වේදනාව දැනෙමින් ඔහුගේ හිස කෙළින් අතට හරවා ගනිමින් වේදනාව මග හරවා ගැනීමට උත්සාහ කරමින්, වේදනාව දැනෙන කොටස අතින් අතගාමින් ගෙඩිය ලොකු වී ඇත්දැයි බලමින් සෙමින් සෙමින් නින්දෙන් අවදි විය. අවදි වී විනාඩි කීපයක් එලෙසම එකම ඉරියව්වෙන් ඉඳ පසුව ඇඳෙන් බැස බිත්ති ඔරලෝසුව දෙස බැලූ අල්පොන්සු, ඔහු වැඩට යාම සඳහා සාමාන්‍යයෙන් අවදි වන වෙලාව පසු වී විනාඩි විස්සක් පමණ ගත වී ඇති බව දැක කලබල වී තම දුරකථනයේ සීනුව නොඇසුණේ ඇයිදැයි පරික්ශා කිරීමට ඇඳ අසල වූ කුඩා පෝටිකෝව මත වූ දුරකථනය අතට ගත් විට එය ක්‍රියා විරහිත වී ඇති බව දැක වහාම චාජරය ගෙන මේසය අසල වූ ස්විචයට සම්බන්ධ කොට රාක්කයේ වූ තුවාය ගෙන කල බලයෙන් වැසිකිළිය දෙසට ගමන් කිරීම සඳහා සිය කාමරයේ දොර විවර කළේය. අල්පොන්සු වැසිකිළිය දෙසට ඇවිද යමින් වෙනදා කුස්සිය දෙසින් සාලයට වැටෙනා ආලෝකය නොවීම පිළිබඳව ආතතියෙන් සිය මවද අද තවම අවදී වී නැති බවත්,