• -20%
    (0)

    ගජගා – GAJAGA

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    “උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
    “ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”
    “උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”
    “ගෑ 4නි# යෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ
    පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්…
    ඔය හුඟක් ගෑ@ නු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ
    මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා…
    මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්…
    මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක
    ජීවිතේ ගොඩ දාගන්න.”
    “ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා
    පුරුදු වෙච්චි ගෑ& නි@යෙකුට තනියම ජීවත් වෙන එක
    ටිකක් අමාරුයි.”
    “මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”
    “කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.”
    “එහෙනං.?”
    “උඹ ඒක හිතා ගනින්.”

  • -10%
    (0)

    ගණිත විනෝදය- Ganitha Vinodaya

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    ” අද උදේ මම ලේනෙක් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කළා ” විවේකාගාරයේ උදේ තේ පානය සඳහා වාඩි වු විවේකාලාභීන්ගෙන් එකෙක් පැවසීය. ” මේ ළඟ කැලේ තියෙන රවුම් එළිමහත් පිට්ටනිය දන්නවද? ඒ පිට්ටනිය මැද එකම ගහයි තියෙන්නේ. ලේනා හැංගුනේ ඒ ගහ පිටිපස්සේ. කැලේ සිට පිට්ටනියට එනකොටම මම දැක්කා ලේනා ගහේ කඳ පිටිපස්සේ සිට උගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන ඉන්නවා. මම දැක්කේ උගේ මුහුණ විතරයි. ලේනා හොඳ හැටි බලාග. න්න මම ඌට කිට්ටු නොවී පිට්ටනිය අයින දිගේ ගහ වටේට ගියා. හතර වතාවක්ම මම ගහ වටේ ගියා. මම දැක්කේ ලේනාගේ මුහුණ විතරයි. කොහොමටත් මට ලේනා වටේ යන්ට බැරි වුණා.” ” එහෙත් ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා ” තේ මේසයට වාඩි වී සිටි එකෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ” ගහ වටේ මිස ලේනා වටේ නොවෙයි.” “ලේනා හිටියේ ඒ ගහේ? ” ” ඉතින් ?” ” ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරැකුණා.” ” හොඳයි කැරැකුණා ! ලේනාගේ පිට එකවතාවක්වත් දැක්කේ නැහැ.'” ” පිට මොනවටද? ලේනා හිටියේ මැද. ඔබ වටේට කැරැකුණා. ඒ කියන්නේ ඔබ ලේනා වටෙත් කැරැකුණා.” ” කොහොමටත් එහෙම නොවෙයි. මම ඔබ වටේ යනවා කියලා හිතන්න. ඔබත් හැම වේලාවේම මට මූණ පා ඉන්නවා. ඔබේ පිට මට පෙනෙන්නේ නැහැ. ඔබ හිතන්නේ මම ඔබ වටේ කැරැකුණා කියලද? ” ” ඇත්ත වශයෙන්ම එහෙම තමා. වෙන කොහොමද? ” ” එක වතාවක්වත් ඔබේ පිට පැත්තට යන්නේ නැති නම්, ඔබේ පිට දකින්නේ නැති නම්, මම ඔබ වටේ කරකැවෙනවාද? ” ” පිටේ තේරුමක් නැහැ ! ඔබ මා වටේ රවුමක් කරකැවිලා හිටපු තැන – ටම ආවා. ඒ නිසයි ඔබ මා වටේ කරකැවුණා කියන්නේ. මගේ පිට දැකීම නොවෙයි.” ” ඒ කොහොමද ? වස්තුවක් වටේ කරකැවෙනවා කීමේ තේරුම කුමක්ද? මා හිතන හැටියට එයට එකම තේරුමයි දෙන්න පුළුවන්: එනම් වස්තුව සෑම දිසාවකින්ම බලාගත හැකි වන සේ අනුක්‍රමයෙන් එය වටා යෑමයි. සත්‍යය එය නෙවද මහාචාර්ය තුමා ” වාද කරන්නා තේ මේසයට වාඩි වී සිටි මහල්ලෙකුගෙන් විතාළේය. ” වාදය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් වචන පිළිබඳවයි ” විද්‍යාඥයා පිළිතුරු දුන්නේය. ” මේ වගේ අවස්ථා වලදී මුල සිටම පටන්ගත යුතුයි: අපි වචන වල අර්ථය ගැන එකඟත්වයකට පැමිණිය යුතුයි. ” වස්තුවක් 15

  • -20%
    (0)

    ගාසා තීරයේ ජන ඝානනය – Gasa Thiraye Jana Gathanaya

    Original price was: Rs. 960.00.Current price is: Rs. 768.00.

    ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පළිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.

  • -20%
    (0)

    ගිනි – GINI

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.

    රෑට තාත්තාත් මාත් නිදා ගන්නේ ගුහාවේ දොරකඩය. ඒ, වන සතුන් ගුහාවට රිංගීම වැළැක්වීමටය. අම්මා නංගිලා සමග ඇතුළේ මුවහම මත නිදා ගත්තාය.
    ” මගෙත් ඇඟ ටිකක් සීත කරනවා වගේ හුළං වදින කොට අමාරුයි.” තාත්තා කීවේය.
    මම ඔහුගේ ඇඟට අත තබා බැලුවෙමි. ඔහුට ද උණ ගැනී තිබිණි. අව්වේ වෙහෙසීමෙන් පසුව ඔහු මාළු ඇල්ලීමට බොහෝ වේලා වතුරේ සිටියේය.
    ” තාත්තා ඇතුළට ගිහින් නිදාගන්න. මම මෙතන ඉන්නම් “

  • -20%
    (0)

    ගුප්ත දඩබිම – GUPTHA DADABIMA

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.

    මෙනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකයෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා… ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.

  • -10%
    (0)

    ගේට්ටුව ළඟ නතර කළ රථය – GETTUWA LAGA NATARA KALA RATAYA

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    අප ජීවත් වන්නේ කෙටිකතාවලින් පිරුණු ලෝකයක යැයි, මෙහි කතුවරයා, තම පෙරවදනෙහි ලා සඳහන් කරයි. වසර දහයකට ආසන්න කාලයක් පුරා, ඒ අතරින් තෝරා ගත් කතා දහයකින් ඔහු අපට සංග්‍රහ කර ඇත. ඒ අතර විවිධ අධ්‍යයන රටා දක්නට ඇති අතර, ඇතැම් කතා තුළ, ඔහු මීට පෙර පළ කළ කෙටිකතා කෘති පහේදී මෙන්ම, අතිසත්වාදී ශෛලියද භාවිත වෙයි. සමකාලීන මනුෂ්‍යයා, පෙළෙන සාංකාව, හුදෙකලාව, අපේක්ෂා භංගත්වය. මෙම කතා පෙළෙහි සියුම් හුයක් සේ දිව යනු පෙනේ. කතුවරයා ඉන්, පාඨක සිත් සසල කරවන නමුදු, අවසානයේ උපදවනුයේ ජිවිතාවබෝධය හා මානව භක්තියයි.

  • -10%
    (0)

    ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය- JATHIWADAYA EVISSU GARBHASHA YUDDHAYA

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.

    ඕනෑම බොරුවක සැබෑව කිනම් දවසක හෝ හෙළිදරව් වීම නොවැළැක්විය හැක්කකි. බොරුවක් නිරන්තරයෙන් රැක ගැනීමට කරනු ලබන උත්සාහයද, රබර් බෝලයක් අතින් දිය යට සඟවා තැබීමට කරනු ලබන උත්සාහයකට දෙවෙනි නොවේ.

    කුරුණෑගල රෝහලේ ප්‍රව හා නාරිවේද අංශයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සේගු ෂියාදීන් ෂාෆි විසින් ‘ මව්වරුන්ට සිදු කරනු ලබන සිසේරියන් සැත්කම්වලදී, සැත්කමට බඳුන් වෙන කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන්නේය’ යන චෝදනාව ආරම්භ වූයේ කුරුණෑගල රෝහලෙනි.

    පසුව මෙයට ශ්‍රී ලංකා පොලිසිය ද එක් වූයේය. දිනපතා ‘දිවයින’ පුවත්පත ඔස්සේ මේ ව්‍යාජ සිද්ධිය පළ කරන ලද්දේ මැනවින් පලිප්පු දමමිනි.

    මේ සමගම දේශපාලනඥයන් වන විමල් වීරවංශ මහතා හා අතුරලියේ රතන වැනි ආගම්වාදී භික්ෂූන්ද එකී ගින්නට පිදුරු දමමින්, එය ‘ගර්භාෂ යුද්ධයක්’ බව පැවසූහ. මෙම තොරතුරෙන් සිංහල ජාතිය කළඹවන්නට කැස කැවුවත්, කුමක් හෝ හේතුවක් නිසා එය ඔවුනට කර ගැනීමට නොහැකි විය.

    මෙම සිද්ධියේදී ඇතැම් පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය ඊට උඩගෙඩි දීම කනගාටුවට කරුණකි.
    (කර්තෘගේ සටහන)

  • -10%
    (0)

    දිස්පරයු – Disparue

    Original price was: Rs. 1,750.00.Current price is: Rs. 1,575.00.

    ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු  12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……

    2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
    තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
    තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද?

  • -20%
    (0)

    නිල් නිවුන්නු – Nil Niwunnu

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    තමන් මොන එකකට එක් නිවුන් දැරීයක් තියාගත්තාද?
    දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරීයගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
    ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. චම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැ රී යත් සම ගම මු හු දු ප ත්ල සිප ගන්නවා ඇත.වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි.
    ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.

  • -20%
    (0)

    නොහදුනන ලින්කන් Nohadunana Lincoln – Lincoln the unknown

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,320.00.

    එදවස හැඩ්ස්බර්ග් හඳුන්වනු ලැබූවේ, හැරඩ්ෆෝට් යන නමිනි. ඈන් මැක්ගිනිටි එහි වාසය කළ කාන්තාවකි. පැරැණි ඉතිහාසඥයන්ගේ වාර්තා වලට අනුව පළමු වරට රෙදි විවීමේ යන්ත්‍රයක්, තාරාවුන් සහ ඌරන්, කෙන්ටකී ප්‍රාන්තයට ගෙන ආවේ ඈන් සහ ඇගේ සැමියා බව ය. අඳුරු රමණීය වනගත පෙදෙසක් වූ එහි බටර් සැදීමට දත් එක ම කාන්තාව ඈන් බව ඉතිහාසඥයෝ වැඩි දුරටත් පවසති. එහෙත් ඇත්ත වශයෙන් ම ඇය ආර්ථිකව ශක්තිමත් වූයේ, රෙදිවලින් ප්‍රාතිහාර්යයන් පෑම නිසා ය. ගුප්ත ඉන්දියානු රටවල්වල වැවෙන කපු එහි නොවැවෙන අතර, ගෙන්වීම ද නොකරයි. ලී ඉරන්නෝ, බැටළුවන් මරා දමති. මරා දමන ලද බැටළුවන්ගේ ලෝම වලට අමතර ව කිසිවක් ඇඳුම් මැසීම සඳහා සොයා ගැනීම අසීරු වේ. නිර්මාණාත්මක සුහුරු බවක් ඇති ඈන් මැගිනිටි, නූල් කටින්නට සොයාගත් අතර, එමඟින් මැගිනිටි රෙදි නිමැවුවා ය. මේ රෙදි නිපදවීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යයන් වන මිහරකුන්ගේ කෙඳි සහ ගසකින් ගනු ලැබූ තුනි කෙඳි බහුල සහ ලාබ විය. එය අපූරු සොයාගැනීමකි. සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවා, ඇගේ දැව පැලට පැමිණි ගැහැනු මේ නව කලාව උගත්තෝ ය. රෙදි වියන අතරතුර, ආගිය තොරතුරු කථා කළෝ ය. ඔවුහු. නිතරම ගස් කෙඳි හෝ මීමුන්ගේ ලෝම ගැන කථා නොකළහ. නිරන්තරව ඔවුන්ගේ සංවාදන්, ඕපාදුපයන් බවට හැරුණි. ප්‍රජාවේ තොරතුරු සන්නිවේදනය වන ඕපාදූප පතුරුවන මධ්‍යස්ථානයක් බවට, ඈන් මැක්ගිනිටිගේ දැව ගෘහය පත් විය.

  • -20%
    (0)

    පටු මඟෙහි කුඩා නිවහන – PATU MAGEHI KUDA NIWAHAN

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.

    අම්මාත්. මමාත්, චාලට් හා ලිඩියාත් සාමාන්‍ය ගමනට බිමනට පලඳින හිස් වැසුම් සහ උණුසුම් ලොම් කබා ඇඳගෙන පිටත මඩුව හරහා එළි මහනට ඇවිද එන විට ටයිඩ්මිල් පටු මඟෙහි පිහිටි නිවහන කළුවර වෙලා ගනිමින් පැවතිණි. අම්මාගේ එක් අතක රැදුණු පයි බඳුනක් සහිත කුඩයකි. අළු පැහැ කබායක් ඇඟ වටා දවටනු ලැබූ බිලිඳිය, මෙරි, අම්මාගේ ඇකයෙහි උණුහුම්ව සිටියාය. වෙනදා මෙන් ඇය නලියමින් බිමට බසින්නට තැත් කළේ නැත. ඇගේ සිඟිති මුහුණ සැප පහසු ලොම් ඇඳුමෙහි නැමුම් අතරින් එබී බලමින් තිබිණි. චාලට් සහ ලිඩියා ගෙල ළඟට යනතුරු කබා තද කර ගත්හ. සීත සුළඟක් හැමුවේය. අහුමුළු වලින් රිංගා ආ. ඒකාකාරව හැමූ තුනී සුළං රැළි චාලට්ගේ කනට කොදුරන්නට විය. සරත් සමය ඇවිත් එය කීවේ ය. සිත කාලෙත් ළඟම ඒවි.

    තාත්තා සහ පිරිමි ළමයි එවිටම පිදුරු මඩුවේ සිට පිටතට ආහ. තාත්තා අත තිබූ ලත්තෑරුමේ එළියෙන් ඔවුන්ගේ රත් පැහැ ගැන්වුණු නැහැයවල් සහ කන් චාලට්ට පෙනිණ. ඇගේ සහෝදරයන් දෙදෙනා, ලුයිස් සහ ටොම් අත්වලට පිඹිමින් ඒවා එකිනෙක අතුල්ලමින් සිටිති.

  • -10%
    (0)

    පුංචි පහේ අම්මලාට – PUNCHI PAHE AMMALATA

    Original price was: Rs. 650.00.Current price is: Rs. 585.00.

    1979 එක සීතල උදෑසනක, “ලොක්කේ…” අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි.
    අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි.
    අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට
    අලුත් කළු සපත්තු එක්ව තිබුණි.
    වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි.
    ” හොඳට ලියන්ට ඈ…… ඔයාට පුළුවන්….”
    අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු
    නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි.
    විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත.
    ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි.
    ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!

  • -20%
    (0)

    බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි ( Pre Order)

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.
    කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.
    “බෲශ්…” ගාලා
    නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක
    අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට
    ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා
    පොඩි මෑන්ගෙන්,

    බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ
    වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන
    ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ
    එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක
    බල බලා හිනා වෙවී යනවා
    කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා

    “චාච්චා…”
    කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ
    මුළ බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා
    ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ
    මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත්
    එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා
    ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න
    හිතුණා ප්‍රෙන්ස්…

  • -20%
    (0)

    භූතෝන්මාදය සහ තවත් අද්භූත කතා

    Original price was: Rs. 890.00.Current price is: Rs. 712.00.
    භූතෝන්මාදය
    හිස සුන් මළකඳු අතවනයි!
    මඟ පෙන්වන්නා
    අසුබ තෙර නිමිනි
    ගොළුමඩමේ අබිරහස
    සෙලවෙන මනස
    අන්හළ නොහැකි බැඳීම්
  • -10%
    (0)

    මගේ ආදර අවනඩුව – Mage aadara awanaduwa

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 1,080.00.

    මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.

    මේ මගේ ආදර අවනඩුව !

  • -20%
    (0)

    යක්ෂයා අපාගත වෙයි – YAKSHAYA APAGATHA WEI

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    රසල් සහ ඩැල්රින් ඉන්ග්‍රම් අඹුසැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් භාරකාරවරයා ව්සින් රැකියා ලබාදී, වාසය සඳහා නිවසද ලබා දෙයි. එහි මුලින් හැඟුනේ එය වෙත පැමිණි ආශිර්වාදයක් විලසිනි. යම් දෙයක් කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ, එසේම මාරාන්තික රෝගයකටය. ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.

    පුරුද්දට මිණි මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. නියමිත මරණයට පත්වන්නේ භාරකරුගේම බිරිඳ. මේ සියල්ල පවතින ප්රසිද්ධ නිවසක් තුළ තිබේ. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවූයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සිතාගත නොහැකි වීම, යම් දෙයක් නොතිබූ අලුත් පන්නයකට නොවේද?