-
(0)
ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය- JATHIWADAYA EVISSU GARBHASHA YUDDHAYA
ඕනෑම බොරුවක සැබෑව කිනම් දවසක හෝ හෙළිදරව් වීම නොවැළැක්විය හැක්කකි. බොරුවක් නිරන්තරයෙන් රැක ගැනීමට කරනු ලබන උත්සාහයද, රබර් බෝලයක් අතින් දිය යට සඟවා තැබීමට කරනු ලබන උත්සාහයකට දෙවෙනි නොවේ.
කුරුණෑගල රෝහලේ ප්‍රව හා නාරිවේද අංශයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සේගු ෂියාදීන් ෂාෆි විසින් ‘ මව්වරුන්ට සිදු කරනු ලබන සිසේරියන් සැත්කම්වලදී, සැත්කමට බඳුන් වෙන කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන්නේය’ යන චෝදනාව ආරම්භ වූයේ කුරුණෑගල රෝහලෙනි.
පසුව මෙයට ශ්‍රී ලංකා පොලිසිය ද එක් වූයේය. දිනපතා ‘දිවයින’ පුවත්පත ඔස්සේ මේ ව්‍යාජ සිද්ධිය පළ කරන ලද්දේ මැනවින් පලිප්පු දමමිනි.
මේ සමගම දේශපාලනඥයන් වන විමල් වීරවංශ මහතා හා අතුරලියේ රතන වැනි ආගම්වාදී භික්ෂූන්ද එකී ගින්නට පිදුරු දමමින්, එය ‘ගර්භාෂ යුද්ධයක්’ බව පැවසූහ. මෙම තොරතුරෙන් සිංහල ජාතිය කළඹවන්නට කැස කැවුවත්, කුමක් හෝ හේතුවක් නිසා එය ඔවුනට කර ගැනීමට නොහැකි විය.
මෙම සිද්ධියේදී ඇතැම් පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය ඊට උඩගෙඩි දීම කනගාටුවට කරුණකි.
(කර්තෘගේ සටහන)Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00. -
(0)
එළියකන්ද වධ කඳවුර – Aliyakandha Wada Kadhaura
1990 දී රට හැර දා ගියාට පසු මා නැවත මව් බිමට පැමිණියේ 2001 දී පුරා වසර 10 කට පසුවය. යම් අවිනිශ්චිත හැඟුම් සමුදායක් හදවතේ පොර කද්දී වුව මව්ව්බිමට ගිය වහාම මා යායුතු ගමන් දෙකක් ගැන මට සෑම තත්පරයක දීම සිහි විය. පළමුවැන්න අම්මා නිදන සොහොනට ගොස් මල් මිටක් පුදා දණ ගසා වැඳීමය. දෙවැන්න මා දරුණු ව ධ යට ලක්වූ එළියකන්ද ව ධ කඳවුර ‘ පිහිටි ප්රදේශය දැකබලා ගැනීමය.මව් බිමට ගිය දිනට පසුවදාම අම්මාගේ සොහොනට ගිය මම අවසන් වරට ඇයගේ දෙපා වැඳීමටවත් වරම් නොලද අවාසනාවන්ත පුතුට සමාව දෙන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ හොඳ අම්මා, පෙරදී කළාක් මෙන්ම ඇයගේ මුරණ්ඩු, හිතුවක්කාර පුතුට සමාව දෙන්නට ඇත.ඉන්පසුව මගේ ඉලක්කය වූයේ එළියකන්ද ව ධ කඳවුර සොයා යාමය. එහෙත් එළියකන්ද ව ධ කඳවුරෙහි මා රඳවා සිටි මුළු කාලයේදීම මගේ දෙනෙත වසා රෙදිකඩක් බැඳ තිබුණෙන් එය පිහිටි ස්ථානය ගැන මම කිසිත් දැන නොසිටියෙමි. දෛවයෝගයකින් මෙන් මට සුදු මල්ලී’ (ආරූඪ නමකි) හමු වූයේ මේ අතරය.Rs. 850.00Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00. -
(0)
ගාසා තීරයේ ජන ඝානනය – Gasa Thiraye Jana Gathanaya
ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පළිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.
Rs. 960.00Original price was: Rs. 960.00.Rs. 768.00Current price is: Rs. 768.00. -
(0)
පෙපර්මින්ට්-DAILY Love DOSE
මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?”
“හදවතින්…”
“ඒ ගැන කියන්න.”
” හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00. -
(0)
දුවකගේ කඳුළු – Duwakage Kandulu
දුවකගේ කඳුළු ගැන…..
ප්රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?“දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
මහාචාර්ය සුනිල් ආරියරත්නRs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00. -
(0)
යක්ෂයා අපාගත වෙයි – YAKSHAYA APAGATHA WEI
රසල් සහ ඩැල්රින් ඉන්ග්‍රම් අඹුසැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් භාරකාරවරයා ව්සින් රැකියා ලබාදී, වාසය සඳහා නිවසද ලබා දෙයි. එහි මුලින් හැඟුනේ එය වෙත පැමිණි ආශිර්වාදයක් විලසිනි. යම් දෙයක් කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ, එසේම මාරාන්තික රෝගයකටය. ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.
පුරුද්දට මිණි මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. නියමිත මරණයට පත්වන්නේ භාරකරුගේම බිරිඳ. මේ සියල්ල පවතින ප්රසිද්ධ නිවසක් තුළ තිබේ. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවූයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සිතාගත නොහැකි වීම, යම් දෙයක් නොතිබූ අලුත් පන්නයකට නොවේද?
Rs. 1,400.00Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00. -
(0)
පැණි වළලු – PENI WALALU
වටිනාපහ වලව්වේ ශ්රීමතී ගිරි මල්ලිකා දිසානායක කුමාරිහාමි මගේ ආච්චි අම්මා මට යන්තම් අවුරුදු හතර පිරෙද්දි අම්මා අකාලයේ මිය පරලොව ගිය නිසා අපේ ජීවිත අතරමං නොවී නතර වුණේ ආච්චි අම්මා ළඟ. ඔසරි පොට උල් වෙන්න උඩරට සාරිය ඇඳල, බෝරිච්චි හැට්ටෙ උඩින් අගස්ති මාලෙ දාලා, බදල අල්ලන්න බැරි තරම් තඩි වේවැල් පුටුවෙ නේක වර්ණ ගල් අල්ලපු මුදු, වළලු පිරුණු අත් දෙක දෙපැත්තට විසි කරගෙන ආච්චි අම්මා වාඩි වෙලා ඉන්නව ඉස්තෝප්පුවේ. ආයා කටු ගහපු බඩ පෙන්නන හිර හැට්ටත් කිලුටු චිත්තත් ඇඳගෙන පන්මලු කිහිලි ගන්නා ගත් ගමේ දුප්පත් ගෑනු ඉස්තෝප්පුවේ සීතල සිමෙන්ති පොළොවේ ආච්චි අම්මා දිහාවට හැරිල වාඩි වෙලා ඉන්නව. දම්සභා මණ්ඩපයක වගේ ඒ ගෑනුත් ආච්චි අම්මාත් හරි හරියට කතාව. බුලත්විට කහටට රතුපාට උන ඒ ගෑනුන්ගේ කටවල් ඇරෙනවා. වැහෙනවා. ආච්චි අම්මාත් “අප්පච්චි…යේ….. ඉතින්… ඉතින්…’ කිය කියා ගෑනුන්ට උල්පන්දං දෙනවා. ගෑනුන්ගේ කතා වලින් වරින් වර ප්රමෝදයට පත් වෙන ආච්චි අම්මාගේ හිනා හඬ වලව්වේ ඉස්තෝප්පුවේ වහලෙ වැදිල මිදුලට විසි වෙනවා. මට ඒ කිසිම කතාවක් නොතේරුණත් දිග ඉස්තෝප්පුවේ කෙළවර තියෙන දොර රෙද්දට මුවාවෙලා ලොකු ඇස් ගෙඩි දෙක ඒ පැත්තටත් මේ පැත්තටත් කරකව කරකව ගෙම්බෙක් වගේ මාත් බලාගෙන ඉන්නවා.ටික වෙලාවක් ගිහාම ආච්චි අම්මාට සතුට හොඳටම ඇති. ඊළඟට ‘ ඔහොම හිටහල්ල ඩිංගක්” කියල ආච්චි අම්මා ගෙට යනව. ආපහු එන්නෙ අලුත කොටපු සම්බා හාල් මල්ලක් පුරෝගෙන. ගෑනු ගෙනාපු පන්මලු කට ලොකු කරල අල්ලනවා. ආච්චි අම්මා මලු පිරෙන්න හාල් දාලා “ඉඳා. මේකත් තියාගනිල්ලා ‘ කියල සල්ලිත් මිට මොළවනවා. ඊළඟට ගෑනු එහෙනං අපි ගිහිං එඤ්ඤං වලව්වේ හාමුදුරුවනේ… පොඩි බේබි මොකෑ අද ඉස්කෝලෙ ගියෙ නෑ?” කියල මටත් ඔලොක්කුවක් දාගෙන නැගිටල යන්න යනවා. මමත් ගෙම්බෙක් වගේ ලොඹු පුබල ඇහිපිල්ලම් ගහල කරබාගෙන ඉන්නව මිසක් මොකුත් කියන්න යන්නෙ නෑ. පන්මලු වල පුරෝගෙන ආපු ඕපාදුප ඔක්කොම ඉස්තෝප්පුවේ හළලා ඒ වෙනුවට සම්බ හාල් පුරෝගෙන යන කොට ඒ ගෑනු අමාරුවෙන් ඇවිදින්නෙ ඕපාදූප වලට වඩා සම්බහාල් බර හන්දා වෙන්නැති. කවදාවත් පත්තර කියවන්නේවත් චිත්රපටි බලන්නේවත් නැති ආච්චි අම්මා පත්තර, චිත්රපටි රසයම මේ ඕපාදූප කතා අහල විඳිනවා.ගෑනු ටික ගියාට පස්සේ ආච්චි අම්මා ඉස්තෝප්පුවේ ඉදං සාලෙට හැරෙන ගමන් සාලෙ බිත්තියට හේත්තු කරල තියෙන ලොකු තොම්සන් ඔර්ලෝසුව දිහා බලල්ල “අප්පච්චියේ… දන්නෙම නැතුව දහයත් වෙලා කියල තමාටම කියා ගන්නවා.ඊළඟට මගේ වාරේ. මමත් ගෙම්බෙක් වගේ පැනගෙන පැනගෙන ඇවිත් ඔසරි පොට ළඟ නැවතිල උඩ බලනවා. ආච්චි අම්මා බෙල්ල පහතට නමල මගෙ දිහා හැඩේට බලල උඹ මොකද?” කියලා අහනවා. මම උඩ බලාගෙනම දිග ඇහිපිල්ලමක් ගහනවා මිසක් මොකුත් කියන්න යන්නෙ නෑ. ඊළඟට ආච්චි අම්මා සාලෙ දිගටම ඇවිත් වමට හැරිල පටු බරාඳය දිගේ ඇවිදන් යනවා. මමත් පස්සෙන් වැටිල යනවා. බරාඳය දිගටම ගියාම කෙළවර විශාල කෑම කාමරය. කෑම කාමරයේ දකුණු පැත්තේ උස මිනිහකුට වඩා උස කැටයම් කපාපු ලී සේප්පුවක් තියෙනවා. ඒ සේප්පුව උඩ නා තා හැඩැති වේවැල් පෙට්ටි වගයක් තියෙනවා. කෑම මෙ සෙටවත් උස නැති මට ඒ වේවැල් පෙට්ටි පේන්නෙ අහසෙ තියෙනවා වගෙයි.ඊළඟට ආච්චි අම්මා යන්නේ ඒ ලී සේප්පුව ළඟට. ඒ සේප්පුව උඩ තියෙන එක කළුපාට වේවැල් පෙට්ටියක් හරියට හස්ති රාජයෙකු පිට තියෙන කරඬුවක් බා ගන්නා වගේ දෝතින්ම ගරුසරු ඇතිව ලතාවට බා ගන්නා ආච්චි අම්මා ඒක කෑම මේසෙ උඩින් තියල වැහුම් අරිනවා. මං කකුලේ ඇඟිලි තුඩුවමේසේ උඩ තියෙන වේවැල් පෙට්ටියේ අත් දෙකින්ම එල්ලුනාම යන්තම් පෙට්ටිය ඇතුළට ඇහැ විතරක් පොවා ගන්න පුළුවන්. මං ඇස් කරක වල පෙට්ටිය ඇතුළ බලනවා.හත් දෙයියනේ. ඒකෙ තියෙන්නෙ මගෙ දිව්ය ලෝක රස. පැණි වළලු..!Rs. 1,250.00Original price was: Rs. 1,250.00.Rs. 1,125.00Current price is: Rs. 1,125.00. -
(0)
කොළඹ ගණිකාවෝ – Colaba Ganikawo
මෙය එදාවේල සොයා ගැනීමේ අභිලාෂයෙන් තම සිරුර සිල්ලරේ විකුණන අහිංසක ගැහැනුන් පාදක කර ගනිමින් ලියූවක් නොවේ.
සත්‍යය සිදුවීම් පමණක් අන්තර්ගත කරමින් ලියැවුණු මේ කතා සමුච්ඡයෙන් පෙන්වා දීමට උත්සාහ ගන්නේ මේ රටේ මිනිසුන්ට පහසුවෙන් ඇස නොගැටෙන වරප්‍රසාද ලත් සුපිරි සමාජයේ මැඩම්ලාගේ ලිංගික කෙරුවාවයි. තම සුන්දර රූපකාය ලිංගික අල්ලස් වශයෙන් ලබා දී දහසකුත් එකක් වරදාන හා වරප්‍රසාද ලබා සමාජයේ ගෞරවනීය අයුරින් වැජඹෙන ඉහළ සමාජ තීරුවේ කතාවයි.
තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී පාර්ලිමේන්තුවේ, සංස්ථා සභාපති පුටුවේ, මහාචාර්ය තනතුරේ හා නීතිය හොබවන ඉහළ පුටුවලත්, තවත් කී නොකී ඉහළ තැන්වලටත්, පහසුවෙන් රිංගා ගත් ගණිකාවන් ලෙස ලේබල් නොවූ ගණිකාවන්ගේ කතාවයි. ඔවුනට කිසිවෙකු බඩුව, ගොනා, සතා හෝ වේසි කියා ආමන්ත්‍රණය නොකරති. කට පුරා “මැඩම්” කියාම කියති.
Rs. 1,500.00Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00. -
(0)By : Dan Brown
සම්භවය – Sambhawaya
අප පැමිණියේ කොතැනක සිට ද ?අප යන්නේ කොතැනකට ද ?ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න දිවිත්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය.එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බ්රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?Rs. 2,900.00Original price was: Rs. 2,900.00.Rs. 2,465.00Current price is: Rs. 2,465.00. -
(0)By : Dan Brown
සැඟවුණු සංකේතය – Sangawunu Sankethaya
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එක’මෙක වචනයක් පමණක්ද?අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.Rs. 2,975.00Original price was: Rs. 2,975.00.Rs. 2,528.75Current price is: Rs. 2,528.75.









