• -10%
    (0)

    උමතු හස්තය – Umatu Hastaya

    ගුවන් අනතුරකින් තුවාල ලබන ජෙරී බර්ටන් සිය නැගණිය සමග ලිස්ටොක් ගම්මානයට පැමිණෙන්නේ ලන්ඩන් නුවර කලබලකාරී බවින් මිදී සාමකාමී පරිසරයක මාස කිහිපයක් විවේකීව ගත කිරීමේ අරමුණෙනි. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකට ය. අතිශයින් අප්‍රසන්න නිර්නාමික ලිපි මාලාවක් නිසා ලිස්ටොක් වැසියන්ගේ ජීවිත උඩු යටිකුරු වේ. එහෙත් එය ආරම්භය පමණි. අදිසි හස්තය ජීවිත බිලි ගැනීම අරඹයි.

    Rs. 810.00
  • -10%
    (0)

    නත්තල් පුඩිමේ අභිරහස සහ තවත් කතා – Nattal Pudime Abirahasa

    ඇත්තෙන්ම එම දර්ශනය දිස්වූයේ නාට්‍යයක කොටසක් මෙනි. යාර කීපයක් ඈතින් බ්‍රිජට් හිම මත වැතිර සිටියාය. ඇය තද රතු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි අතර සුදු පැහැති වූල් මෆ්ලරයක් උරහිස වටා ඔතා තිබිණි. සුදු මෆ්ලරය පුරා රතු පැහැති පැල්ලම් විය. පසෙකට හැරී තිබුණ මුහුණ තද කලු කෙස් කළඹෙන් වැසී තිබිණි. එක් අතක් සිරුරට යටව තිබූ අතර අනෙක් අත තිබුණේ මිට මෙලවූ ඉරියව්වෙනි. ඇඳුමේ තිබූ රත් පැහැති පැල්ලම මත කැටයම් කළ මිටක් සහිත පැරණි පිහියක් විය. කර්නල් වරයාට අයත් පෞරාණික වස්තුවක් වූ එම පිහිය අමුත්තන්ට පෙන්වූයේ පෙර දිනයේය.

    Rs. 1,125.00
  • -10%
    silvabookshop_lk_malgudiye_meneekannasilvabookshop_lk_malgudiye_meneekanna
    (0)

    මල්ගුඩියේ මිනීකන්නා

    ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.

    Rs. 1,080.00
  • -10%
    (0)

    මෞන – Mauna

    කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්‍රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.

    Rs. 585.00
  • -10%
    (0)

    සිරසාලවන්‍යා – SIRASALAWANYA

    සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, ද්‍රෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, …
    එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි.

    Rs. 1,035.00