අභිරහස් බලඝනය – Abhirahas balaganaya

Rs. 600.00 Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.

සුභ උදෑසනක් බීගල් ස්වර්ත්, එනව ඇතුළට..” හිඳ සිටි මේසය අසලින් නැගිටිමින් ගුවන් බුද්ධි ඒකකයෝ කොමදෝරු රේමන්ඩ් විසින් බලඝන නායක ජේමිස් බීගල් වත් පිළිගන්නා ලද්දේ මද සිනහවක් රැඳි මුහුණින් යුතුව ය. ඉක්බිති කෙටි රත් පැහැති කෙසින් ද දීප්තිමත් නිල් දෙනෙතින් හා දීර්ඝ කාලයක් හිරු රැසට නිරාවරණය වීමෙන් කාල වර්ණ වූ සිරුරින් ද යුතු මිනිසෙකු දෙසට අතක් දිගු කරමින් කපිතාන් රෙක්ස් ලැරිමෝර්’ යි තවකෙකු හඳුන්වා දුන්නේ ය. ඇතැම් විට කේශයේ ප්‍රතිවිරුද්ධ වර්ණය පසුබිම් කොට දෙනෙතේ පැහැය කැපී පෙනෙන්නට ඇති මුත් එවන් නිල් පැහැයක් තමා කිසි දින දැක නැතැයි බිගල්ස් මොහොතකට සිතීය. ” ලැරිමෝර්. මේ තමා මම කලින් ඔබට විස්තර කළ බලඝන නායක බිගල්ස්වර්ත්. ඔබේ යෝජනාවේ අඩු පාඩු මැන බලන්ට අපේ සේවයේ ඉන්න හොඳ ම නිලධාරියා. ඔය යෝජනාව ගැන ගුවන් සේවා මණ්ඩලේ අවසන් තීරණය දෙන්නෙ ඔහුගේ නිගමන වලට අනුවයි. හිඳගන්ට බිගල්ස්වර්ත්, මම කියන්නම් කථාව. ”

In stock

ජී.බී.සේනානායක යානයේ පෙර කොටස නෞකාව දෙසට හැරෙන්නා හා ම පුපුරා ගිය කාලතුවක්කු සතරක හා මැෂින් තුවක්කු හයක ඝෝෂාවෙන් යානය අන්තයෙන් අන්තයට දෙදරා ගියේය. ට්‍රේසර් වෙඩි සුදු පැහැති ගිණි පුළිඟු සෙයින් ද කාලතුවක්කු ගිනි ගත් ගෝල පරිද්දෙන් ද එක විට නැව් තට්ටුව මත පතිත විය. නැව් තට්ටුවට බොහෝ සෙයින් ආසන්න වූ ඉක්බිති යානය යළි සමබර කොටගත් බිගල්ස් අඛණ්ඩ වෙඩි ප්‍රහාරයෙන් බිඳී විසිරෙන පතුරු කැබලිවලින් යුතු මාවතක් නිර්මාණය කරමින් නෞකාවේ ඈත අන්තය තෙක් වේගයෙන් පියාසර කළේ

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

පී.බී සේනානායක

පිටු ගණන

202

Reviews

There are no reviews yet.

Be the first to review “අභිරහස් බලඝනය – Abhirahas balaganaya”

Your email address will not be published. Required fields are marked *

Rs. 600.00 Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.

In stock