මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 – Monte Cristo 2

Rs. 950.00 Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.

හුස්ම හිර වී විසංඥ වේගෙන ම වාගේ යත් දී මහත් වෑයමෙන් දෙකට නැමී යකඩ බෝලය බැඳ තිබුණු කඹ පට බලවත් උත්සාහයකින් කපා දැමීමට ඔහු සමත් වීය. ඉක්බිති ව තද බල වෑයමක් දරා ඔහු දිය මතු පිටට එම තමාට මිනී පොරෝණයක් වීමට තිබුණු ගෝනිය යකඩ බෝලයත් සමඟම දිය යටට කිඳා බසිනු ඔහු දිටීය. හුස්ම ගැනීමට පමණක් මොහොතක් දිය මතු පිටට වී සිටි ඔහු, කිසිවෙකු ගේ දෑසට තමා ලක් වෙති යි බිය ගත්තේ, එ කෙණෙහි ම යළිත් දිය යටට කිමිදී ගියේය. දෙවැනි වරට ඔහු මතු වන විට සිටියේ මුලින් වැටුණු තැනට පියවර පනසකට පමණ ඈතිනි. තම හිසට උඩින් කාල වර්ණ වුත් කැළඹී ගියා වූත් අහසක් පැතිරි තිබෙනු ඔහුට පෙනිණ. වාෂ්ප සමූහ සේ එහි වේගයෙන් පා වී ගිය වලා අතරින් තරුවක දිලිසීමක් මොහොතකට ඔහුට දකින්නට ලැබිණ. ඔහු ඉදිරියෙන් මුහුදේ මහා ජල කඳ ඉමක් කොනක් නොමැති ව පැතිරී තිබිණ

Author: Alexandre Dumas

දාන්තේට හුස්ම හිර වී හිස තෝන්තු වී යන්නා සේ දැනිණ. එහෙත් හුස්ම අල්ලා ගෙන සිටීමට තරම් කල්පනා ශක්තියක් ඔහුට තිබුණේ ය. ඕනෑ ම අවස්ථාවකට සූදානම් ව දකුණතින් අල්ලා ගෙන සිටි පිහියෙන් ගෝනිය පළාදමා පළමු ව සිය අත ද දෙවනුව සිරුර ද මුදවා ගත් ඔහු අනතුරුව දෙ පයට ගැට ගසන ලද යකඩ බෝලයෙන් ද නිදහස් වීමට යන්න කළ ද දිගට ම ඔහු දියෙහි ගිලී යන්නට පටන් ගත්තේය. හුස්ම හිර වී විසංඥ වේගෙන ම වාගේ යත් දී මහත් වෑයමෙන් දෙකට නැමී යකඩ බෝලය බැඳ තිබුණු කඹ පට බලවත් උත්සාහයකින් කපා දැමීමට ඔහු සමත් වීය. ඉක්බිති ව තද බල වෑයමක් දරා ඔහු දිය මතු පිටට එම තමාට මිනී පොරෝණයක් වීමට තිබුණු ගෝනිය යකඩ බෝලයත් සමඟම දිය යටට කිඳා බසිනු ඔහු දිටීය. හුස්ම ගැනීමට පමණක් මොහොතක් දිය මතු පිටට වී සිටි ඔහු, කිසිවෙකු ගේ දෑසට තමා ලක් වෙති යි බිය ගත්තේ, එ කෙණෙහි ම යළිත් දිය යටට කිමිදී ගියේය. දෙවැනි වරට ඔහු මතු වන විට සිටියේ මුලින් වැටුණු තැනට පියවර පනසකට පමණ ඈතිනි. තම හිසට උඩින් කාල වර්ණ වුත් කැළඹී ගියා වූත් අහසක් පැතිරි තිබෙනු ඔහුට පෙනිණ. වාෂ්ප සමූහ සේ එහි වේගයෙන් පා වී ගිය වලා අතරින් තරුවක දිලිසීමක් මොහොතකට ඔහුට දකින්නට ලැබිණ. ඔහු ඉදිරියෙන් මුහුදේ මහා ජල කඳ ඉමක් කොනක් නොමැති ව පැතිරී තිබිණ. එහි අන්ධකාර භයංකර මහා රළ පෙළ කුණාටුවකට

Reviews

There are no reviews yet.

Be the first to review “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 – Monte Cristo 2”

Your email address will not be published. Required fields are marked *

Rs. 950.00 Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.