කවදාවත් හිතුවේ නෑ, මම මැරුණ කෙනෙකුට මේ තරම් ආදරය කරයි කියලා. ඇත්තටම මගේ ජීවිතේ මට ආදරෙත් එක්කවක්, මරණයත් එක්කවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මට ප්‍රශ්නයක් තිබුණේ ජීවිතේ ගැන. මිනිස්සු ඇයි මැරෙන්නේ? මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ඇත්තටම ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ? මගේ ප්‍රන්නේ තිබුණේ එතැන. ඒ වුණාට මට කවදාවත් මැරෙන්න හිත හදාගන්න බැරි වුණා. මිනිස්සු මැරුණාම හරිම සාමකාමියි. මට එයාව මුණගැහුණේ එයා මැරිලා ඉන්නකොට ඒත්; එයා මාත් එක්ක ජීවත් වුණා. දැන් එයා මැරිලා. ඒත් මම තාමත් එයාත් එක්ක ජීවත් වෙනවා. ඇත්තටම ඒක අහම්බයක්. මට ඕන වුණේ නෑ ගෑණු නාන දිහා හොරෙන් බලන් ඉන්න. මොකක් දෝ කරුමෙකට එදා මම දන්නෙත් නැතිව මම දැක්කා, උන් නානවා. ඒ වුණාට ඊට කලින් මම ගෑණු නානවා ඕන තරම් දැකලා තියෙනවා. ඒ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳලා නෙවෙයි. මම හිටියා කියලා ගාණක් නෑ උන් උන්ගේ පාඩුවේ නෑවා. මම මගේ පාඩුවේ බලන් හිටියා. එදා වෙනසකට වුණේ මම උන් නාන දිහා හොරෙන් බලන් ඉඳපු එක විතරයි. එදා මට දැනුණේ කුතුහලයක්ම විතරයි. වෙන කිසිම විදියේ හැඟීමක් මට දැනුණේ නෑ. එදා මම හොරෙන් බැලුවා කියලා රෙද්ද උස්සන් ආපු ගෑණු වෙනදාට රෙද්ද උස්සන් මම ඉන්න තැනම ඕන තරම් නාලා තියෙනවා.
සැතපෙන තොටුපළ – Sathapena thotupala

Reviews
There are no reviews yet.