අම්මපයි,මං කඩුව දුන්නා

Rs. 550.00 Rs. 495.00
කඩුව දුන්නද උදුර ගත්තද
තාම සැකයක් තියෙන හින්දා
කවියො අදටත් වාද කරනවා
ලිය ලියා කවි දෙපිල බෙදිලා
හොයාගෙන මං ආවේ ඒකයි
ඉතින් කිසිවක් නොකර සඟවා
එදා වනයෙදි වුණේ මොනවද
කුමරියනි මට දෙන්න පහදා

In stock

කඩුව දුන්නද උදුර ගත්තද
තාම සැකයක් තියෙන හින්දා
කවියො අදටත් වාද කරනවා
ලිය ලියා කවි දෙපිල බෙදිලා
හොයාගෙන මං ආවේ ඒකයි
ඉතින් කිසිවක් නොකර සඟවා
එදා වනයෙදි වුණේ මොනවද
කුමරියනි මට දෙන්න පහදා..

සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට

මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට

සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට

ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට

 

“කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතු පිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්‍රදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිත ය. සජිවී රසික පිරිවරක ප්‍රතිචාර සමග අන්තර්ජාල වේදිකාව සක්‍රීය වෙයි. ශෂික සදීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් ‘ග්‍රන්ථය’ නමැති මහත් බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සදීප්ගේ කාව්‍ය රචනා, නිර්මාණ නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයමය.

 

සම්මානීය ලේඛක, කිවියර

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Publisher

සන්ථව ප්‍රකාශන Santhawa Prakashana

පිටු ගණන

86

Reviews

There are no reviews yet.

Be the first to review “අම්මපයි,මං කඩුව දුන්නා”

Your email address will not be published. Required fields are marked *

In stock