අපේ කාලයේ වීරයෝ’ නම් වූ මෙම යොවුන් නවකතාව එක හුස්මට කියවා රසවිඳිය හැකි ත්‍රාසයෙන් හා වීරත්වයෙන් පිරුණු ඊමණය වෘත්තාන්තයකි. යාල නැගෙනහිර වනාන්නතරය පසුබිම් කොට රචිත මෙම නවකතාව තුළිත් නිරූපණය වන්නේ ගැටවර වියේ පසුවන අධිෂ්ඨාන ශක්තියෙන් යුක්ත ළමා පිරිසක් මහ වන මැද දී මුහුණ දුත් ත්‍රාසජනක අත්දැකීමකි. සිහින් දිය දහරාවක් සේ සුමුදුව ගලා යන මෙම නවකතාවෙන් වනාන්තරයේ ඇති සුන්දරත්වයත්, එහි ඇති බියකරු බවත් ඉතා කදිමට විචිත්‍රණය වෙයි. එපමණක් නොව අලි ඇතුන්, වග වලසුන්. දිවියත්. කුළු මිමුන්, මොනරුන් වැනි සතුන්ගේ විසිතුරු ලෝකයටද ඔබව කැඳවාගෙන යයි. වන කතා කියවීමට ප්‍රිය කරන පාඨකයින්ට මෙය ඉතා රසවත් විය හැකි අතර මේ තුළිත් ළමුන්ගේ පරිකල්පනය මෙන්ම ප්‍රඥාවද වඩවාලන්නට උත්සාහ දරා ඇත. පාඨකයින්ව අද්භුත ලොවකට කැඳවාගෙන යනු වෙනුවට ඔවුන් තුළ පරිසරය හා සතා සිව්පාවා ගැන ඇල්මක් ඇති කරන්නටත්, ජීවිතය හමුවේ එය විවිධ අභියෝග ජය ගැනීමට ඔවුන් පෙළ ගැස්වීමටත් කතුවරයා මෙහිලා දක්වා ඇති උත්සාහය සැබවිත්ම ප්‍රසංශනීය වේ.
අපේ කාලයේ වීරයෝ – Ape kalaye weerayo
යාල වන මැද සවාරිය ” පුතා ඉක්මනට ලෑස්ති වෙන්න. අපි ටිකක් කල් ඇතිව ස්වේෂන් එකට යන්න ඕනෑ ” “හරි… හරි… අප්පච්චි … මම රෙඩි” පියාගේ කටහඬ ඇසුන සුරංග කාමරයේ සිටම උස් හඬින් කෑ ගැසුවේ ය. ඔහුගේ ස්වරයේ අමුතුම උද්දාම ගතියක් රැඳී තිබිණ. ” අප්පේ මෙයාගේ හිතේ තියෙන සන්තෝසෙ ” මුවගට මඳ සිනාවක් නගා ගත් සුරංගගේ මව සේපාලි කීවේ දෑස් පොපියවමිනි. ” සන්තෝස නැද්ද අමම…. මේ වගේ ට්‍රිප් එකක් ගහන්න ලැබුණහම ” ” එක හරි පුතා… ඒත් ඔයා යන ගමන සැහැල්ලුවට ගන්න එපා. අනිත් එක ඔයාගෙ යාලුවා තුෂාර. එයත් ටිකක් දඟ කාරයා… කොයි වෙලාවකවත් ඔය දෙන්නා කැලේ තනියම එහෙම යන්ඩ එපා. අන්න ඒක හොඳට මතක තියා ගන්න ඕනෑ ” “හරි… හරි… අම්මා බය නොවී ඉන්නකො.” “මෙන්න ට්‍රේන් එකේ යනකොට ඔයාලට කන්න සැන්ඩ්විචසුයි.. කට්ලසුයි. ප්ලාස්ක් එකට කෝපි දාලා තියෙනන්වා “
In stock
| Publisher | dayawansha publishers |
|---|---|
| පරිවර්තනය : | නිව්ටන් ගුනසේකර |
| පිටු ගණන | 207 |
In stock







Reviews
There are no reviews yet.