අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි – The Power of Positive Thinking

Rs. 900.00 Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.

දිළිඳුකම නිසා ජීවිතය සාර්ථක කර ගැනීමට දියුණු වීමට නොහැකි බවට බොහෝ අය මැසිවිලි නගති. ඉගෙනීමට දක්ෂ ළමයෙකු දිළිඳුකම නිසා ඉගෙනීම කඩාකප්පල් වීම ගැන දුක්වනු විය හැක. ව්‍යාපාරයක් පටන් ගැනීමට ධනය නැති පුද්ගලයෙකු එය ආරම්භ කිරීමට මුදල් නොමැතිකමින් දුක් වෙනවා වන්නට පුළුවන. නමුත් ඇත්තෙන්ම දිළිඳුකම දියුණුවට බාධාවක්ද? ලෝක ජයගත්, ජන නායකයන්ගෙන්, විද්‍යාඥයින්ගෙන්, නව කථා කරුවන්ගෙන් උගතුන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනෙක් රිදී හැන්දක් කටේ ඇතිව වත් පොහොසත් පවුල්වල ඉපැදුන අයවත් නොවේ. දුගී පවු වල ඉපිද තම අප්‍රතිහ ධෛර්ය සහ නොපසුබට උත්සාහය නිසා ඔවුන් ජයගෙන ඇත. රේඩියම් සොයාගත් මාරි කියුරි ඉතාමත් දුප්පත් පවුලක තැනැත්තියකි. ඇය විදුහලේ ඉගෙනුම ලබන අතර සාගින්න නිසා කිහිප වරක්ම සිහි සුන්ව වැටී ඇත. මුදල් නොමැතිකම නිසා ඇය භෞතික විද්‍යාව හැදෑරීමට සෝබෝන් විශ්ව විද්‍යාලයට පවා පැමිණියේ පාවහන් නොමැතිවය. නමුත් ඕ තම දිළිඳුකම තම ජිවිතයේ දියුණුවට බාධාවක් නොකරගෙන ජය කණුව කරා ගියාය. පොප් සංගීතයේ රජා යන විරුදාවලිය ලැබූ, තරුණියන්ගේ සිහින ලොවේ මල්සරා වූ එල්විස් ප්‍රෙස්ලි ඉපැදුනේ අන්ත දුගී පවුලකය.

In stock

Author: Norman Vincent Peale

දෙවන ලෝක සංග්‍රාම සමයේ දී එක්තරා තරුණ කාන්තාවක්, කැලිපෝනියාවේ මෝජේව් කාන්තාරයේ වූ කඳවුරක සේවය කළ සිය සැමියා හා එක්ව විසුමට නික්ම ගියාය. එහෙත් ඉතා ඉක්මනින්ම ඇයට එතැන අප්‍රිය විය. හෙවන ඇති තැන්වල පවා උෂ්ණත්වය අංශත එකසිය විසිපහක් විය. සුළභ අතොරක් නැතිව හැමූ අතර, ලී බඩු, ආහාර පාන, ඇඳුම් පැලඳුම් යන සියල්ලම වැලි වලින් වැසුණි. බලාපොරොත්තු සුන්කරගත් ඇය ඔකියෝහි තම දෙමාපියන්ට නොපමාව ලිපියක් යැව්වාය. තව මිනිත්තුවක්වත් එතැන රැඳිය නොහැකි බව පැමිණිලි කළ ඈ ඉතා ඉක්මණින් ආපසු ගෙදර එන බව සඳහන් කළාය. ඇයගේ පියාගෙන් පිළිතුරක් හැරෙන තැපෑලෙන් ලැබිණි. එහි වූයේ සුපුරුදු වැකි දෙපළෙකි. ” මිනිස්සු දෙදෙනෙක් සිරගෙයි කවුළු පොලු අතරින් පිටත බැලූහ. එකෙකු පොළොවේ මඩ දුටු අතර අනෙකා දුටුවේ අහසේ තරුය.” කාන්තාව තම හදවතින් මෙන්ම බුද්ධියෙන් ද යළි මඳක් සිතා බැලුවාය. ඒ අවසන ඕ තීරණය කෙළේ ඒ තැන ස්ථිරවම නවතින්නටය. ඈ තම සමාජයේ මිතුරන් ඇති කර ගත්තාය. රටට දැයට ආදරය කරන්නට ඉගෙන ගත්තාය. එම ජීවිත අත් දැකීම් විස්තර කර පොතක් පවා ලියුවාය. කාන්තාරය කිසි ලෙසකින්වත් වෙනස් වූයේ නැත. එහෙත් ඇයගේ සිතුම් පැතුම් වෙනස් විය. ඉහළට නෙත් සිත් යොමු කරන්නට ඈ ඉගෙන ගත්තාය. ඉන් පසු ඇගේ ජිවිතය බෙහෙවින් සාර්ථක එකක් බවට පත් විය. ” ඔබත් ඉහළට නෙත් සිත් යොමු කර ඉහළට සිතන්න.” එයයි. සාර්ථක ජීවිතයකට මග පෙන්වන මේ පොතේ අරමුණ ද ” ජීවිතය අළු ගොඩක් නොවේ. ජීවිතය යනු ප්‍රයෝජන රැසක් බව සිතන්න.

Publisher

පහන් ප්‍රකාශන – Pahan Prakashana

පරිවර්තනය :

Anatmarie Jasintha

පිටු ගණන

216

Reviews

There are no reviews yet.

Be the first to review “අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි – The Power of Positive Thinking”

Your email address will not be published. Required fields are marked *

In stock