ගණිත විනෝදය- Ganitha Vinodaya

Rs. 650.00 Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.

” අද උදේ මම ලේනෙක් එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කළා ” විවේකාගාරයේ උදේ තේ පානය සඳහා වාඩි වු විවේකාලාභීන්ගෙන් එකෙක් පැවසීය. ” මේ ළඟ කැලේ තියෙන රවුම් එළිමහත් පිට්ටනිය දන්නවද? ඒ පිට්ටනිය මැද එකම ගහයි තියෙන්නේ. ලේනා හැංගුනේ ඒ ගහ පිටිපස්සේ. කැලේ සිට පිට්ටනියට එනකොටම මම දැක්කා ලේනා ගහේ කඳ පිටිපස්සේ සිට උගේ දිලිසෙන ඇස් දෙකෙන් මා දිහා බලාගෙන ඉන්නවා. මම දැක්කේ උගේ මුහුණ විතරයි. ලේනා හොඳ හැටි බලාග. න්න මම ඌට කිට්ටු නොවී පිට්ටනිය අයින දිගේ ගහ වටේට ගියා. හතර වතාවක්ම මම ගහ වටේ ගියා. මම දැක්කේ ලේනාගේ මුහුණ විතරයි. කොහොමටත් මට ලේනා වටේ යන්ට බැරි වුණා.” ” එහෙත් ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා ” තේ මේසයට වාඩි වී සිටි එකෙක් විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ” ගහ වටේ මිස ලේනා වටේ නොවෙයි.” “ලේනා හිටියේ ඒ ගහේ? ” ” ඉතින් ?” ” ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරැකුණා.” ” හොඳයි කැරැකුණා ! ලේනාගේ පිට එකවතාවක්වත් දැක්කේ නැහැ.'” ” පිට මොනවටද? ලේනා හිටියේ මැද. ඔබ වටේට කැරැකුණා. ඒ කියන්නේ ඔබ ලේනා වටෙත් කැරැකුණා.” ” කොහොමටත් එහෙම නොවෙයි. මම ඔබ වටේ යනවා කියලා හිතන්න. ඔබත් හැම වේලාවේම මට මූණ පා ඉන්නවා. ඔබේ පිට මට පෙනෙන්නේ නැහැ. ඔබ හිතන්නේ මම ඔබ වටේ කැරැකුණා කියලද? ” ” ඇත්ත වශයෙන්ම එහෙම තමා. වෙන කොහොමද? ” ” එක වතාවක්වත් ඔබේ පිට පැත්තට යන්නේ නැති නම්, ඔබේ පිට දකින්නේ නැති නම්, මම ඔබ වටේ කරකැවෙනවාද? ” ” පිටේ තේරුමක් නැහැ ! ඔබ මා වටේ රවුමක් කරකැවිලා හිටපු තැන – ටම ආවා. ඒ නිසයි ඔබ මා වටේ කරකැවුණා කියන්නේ. මගේ පිට දැකීම නොවෙයි.” ” ඒ කොහොමද ? වස්තුවක් වටේ කරකැවෙනවා කීමේ තේරුම කුමක්ද? මා හිතන හැටියට එයට එකම තේරුමයි දෙන්න පුළුවන්: එනම් වස්තුව සෑම දිසාවකින්ම බලාගත හැකි වන සේ අනුක්‍රමයෙන් එය වටා යෑමයි. සත්‍යය එය නෙවද මහාචාර්ය තුමා ” වාද කරන්නා තේ මේසයට වාඩි වී සිටි මහල්ලෙකුගෙන් විතාළේය. ” වාදය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් වචන පිළිබඳවයි ” විද්‍යාඥයා පිළිතුරු දුන්නේය. ” මේ වගේ අවස්ථා වලදී මුල සිටම පටන්ගත යුතුයි: අපි වචන වල අර්ථය ගැන එකඟත්වයකට පැමිණිය යුතුයි. ” වස්තුවක් 15

In stock

Author: Y Perelmaan

මෙම පොත කියවීම සඳහා අංක ගණිතය හා මූලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිළිබඳ සුළු අවබෝධයක් පමණක් පාඨකයාට තිබීම සෑහේ. මෙහි එන ගැටළු සුළු සංඛ්‍යාවක් පමණක් විසඳීමේදී මුලික ගණිතමය සමීකරණ පිළියෙළ කිරීමට හා ඒවා විසඳීමට සිදුවේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සූත්‍ර වල සිට. ගැණීමේ හා මිණිමේ ව්‍යවහාරික එමෙන්ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටළු වලින් සමන්විතය.

Reviews

There are no reviews yet.

Be the first to review “ගණිත විනෝදය- Ganitha Vinodaya”

Your email address will not be published. Required fields are marked *

Rs. 650.00 Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.

In stock