“ඔයාට ඉතින් ජෝති මොනවා කළත් වැරදියිනෙ… එහෙම නොමයි අනේ… ඒ දරුවා වෙනස් වෙන්න හදනකොට ඒකට උනන්දු කරවන්න… තාත්තලා වුණහම කරන්න ඕනෑ එහෙමයි… නැතිව කරන කරන දේට හිනාවෙන්න බලාගෙන ඉන්න එක නෙමෙයි…” සීතා තම දරුවා වෙනුවෙන් මවක් ලෙස කරන කාරියට අමතරව පියෙක් විසින් කළ යුතු මෙහෙවරද පියදාසට මතක් කර දුන්නාය. මුල් පදයෙන්ම සීතා හට ලුණු ඇඹුල් සහිතව දෙකක් කියන්නට සිතුනද පියදාස එය ආසාසයෙන් මැඬපවත්වා ගත්තේ සීයා ගැනම උපන් අනුකම්පාවෙනි. කිසිවෙකුට කිසිවෙක් රවටන්නට අයිතියක් නැති බව සත්‍යයකි. එහෙත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙක් හට රැවටෙන්නට හෝ තමුන්වම රවටා ගන්නට අයිතියක් තිබේ. ඒ එම රැවටීමෙන් කිසියම් සතුටක්, සැහැල්ලුවක් රැවටෙන පුද්ගලයා මොහොතකට හෝ අත්විඳින බැවිනි. ඒ අනුව සීතාගේ ඒ ප්‍රීතීමත් මෙහොත උදුරා ගන්නට පියදාස කිසිම ලෙසකින් හෝ කැමති වූයේ නැත.
කොණ්ඩිත්තම්
“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත් පක්ෂයේ නියෝජිතයා මාක්ස් ගැනත්, ලෙනින් ගැනත්, චේ ගුවේරා ගැනත් දීර්ඝ දේශනාවක් කරන ලද්දේය. චූදිතයන් සියලු දෙනාම පක්ෂ නියෝජිතයාට ස්වකීය දැඩි විරෝධය ප්‍රකාශ කළද ඔහු එයට මුහුණ දුන්නේ එඩිතර ලෙසිනි. එයට හේතුව සියලු දෙනාගේම නායකයා වූ ජනක නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.
In stock
Publisher | සුරස – Surasa (fast publishing) |
---|---|
පිටු ගණන | 330 |
In stock
Reviews
There are no reviews yet.