ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණීම පිණිස හොඳ ම ගමන් මාර්ගය ලෙස සාමාන්‍යයෙන් සැලකිල්ලට ගැනෙන්නේ ෆජි. හොනොලුලු, සැන් ෆ්‍රැන්සිස්කෝ, නිව්යෝර්ක්, ලන්ඩනය, නේපාලය, පෝට්ටෙට් හා ඒඩන් හරහා ගමන් මාර්ගය නොවේ. මගේ සහායක මයික් විල්සන් හා මම මෙකී වටරවුම් ගමන් මාර්ගය තෝරා ගත්තේ හුදෙක් මුරණ්ඩුකමෙන් උසිගැන්වුණ නිසා නොවේ. “The Coast of Coral’ කෘතිය සඳහා කරුණු ගොනු කරමින් වසරක් පුරා මහා බාධක වැටියේ ගත කළ අපට නිව්යෝර්ක් නගරයේ සිටින අපගේ ප්‍රකාශකයා වෙත සියලු ම අනර්ඝ ජායාරූප සුරක්ෂිත ලෙස යවන තෙක් සතුටින් නිදහසේ හුස්ම ගන්නට වත් පුළුවන්කමක් නො තිබිණි. ඒ අතර අත්ලාන්තික් හරහා ලන්ඩනයට ගුවනින් යෑමට ආසන වෙන්කර ගනු ලැබුවහොත් ඩොලර් දාහක් ප්‍රමාණවත්යයි දැනගන්න ලැබිණි. මෙය සිත් බඳිනා වාසියකි. කෙසේ නමුදු, අපි දකුණේ සිට වමට යනවා වෙනුවට වමේ සිට දකුණට ගමන් කරමින් ලොව වටා යෑමට තීරණය කෙළෙමු. අඳුරබර වැසි දිනයක ඕස්ට්‍රේලියානු මිතුරෝ අපගේ නික්ම යෑම දැකබලා ගැනීමට සිඩ්නි ගුවන්තොටු පොළට පිවිස සිටිය හ. අප පැසිෆික් සාගරය හරහා ගමන් කිරීමට හේතු වූ නිමිත්ත පිළිබඳ ඔවුහු නො කැමැත්ත පළ කළ හ. මේ මොහොතේ දී කිසියම් අයෙක් The High and the Mighty ගීතයේ කොටසක් සිවුරුම් බෑහ. අහස් යානාවේ පිටුපස හරියට කැහැටු වෙලා වගේයි ” යැයි තවත් අයෙක් මුමුණුවේ ය.
ලක්දිව සාගර පත්ල

Reviews
There are no reviews yet.