වනයෙහි ඉර උදාව විය. පිහිලෙගොඩ ගල්ගෙයි වැසියෝ තවත් එක් බඩගිනි දවසකට මුහුණ පෑමේ ඉරණම ඇති ව එකිනෙකා අවදි වූහ. ඔවුන්ගේ ජීවිතයේ එකම අරමුණ ආහාර ය. මේ ආහාර පැහැර ගැනීම, ණයට ගැනීම හෝ කඩා බිඳ ගැනීම ඔවුන්ගේ කාරියයි. එසේම මොවුන්ගේ ආහාර දුවන පා සහිත, දවල් දවසේ තිප්පල වල ලැග සිටින ආහාර හෝ ඉතා සිහින් වැල්පටකින් පෙන්නුම් කරන පොළොවේ සැඟවුණු ආහාර හෝ සිහින් කඩිසර මැස්සන් පිපුණ වන මලින් උරාගෙන අවුත් රුසිදුරු ආදියෙහි එකතු කර තැබූ ආහාර ආදී වශයෙන් විවිධ වෙයි. 1902 වර්ෂයෙහි මෙම ලංකාද්වීපයෙහි ගල් ගෙවල ජීවත් වුණු පාරම්පරික වැද්දෝ සිටියහ. ලංකාවේ ආදිම මනුෂ්‍යයන්ගෙන් ඉතිරිව සිටි පවුල් භයකට වැඩි නොවන මේ වැද්දෝ නීලා නම් වැදි රාළගේ ආරක්ෂාව හා ආඥාව ද යටතේ විසුවෝ ය. වන දඩයමින් ජිවත් වූ මේ වැද්දෝ ගොවිතැන් කිරීම තබා ඒ පිළිබඳ ආදී ම දළ ක්‍රමය වූ වන බද ගම්වල මිනිසුන් කරන හේන් වැපිරීම පවා යම්තමින් වත් නොදැන සිටියෝ ය. එසේ ම ගම්වැද්දන් යම්තමින් අටවා ගන්නා ගස්පොතුවලින් ආවරණය කෙරෙන ගෙපැලක් තනා ගැනීමට හෝ මොවුහු නොදැන සිටියෝය. මොවුහු දඩයම සඳහා තැනින් තැන ඇවිදිමින් ජීවත් වන්නෝ වූහ. ඔවුන්ගේ ආහාර වනයෙන් ම සොයා ගත්තක් විය. ඔවුන්ගේ ආයුධ වූයේ ඊතල හා දුන්නත්, හදිසි අනතුරකදී අතට ගැනීමට කරේ ගන්නාගෙන හෝ ඉණේ රුවාගෙන යන කුඩා පොරවත් ය. ඔවුන්ගේ ඇඳුම තට්ටම වසා ගැනීමටත් ප්‍රමාණවත් නොවන ඉණේ ඔතාගත් රෙදි කඩක් හා අඹුද්ධයක් ද පමණි. විටට විකීමට ගන්නා දෙමට, ගල් කැරු වැනි පොතු හා හුණු දුම්කොළ දමා ඇති වඳුරු සමින් කළ බුලත්මල්ල ඉණකඩ අතරේ රුවා දවටාගත් මෙවැනි මිනිස්සු තිදෙනෙක් ඔවුන්ගේ බල්ලන් ද කැටුව ඔවුන් කියන හැටියට රඳන්ට දඩයමේ නික්මුණෝ ය. ඔවුහු එදාම ආපසු එද්ද, දෙතුන් දිනක් වනයේ රඳත් ද යනු තීරණය වන්නේ ලැබෙන දඩයම් අනුවය.
මැකී ගිය දඩමං Maki giya dadaman
1902 වර්ෂයෙහි මෙම ලංකාද්වීපයෙහි ගල් ගෙවල ජීවත් වුණු පාරම්පරික වැද්දෝ සිටියහ. ලංකාවේ ආදිම මනුෂ්‍යයන්ගෙන් ඉතිරිව සිටි පවුල් භයකට වැඩි නොවන මේ වැද්දෝ නීලා නම් වැදි රාළගේ ආරක්ෂාව හා ආඥාව ද යටතේ විසුවෝ ය. වන දඩයමින් ජිවත් වූ මේ වැද්දෝ ගොවිතැන් කිරීම තබා ඒ පිළිබඳ ආදී ම දළ ක්‍රමය වූ වන බද ගම්වල මිනිසුන් කරන හේන් වැපිරීම පවා යම්තමින් වත් නොදැන සිටියෝ ය. එසේ ම ගම්වැද්දන් යම්තමින් අටවා ගන්නා ගස්පොතුවලින් ආවරණය කෙරෙන ගෙපැලක් තනා ගැනීමට හෝ මොවුහු නොදැන සිටියෝය. මොවුහු දඩයම සඳහා තැනින් තැන ඇවිදිමින් ජීවත් වන්නෝ වූහ. ඔවුන්ගේ ආහාර වනයෙන් ම සොයා ගත්තක් විය. ඔවුන්ගේ ආයුධ වූයේ ඊතල හා දුන්නත්, හදිසි අනතුරකදී අතට ගැනීමට කරේ ගන්නාගෙන හෝ ඉණේ රුවාගෙන යන කුඩා පොරවත් ය. ඔවුන්ගේ ඇඳුම තට්ටම වසා ගැනීමටත් ප්‍රමාණවත් නොවන ඉණේ ඔතාගත් රෙදි කඩක් හා අඹුද්ධයක් ද පමණි. විටට විකීමට ගන්නා දෙමට, ගල් කැරු වැනි පොතු හා හුණු දුම්කොළ දමා ඇති වඳුරු සමින් කළ බුලත්මල්ල ඉණකඩ අතරේ රුවා දවටාගත් මෙවැනි මිනිස්සු තිදෙනෙක් ඔවුන්ගේ බල්ලන් ද කැටුව ඔවුන් කියන හැටියට රඳන්ට දඩයමේ නික්මුණෝ ය. ඔවුහු එදාම ආපසු එද්ද, දෙතුන් දිනක් වනයේ රඳත් ද යනු තීරණය වන්නේ ලැබෙන දඩයම් අනුවය.
In stock
| Publisher | සූරිය ප්‍රකාශකයෝ Sooriya Publishe |
|---|---|
| පරිවර්තනය : | ඒ.පී. ගුනරත්න |
| පිටු ගණන | 336 |
In stock






Reviews
There are no reviews yet.