මල්ගුඩියේ මිනීකන්නා

Rs. 1,200.00 Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.

ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප්‍රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහකරයි. “මල්ගුඩියේ මිනීකන්නා” (මැන් ඊටර් ඉන් මල්ගුඩි Man Eater in Malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තුළට එබී බලමින් කරන චරිත විග්‍රය තුළය.

In stock

ISBN : 9789553129499 Category: Tags: , ,
Author: R. K. Narayan

මල්ගුඩි නගරයේ පොදු වෙළඳ පොළ පාරේ වතුර මල පෙනෙන සීමාවේ පිහිටි මගේ මුද්රණාලය ඉදිරි පස වූ එහි පැමිණෙන අමුත්තන් සඳහා වූ කුඩා විසිත්ත ශාලාව මට හොඳ ගණනකට කුලියට දීමට ඉඩ තිබිණ. මෙම විසිත්ත ශාලාව අපේ මෙම කුඩා නගරයේ වෙළඳ සැලක් පවත්වා ගෙන යාමට අපේක්ෂාවෙන් සිටි සෑම ව්යාපාරිකයෙකු ම පාහේ එය තමන් නතුකර ගැනීමේ දැඩි ආශාවෙන් පසුවිය. මටත් මගේ මුද්රණාලයේ කාර්ය මණ්ඩලයට ත් වැඩකිරීමට අවශ්ය සියලු ඉඩකඩ මැදින් අටවා තිබූ නිල් පැහැති කඩතුරාවෙන් ඔබ්බෙහි තිබූ කොටසේ සෑහෙන තරම් තිබිය දී මින් මා ප්රයෝජනයක් නොගෙන සිටීම නිසා මා මුදල් වල වටිනාකම නොදන්නා මෝඩයෙකු යයි සමහරු මා හඳුන්වා දී තිබිණ. එහෙත් මා කවුරුදැයි යන්න මෙම මුදල් පිටුපස හඹා ගිය මෙම කුහක මිනිසුන්ට පහදා දීමට මට නොහැකි විය.

Rs. 1,200.00 Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.

In stock