නැන්සි ඩ්‍රෝ ටෙඩි බෙයාර් අබිරහස – Nancy drew teddy bear abirahasa

Rs. 750.00 Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.

හිම තලාවේ විලාපය ආයේමත් හිම වැටෙන්න ලැස්ති වෙනවා කියල නැ කියන්න හදන්න එපා නැන්සි… හොඳ ද? බෙයට් වොන්ඩර්පුල් සාප්පුවේ දොරින් පිටතට එබී බලන ගමන් බෙස්. තැන්සිට එසේ කීවා ය. එසේ වුවත් සිහින් හිම කැටිම ම් වනවිටත් පොළවට පතිත වෙමින් තිබිණි. ඔයා මොනව කිව්වත් තව ටිකකින් හොඳටම හිම වැටෙන්න පටන් ගනියි බෙස්… එසේ කියන ගමන්ම නැන්සි ත් සෙල්ලම් බඩු සාප්පුවට ඇතුළු වූවාය. පාසල් නිවාඩු කාලයේ බෙස් මේ සෙල්ලම් බඩු සාප්පුවේ අර්ධ කාලින සේවිකාවක් ලෙස සේවය කරන නිසා නැන්සි ද නිතර දෙවේලේ සාප්පුවට ගොඩ වන්නීය. අදත් එවැනි

In stock

සෙල්ලම් බඩු සාප්පුවේ දොර අතරින් නැන්සි පිටතට එයි බැලුවාය. පිටත පරිසරය බොහෝ සෙයින් නිභවය. ඒ නිහඩතාවය අතරින් හිම කැටිති නොකඩවා ම පොළවට පතිත වෙයි. හිම කැට අතරින් පෙනෙන වීදි ලාම්පු දැල්වෙන්නේ තරු කැට මෙනි. මේ නිහඬතාවය වැඩි වෙලාවක් පැවතුනේ නැත. කාගේදෝ බෙරිහන් තවක් හාත්පසම පැතිර ගියේ ය. නැන්සි පුදුමයෙන් මෙන් බෙස් දිහාට හැරුනා ය. ඉන්පසුව සෙල්ලම් බඩු සාප්පුවේ අයිතිකාරිය වන වොටි දිහා ද බලන ගමන් ඈ කළබලයෙන් මෙන් මෙසේ ඇසුවා ය. ඔයාලට ඒ බෙරිහන් දෙන සද්දේ ඇහුත ද ?. එසේ තියන ගමන් ම නැන්සි සෙල්ලම් බඩු සාප්පුවේ ඉදිරිපස දොර විවෘත කරගෙන ම හිම කැටිති වලින් වැසී ගිය එළිමහනට දුව ගියා ය. බෙස් නැන්සි පරිස්සමින් යැයි බෙරිහන් දුන්න ද තැන්සි ඒ ගැන තැකීමක් කෙරුවේ නැත. ඒ සැනින් ම තවත් විලාප හඬක් ඇසිනි. නැන්සි හැකි තරම් වේගයෙන් විලාප හඩ ඇසුන දිහාවට දුවගෙන ගියාය. තාත්පසම තිබෙන්නේ සුදෝ සුදු හිම කැටිති පමණකි. වෙනත් කිසිවෙක් හෝ පෙනෙන්නට නැත. එහෙත් වඩාත් හොඳින් විපරම් කිරීමේදී හිමි මත මුනින් අතට දිගාවී සිටින කිසිවකු ගේ රුවක් නැන්සි යාන්තමට දුටුවා ය. මයාව කරදරයක් නැද්ද ?. යනුවෙන් අසන ගමන් ම නැන්සි එතැනට ළං වී ගොඩාක් අපහසුවෙන් බිම වැතිරී සිටින කෙනා අනිත් පසට හැරෙව්වා ය. පුදුමයකි… හිම මත වැතිර සිටියේ තරුණියකි.

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

පිටු ගණන

245

Reviews

There are no reviews yet.

Be the first to review “නැන්සි ඩ්‍රෝ ටෙඩි බෙයාර් අබිරහස – Nancy drew teddy bear abirahasa”

Your email address will not be published. Required fields are marked *

Rs. 750.00 Original price was: Rs. 750.00.Rs. 675.00Current price is: Rs. 675.00.

In stock