නෙත් හෙළූ කුළු හරකා ගල් ගැසී බලා නැවතුණේය. ඌ විශාලය, කළුය. උගේ දෙපා සෙල්මුවා කුලුනු මෙන් ශක්තිමත්ය. දෙපසට විහිදී ගිය විශාල කන් හා රැවුල ය. තරුණයා පැමිණි බව ඌට දැනුණේ මේ දැන් ය. දෙපසට විහිදී ගොස්, හරි මැදින් භා වෙන තරමට වැඩී තිබු උගේ අං යුවළ රැසිස්ගේ සිත පැහැර ගත්තේ ය. ඒ අං ඉදිරියට නැවී හෙල්මට් එකක් සේ පිහිටා තිබූ අතර කෙළවර උල් වී තිබිණි. මේ අවුරුදු දාහතර තුළ රැසිස් එවැනි කුළු මීමකු දුටු පළමු වතාව එයයි. ඌ තම නිසංසල වටපිටාවේ, තුවාල කරුවන් හා ලෙඩුන් ආරක්ෂා කරන එඩිතර පියෙක් විය. සෙසු ගවයින් විසින් වීරයකු බවට පත් කරන ලද පිරිමි සතෙක් විය. ඉතාම සුළු කලබලයකින් උගේ බිහිසුණු බව වැඩි වනු ඇත. ඇදහිය නොහැකි වේගයෙන් තම සතුරා වෙත පනිනු ඇත. ඌ එතරම්ම බිහිසුණුය. රෞද්‍රය. රැසිස්, පියවරක් පසුපසට තැබීය. මේ කරදරකාරයා දෙස තම රුදුරු නෙත් යොමා ගත් කුළු හරකා වලිගය ගසා දැමීය. මඳක් ඈතින්, උසට වැඩුණු පන් පඳුරු අතර එළදෙනක් පැටවකු ප්‍රසූත කරමින් සිටියාය. ඇගේ සහෝදර දෙනුන් ඈ වටකොට සිටගෙන හිඳිනු දක්නා ලදි.
රැම්සීස්

Reviews
There are no reviews yet.