ඇතැම් විට ගමටම තිබූ එකම ඩිස්පැන්සරිය වසංගත ලෙඩ්ඩුන්ගේන් පිරේ. ළඟම ඉස්පිරිතාලය තිබුණේ රොටවැවට යාබදව පිහිටි ගම්මානයක් වූ කල්ලංචිය නම් ග්රාමයේය. එයද එතරම් පහසුකම් සහිත රෝහලක් නොවූ අතර මහා රෝහලට නම් මිහින්තලයේ සිට තවත් සැතපුම් අටක් ගෙවා අනුරාධපුර නගරයටම යාමට සිදු විය. මිහින්තලයේ තිබුණේද අවම පහසුකම් ඇති කුඩා රෝහලකි. මැලේරියා උණ මෙන්ම සතා සර්පයා දෂ්ට කිරීමෙන්ද ගම්මුන් විශාල වශයෙන් මිය ගියේ මේ අවම පහසුකම් හේතුවෙනි.
ගමට පැමිණියේ එකම බස් රථයක් පමණි. ඒද දිනකට වාර දෙකකි. මේ බසය මග හැරුණහොත් ගැමියන්ට මිහින්තලයේ සිට සැතපුම් ගණනක් පයින් හෝ ගොන් කරත්තයක නැඟී මේ කැලෑ පාර දිගේ ගමට ඒමට හෝ නගරයට යාමට සිදු විය. විදුලි බලය නොතිබුණු ගම්මානය සවස පහ වන විට ගොම්මන් රකුසා බිලි ගත්තේ පණපිටිනි. භූමිතෙල් කුප්පි ලාම්පුවල කණාමැදිරි එළිය මඳ සුළගේ සෙලවුණේ සෙවණැලි බිතු සිතුවම් කටු මැටි බිත්ති මත අඳිමිනි.
Reviews
There are no reviews yet.