ELEANOR H PORTER POLLYANNA GROWS UP සතුට බෙදුන හොලියානා පොලියානාගේ ජීවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් පාඨකයන් අතට පත් වේ. තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතිවිලි පහළ වන අන්දම හා ඒවා හැසිරෙන ආකාරය තමා අවට පරිසරය ජීවිතයට බලපෑම් කරන අන්දම – කදිමට මෙහි නිරූපිතය. හොඳ සාහිත්‍ය කෘතියකින් ජීවිත අරුත් රසයෙන් යුත් වින්දනයක් පාඨකයාට උරුම වේ. එය පාඨකයාගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමටද හේතු වේ. යොවුන් පාඨකයන්ට අර්ථ සම්පන්න සාහිත්‍ය කෘතියක් ලෙස පොලියානා කතා මාලාව හැඳින්විය හැකිය. මෙහි අවසන් භාගය ජිම් සහ පොලියානා ලෙසින් පළ වී තිබේ.
සතුට බෙදුන පොලියානා – Sathuta bedana pollyanna
ඩෙලා වෙදර්බයි ඇගේ සොයුරියගේ නිවෙසට යන පාර දිගේ ඉක්මන් ගමනින් ගොස්, ගෙයි ඉදිරිපස බිත්තියේ වූ විදුලි සීනුවේ බොත්තම තද කළාය. හිසේ ලා ගෙන උන් තොප්පියේ සිට, පයේ ලා ගෙන උන් සෙරෙප්පුව දක්වා දෑස යවන කෙනකුට ඇගේ නිරෝගී, කඩිසර, සුපරීක්ෂාකාරී විලාසය දැක ගන්නට පුළුවන. දොර විවෘත කළ සේවිකාවට කතා කළ ඇගේ කට හඬේ පවා ගැබ් වී තිබුණේ ප්‍රාණවත්, ප්‍රීතිමත් ස්වරූපයකි. ගුඩ් මෝනිං මේරි. කෝ – අපේ අක්කා ඉන්නවද?* ඔව් – ඔව් මැඩම්. කාරූ නෝනා නං ඉන්නවා… යි මඳක් පැකිලෙමින් කී තරුණිය. ඒත් එයා කිව්වා – අද කිසි කෙනෙක්ව මුණ ගැහෙන්න බෑ කියලා… “හැබෑට? ඒත් එයාට මං ආවම එහෙම කියන්න බැනේ…’ යි වෙදර්බයි මෙනෙවිය මදහසක් පෑවාය. මං ආවා කිව්වම එයා මොකුත් කියන එකක් නෑ. බය වෙන්න එපා. ඔයාට බැන්නොත්. මං ඒක බලා ගන්නංකො…” යි ඇය හිස සැලුවේ, තරුණියගේ දෑසේ රැඳුණු බියපත් බැල්මට පිළිතුරක් වශයෙනි.
In stock
| Publisher | විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya |
|---|---|
| පරිවර්තනය : | කත්‍යානා අමරසිංහ – Kathyana Amarasinghe |
| පිටු ගණන | 184 |
In stock







Reviews
There are no reviews yet.