මතුපිට එකතු ව ඇති කඩිත්තක දිය නළියනවා සේ පෙනෙන තරමට දැඩි අව් රැසින් උණුහුම් වූ මාර්ගය ඔස්සේ ඈතින් ඇදි එන කුඩා වැන් රියෙකි. වනයේ දී නම් දිය නළියනවා සේ පෙනෙන හෙයින් මේ සැබෑ වතුර යැයි රැවැටී එහි වෙසෙන පිපාසිත මුවන් එය කරා දුව එතැයි පැවැසේ. එහෙත් මුවන් සමීප වන විට ඒ දිය තව තව ඈතට යේ. එහි ඇති මායාව එයයි. එය මායා – දියෙකි. වෑන් රියට ඉහළින් උස් අහස් කුස වටා රවුම් ගසන උකුස්සකු ඇයට පෙනේ. විහිදාගත් තම තටු නොසලා රවුමේ යන ඌ ඉහළට ඉහළට යයි. මායා දිය නොහොත් මිරිඟුව ඇති වනුයේත් උකුස්සාට පාවී ඉහළට යාමට වායු ප්‍රවාහය තනනුයේත් දහවල පොළොව රත් වී ඉහළට නැගෙන සංවහන වායු දහරායි. ඉහළට නැඟෙන වායු වැල් හඳුනාගෙන ඒ ආධාරයෙන් තටු නොගසා නොවෙහෙසී ඉහළට නැඟීමේ නුවණ උකුස්සා පරිණාමයෙන් ලත් වාසියෙකි. එහෙත් මුවා දිය මායාවට රැවැටී ඒ කරා යෑමෙන් මුදවා ගැනීමේ නුවණ ලබා දීමට පරිණාමයට නොහැකි විය. වෑන් රිය නතර කළ විට දරුවෙක් රියෙන් බැස්සේ ය. ඒ හාම බැසගත් කාන්තාවක – බස් රියදුරුගේ බිරින්දෑ – පාරෙන් මෙපිටට පුතු සමඟ විත් යුහු යුහු ව ආපසු ගියාය. දරුවා තම එක් අතක් පද්දමින් ගේට්ටුව කරා ඒ. ගේට්ටුවෙන් ඇතුළත නා නා තරමේ අනේක ගස් ගහන ගෙවත්තේ අඳුරු ගොම්මනේ ඇති උස් සොල්දර ගෙයක පහත මාලයේ ජනේලයෙන් ඇය බලාගෙන සිටින්නීය.
සිතේ කෙටණූ දේවනගර – Sithe ketunu devanagara

Reviews
There are no reviews yet.