ටාර්සන් ගේ පුත්‍රයා – Tarzenge puthrya

Rs. 400.00 Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.

ත්‍රාසජනක වර ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවන් මහ වනයේ නිදහසට ඇති ලැදි කමත් නිසා, ටාර්සන් ගේ පුත්‍ර කොරැක් හෙවත් මරුව) ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි ද ප්‍රබලතම වානරයා වන අසුට ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක් සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි. මෙහිදී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණයක හා පෙමි බඳින කොරැක් ඇය රැගෙන සිය වන ගත නිවෙසට යයි.

In stock

Author: Edgur rise barose

” මාජරී ඩබ්ලිවු ” නෞකාවේ මහ ඔරුව, බා දිය හා ජල පහර සමඟ, පුළුල් උගැබ් නදියේ පහළට පා වී ගියේය. නදියේ ඉහළට හබල් ගෑමේ දුෂ්කර කාර්යයෙන් මිදී, ලද්දා වූ සුළු විවේකයෙන්, මරුවේ යාත්‍රික පිරිස අලස සුවයක් විඳිමින් සිටිය හ. ඔවුන් සිටි තැනට මයිල තුනකට පහළින් ” මාජරී ඩබ්ලිවු ” නෞකාව නැංගුරම් ලා තිබිණ. ගමනාරම්භ කිරීමේ සුදානමින් තිබුණු එය. මෙ තෙක් එහි නතර වී තිබුණේ. සිය යාත්‍රික පිරිස යළි නැවට එන තුරු හා. එසේ අවුත්, මහ ඔරුව තිරිංග වලින් ඔසවා, නැව් තට්ටුව මත යළි තැන් පත් කරන තුරුය. මේ වේලාවේ දී සිහින දකිමින් සිටියා වූද නැත හොත්, ඕපාදුප කථා කරමින් සිටියා වූද සෑම එකකු ගේ ම අවධානය එක් වර ම, නදියේ උතුරු ඉවුර වෙතට යොමු වූයේ ය. එහි බැරැඩි වී ගිය කට හඬකින් ඔවුන්ට කෑ ගසමින් ද ඇට කටුවක් බවට පත් වී තිබුණ අතක් ඔවුන් වෙත දිගු කරමින් ද අද්භූත ජනක මිනිස් අවතාරයක් සිටගෙන සිටියේ ය. ” මොන මළ ඉලවුවක් ද? ” යි යාත්‍රිකයන්ගෙන් එකෙක් රාවයක් නැඟීය. නෞකාව ආපදාවකට පත් වූ විට, සේලරුවන්ට ජීවිත ගළවා ගෙනත ඒ කැනින් ඉවත්ව යැම සඳහා, නැව් තට්ටුවේ ඔරු කීපයක් තබා ගෙන යැම සිරිති. මේ ඔරු වලින් ලොකු ම ඔරුව ” මහ ඔරුව ” යන නමින් හඳුන්වනු ලැබේ.

 

Publisher

දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody

පරිවර්තනය :

K.G. Karunathilake

පිටු ගණන

384

Reviews

There are no reviews yet.

Be the first to review “ටාර්සන් ගේ පුත්‍රයා – Tarzenge puthrya”

Your email address will not be published. Required fields are marked *

Rs. 400.00 Original price was: Rs. 400.00.Rs. 360.00Current price is: Rs. 360.00.

In stock