වන සතුන් මැද සත් වසක් – Wana sathun mada sath wasak

Rs. 680.00 Original price was: Rs. 680.00.Rs. 612.00Current price is: Rs. 612.00.

ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාද්වීපය පිළිබඳව ලියැවුණු සහස සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් මෝහනට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆට හිමි වනුයේ ද අග්‍රහණ්‍ය සම්මානනීය ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්ම සෘදයාට “පත්තියම් වේ. ඩග්ලස් රැෆල් රුහුණු වන පියසට පැමිණියේ හෘද රෝගියකු ලෙසිනි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ සේවය කිරීමෙන් සංග්‍රාම භූමියෙහි දී හෙම්බත් වූ ඩග්ලස් රැෆල් යුද්ධ සන්නාහයෙන් සමුගත්තේ නිදහස් ලොවකට පිවිසීමේ දොරටු විමසමිනි. නාගරික සුඛෝපභෝගී ජීවන චර්යාව ද ඔහුට කල් කදුරු වී තිබිණ. ඔහු රුහුණු වන ගැබට ඇතුළු වූයේ දේවාරාධනයෙන් ස්වර්ග රාජ්‍යයට පිවිසුණු තරමේ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාම වෙමිනි. දින, සති, මාස, අවුරුදු අවෑමෙන් කුරුලු කොබෙයියෝත්, ඇතැම් වන සිවුපාවෝත්, ඔහුගේ සුමිතුරෝ වුහ. ඩග්ලස් රැෆල් වල් පොල්කිච්චා සමඟ යුග ගී ගැයිය. ගිරවුන් මයිනන් සමඟ සංවාදයෙහි යෙදුණේය. කහ කුරුල්ලන්, සිවුරු හොරුන් කුඩු තනා බිත්තර ලූ පසු උන්ගේ බිත්තර හීන් සීරුවේ දෝතට ගෙන දිග පළල මැන බලා, හැඩරුව පැහැ නරඹා ආපසු තැබුවේ අහිංසක පොඩිත්තකු සේය.

In stock

Author: Douglas Raffel

වසරක් පාසා ජනී ජනයා නගර වලට ගාල් වෙති. ජීවන යන්ත්‍රයේ නිරතුරු ඇබරෙති. මෙය බලවත් මානසික වධයකි. වේදනාවකි. අතෘප්තියකි. වසර ගණනාවක් මෙසේ ගාල් වී සිට යුද හමුදා සේවයේ සමාප්තියට පත්වූයේ හෘද රෝගියකු වශයෙනි. එය වෙස්වළා පැමිණි දේවාශිර්වාදයක් වැන්න. මා එතැනින් බැහැරට විසිකර දැමුව ද නිදැල්ලේ දවස් ගෙවූ නමුදු නාගරික ජීවිතයේ පීඩාවක් සමනය වූයේ නොවේ. ඉක්බිති ස්වර්ග රාජ්‍යයෙන් හිමි වූ වරමක් සේ මුහුදු බඩ කුඩා නගරයකට නුදුරෙහි වූ වනගත අක්කර කිහිපයක් තුළ පිහිටි කුඩා නිවහනක විසීමට අවස්ථාව ලැබිණ. හාත්පස වනාන්තරය සැතපුම් ගණන් ඈතට විහිදී පැවැති සේම ලුණු ලේවායන් ද පසෙක විය. පක්ෂීහු සිවුපාවෝ එහි වූහ. මම ඒ පරිසරය ග්‍රහණය කැර ගතිමි. ඒ නිවහනෙහි පදිංචියට ගිය ප්‍රථම දින රාත්‍රියෙහි, හාත්පස වනයෙහි හුදෙකලාව හැසිරුණු. පසු අවස්ථාවන්හිදී මට මුණ ගැසුණු තනි අලියකු විසින් තාප්පයෙහි කොටසක් පෙරළා දමන ලදී. තවත් තැනකින් එය බිඳ හෙළා අලියා සුපුරුදු ගොදුරු බිමට ගියේ ය. මට උපකාරී වීම සඳහා සිටියේ එක් සේවකයකු පමණි. ඔහු රාත්‍රි කාලය ගත කරන්නේ සිය දරු පවුල සමඟ නගරයේ පිහිටි නිවසෙහි ය. පසු දින උදෑසන ඔහු තනි අලියා කර ඇති අලාභයත් උගේ විශාල පා සලකුණත් මට පෙන්වූයේ චකිතයෙනි.

Publisher

සූරිය ප්‍රකාශකයෝ Sooriya Publishe

පරිවර්තනය :

Sarathchandra jayakody

පිටු ගණන

259

Reviews

There are no reviews yet.

Be the first to review “වන සතුන් මැද සත් වසක් – Wana sathun mada sath wasak”

Your email address will not be published. Required fields are marked *

Rs. 680.00 Original price was: Rs. 680.00.Rs. 612.00Current price is: Rs. 612.00.

In stock