චූලාභය ශාන්ත කුමාර හේරත් - Chulabhaya Shantha Kumara Herath

චූලාභය ශාන්ත කුමාර හේරත් - Chulabhaya Shantha Kumara Herath

  • 2
  • -20%
    (0)

    මා

    ජීවිතය මහ පුදුමාකාර දෙයකි.සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ.සියල්ල තීරණය කරනු ලබන්නේ එ මොහොත විසිනි.අවසන ශේෂ වනුයේ කලකිරිම් හා පසුතැවීම් පමණි.ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත.හේතු සොයන්නට යෑම ද නිශ්ඵලය.ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය.එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නන්නාදුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත.එ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද එ මොහොත විසින්ය.

    Rs. 1,040.00
  • -20%
    (0)

    ප්‍රේමසුත්‍ර

    ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.

    එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය.

    අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි

    Rs. 1,120.00