ආරියනන්ද දොඹගහවත්ත - Ariyananda Dobagahawaththa
- 2
-
(0)
අබිරහස් කඳුවැටිය – Abhirahas Kanduwatiya
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.ඒ දප්තිමත් උදෑසනකි. කුඩා ගුවන් තොටුපොළක නවතා තිබූ සුදු පැහැති ගුවන් යානයේ එංජිම මිනිස්සු දෙදෙනෙක් කඩිනමින් පිරික්සමින් සිටියහ. පසෙකට වී එදෙස වුවමනාවෙන් බලා සිටින ළමයින් සිව් දෙනෙකි.
අප්‍රිකාව බලා ගුවන් ගත වීමට නියමිත තම දෙමාපියන්ට සුබ පැතීම සඳහා මෙම ළමයි ගුවන් තොට වෙත පැමිණ සිටියහ. තාවකාලිකව හෝ තම දෙමාපියන් ගෙන් වෙන් වීමට සිදු වන නිසාදෝ දුක්මුසු මලානික බවක් ඔවුන් වෙතින් දිස් විය. “ ආශ්චර්යවත් ගුවන් ගමන් වික්‍රම ගණනාවක් ම කළ අමිමෙකුයි තාත්තෙකුයි ඉන්න එක නම් සතුටක්. ඒත් ඒ අය ඈත රටකට යන එක නම් සතුටක් නෙවෙයි.” ළමයින් සිව් දෙනාගෙන් එක් අයකු වු මයික් පැවසුවේ ය.
” ඒ වුණාට එයාලා ඉක්මනටම ආපසු ඒවි. ඕනෑ නම් තව සතියකින් විතර ආපසු අපට ඒ අය දැක ගන්නට ලැබේවි.” මයික්ගේ නිවුන් සොයුරිය තෝරා පැවසුවාය.
” කොහොම වුණත් මට නම් හිතෙනවා ඊට වඩා දිගු කාලයක් ගත වෙයි කියලා.” එවර මයික් පැවසුවේ දොම්නස් සහගත ස්වරයකිනි. -
(0)
බෙරගල කන්දේ නිධානය 1 – Beragala Kande Nidhanaya 1
Rs. 550.00Original price was: Rs. 550.00.Rs. 440.00Current price is: Rs. 440.00.මේ ගමනට ගෙදරින් අවසර දේවිද?
අපේ සිත් තුළ මතුවුණ ඉමහත් කුතුහලය නිසාම අපි මොහොතක් ගොළුවීමු. අනතුරුව වක්කඩ කඩා හැළුණාක් මෙන් අපි එකිනෙකා නිමල් අයියාගෙන් එක දිගට ප්‍රශ්න අසන්නට වීමු.
” බෙරගල කන්ද කොහෙද තියෙන්නේ? ”
” ඒක තියෙන්නෙ කුරුවිට පැත්තෙ ”
” ඒ කන්ද ගොඩාක් උසයිද? ”
“ඔව්. සෑහෙන්න උසයි. ඒක කන්දක් කීවට සැතපුම් සිය ගණනක් ඈතට විහිදුණු කඳු වැටියක්. මේ බෙරගල කන්දත් ඒ කඳු වැටියේම කොටසක්. බෙරගල කන්ද වටා පැතිරුණ මහ වනය තමයි මේකෙ තිබෙන විශේෂත්වය.’
” මොකක්ද ඒකෙ තිබෙන විශේෂත්වය ? ‘
” ඒක වසර දස දහස් ගණනක් ඉපැරණි මහා වනාන්තරයක්.’ නිමල් අයියා විස්තර කරන්නට විය. ඒකෙ දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටි, දුර්ලභ ශාක වර්ග වගේම වෙනත් ප්‍රදේශ වල දක්නට නැති පාෂාණ වර්ගත් තිබෙනවා.”
“එහෙම වෙන්නෙ කොහොමද? ඒ වනාන්තරයෙ පමණක් එහෙම විශේෂයක් මොකද?” කෝකටත් හොට දමන නාලිනී ඇසුවාය.
“එවැනි විශේෂ භුමි ලක්ෂණ තිබෙන තැන් අපේ මේ මහ පොළොවේ විවිධ ස්ථානවල තියෙනවා.* නිමල් අයියා මඳක් කල්පනාකාරීව කීවේය. උතුරු ඇමෙරිකාවේ තියෙන පංච මහා විල් ප්‍රදේශ එවැනි එක් තැනක්.

