• -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.
  • -10%
    (0)

    යුවතියකගේ ප්‍රේමයක – Yuwathiyakage premaya

    වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පහුවෙන්න ඔන්න මෙත්ත කියලා. වෙනදා නම් දවස තිස්සෙම එක එක කන් කරවල්වලින් පිරිලා තියන නගරෙන් ඒ ඝෝෂාව ටිකක් තුනී වෙන වේලාව. ඒත් එදා ඒකට විවේක ගන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිදහස් සමරු ප්‍රදර්ශන කුටි නරඹන්න දස දෙසින් ඇදී ආව යාන වාහන වලින් මිනිසුන්ගෙන් නගරේ පිරි තිබුණ හන්දා. නගරේ විතරක් නෙමේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙක් එදා තිබුණේ කාලෙකින් දකින්න නොලැඛෙන තරමේ ජනාකීර්ණ බවක්. මගී ජනයා එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නැහැ. යාන වාහන ඇති උදවිය ඒවයේ නැගලා අනිත් අයට පේන්ඩ බොහොම උජාරුවට ” රුස්” ගාලා ඉගිල්ලිලා ගියත් යාන්තම් එදාවේල පිරිමහගන්න සාමාන්‍ය ජනයාට ජනතා සන්තකේ පිහිට ඇර වෙන පිහිටක් තිබුණේ නැහැ. වැඩි දෙනෙක් දුර බැහැර ඉඳලා ඇවිත් තිබුණේ අතේ මිටේ යහමින් කාසි පනම් තිබුණ හන්දා නෙමේ. දරු මල්ලන්ගේ කන් කරවිට්ටලෙන් බේරෙන්න බැරිම හන්දයි. නගරේ තියෙන අනේකවත් අරුමෝසම් බඩු දැකලා ඒවා තමන් සන්තක කරාගන්න ළමා ළපටි වුන් කරපු කන් කෙදිරි ගැමි ඇහෙන නැහෙන ගානට වැඩිහිටියෝ හිටියේ එවුන්ට තිබුණ අනාදරය නිසා නම් නෙමේ.

    Original price was: Rs. 600.00.Current price is: Rs. 540.00.
  • -10%
    (0)

    ජන ප්‍රියයි රසකතා – Jana Priyayi Rasa Katha

    ජනා මාර්ගය අයිනේ මේසයක් මත රඹුටන් ගොඩ ගසාගෙන මහ හයියෙන් කෑ ගසමින් ඒවා විකුණමින් සිටියි.

    ජනා – මල්වානේ රඹුටන් ඇඹුල් නෑ  මල්වානේ රඹුටන් ඇඹුල් නෑ! මල්වානේ රඹුටන් ඇඹුල් නෑ!

    ජනා කෑ ගසමින් සිටින අතරවාරයේ ප්‍රියා ඒ අසලින් යන්නට යයි. ජනා, ප්‍රියා දැක සිනාවක් පාමින්…

    ජනා – මහත්තයා දෙන්ඩද…?

    ප්‍රියා – කියද…?

    ජනා – සීයට දහයයි…

    ප්‍රියා – දහයක් දෙන්ඩ… ප්‍රියා රුපියල් සීයේ නෝට්ටුවක් ජනාට දී එක් රඹුටන් ගෙඩියක ලෙල්ල ඉවත් කර කටේ දමා ගන්නා අතර ඔහුගේ කට ඇඹුල් වි

    ප්‍රියා – ඇඹුල්නේ

    ජනා – ඇඹුල් ඇඹුල්…

    ප්‍රියා – එහෙනම් ඇඹුල් නැ කිව්වේ? ජනා – ඒ මල්වානේ ඒවනේ… ප්‍රියා අනා අතින් මුදල් නෝට්ටුවත් උදුරාගෙන වාගේ එතැනින් යන්නට යන්නේ තරහින්ය.

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -20%
    (0)

    බලාපොරොත්තුව – Balaporotthuwa

    අඳුරු සමයන් අතරින් ඇවිදිමින් සිටිමු. ලොව නන්දෙස අවි ගැටුම් ය. ආගම සහ ජාතිකත්වය මත වෙනස් ව සැලකීම්, වෛරී අපරාධ, ත්‍රස්ත ප්‍රහාර. බොහෝ විට ප්‍රචණ්ඩත්වයට පෙරළෙන පෙළපාලි සහ විරෝධතා අවුළුවා ලමින් කරන්නේ, දේශපාලනය පද්දවා අන්ත දක්ෂිණාංශය දෙසට තල්ලු කර යැවීමකි. එයින් පුළුල් කෙරෙන්නේ ඇති – නැති පරතරයයි. කැකැරෙන්නේ වෛරය සහ නොසන්සුන් බවයි. බොහෝ රටවල ප්‍රජාතන්ත්‍ර වාදය පවත්නේ තර්ජනයට ලක් වෙමිනි. ඒ සියල්ලත් මත කොවිච් – 19 වසංගතය ලොව සිසාරා අවුල් ජාලයක් කරවමින් නිමක් නැති දුක් සහ මරණ, රැකියා අහිමි කරවීම් සිදුකර තිබේ. ඒ අතර, අප දන්නා තරමින්, මඳක් පසුපසට තල්ලු වී වුවද, මහ පොළොව මත සමස්ත ජීවයේ ම අනාගතයට බරපතළ තර්ජනයක් වන දේශගුණික විපර්යාස ද තිබේ. දේශගුණික විපර්යාසය අපට බලපෑම් කරන්නේ අනාගතයෙහි නොවේ. ලොව වටා කාලගුණික රටාවන් අවුල් කරමින්, හිමකඳු දිය කරමින්, මුහුදු ජලමට්ටම ඉහළ යවමින්, චණ්ඩ මාරුත, කුණාටු, සුළි සුළංවලට විනාශකාරී ලෙස හැසිරෙන්නට ඉඩ හරිමින්, අද වන විටත් තිබෙන්නේ එයින් බලපෑම් එල්ල වෙමිනි.

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.
  • -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 3 – jiwithaya wenas karana katha 3

    ඔහු ජීවිතය ගත කළේ හරිම සරලව, දෙවන ලෝක යුද්ධ සහ ජන මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළත්, තමන්ගේ වෘත්තීය තුළ සැලකිය යුතු යමක් කරන්න ඔහුට බැරි වුණා සියන හැඟීම නම් ඔහුගේ මනසේ විටින් විට සක්මන් කළා. තමාට ජන මාධ්‍යවේදියෙකු ලෙස ජනප්‍රිය වෙන්න බැරි වුණා, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සමත් ලියන්න හැරී වුණා කියන දුක ඔහුගේ හිතේ නැංගුරම් දාලා තිබුණා. “පරණ පත්තරකාරයෙක්දැ ඒත් මම නම් මය මනුස්සයාගේ නම කවදාවත් පත්තරේක දැකලා නැහැ. ඒත් ඉතිං හොඳ මිනිහා. කාටවත් කරදරයක් නැහැ. ඔහු ගැන දන්න කියන වටේ අය ඔහු ගැන කෙටියෙන්ම කියන්නේ ඔන්න ඔහොම දේවල් මෙන්න දවසක් මේ අප්‍රසිද්ධ පරණ පත්තරකාරයාට එංගලන්තයේ තිබෙන ප්‍රසිද්ධ රූපවාහිනි නාළිකාවකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සැබැවින්ම එය පුදුමයි. ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකට ඔහුට ආරාධනාවක්. රූපවාහිනි නාළිකාවකින් වැඩසටහනකට ඔහුට ආරාධනා කළ ප්‍රථම අවස්ථාව. දැන් ඔහුගේ වයස අවුරුදු අසූවයි. ඉතිං ඔහු එම වැඩසටහනට ගියා. ඇත්තටම ඒක ඔහු හිතුවාට වඩා විශාල සහ ජනප්‍රිය වැඩසටහනක්. ඒත් මට ඇයි කතා කළේ? ඔහු නිහඬව ප්‍රශ්න කළා. විශිෂ්ට ලේඛකයන්, ජනප්‍රිය නළුනිළියන්, ප්‍රවීණ විද්වතුන් මීට කලින් සහභාගි වෙලා තිබුණ ඒ දැවැන්ත වැඩසටහනට මෙයාට කතා කළේ ඇයි කියන දේ එයාගේ බිරිඳටත් ප්‍රශ්නයක්.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -20%
    (0)

    ජීවිතය වෙනස් කරන කතා 4 – Jiwithaya wenas karana katha 4

    මේ ලෝකය පිරිලා තියෙන්නේ අපුරු කතාන්දර වලින් විටෙක ලෝකය වෙනස් කරන්නත්, තවත් විටෙක ලෝකය විනාශ කරන්නත්. ඒ වගේම විනාශ වුණ ලෝකය නැවත හදන්නත් මානව ඉතිහාසය තුළ කතාන්දර ලොකු මෙහෙයක් සිදු කළා. එය ඉදිරියටත් එලෙසම සිදු කරයි. සමහර තතාන්දර පසුකාලීනව මහා සංස්කෘති බවටත් පත් වුණා. තවත් සමහර නතාන්දර ආගම් බවටත් පත් වුණා. සංස්කෘති සහ ආගම් බවට පත් වුණ කතාන්දර ඒ විදියටම රැක ගන්න මිනිසුන් දිවි හිමියෙන් යුද්ධ කරපු අවස්ථාද ලෝක ඉතිහාසයේ එමටයි. මේ සියලු දේවල් දිහා සන්සුන් මනසින් බලද්දී අපව ජීවත් කරවන්න සියවස් ගණනාවක් තිස්සේ කතාන්දර කොයි තරම් බලපෑමක් කරලා තියෙනවාද යන්න ඔබට වැටහේවි. කතාන්දරයක් කියා ගන්න භාෂාවක් දන්නේ නැති කාලේ පවා මිනිස්සු ගස් ගල්වල කුරුටු බලි අඳිමින් මොකක්දෝ කතාන්දරයක් කියන්න උත්සාහ කළා. සැබැවින්ම මිනිසා කියන්නේ කතාන්දර කියන්න සහ කතාන්දර අහන්න කැමැති සත්ත්වයෙකු (Storytelling Animal). තවත් අයුරකින් කියනවා නම්. අපි නමයි ලෝකයේ කතාන්දර හදන සහ කතාන්දර අහන එකම ජීවියාත්. මම දන්නේ නැහැ අනෙක් සත්ත්වයන් ඔවුන්ගේම භාෂාවකින් කතාන්දර කියනවාද කියලා. කොහොම වුණත් කතාන්දර නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම පරණ නොවන කතාන්දර වලින් ජීවිතය වෙනස් කරන්න ඉදිරි පිටු වෙන් වෙනවා. ඔබ අහන, දකින සහ අත්විඳින සෑම කතාන්දරයකම කියන සහ පෙනෙන මතුපිට කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දරයක් තියෙනවා. සැබැවින්ම කියන කතාන්දරයට වඩා නොකියන විශාල කතාන්දර සහිත කතා විශිෂ්ටයි.

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.
  • -20%
    (0)

    5D මිරකල් – 5D miracle

    2015 මැයි 23 වෙනි රාත්‍රිය සුන්දරත්වයේ කඩතිර වලට මුවා වී අසුන්දර ම දේ සිදුවිය හැකි එය වසරේ සුන්දර ම මාසය විය. දීප්තිමත් හිරු රශ්මිය පවා ඉඳ හිට වැටෙන වැහි පොදකින් සෞම්‍යවත් වූ දහවලකින් පසුව උදා වූ රාත්‍රියක් විය. දිනය පුරා පිපී, සුවඳ විහිද වූ වෙසක් මල් ක්‍රමයෙන් නිදි ගන්නා රාත්‍රියක් විය. වෙසක් පොහෝ දිනය පසු වී දින කිහිපයක් ඉකුත්ව තිබුණ ද තවමත් සඳ රැස් බිඳක් පතිත වෙමින් හාත්පස සෙවණැලි මැවී ය, වෙසක් සිරි නරඹන්නට මහ මගට බට ජනයාගේ රිය සක් හඬින් මෙන්ම, කෑකොස්සන් නගන හඬින් ද වරින් වර රාත්‍රියේ නිහඬතාවයට බාධා පැමිණුනෙන් එය නිස්කලංක රාත්‍රියක් ද නොවීය. කලබල මංමාවත් සන්සිඳුණේ රෑ මැදියම ද ආසන්න වෙමින් පැවතියේ දීය. මිනිසුන් විසින් ඇති කරන ලද නානාවිධ ශබ්ද ක්‍රමයෙන් යටපත් ව යද්දී පරිසරය විසින් ඇති කරන ශබ්ද වඩාත් උස් ව ඇසෙන්නට විය. වැටුණු මඳ වැස්සෙන් උදම් වූ නිශාචරයන්ගේ හඬට විටින් විට රෑහි හඬක් ද මුසු විය.

    Original price was: Rs. 1,500.00.Current price is: Rs. 1,200.00.
  • -20%
    (0)

    වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha

    තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.
  • -20%
    (0)

    සඛී භාර්යා – Saki barya

    සිහින් සිලිටි මීදුම් පටලය සෙමින් තුනී වෙමින් තිබිණ. කැටයම් කවුළුවෙන් ගලා විත් දුහුල් සේද තිර රෙදි අතරින් පෙරී ආ උණුසුම් අව් රැල්ල විසින් යුගල යහන මත සිත්තම් කරන ලද රටාවේ කෙළවරක් ජයම්පතිගේ වම් කම්මුල මත වැටුණි. සියුම් කිතියක් සේ මුලින් දැනුණ උණුසුම කෙමෙන් දැඩිවත්ම නින්දත් නොනින්දත් අතර දෝලනය වෙමින් සිටි ඔහුට ගෙඋයනෙහි කෙළවර අඹ ගසෙහි හිඳ තොරතාංචියක් නැතිව කලබල කරන පොල්කිචි රංචුවේ කිවි බිචිය ඇසෙන්නට විය. සෙමින් දෑස් අරින්නට උත්සාහ කළද ඇසිපිය මත මහත් බරක් පටවා ඇති සෙයකි. කිසියම් කෙඩෙත්තුවකින් මුළු සිරුරම රිදුම් දෙයි. ඔහු දෑස ඇරියේ මහත් වෑයමකිනි. ඒ වන විටත් උදෑසන අරුණැල්ල කාමරය එළිය කර තිබිණි. තමා වැතිර සිටින්නේ තම නිදන කාමරයේ යුගල යහන මත උඩුබැලිව බව ඔහුට හැඟුණේ තත්පර කීපයකට පසුවය. පාවහන් තවමත් පාදවලය. පෙරදා උදෑසන කාර්යාලයට යන්නට හැඳ පැළඳ ගත් ඇඳුම් පැළඳුම් වලින් අඩුම ගණනේ ටයි පටිය වත් ගලවා නැත.

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.
  • -20%
    (0)

    හිරිකඩ – Hirikada

    මඳ අඳුර මුසු වූ අරුණෝදය තවමත් අලුත් දවස පිළිගන්නට නොකමැත්තෙන් මෙනි. අතහැර දැමුණු වෙල් යායේ ගෙවුණු රාත්‍රියේ පන් ගස් අතර නිදි සුව විදි කුරුලු බටිත්තෝ නිදි ගැට කඩමින් ඇහැරෙත් දී වෙල් යායේ කෙළවරකට වන්නට පිහිටි දේවිකාගේ කුඩා නිවස වෙල්යාය මත වියන් බැඳි සිහින් මීදුම අතරින් ඡායාවක් මෙන් ඈතට පෙනෙයි. නිවසේ වහලයෙන් පිට වන දුම් රොටු උදෑසන හිස් අහස් කුස සිපගනිත්දී දේවිකා ළිපගිනි අවුළවමින් ළිප අසලටම වී ඒ දෙස බලා බර කල්පනාවකය. උන්දැට උන දේ හොංකවිසියක්වත් මට හිතාගන්න බෑ. හරියට හොරු අරන් ගියා වගේ. ගමේ එකාල මොන තරම් කතන්දර කීවත් මයෙ හිත නම් කියන්නෙම තිස්සට කිසිම ආන්තරාවක් නෑ කියලයි. කවදහරි දවසක තිස්ස මේ වැට කඩුල්ල පැනල ගෙට ගොඩවදිනව කියල මට සහතිකයි. ඒත් එතකන් අපි ජිවත් වෙන්න එපැයි. ඒ හින්දයි හොඳට හිතල අද මේ තීරණය ගත්තෙ..ළිප් ගල් තුනට හිර වී ඇති වතුර කේතලය යහමින් පැසෙත් දී ඒ වගක්වත් නොදත් දේවිකා මොහොතින් කල්පනාවෙන් මිදුණෙ අසල පැදුරේ වකුටු වී නිදා සිටි හිච්චාගේ සිහින් කෙඳිරිල්ලටය. දේවිකා මොහොතින් හිස හරවා බලා උඩු කය වසාලූ මල් වැටුණු චිත්ත රෙද්ද යළි කර වටා දමා ගනිමින් මෙතෙක් හිඳ උන් ළිප අසලින් නැගිට හිච්චා නිදා සිටිනා පැදුර අසලට සමීප වූවාය.

    Original price was: Rs. 1,850.00.Current price is: Rs. 1,480.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6- Monte Cristo 6

    ඉයුජිනි දොග්ලෝර් මෙනෙවිය හා අන්දන්ද්රියා කවල් ල්කන්ති මහතා අතර ළඟදීම සිදු වන්නට නියමිත ව තිබුණ විවාහ මංගලය විධිමත් අන්දමින් විල්ෆේපාර් මැතිනියට දැනුම් දීම පිණිස දොග්ලාර් මැතිනිය විල්වෙපාර් මැඳුරට පැමිණි අන්දම අපි පසු ගිය පරිච්ඡේදයකින් දැන ගනිමු. මේ නිවේදනයට කලින් තවත් වැදගත් දෙයක් සිදු වූ බව මෙහි දී අපේ පාඨකයන්ට මතක් කළ යුතුව ඇත. එම නිසා අපි ආපස්සට පියවරක් තබා දොග්ලෝර් බැරන් තුමා ගේ මහත් ආඩම්බරයට හේතු වුද ඉතා විචිත්‍ර අන්දමින් රන් ආලේප කිරීමෙන් චමත්කාර ජනක ස්වරූපයක් ගත්තා වූ ද ඒ විසිත්ත කාමරයට ඇතුළු වෙමු. උදයේ දහයට පමණ මේ විසිත්ත කාමරයට වී, සෑම දොරක් දෙසම පරීක්ෂ්‍යකාරීව බලමින් සෑම ශබ්දයකටම ඇහුම් කන් දෙමින් කල්පනාවෙන් බරව බැංකු කරුවා විනාඩි කීපයක සිට එහා මෙහා සක්මන් කරමින් සිටියේ ය. මෙ සේ සක්මන් කරමින් සිටි ඔහු ඉවසීමේ සීමාවට පැමිණියේ සිය මෙහෙ කරුවාට කථා කෙළේය. ” එතියොන්, ‘ යි මෙහෙ කරු ඇමතිය. ” ගිහින් අහපන් පුංචි නෝනාගෙන් ඇයි විසිත්ත කාමරයේ දී මාව මුණ ගැහෙන්න ඕනෙ කිවුවෙ කියලා? මට මෙව්වර වෙලා බලා ගෙන ඉන්නත් සැලැස්සුවෙ ඇයි කියලා අහපන්.” මෙසේ සිය කෝපය පිට කළ බැරන් තුමා, අනතුරු ව සන්සුන් වූයේ ය. දාංග්ලාර් මෙනෙවිය එ දින උදයේ පියා හමු වීමට වුව මනා බව ද හමු වන ස්ථානය වශයෙන් විසිත්ත කාමරය ද නම් කර

    Original price was: Rs. 900.00.Current price is: Rs. 810.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5- Monte Cristo 5

    දෙ දිනකට පසු, පෙරවරු දහයට පමණ, විල්පෙපාර් මහතාගේ මැඳුර ඉදිරි පිට, මහා ජන කායක් රැස් වී සිටිනු දක්නා ලදි. ජෝපාබුර්ග් සේන් ඔනෝරේ වීථියේ සිට පෙපිනියෙර් විථීය දක්වා වූ මහා මාර්ගයෙහි අවමඟුල් රථ වලින් හා පුද්ගලික රථ වලින් සැදුණු දීර්ඝ රථ වාහන පෙරහරක් පෙළ ගැසී තිබිණ. මේ රථ වාහන අතර, ඉතා ඈතක සිට ආ බවක් පෙනුණා වූද අද්භූත ආකාරයකින් යුක්ත වූ ද කිසියම් රථයක් වූයේ ය. කළු පැහැ ගත්තා වුත් ආවරණය කරන ලද්දා වුත් වැගන් රථයක් හා සමාන වූ එය, මේ අවමඟුල සඳහා මුලින් ම වාගේ මෙහි පැමිණියක් වී ය. මේ පිළිබඳව කරන ලද විමසීමේ දී දැන ගන්නට ලැබුණේ, ඒ වැගන් රථයෙන් සේන්-මෙරාන් මාර්ක් විස් තුමාගේ මෘත දේහය ගෙනෙන ලද බවත් එක අවමඟුලකට සහභාගි වීම සඳහා එයත් සමග පැමිණි පිරිසට දැන් අවමඟුල් දෙකකට සහභාගි වන්නට සිදු වී තිබෙන බවත්ය. කෙසේ හෝ වේවා, පැමිණ සිටි ජන කාය අතිවිශාල වූ හ. XVIII වැනි ලුවී ගේත් X වැනි චාල්ස් ගේත් අත්‍යන්ත විශ්වාසී රාජ පාක්ෂිකයකු ව සිටි සේන්- මෙරාන් මාර්ක්ර්විස් තුමාට හිත මිතුරෝ මහත් රාශියක් සිටිය හ. මේ පිරිසට විපාර්ගේ මිතුරු පිරිස ද එක් වීමෙන් ඉතා දැවැන්ත මහා ජන සන්නිපාතයක් එ තැනට එක් රොක් වී සිටිනු දක්නට ලැබිණ.

    Original price was: Rs. 1,100.00.Current price is: Rs. 990.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4- Monte Cristo 4

    මෙම හමු වීමෙන් දින කීපයකට පසු ව, ඇල්බෙයා ද මොසර්ප්. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා බැහැ දැකීම සඳහා ශම්ස් එලිජෙහි පිහිටි ඔහු ගේ මන්දිරයට ගියේ ය. සිටුවරයාගේ මහා ධනස්කන්ධය හේතු කොට ගෙන ඔහුගේ තාවකාලික නවා තැනකට වුව ද දිය හැකිව තිබූ ඒ මහා මාළිගාවක ලක්ෂණ ඒ වන විට ද මේ මන්දිරයට ලැබී තිබිණ. ඇල්බෙයා ද මොසර්ප් මේ ‍ගමන ආවේ, දොග්ලාර් මහත්මියගේ ස්තුතිය යළිත් වරක් සිටුවරයා හට දැනුම් දීමට ය. මේ ස්තූති කිරීම දොග්ලාර් මහත්මිය විසින් ” දොග්ලාර් බැරන් තුමිය හෙවත් එමින් ද සෙවීය ” යනුවෙන් අත්සන් තබන ලද ලියුමක මාර්ගයෙන් කල් තියාම සිටුවරයාට දැනුම් දී තිබුණ බව මෙහි දී මතක් කළ යුතු ව ඇත. ඇල්බෙයා සමග පැමිණි ලුෂියෙන් දෙබ්රේ කථා බහට හවුල් වෙමින් සිටුවරයා ගැන ප්‍රශංසා මුඛයෙන් පැවසූ ඇතැම් කරුණු වල පදනම කුමක් දැයි තියුණු බුද්ධියකින් යුතු සිටුවරයාට වටහා ගැනීම අපහසු නොවූයේය. ලුෂීයෙන් තමා වෙත පැමිණ සිටියේ බලවත් කුතුහලයකින් බවත් එම කුතුහලයට මුල ස්ථානය වූයේ ශොසේ දන්තැන් වීථිය බවත් සිටුවරයා වටහා ගත්තේය.

    Original price was: Rs. 850.00.Current price is: Rs. 765.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3- Monte Cristo 3

    “ඔහු එන කන් බලාගෙන ඉඳ ලා තමයි මම මේ ආවේ.” යි ප්‍රාන්ස් පිළිතුරු දුන්නේය. ” ඉතින් ඔබ දන්නවා ද ඔහු කොහේ ද ගියේ කියලා? ” ” හරියට ම දන්නෙ නෑ; මට හිතෙන විදියට කලින් නියම කර ගත් හමු වීමකට යි යන්න ඇත්තෙ.” ” යක්ෂ වැඩක් නෙ! ” යි ආදිපාද තුමා පැවසුවේ ය. ” රෑ වෙන කන් පාරෙ තොටේ ඉන්න අද හොඳ දවසක් නෙවෙයි; මං කියන්නෙ මේ රාත්‍රිය හොඳ රාත්‍රියක් නෙවෙයි. එහෙම නේද, සිටු දේවීය? ” මේ වචන පවසන ලද්දේ ඒ වේලේම වාගේ පැමිණ සිටි  සිටු දේවිය අමතමිනි. ඈ ආදිපාද තුමාගේ සොහොයුරු තොර්ලෝනියා මහතාගේ අතට වාරු වෙමින් සිටියාය. ” මට නම් හිතෙන්නේ ඒකෙ අනිත් පැත්ත: මට හිතෙන්නෙ අද හරි සුන්දර රාත්‍රියක් කියලා,” යි සිටු දේවිය පිළිතුරු දුන්නා ය. ” මෙතන ඉන්න උදවියට ඒකෙ එකම වැරැද්දකුයි පේන්න පුළුවන් – ඉක්මනට ගෙවිලා යන එක.” ”මං කථා කරන්නෙ මෙතෙන්ට රැස් වෙලා ඉන්න උදවිය ගැන නෙවෙයි,” යි මඳ හසක් නඟමින් ආදිපාද තුමා පැවසීය. ” මෙතන පිරිමින්ට තියෙන එක ම අන්තරාව නම් ඔබ සමඟ පෙමින් බැඳී යෑම: ගැහැනුන්ට තියෙන එක ම අන්තරාව ඔබේ ලස්සනට ඊර්ෂ්‍යා කරන්න සිද්ධ වීම. මම කලින් කිවුවේ රෝමයේ වීදිවල ඇවිදින අය ගැන. ” ” ආ ! ” යි මෙහි දී සිටු දේවිය රාවයක් නැඟුවාය. ” කවුද මේ වෙලාවෙ රෝමයේ වීදිවල ඇවිදින්න යන්නෙ? බාල් උත්සවයකට හේම යනවා නම් මිසක්.” ” අපේ යාළුවා, සිටු දේවිය, ඇල්බෙයා ද මොසර්ෆ්, අද රාත්‍රි හතට විතර නාඳුනන රූමතියක් පස්සේ මිනිහා යනවා මම දැක්කා, ‘” යි ප්‍රාන්ස් කීය. “එ වෙලේ ඉඳන් මේ වන තුරු මට ඔහු දකින්න ලැබුණෙ නෑ. ”

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 – Monte Cristo 2

    හුස්ම හිර වී විසංඥ වේගෙන ම වාගේ යත් දී මහත් වෑයමෙන් දෙකට නැමී යකඩ බෝලය බැඳ තිබුණු කඹ පට බලවත් උත්සාහයකින් කපා දැමීමට ඔහු සමත් වීය. ඉක්බිති ව තද බල වෑයමක් දරා ඔහු දිය මතු පිටට එම තමාට මිනී පොරෝණයක් වීමට තිබුණු ගෝනිය යකඩ බෝලයත් සමඟම දිය යටට කිඳා බසිනු ඔහු දිටීය. හුස්ම ගැනීමට පමණක් මොහොතක් දිය මතු පිටට වී සිටි ඔහු, කිසිවෙකු ගේ දෑසට තමා ලක් වෙති යි බිය ගත්තේ, එ කෙණෙහි ම යළිත් දිය යටට කිමිදී ගියේය. දෙවැනි වරට ඔහු මතු වන විට සිටියේ මුලින් වැටුණු තැනට පියවර පනසකට පමණ ඈතිනි. තම හිසට උඩින් කාල වර්ණ වුත් කැළඹී ගියා වූත් අහසක් පැතිරි තිබෙනු ඔහුට පෙනිණ. වාෂ්ප සමූහ සේ එහි වේගයෙන් පා වී ගිය වලා අතරින් තරුවක දිලිසීමක් මොහොතකට ඔහුට දකින්නට ලැබිණ. ඔහු ඉදිරියෙන් මුහුදේ මහා ජල කඳ ඉමක් කොනක් නොමැති ව පැතිරී තිබිණ.

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.
  • -10%
    (0)

    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 – Monte Cristo situvaraya 1

    ඔහු එනු දුටු කෙණෙහි ම, අප මුලින් සඳහන් කළ තරුණ තෙමේ, වහාම නියමුවා අසලින් ඉවත්ව, හිස් වැසුම අතට ගෙන නැව් තට්ටුවේ අයිනකට පැමිණියේ ය. ඔහු කාල වර්ණ දෙ නෙතකින් ද, රේවන් කවුඩකුගේ පියා පත් වැනි කළුවන් කෙස් කළඹකින් ද හෙබි දහ නව හැවිරිදි නැත හොත් විසි හැවිරිදි හින්දැරි උස තරුණයෙක් වී ය. තොටිල්ලේ සිට ම අතුරු අන්තරාවන්ට භාජනය වීමට හුරු පුරුදු වූ මිනිසුන් කෙරෙහි පමණක් දක්නට ලැබෙන උපශාන්ත ගැඹුරු බවකුත් දඩි අධිෂ්ඨාන ශක්තියකුත් ඔහුගේ මුහුණෙහි පිළිබිඹු වී තිබිණ. ” ආ ! මේ ඔබ ද දාන්නේ? ” යි කුඩා බෝට්ටුවෙන් නැව අසලට පැමිණි තැනැත්තා කෑ ගසා ඇසී ය. ” මොක ද වෙලා තියෙන්නේ? මොක ද නැවේ මෙච්චර දුක් මුසු පෙනුමක් තියෙන්නෙ? ” ” මහා විපත්තියක්, මොරේල් මහත්මයා! ” යි තරුණයා පිළිතුරු දින. “ මහා විපත්තියක් සිද්ධ වුණා: විශේෂයෙන් මට සිද්ධ වුණා. සිවිටා වෙකියා දුපතට ටිකක් එහා දි අපේ එඩිතර කපිතන් ලෙක්ලෙයාර් අන්තරා වුණා.” එනකොට නැවේ බඩු? ” යි නැව් හිමියා මහත් සේ විමසුම් සහගත වී ය. ” නැවේ බඩු ඔක්කෝම පරිස්සමෙන් තියෙනවා, මොරෙල් මහත්මයා: ඒ ගැන ඔබට බය වෙන්න කාරණයක් ඇති යි කියලා මම හිතන්නෙ නෑ, නමුත් අසරණ කපිතන් ලෙක්ලෙයාර් – ” ” ඔව්, මොකද වුණේ ඔහුට?” යි මෙහි දී සැනසිලි සහගත ව නැව් හිමියා ප්‍රශ්න කෙළේ ය. ” ඔව්, මොක ද වුණේ අපේ හොඳ කපිතන්ට? ” ඔහු මැරුණා. ” ” මුදට වැටිලා? ” ” නෑ, මහත්මයා. ඔහු මැරුණෙ මොළයේ උණෙන්, හරියට දුක් විඳලා “

    Original price was: Rs. 980.00.Current price is: Rs. 882.00.