-
ගඟ අද්දර කැලේ – Ganga addara kale
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා
-
පෑදි දියට බොර දිය – Pedi diyata bora diya
Original price was: Rs. 300.00.Rs. 270.00Current price is: Rs. 270.00.ගෙට්ටුවෙන් ඇතුළු වෙත් ම, මගේ සිත්හි පහළ වූයේ සැනසිලි දායක හැඟීමකි. ඒ ආලින්දයෙහි වූ වේවැල් පුටුවක හිඳ ගෙන සිටි පසියා දැකීමෙනි. බිත්තිය අසල ලෑලි බංකුවේ හුන් මිනිසා මගේ පතුට කහවුරු කෙළේය. ධර්මදාස අයියා පුංචිරාල සමග පැමිණ ඇත්තේ මගේ ලිපියට සැලකීමක් වශයෙන් විය යුතුය. අවුරුදු නිවාඩුව අවසන් වී මා මිස්ට කරුණාපාලලාගේ ගෙදර එන විට මැණිකා අස්වී ගොස් සිටියාය. ඉන් පසු ගෙදර වැඩට උදව් වීම සඳහා ගැහැනු ළමයකු සොයා ගැනීමට ගත් උත්සාහයෙන් පලක් වී නැත. නිතර දෙවේලේ මිසිස් කරුණාපාලගේ කන්කෙදිරිය වූයේ සහායට කිසිවකු නොමැතිව ගෙදර වැඩ ටික කර ගත නොහැකි වීම ගැනය. අසියා ඒ ප්‍රශ්නය විසදා ගෙන පැමිණ සිටී. විශ්ව විද්‍යාලයේ දවල් එකට ආරම්භ වන දේශනයට යාමට පෙර මට කෑම සුදානම් කර දිය නොහැකි වූ ඇතැම් දිනෙක මිසිස් කරුණා පාලගේ කෙඳිරිල්ල වැඩි වෙයි. මගේ පංති වේලාවට කොතරම් ප්‍රමාද වූවත්, මා උදේ තේ හෝ දවල් කෑම හෝ නොගෙන යාම ගැන ද ඈ අකමැති වෙයි. සැබවින්ම ඇයට ළමයින් දෙදෙනාගේ කටයුතුත් ගෙදර වැඩත් සියල්ල තනිව කර ගැනීම අපහසුය. වැඩකාර ළමයකු සොයා ගැනීම සඳහා දිනමිණ පත්‍රයේ පළ වූ දන්වීමෙන් ද පලක් නොවීය. ගෙදර වැඩකාරියක නොසිටීම කරුණාපාල පවුලේ අයට මෙන්ම මට ද මහත් හිරිහැරයක් විය. මිස්ට කරුණාපාල හෝ මිසිස් කරුණාපාල හෝ මට නම් කිසි දිනෙක ළමයකු සොයා දෙන ලෙස කියා නැත. කවුරුන් හෝ සොයා ගැනීමට විපරම් කරන ලෙස දන්වා ගමේ අයියාට ලිපියක් යැවිය හැකි බව පළමුව සඳහන් කරන ලද්දේ මා විසිනි. “පිරිට පුළුවන් නං කොයි තරං එකක්ද? අනේ සිරි අද ම එහෙනං ලියුමක් දමන්න, ” මිස්ට කරුණාපාල කීය. මා ධර්මදාස
-
සෝවියට් රුසියන් කතා කලබ 2 – Sowiet russian keti katha
Original price was: Rs. 475.00.Rs. 427.50Current price is: Rs. 427.50.මොස්කව් අසල පෙදෙසට වසන්නට පැමිණි විට, හිම කාලයේදී ක්‍රීඩා කිරීම සඳහා පාවිච්චි කළ ‘ලිශි’ නැමැති දිගැති ලි පතුරු ගබඩා කිරීම පිණිස මම අප නිවසෙහි අට්ටාලයට නැංගෙමි. අට්ටාලයේ පරාලයක එල්ලා තිබුණු රිඛින පලු පොකුරක් මගේ නෙත ගැටිණි ලීම තැන්පත් කිරීමට මා අට්ටාලයට නොගියේ නම්, මේ රිඛින පලු ගැන මට මතක් නොවනු ඇත පසුගිය සරත් සමයේදී මේ රිඛින මා විසින්ම එකතු කරනු ලැබ ලනු පොටක අමුණා එල්ලා තිබිණි ඉස්සර කාලේ මා උපන් පෙදෙසේ මිනිසුන් අතර රිඛින. බරුනිකා, යුක්වා වැනි අනෙකුත් පලු වර්ග සහ බිම්මල් මෙන්ම හිම කාලයේදී ආහාර ලෙස ගැනීමට එකතු කරන සිරිතක් ඛිණ ගෙතුළ නොසැලකිලි අන්දමින් පත්තු කරන ලිපකින් ඇති වන මාරය නිසා හටගන්නා විපත් වලින් බේරීමටත්, හිසේ ඇම්මෙන් බරීමටත් රිඛින පාවිච්චි කරන ලදී.
-
විලම්බීත – vilambeetha
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.” තිලක උඹ කැමති ද ඉංගිරිසි විද්‍යාලයකට යන්ව? අප්පච්චි මේ ප්‍රශ්නය මතු කළේ රෑ කෑමෙන් පසු පවුලේ සියල්ලන් ම ඉස්තෝප්පුවේ පැදුරු එළාගෙන වාඩි වී බුලත් සපමින් සිටින විටය. එදා කන්ද කපා හඳ පායා තිබුණි. කජු වැටට එහා වෙල්යායට හඳ එළිය වැටිලා හරියට දවල් වගෙයි. මඳ සුළගින් පිච්ච සුවඳ ගේ පුරා ” අනේ ඔව් කියන්ට මල්ලි ” අනුලක්කා නිශ්ශබ්දය බින්දාය. ” මට මොකට ද ඉංගිරිසි විද්‍යාල ? ” ” මදැ පෙරුම් පුරලා ඇහුවා !” අම්මා කට කොනකින් සිනාසුණාය. ” අනේ මල්ලී කොච්චර හොඳ ද ලොකු විද්‍යාලයක ඉගෙන ගන්න එක! ඒ කීවෙත් අනුලක්කාය. ” එතකොට අයියා කලිසං සපත්තු ඇඳලා ඉඳි මහත්තයා වගේ ” සෝමා නංගි කීවාය. ” ආය කලිසං සපත්තු!” ” එව්වා නැතුව පුළුවනැ ඉංගිරිසි විද්‍යාලයකට යන්ට! ‘ අප්පච්චි කීවේය. ” අප්පච්චි ඉතිං එව්වා මට ඇන්න දෙනවද?” “එහෙනම් මොකද? ”
-
හරි පුදුම ඉස්කෝලෙ – Hari puduma iskole
Original price was: Rs. 860.00.Rs. 688.00Current price is: Rs. 688.00.ටොමෝ නැමැති පාසල ගැනත්. එය අරඹා පවත්වා ගෙන ගිය පුද්ගලයා වූ, සොසාතු කොබයාෂි මහතා ගැනත් ලිවීම දිගු කලෙක සිටම වට අත්‍යවශ්‍ය ව පැවැති කරුණෙකි. මෙහි කිසි ම කරාංගයක් මවිසින් නිර්මාණය කරන ලද්දේ නොවේ. ඒ සියල්ල සත්‍ය වශයෙන් ම සිදු වූ ඒවා වන අතර, මට මතක් කර ගත හැකි වී ඇත්තේ ඉතාම ස්වල්පයක් පමණි. මේවා ලිවීමට මට අවශ්‍ය වූවාට අමතර ව, කඩ වූ පොරොන්දුවක් වෙනුවෙන් යමක් කිරීමට ද මම නොතිත් ව සිටියෙමි. මෙහි එක් පරිච්ජේදයක මා සඳහන් කළ පරිදි, වැඩුණු පසු මා ටොමෝවෙහි ඉගැන්වීමේ යෙදෙන බවට ළමතු වශයෙන් මම ගම්භීර ප්‍රතිඥාවක් දුන්නෙමි. කෙසේ වුවද එය මා ඉටු කිරීමට අවකාශ නොලත් ප්‍රතිඥාවෙකි. ඒ වෙනුවට කොබයාෂි මහතා කෙබඳු අයෙක්ද යන්න ගැන හා ළමයින් කෙරෙහි එතුමා ගේ අනුපම ආදරය සහ ඉගෙනුම සඳහා ඔවුන්ට අවකාශ සකස් කළ ආකාරය ගැන හැකි තරම් පිරිසක් දැනුවත් කිරීමට මම උත්සාහ කළෙමි. කොබයාෂි මහතා වර්ෂ 1963 දී අභාවයට පත් විය. අදත් ජීවත් වී නම් එතුමා තවත් බොහෝ දේ මට කියා දෙනු ඇත. ළමා වියේ මතක සටහන් ලෙස ම පෙනී ගිය බොහෝ දේ ඇත්ත වශයෙන්ම කිසියම් ප්‍රතිඵල සාධනය කර ගැනීම සඳහා ඉතා පරිස්සමින් සිතා මතා ගොඩ නඟන ලද, ක්‍රියාකාරකම් වූ බව මට පැහැදිලි වූයේ මෙය ලියා ගෙන යද්දී ය. මේවා ඇත්තට ම කොබයාෂි මහතාගේ සිතේ තිබූ දේ නේද? මෙසේ සිතීම කෙතරම් කදිම දැයි සිතෙන විට, එක් එක් කරුණ මගේ විස්මය සහ කෘතඥතාව වර්ධනය කළේය. මා ගැන ම සිතුව හොත් ” දන්නවද? ඔයා හරිම හොඳ ළමයෙක් !” කියමින් මා රඳවා ගත් සුවිශේෂ අකාරයෙහි අගය කෙසේවත් තක්සේරු කළ නො හැක්කේය. මම ටොමෝ වට ඇතුළු නොවූයෙම් නම්, කොබයාෂි මහතා හමු නො වුයෙම් නම්,
-
යකාගෙ ඉස්කෝලෙ – Yakage iskole
Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.සමාජය විෂමය. කුරීරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී වව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම. සමාජයට පිළිලයක් වූ දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර දීමටද ඔවුහු අරගල කරති. ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරන සුලුය. මේ ඔවුන්ගේ විරත්වයෙන්ද, උදෙත්ගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.
-
ගෙදර යන අතරමග – Gedara yana atharagama
Original price was: Rs. 380.00.Rs. 304.00Current price is: Rs. 304.00.අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. තැනිතලා දුවිලි ගොඩවල් බවට පත් වී තිබිණි. දවසින් දවස. ග්‍රීෂ්ම ඍතුවෙන් ග්‍රීෂ්ම ඍතුව අතිඌෂ්ණ සුළඟ දූවිලි පිඹිමින් හමා ගිය අතර, සූර්යයා කහ පැහැති අහස් තලයක පිත්තල පැහැයෙන් දිස් ස්විය. අස්වැන්නක් අස්වැන්නක් ගාණේ නිසරු වී ගියේය. බදු ගෙවීම සඳහා, ආහාර සහ ඊළඟ අවුරුද්දේ වචන බීජ මිල දී ගැනීම සඳහා මුඩු බිම යළි යළිත් උකස් තැබීමට සිදු විය. අස්වැන්න නොලැබුණු විට, තවත් ණය ගැනීමට නොහැකි වූ විට, පොලී සහ බදු ගෙවීමට මුදල් නැති වූ විට බලාපොරොත්තුවේ කටුක වේදනාව නිමා විය. බැංකු හිමියාට ඉඩම සින්න විය. ඊළඟට බැංකුව වස්තු භංග විය. හත්වැනි අවුරුද්දේ දී මහා ගුප්ත ව්‍යසනයක් මුළු ලොව පැතිර ගියේය. සියලු බැංකු වස්තු භංග විය. මුළු රට පුරා කම්හල් වැසී ගිය අතර, ව්‍යාපාර ඇනහිටිණි. මෙය මූල්‍ය භීතියක් විය. එය ආර්ථික අවපාතයක් නොවීය. ඒ 1893 අවුරුද්ද වූ අතර ඒ කාලයේ කිසිවකු ආර්ථික අවපාතය ගැන අසා තිබුණේ නැත. සෑම දෙනාම දැන සිටියේ මූල්‍ය භීතීන් ගැනය. 1797 දී, 1820 දී. 1835 දී, 1857 දී සහ 1873 දී මූල්‍ය භීතීන් ඇති වී තිබිණි. මුල්‍ය භීතියක් යනු සීයාට නම් අලුත් දෙයක් නොවීය. ඔහු මීට පෙර ඒවා දැක තිබුණේය; මෙයත් සාමාන්‍ය මූල්‍ය භීතියකට වඩා වැඩි දෙයක් නොවේ යැයිද, යුද්ධ කාලය තරම් නරක දෙයක් තවත් නැතැයිද ඔහු කීවේය. දැන් අප සියලු දෙනාට නිරුපද්‍රිතව නිදන්නට හැකි අතර, කෝක්සිගේ සේනාව හැරෙන්නට වෙනත් කිසිවකු වියරු වැටී ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියේ නැත.
-
පාලූ දුපත – Palu dupatha
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.පාළු දූපත සොහොයුරු සොහොයුරියන් හතර දෙනෙකු ගෙන් යුත් පවුලක බාලයා මමය. මගේ නම නන්දන ය. මා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නව වැනි වසරේ උගනිමින් සිටියදීය ඒ තීරණාත්මක දිනය උදා වූයේ. එදා සඳුදා දිනයකි. සිරිත් පරිදි පාසැල් ගිය මම වෙනදා මෙන් පාසැල ඇරී ගෙදර යාම සඳහා අනුරාධපුර බස් නැවතුම් පොලට යමින් සිටියෙමි. මා ගමන් කළේ අනික් ළමුන්ට පසුව, තනිවමය. මා යන පැත්තටම ගමන් කරමින් සිටි මෝටර් රථයක් හදිසියේම මා අසල නතර කොට, පුතා නගින්න අපි ගෙදරට ඇරලන්නං අපි යන්නෙත් ඒ පැත්තටම තමා යි කියමින් රථයේ පිටු පස අසුනෙහි සිටි කාරුණික පෙනීමකින් යුතු තලතුනා පුද්ගලයෙක් දොර අරිමින් මට ඇරයුම් කළේය. ඔහු තාත්තාගේ යහළුවකු වන්නට ඇතැයි සිතූ මම ඉතා කැමැත්තෙන් රථයට නැගුණෙමි. ඔහුගේ සිත් අදනා පෙනුම හා මොළොක් වචන නිසා එවෙලේ මට කිසිම සැකයක් ඇති නොවීය.
-
අලුත් තරුණ වීරයෝ – Aluth tharuna weerayo – Sayuru there sangramaya
Original price was: Rs. 940.00.Rs. 752.00Current price is: Rs. 752.00.මර උගුලක සිරවී පණ පිටින් මිහිදන් වීම කිසිම ආකාරයක ප්‍රීතිමත් හෝ සුබදායක අත් දැකීමක් නොවේ. මා දැන් මුහුණ දෙමින් සිටින්නේ ඒ අමිහිරි අත් දැකීමටය. ඉරිඟු ඇට මගේ හිස මතට පතිත වන්නේ දිය ඇල්ලක් පරිද්දෙනි. හිසට වැටෙන තිරිඟු ඇටවල බර දරාගත නොහැකි තරම් ය. දිය ඇල්ලක් ලෙසින් පහතට වැටෙන ඉරිඟු ඇට වැලි කන්දක් ලෙස මා වටා ගොඩ ගැසේ. දැන් මේ ධාන්‍ය කන්දේ උස අඩි දහයක් පමණ විය හැකිය. සිතාගත නොහැකි තරම් වේගයෙන් පතිත වන ධාන්‍ය කන්ද මා වට කරගෙන කෙමෙන් ඉහළ නගිමින් තිබේ. දැන් මගේ දණහිස දක්වා ඉරිඟු ඇට වලින් වැසී අවසන් ය. කෙමෙන් ගොඩ ගැසෙන ධාන්‍ය කන්ද තුළට මා ඇදී යන්නාක් මෙනි. ඉහළින් පතිත වෙන ධාන්‍ය ද සමඟ සිහින් දුහුවිලි
-
අභිරහස් බලඝනය – Abhiras balaganaya
Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.සුභ උදෑසනක් බීගල් ස්වර්ත්, එනව ඇතුළට..” හිඳ සිටි මේසය අසලින් නැගිටිමින් ගුවන් බුද්ධි ඒකකයෝ කොමදෝරු රේමන්ඩ් විසින් බලඝන නායක ජේමිස් බීගල් වත් පිළිගන්නා ලද්දේ මද සිනහවක් රැඳි මුහුණින් යුතුව ය. ඉක්බිති කෙටි රත් පැහැති කෙසින් ද දීප්තිමත් නිල් දෙනෙතින් හා දීර්ඝ කාලයක් හිරු රැසට නිරාවරණය වීමෙන් කාල වර්ණ වූ සිරුරින් ද යුතු මිනිසෙකු දෙසට අතක් දිගු කරමින් කපිතාන් රෙක්ස් ලැරිමෝර්’ යි තවකෙකු හඳුන්වා දුන්නේ ය. ඇතැම් විට කේශයේ ප්‍රතිවිරුද්ධ වර්ණය පසුබිම් කොට දෙනෙතේ පැහැය කැපී පෙනෙන්නට ඇති මුත් එවන් නිල් පැහැයක් තමා කිසි දින දැක නැතැයි බිගල්ස් මොහොතකට සිතීය. ” ලැරිමෝර්. මේ තමා මම කලින් ඔබට විස්තර කළ බලඝන නායක බිගල්ස්වර්ත්. ඔබේ යෝජනාවේ අඩු පාඩු මැන බලන්ට අපේ සේවයේ ඉන්න හොඳ ම නිලධාරියා. ඔය යෝජනාව ගැන ගුවන් සේවා මණ්ඩලේ අවසන් තීරණය දෙන්නෙ ඔහුගේ නිගමන වලට අනුවයි. හිඳගන්ට බිගල්ස්වර්ත්, මම කියන්නම් කථාව. ”
-
රහස් දූතයා – Rahas duthaya
Original price was: Rs. 560.00.Rs. 504.00Current price is: Rs. 504.00.බිහිසුණු යෝජනාවක් හිඳ සිටි තැනින් නැගිටගත් ඇල්ගර්නන් ලේසි අලස ලෙස දැත කලිසම් සාක්කු තුළ රුවාගෙන ගිනි උදුනට පිටු පා සිට ගත්තේ ය. ඉක්බිති විඩාපත් මුහුණින් යුතු ව තරමක් ඈතින් හිඳ සිටි ජින්ජර් වෙත දැඩි බැල්මක් හෙළමින් ” මේ මිනිහ කොහේ ගිහින්ද? ” යි නුරුස්නා ස්වරයෙන් විචාළේ ය. ” ඔය ප්‍රශ්න ආයෙත් ඇහුවොත් අතට හසුවුණු දේකින් තමුසෙගෙ මූණට දමලා ගහනවා” යි ජින් ජර් කෝපයෙන් ගුගුළේ ය. ”මම කොහොමද ඒක දන්නෙ?” ” දවල් කෑමට එන්ට මිනිහ පොරොන්දු වුණා නොවැ. ” අර අළුත් චිත්‍රපටිය බලන්ට යන්ට එනවා ය කියලා මටත් සහතික වුණා. දැන් තුනත් පහුවෙලා. බැරි පොරොන්දු දෙන හාදයෙක් නොවෙයි ඔය බිගල්ස්. මොකකට හරි මැදි වෙන්ට ඇති.
-
සතුරු කදවුර – Sathuru kandawura
Original price was: Rs. 560.00.Rs. 504.00Current price is: Rs. 504.00.න්තමින් පමණක් දර්ශනය වූ නැගෙනහිර ක්ෂිතිජය මුළුමනින් මැකී ගොස් කළු පැහැති වලා රැසක් ඉහළ අහසේ රැස්වන්ට වූයේ ය. වියනක් මෙන් සැදුණු මෙකී වලා ගැබේ අඳුරු වර්ණය හා සම්මිශ්‍ර ව පහත මුහුදේ දිය මඩ පැහැයට හැරිණ. අන්ධකාරය ක්‍රමයෙන් අවට පරිසරය වසා පැතිරෙන්ට වීය. ස්වකීය වැන්ඩල් වර්ගයේ මුහුදු ගුවන් යානයේ සිට, පිටත හටගත් මේ විපර්යාසයන් කැළඹුණු දෙනෙතින් නිරීක්ෂණය කළ බිගල්ස් ඇස් ආවරණය ඔසවමින් යාබද අසුනේ හිඳ සිටි තම සගයා දෙස බැලුවේය. අහසේ පෙනුම ඒ තරම් හොඳ නැහැ” ” ඔව් ” යි ඇල්ගි ලේසි හෙවත් බිගල්ස්ගේ සගයා හිස සැළීය.
-
වැලි කතරේ සංග්‍රාමය – Weli kathare sangramaya
Original price was: Rs. 560.00.Rs. 444.00Current price is: Rs. 444.00.අහස පුරා විසිරුණු තාරකාවල දීප්තිය ක්‍රමයෙන් මැකී ගොස්, නැගෙනහිරින් විහිදෙන්ට වූ නව දිනයක අරුණැල්ලෙන් පුළුල් වැලි කතර නැහැවෙන්ට විය. නොබෝ වේලාවකින් පෙරදිග ආකාශය ලා රත් පැහැයටත් ඉනික්බිති රන් පැහැයටත් හැරුණේ ය. ඈතට විහිදුණු වැලි කඳුත්, මෑතින් පිහිටි කුඩා ක්ෂේම භූමියත් හැරුණු කොට අන් කිසිත් පෙනෙන්ට නොවී ය. පරිසරය වසාගත් ගුප්ත නිහැඩියාව බිඳළමින් අහස් යාත්‍රාවක හඬ ඈතින් ඇසෙන්නට වී නොබෝ වේලාවකින් ඉංග්‍රීසි V අකුරේ හැඩයට ගමන් ගන්නා ස්පිට්හයිර් ගුවන් යානා සයක් ඊසාන දිග ක්ෂිතිජයෙන් මතු වූයේය. පෙරටුව පැමිණි යානයේ නියමු කුටියෙහි හිඳ සිටි * ප්‍රබල තුවක්කු යුගලයකින් සමන්විත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් සටන් යානයකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී භාවිතා කරන ලදී.
-
සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස – Sath sumithuran saha ruk niwase abirahasa
Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.සත් සුමිතුරන් ගේ කථා මාලාවේ පස් වැනි පොත කියවන්නයි ඔයාලා මේ සුදානම් වෙන්නේ. පිටර්. ජැක්. කොලින්, ජෝර්ජ්. පැම්. ජැනට්. බාර්බරා යන සූර වීර ළමයින් හත් දෙනා සහ ස්කැම්පර් නමින් හැඳින් වෙන සුරතල් බල්ලෙක් ගේ දක්ෂකම් ගැන කියවෙන මේ කථා මාලාව දැනටමත් ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවනවා කියලා මම දන්නවා. එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ලියවුන පොත් පහලොවක් පමණ මේ කථා මාලාවට අයිති වෙනවා. ඉතිරි පොත් ටිකත් හනි හනික ඔයාලට කියවන්න ලැබෙයි. එතෙක් නොඉවසිලිමත්ව බලා සිටින්න.