• -20%
    (1)

    අපූරු මිනිසෙක් – STEVE JOBS

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.

    ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

  • -20%
    (0)

    අහම්බකාරක – Ahamkaraka

    Original price was: Rs. 1,200.00.Current price is: Rs. 960.00.

    පළමු ආලින්දය අයිති පේරාදෙණිය තානායමට, අපගේ හමුව සිදු උනේ එතන.
    ඔහුගේ දුරකථන ඇමතුම ආවේ ඊට සතියකට පෙර.
    “මම — මහත්තයා දන්නවා ඇති සුපර්මාකට් වෙන් එකක් තියෙනවා — කියලා. අපි ළඟදී නුවරත් බ්‍රාන්ව එකක් දැම්මා.”
    නගර රතුපාට කරමින් ගොඩනගාගෙන යන ඒ සුපර්මාකට් ගැන අපි කවුරුත් දන්නවා. නගරාවකාශයේ අපේ ඇස් මට්ටම අනවශ්‍ය රතුපාටකින් ආක්‍රමණය කරන ඒ සුපර්මාකට් පැතිරීම හොඳද නරකද කියල මම මගෙන්ම අහලත් තිබුණා. සාමාන්‍යයෙන් කුඩා වෙළෙඳුන්ගෙන් බඩු ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා මම ඒ රතුපාට සුපර්මාකට් පැත්තේ යන්නේ ඉඳහිට.

    ” මම තමයි ඒවා පටන් ගත්තෙ. ඕනැ නම් නිර්මාතෘ කියන්න පුළුවන්.” ඔහු සිංහල කතාව එව්වර හුරු නැති කෙනෙකු බව ඒ වන විටත් තේරුම් ගෙන සිටි මම ප්‍රකට ව්‍යාපාරයක් හිමි එම අප්‍රකට ධනකුවේරයා ඒ යැයි මොහොතකටවත් හිතුවෙ නෑ.

  • -20%
    (0)

    8.45

    Original price was: Rs. 1,350.00.Current price is: Rs. 1,080.00.

    මල් පෝච්චි, වීදුරු කෑලි එක එක දේවල් වලින් මුළු මිදුලම හැඩි වෙලා තිබුණේ. මං තවත් ඇතුළට ලං වුණා. දොරට අත තිබ්බ ගමන්ම ඒක ඇරුණේ අර හොල්මන් ෆිල්ම් වල වගේ සද්දයක් දාගෙන. ඒ වෙලාවෙ නම් මගේ මුළු ඇඟම හීතල වෙලා ගියා. මුළු ගෙදරම කළුවරයි. ඒත් වීදුරු බිඳිච්ච ජනෙල් වලින් ලාවට වගේ හිරු එළිය ඒ ගේ ඇතුළට වැටිලා තිබුණා. මකුණු දැල් පිරිලා ගෙදර බඩු තැන තැන විසිරිලා තිබුණා. මං තවත් ඇතුළට ගියා. එතකොටයි මට හමුවුණේ රාමු කරපු ෆොටෝ එකක්. ඒකෙ මඩ ගෑවිලා ජරා වෙලා තිබුණේ, ළඟ තිබුණ රෙදි කෑල්ලකින් ඒක පිහලා පිරිසිදු කළත් ඒකෙ මූණවල් අඳුර ගන්න බැරි විදියටම විකෘති වෙලා තිබුණා.

    බිඳුනු වීදුරු කවුළු වලින් හමාගෙන ආපු සුළඟට මිශ්‍ර වෙලා තිබුණේ හුරු පුරුදු සුවඳක්. මෙච්චර වෙලා පුලුටු ගඳකින් පිරිලා තිබුණ ඒ මුළු ගෙදරම එක කප්පරයකින් සුවඳින් පිරිලා ගියා. මං මට හුරු පුරුදු ඒ සුවඳ එන පැත්ත

  • -20%
    (0)

    ගජගා – GAJAGA

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    “උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
    “ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”
    “උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”
    “ගෑ 4නි# යෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ
    පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්…
    ඔය හුඟක් ගෑ@ නු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ
    මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා…
    මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්…
    මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක
    ජීවිතේ ගොඩ දාගන්න.”
    “ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා
    පුරුදු වෙච්චි ගෑ& නි@යෙකුට තනියම ජීවත් වෙන එක
    ටිකක් අමාරුයි.”
    “මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”
    “කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.”
    “එහෙනං.?”
    “උඹ ඒක හිතා ගනින්.”

  • -20%
    (0)

    අපේයක්කා – APEYAKKA

    Original price was: Rs. 900.00.Current price is: Rs. 720.00.

    අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.

  • -10%
    (0)

    නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,260.00.

    මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කන කොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙනකොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපවිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.

    “රොමානා ජිවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක ” මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම !

    රොමානා
    නොම්බර 14
    හැනන් වීදිය.

  • -20%
    (0)

    යලි උපන්නී – yali upanni

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.

    “ඔයාලට දැන් ඉතින් කුරුණෑගලට මාරුවක් ලැබුණු හින්දා කොහේවත් යන්ට ඕනෑ නෑ. මල්පිටියේ පල්ලිය ළඟ මගේ අක්කර කාලක විතර ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒකේ ගෙයක් හදාගෙන පදිංචි වෙන්ට ” ඒ වුණාට මහම්මේ අපි නං කල්පනා කෙරුවේ. අලව්ව – නාරම්මල පාරේ ඔයාලා ළඟින්ම පදිංචි වුණොත් හොඳයි කියලයි. මොකද දන්නවද? අපේ මහත්තයා බැංකුවේ කරන රස්සාවේ හැටියට එයාට මුළු දිස්ත්‍රික්කය පුරාම ශාඛා වලට යන්ට වෙනවා. එහෙම වුණාම ළමයි දෙන්නටයි මටයි කරදරයක් නැතුව ඉන්ඩ පුළුවන් වෙන්ට එපායැ ” අනේ මන් දන්නෙ නෑ. ඔයාලට කැමැත්තක් කරගන්ට දුවේ. මට ඉතිං ඔය කොයි දේපළ තිබ්බත් වැඩක් නෑනේ. මං කාට කියලා ඕවා දෙන්නද? මං මැරිලා යනකොට අරගෙන යන්ටයැ ” ” පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සඳහටම පවතී ” කියා ජේසුස් වහන්සේ සොලමන් රජ්ජුරුවන්ට දෙවැනි සියවසේ දී පැවසුවේ ද මේ න්‍යාය ධර්මයට අනුව විය යුතුය. |

  • -20%
    (0)

    හැටේ දශකයේ අපූරු මිනිස්සු – Hete dashakaye apuru minissu

    Original price was: Rs. 500.00.Current price is: Rs. 400.00.

    බැලුමත් බේරා ගෙන ජලයත් හිස් කළ යුතුයැයි මට සිතුණි. මා කාමිනී පිලිබදව කටයුතු කළ යුත්තේ ද එලෙසය. නොඑසේ වුවහොත් බැලුම පුපුරා ජලය ද විසිරි ගොස් හානියක් වන්නා සේ කොයි සමොහොතක හෝ මා ව්‍යසනයට පත් වන්නට පුළුවන. කාමනි පිළිබඳව මා තුළ ඇති අදහස පැවසිය හැකි එකම පුද්ගලයා චරිත සේනය. ඔහු මට හිතවත්ය. වාහනයක් ඉතා වේගයෙන් අප පසු කර ගෙන ගියේය. එයින් එක දිගටම නිකුත් වුණු නළා හඬත්, ඇවිස්සුණු දුවිල්ලත් අපට අපහසුවක් ගෙන දුන්නේය. මේ සැරේ යුනිව සිටි එක්සෑම් එකේ තත්වේ කොහොම සිටීද චරිතෙ ? “ඔයා අහන්නේ විභාගෙට කොයි විදිහෙ ප්‍රශ්න එයි කියලද ? ඔව්. ඔව්. අපි නම් දැන් සිලබස් සේරම කවර් කරලයි ඉන්නේ. ඒ වුණාට සිලබස් එකෙන් පිට ප්‍රශ්නත් අහයි ද දන්නෑ නේද? එහෙම කරන්ට බෑ සේකර. ඒවා විභාග ආචාර ධර්ම වලට පටහැනියි. නීති විරෝධීයි. එහෙම දෙයක් සිද්ධ වුණොත් විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්ටත් පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු මම සතුටට පත් වුණෙමි. එතෙක් මා හිතා සිටියේ අප විභාගයෙන් අසමත් කොට විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සටකපට වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා ඇතැයි කියාය.

  • -20%
    (0)

    අසූවේ දශකයේ ප්‍රේම කතාවක් – Asuwe dashakaye prema kathawak

    Original price was: Rs. 450.00.Current price is: Rs. 360.00.

    “මෙහෙට ආපු මුල් දවසෙම මට හිතුනා මීට කලින් සාලිය කෙහෙදි හරි දැකලා නියෙනවා කියලා.”

    මේ සංසාරේ කොහෙදි හරි අපි දෙන්නා මුණගැහිලා ඇති මාලා, සංසාර ගමනේදී අනන්ත අප්‍රමාණ වාරයක් මවක් ලෙසත්, බිරිඳක් ලෙසත් මිනිසුන්ට ගැහැණුන් හමුවෙනවා කියලා විශ්වාසයක් තියෙනවනෙ. ” “අනේ මං දන්නෙ නෑ, සමහර විට එහෙම වෙන්ඩ ඇති. ඒ කොහොම වුනත් හැන්දෑවට ගෙදර ගිය වෙලාවේ ඉඳලා මට ඔයාව මතක් වෙනවා සාලිය, හවස ගෙදර ගිය වෙලාවෙ ඉඳල පහුවදා කන්තෝරුවට එනකම්ම මං ඉන්නේ හරිම කම්මැලිකමෙන්, කතා කරන්ඩවත් කෙනෙක් අපේ බෝඩිමේ නෑනේ සාලිය, එහෙම පාළුවේ කාන්සියේ ඉන්නකොට මට නිතර නිතර ඔයාව මතක් වෙනවා.” ” ඔයාට කතා කරන්ඩවත් බෝඩිමේ කෙනෙක් නැත්නම් යමු අපේ බෝඩිමට “ඔයාට පිස්සු!” පිස්සු නොවෙයි. මං කියන්නෙ ඔයාට දැනෙන පාලුව මටත් දැනෙනව මාලා. මගෙ ජීවිතේටම කා ගැනවත් ඇති නොවුණු විදියෙ ආදරයක් මට ඔයා ගැන හිතෙනව. මං දන්නෙ නෑ ඒක ඇති වුනෙ කොහොමද කියල.” මා එසේ කියද්දී ඇගේ දෙනෙත කඳුලින් පිරී ගියේය. ඒවා සතුටු කඳුළු විය යුතු යැයි මට සිතුණි. කෙසේ නමුත් ඇය ඒ කඳුළු මගෙන් වසන් කරන්නට උත්සාහ කළාය. ඉස්සර නිතරම ප්‍රමාද වී කාර්යාලයට යන්නට පුරුදු වී සිටි මම මේ සුන්දර කාන්තාව නිසා දැන් නියමිත වේලාවටත් කලින් එහි යන්නෙමි. හවස ඇගෙන් වෙන්ව කාර්යාලයෙන් පිටව යන්නෙත් නොගොස් බැරි නිසාය. හදවතේ ගැඹුරුම තැනින් මතු වු ආදරයේ පණිවුඩය මගේ දෙනෙතින් ඇය වෙත යොමු වුණේය.

  • -20%
    (0)

    ජාතිවාදී සහෝදරයෙක් – jathiwadi sahodarayek

    Original price was: Rs. 650.00.Current price is: Rs. 520.00.

    අවලස්සන මිනිස්සු. එයාල අහිංසකයි.

    සීතා ගැන මට ඉමහත් දුකක් ඇති විය. ඇගේ ස්වරූපයේ මිනිසුන් වෙනුවෙන් ඇය දරන මතයට අනුකම්පා කළ යුතුය.

    ඒක ඇත්ත සීතා.” “ඒක ඇත්ත කියලා, මයා කියන්නෙ මං කියපු නිසානෙ. එහෙම නැතුව ඔයාට එහෙම දෙයක් හිතුනෙ නෑනෙ.” මම නිහඬ වුණෙමි. ඇය පැවසුවේ ඇත්තකි. මා ඇගේ අදහසට එකඟවූවා මිස කැත මුහුණක් ඇති ගැහැණු ලස්සන වැඩ කරන බව පිළිගන්නට මට උවමනාවක් නැත. මගේ පරමාර්ථය වූයේ අහිංසක ඇගේ හිත නොතැලීමය.

    ” සිරිදාස දන්නවද අත පය හොඳට තියෙන අයට වඩා අන්දයින්ටයි, ගොළුවන්ටයි පැහැදිලි ඉවක් තියෙනව කියලා.’ ” ඔව් මං අහල තියෙනවා.” ඇස් අන්ද කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක් නැවතත් දීර්ඝ කාලෙකට පස්සේ කතා කළොත් අන්ධය අහනව මේ අහවලා නේද කියලා. ඒ තරමට ඔහුට කටහඬ මතකයි.” “ඒ වගේම කලින් ගමන් කරපු තැනකින් නැවත යනකොට අහනව මේ අහවල් තැන නේද කියලා. ඒක ආශ්චර්යක්.” ඇත්තටම ආබාධිතයන් ගැන මෙතරම් විස්තරාත්මක කරුණු මා දැන නොසිටි අතර ඒ පිළිබඳ සීතාගේ දැනුම හා අවබෝධය ගැන පුදුම වුණෙමි. ඇය ආබාධිතයෙක් නොවන මුත් විරූපි මුහුණක් ඇත්තියකි. එහෙයින් ඒ පිළිබඳව ඇය සමඟ කතා කිරීම ඈට වේදනාවක් වනු ඇතැයි මට සිතුණි.

  • -15%
    (0)

    I.D

    Original price was: Rs. 1,650.00.Current price is: Rs. 1,402.50.

    මුළු ගමම එය දැන ගත්තේ ඇසළ පසළොස්වක පෝය දා උදෑසන අටයි දහයටය. අස්සජි නායක ස්වාමීන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් උපාසික උපාසිකාවන් පංච ශීලයේ පිහිටුවා එදින ධර්ම දේශනාවට නියමිත බණ පදය කියන්නට සූදානම් වුවා පමණි. පන්සලේ ඇබිත්ත කොලුවාගේ උස් හඬ ධර්ම ශාලාවේ ඈත කෙළවරින් උන්වහන්සේට ඇසුණේය. ‘විමලරත්න මහත්තය මරල දාල. මුල්ම බණ පදය කියන විට අස්සජි ස්වාමීන් වහන්සේට එය පැහැදිලිව ඇසුණේ නැත. ඒ නිසා උන්වහන්සේ අප්පමාදෝ අමත පදං’ යනුවෙන් වදාරා ඊළඟට පමාදෝ මච්චුනෝ පදං’ යැයි දේශනා කළේ සැකයෙන් යුතුවය. එහෙත් පන්සලේ ඇබිත්ත කොලුවා අර වචන කීපය ධර්ම ශාලාවේ ඈත සිටි කෙනෙකුට උස් හඬින් පවසන විට උන්වහන්සේ අප්පමත්තා නමීයන්ති’ වෙනුවට මොකද්ද සරත් කිව්වේ’ යැයි ප්‍රශ්න කළහ. එවිට තුන්වෙනි වරටත් ඇබිත්ත කොලුවා අර වචන කීපය කෑ ගසා පවසන හඬ ධර්ම ශාලාවේ කෙළවරින් ඇසිණි. ඒ සමඟ විමලරත්න මහත්තය මරල දාල ?’ යැයි මයික්‍රෆෝනය දෙදරවමින් උන්වහන්සේගේ හඬ රැව් පිළිරැව් නැඟුණේ යේ පමත්තා යථා මතා’ නම් හතරවන බණ පදයට පෙරය.

  • -20%
    (0)

    ලක්දිව කොකෝවා අන්දරය

    Original price was: Rs. 980.00.Current price is: Rs. 784.00.

    මම සෑමදා ම අලුත් දේශයන් දැක බලා ගැනීමේ ආශාවෙන් සිටියෙමි. එබැවින් සීත සෘතුව ලංකාවේ ගත කරන ලෙස මගේ පුතණුවන්ගෙන් ලද ආරාධනාව පිළිගැනීම මට සතුටක් විය. සීතල තෙත් බර ඉංග්‍රීසි වින්ටරයෙන් ගැලවී පලායන්නට හැකිවීම ගැන සතුටු වෙමින් මම මගේ බඩුමුට්ටු බිබි ලයිනර් සමාගමට අයත් චෙෂ්යර් නෞකාවට පැටවීමි. අහස අඳුරු වළාවෙන් පිරුණු නොවැම්බර් මස එක් උදෑසනක, මම මර්සි වරායෙන් මගේ මුහුදු ගමන ආරම්භ කළෙමි. අපි ඉතා ඉක්මනින් හිරු එළියට ප්‍රවිෂ්ට වූයෙමු. ඉතා ප්‍රසන්න වූ නාවික කණ්ඩායමක් සමඟ කළ ත්‍රාසජනක වුත් ආනන්දජනක වුත් මුහුදු ගමනකින් පසු දෙසැම්බර් මස මුල් භාගයේ දී අපි කොළඹට සේන්දු වූයෙමු. මා පිළිගැනීම සඳහා මාගේ පුතණුවෝ එහි වූහ. නුවරට කෙටි දුරකින්, ටෙනිස් පිටියක් සහිත රමණීය බංගලාව පිහිටා තිබෙන බව ද රෝස මල් වත්තක් හා ප්‍රියජනක අසල්වැසියන් සිටින බව ද ඔහු මට ලියා එවා තිබුණි. මෙම සියලු පහසුකම් තිබිය දී ම මගේ කනස්සල්ලට හේතු වූයේ ඔහුගේ ආයතනය විසින් අලුතින් මිල දී ගනු ලැබූ වෙනත් වත්තකට ඔහු මාරු කිරිම සම්බන්ධ වය. එම වත්ත පිහිටියේ බොහෝ දුරකිනි. අහල පහල අසල්වැසියෝ නොසිටියහ. ආහාර පාන ගෙන්වා ගැනීමට සේවයකුට සැතපුම් දහසක් පමණ දුරක් ගමන් කළ යුතු විය. ඒ හැම දෙයකටම වඩා අසීරු දෙය නම් තනිකඩයෙකු ලෙස බංගලාවේ විසීමට සිදුවීම යි.

  • -20%
    (0)

    සුර අසුර යාමය – sura asura yamaya

    Original price was: Rs. 1,400.00.Current price is: Rs. 1,120.00.

    අහසේ නැඟෙනහිර අන්තයෙන් නැඟි සඳ පාළුවට ගිය හොරණ – කළුතර පාරේ තම දුබල රැස් දහර අතුරා තිබුණේ අතරින් පතරය. පාර දෙසට නැමුණු අතු ඉති සඳ එළියට පාර මුවා කිරීමේ වරද ගැන වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටියේය. සිරිතක් ලෙසින් හැමදාම රෑට පාළු පාර සිය නිදි යහන බවට පත් කර ගන්නා වියපත් සුනඛයාටද ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. පාර අඩ අඳුරේ පැවැතීම ඔහුගේ නින්දට ඇප උපකාර කරන සත්කාර සේවාවක් බව මේ සුනඛ තෙමේ දැන සිටියේය. ස්වකීය පරපුරේ චිරාගත සම්ප්‍රදාය අනුව අපේක්ෂිත නිදියහන් සීමාව වටා තෙවරක් පැදකුණු කළ සුනඛයා අනතුරුව පාර මැද වකුටු සෙයියාවෙන් වැතිර ගත්තේය. තනිකම ශීතලය. තනිකමේ ශීතල අද වෙනදාටත් වඩා දැඩිව ඔහුට දැනේ. ඔහු සිත සංකාවෙන් බරය. ඇස අගින් ගිලිහුණු කඳුළු බිඳුවක් ඔහුගේ වියපත් කම්මුල මතින් ගලා හැලුණේය.

  • -10%
    (0)

    ලක්දිව සාගර පත්ල

    Original price was: Rs. 680.00.Current price is: Rs. 612.00.

    ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණීම පිණිස හොඳ ම ගමන් මාර්ගය ලෙස සාමාන්‍යයෙන් සැලකිල්ලට ගැනෙන්නේ ෆජි. හොනොලුලු, සැන් ෆ්‍රැන්සිස්කෝ, නිව්යෝර්ක්, ලන්ඩනය, නේපාලය, පෝට්ටෙට් හා ඒඩන් හරහා ගමන් මාර්ගය නොවේ. මගේ සහායක මයික් විල්සන් හා මම මෙකී වටරවුම් ගමන් මාර්ගය තෝරා ගත්තේ හුදෙක් මුරණ්ඩුකමෙන් උසිගැන්වුණ නිසා නොවේ. “The Coast of Coral’ කෘතිය සඳහා කරුණු ගොනු කරමින් වසරක් පුරා මහා බාධක වැටියේ ගත කළ අපට නිව්යෝර්ක් නගරයේ සිටින අපගේ ප්‍රකාශකයා වෙත සියලු ම අනර්ඝ ජායාරූප සුරක්ෂිත ලෙස යවන තෙක් සතුටින් නිදහසේ හුස්ම ගන්නට වත් පුළුවන්කමක් නො තිබිණි. ඒ අතර අත්ලාන්තික් හරහා ලන්ඩනයට ගුවනින් යෑමට ආසන වෙන්කර ගනු ලැබුවහොත් ඩොලර් දාහක් ප්‍රමාණවත්යයි දැනගන්න ලැබිණි. මෙය සිත් බඳිනා වාසියකි. කෙසේ නමුදු, අපි දකුණේ සිට වමට යනවා වෙනුවට වමේ සිට දකුණට ගමන් කරමින් ලොව වටා යෑමට තීරණය කෙළෙමු. අඳුරබර වැසි දිනයක ඕස්ට්‍රේලියානු මිතුරෝ අපගේ නික්ම යෑම දැකබලා ගැනීමට සිඩ්නි ගුවන්තොටු පොළට පිවිස සිටිය හ. අප පැසිෆික් සාගරය හරහා ගමන් කිරීමට හේතු වූ නිමිත්ත පිළිබඳ ඔවුහු නො කැමැත්ත පළ කළ හ. මේ මොහොතේ දී කිසියම් අයෙක් The High and the Mighty ගීතයේ කොටසක් සිවුරුම් බෑහ. අහස් යානාවේ පිටුපස හරියට කැහැටු වෙලා වගේයි ” යැයි තවත් අයෙක් මුමුණුවේ ය.

  • -10%
    (0)

    අකුරු – Akuru

    Original price was: Rs. 1,600.00.Current price is: Rs. 1,440.00.

    එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.

    මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.

  • -10%
    (0)

    ඩ්‍රැක්‍යුලා – dracula

    Original price was: Rs. 950.00.Current price is: Rs. 855.00.

    පසුදින උදයේම වියනා නගරයට පැමිණියෙමි. පෙ.ව. 6.46 ට පැමිණීමට තිබුණු නමුදු දුම්රිය පැයක් ප්‍රමාද විය. දුම්රියේ සිට දැක ගැන්මටත්, වීදි වල ඇවිද දැක බලා ගැනීමටත් ලැබුණු සුළු අවසරයෙන්ම බුද්ධාපෙස්ට් නගරය ආශ්චර්යමත් ස්ථානයක් බව පෙනේ. අපේ දුම්රිය ප්‍රමාද වී පැමිණි නිසාත්. දුම්රිය පොළේ සිට වැඩි දුර යාමට මම බියවීමි. මට හැඟී ගියේ අප අපරදිග පසු කර පෙරදිගට ඇතුල්වන බවයි. මෙහි මහත් පළල්ව හා ගැඹුරුව ගලා යන ඩැනියුබ් නදිය හරහා බටහිර පන්නයට තනා ඇති අලංකාර පාලම් අපට සිහිකරවනුයේ චිරාගත තුර්කි පාලනයයි. නියම වෙලාවට පිටත් වූ අප ක්ලෝසන් බර්ග් නගරයට සැපත් වන විට රෑ බෝ වී තිබුණි. රාත්‍රිය ගෙවා ගැන්ම සඳහා මම රෝයල් හෝටලයේ නතරවීම්. රාත්‍රී ආහාර වශයෙන් මිරිසට සෑදූ කුකුළු මස් ගත්තෙමි. රස නමුත් මිරිස් සැර වැඩි නිසා මේ ආහාරය පිපාසය ඇති කරයි. මෙය පිළියෙළ කරන සැටි මිනාට උගැන්විය යුතුය. මෙය මෙහි ජාතික ආහාරයයි. එය කාපතියාවේ කොතැනකින් වුවද ලබා ගත හැකි බව වේටර් පවසයි. ජර්මන් භාෂාව යම්තම් ටිකක් කතා කිරීමට පුළුවන් වීම මට මෙහිදී බෙහෙවින් උපකාරී විය. ඒ ටිකවත් දැනගෙන සිටියේ නැත්නම් කෙසේ වැඩ කටයුතු කරගත හැකි වේ දැයි නොදනිමි.