• (0)

    රාවණා මෙහෙයුම 2 – Rawana Meheyuma 2

    බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

    සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

  • -10%
    (0)

    පිටිසර මිනිස්සු [මායාරංජන්] Pitisara minissu

    Original price was: Rs. 250.00.Current price is: Rs. 225.00.

    පිටිසරට පරිසරය වනය යි. ඒ නිසා පිටිසර පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට නම් වනය ගැන ද කරුණු දත යුතුමයි. වන වැණුම් වනය කෙරේ මා සිත තුළ පවතින ඇල්ම ඉමහති. ඊට හේතු කවරේ දැයි එක එල්ලේ කියන්නට මම හෝ නොදනිමි. කුමක් නිසා හෝ වේවා වනගත පරිසරයෙන් වෙන් වූ කල මගේ ජීවිතය සුපුරුදු පෙම්වතියක ගේ ඇසුරෙන් වියෝ වූ තරුණයෙකු ගේ හදවතක් මෙන් නිරස වන බව පමණක් දනිමි. වනාන්තරයෙක ස්වාභාවික ශෝභමාන දර්ශනය ඉදිරියේ නගරය මට මිරිඟුවෙකි! වනය නිදහස් පාරාදීසයක් නම් නගරය මා වදයට පමුණුවන සිර ගෙයකි ! වනයෙන් නිරතුරුව නික්මෙන රැහැයියා ගේ වනේ පතුරක් පිරි ගාන්නාක් වැනි ගොරහැඬි ගෝසාව පවා පරදවන මිහිරෙකි. ඇසුරට වන බිමක් නැති කල මට නම් සුර ලොව වුව ද නිරයක් වැනි වනු නියතයි. වනය නොයෙක් ගුණයෙන් අනූනයි. එය නිශ්චලයි ! නිශ්ශබ්දයි! ශාන්තයි! ඉපැරණි සාහිත කෘතියක් සේ ගාම්භීරයි ! වනය නිශ්චල යයි කීවද එහි චලනයක් නැතුවා නොවෙයි.තුරුලිය ඇසුරෙහි ද බිම මතුපිට සහ ඇතුළත ද ගස් බෙන ගල් ගුහා ආදියෙහි ද වෙසෙන සත්ත්ව සමූහය දවසේ සැම පැයක් තුළ එහි කෙරෙන පෙරැළි කොපමණ ද? එසේ වුවත්, වනය සතු ස්වාභාවික නිශ්චලත්වය. ඒ සියල්ල මර්දනය කරමින් පැතිර සිටියි! වනයේ නිශ්ශබ්දතාවය ද එබඳු මය. දහස් සුවහස් ගණනින් සෑදුණු සත් කැළ පමණක් නොව වැසි, සුළං ළැව් ගිනි ආදිය නිසා එහි පැන නැගෙන ගෝට්ටිය කෙතරම් මහත් වුව ද වනයට උරුම නිශ්ශබ්දය ම එහි රජකම් කරයි. වනයේ ශාන්තිය ද එබඳුම ව්‍යාජයෙකි. මුව පැටවුන් ලේ පෙරා බුදින කොටියන් ද සැඟවී සිට මිනිසුනට පවා පහර දෙන වලසුන් ද නොමඳව ගැවසෙන කුඩා එකා මහ 9

  • -20%
    (0)

    පිටසක්වළින් ආ අද්භූත සත්ත්වයා – Pitasakwalin Aa Adbootha Sathwaya

    Original price was: Rs. 300.00.Current price is: Rs. 240.00.

    ” මම තව බැටෑලියන් එකක් යැව්ව. ඒ අය කැලේ ඇවිද්දෙ නැහැ උඩින් බැහැල ඉක්මනින් ආපහු ආව. ඒ අය තමයි ඔය මිනී ටික ගෙනාවෙ. ඉන් පස්සෙ මං බුද්ධි ඒකකයෙ 10ක් යැව්වා ඔත්තු බලන්න. දක්ෂම කොල්ලො ටිකක්. ඒ අය ආපහු ආවෙත් නැහැ.”
    ” කර්නල් අපි තවත් පමා වෙන එක හොඳ නැහැ. මම
    දැන්මම පිටත් වෙන්නම්. මට දෙන්න කොල්ලො දෙතුන් දෙනෙකුයි හෙලිකොප්ටරයකුයි. ගෝත්‍රිකයෝ නෙමේ යක්කු වුණත් කුදලාගෙන එන්නම් මම. “

  • -10%
    (0)

    ගඟ අද්දර කැලේ – Ganga addara kale

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.

    සේතන් අයියේ මේ සැරේ පහුරු යන කොට මාවත් කොහොම හරි එක්කන් යන්න ඕනෑ. ගං ඉවුරේ හිඳගත් මම කීවෙමි. එව්ව අපි දන්නේ නැ. අවසර ගන්න ඕනෑ කොරනේලිස් උන්නැහැගෙනුයි සේතන් අයියා ඇල්ඛසියා කඳක ගැටයක් අත් පොරවෙන් සසිමින් කීවේය. සේතන් අයියා කිව්වොත් බාප්පා ඉඩ දෙයි. අපොයි අපොයි මට බෑ. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විසුමක් වෙන්නේ නෑ. ඛාප්පාගේ සහ පුංචි අම්මාගේ රූපකාය එකවර ම මගේ සිතට නැංගේ ය. මා කුඩා කල ම තාත්තාත් අම්මාත් මිය ගිය පසු මා හැදී වැඩුණේ බාප්පා සහ පුංචි අම්මා ළඟ ය. සේතත් අයියාත් ඔහුගේ සහායකයා වන ජයසේකරත් බඳින්නේ බාප්පාට අයිති පහුරු ය. බාප්පා පහුරු බලන්නට එන්නේ ඉඳ හිට දවසක ය. ඔහු කරන්නේ තැන තැන ඇවිද ඉඩම්වල ඇති ගස් මිළ දී ගැනීමයි. ඒ ගස් ගඟට ඇද දුන් පසු පහුරු බැඳ ගෙන කොළඹ ගෙන යන්නේ සේතන් අයියා සහ ජයසේකරය. පහුර කොළඹ තොටළඟට යන වෙලාවට බාප්පා බස් රියකින් නැගී තොටළඟට යයි. කොරනේලිස් උන්නැහැගෙන් කොහොම වෙතත් හාමිනේගෙන් නම් විමසුමක් නැතැ යි සේතන් අයියා කීවේ අපේ පුංචි අම්මාගේ සැරකම සලකාය. ඈ ඕනෑ දේව මෙන් ම එපා

  • -10%
    (0)

    වන රජදහන – Wana rajadahana

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.

    සමන්, වන ආවරණයෙන් සෙවන වු දිය දහරක් අසල නතර විය. ඔහු අනුකරණය කළ ප්‍රියන්ත හා සුනිල් ද ඒ අසලින් බිම ඇන තබා ගත්හ. සමන් අතින් සංඥා කොට මිතුරන්ට සද්ද නොකරන ලෙස දැන්වීය. මිතුරෝ ගස් වලට මුවා වූහ. මොකක්ද වෙන්නේ, ප්‍රියන්ත කුතුහලයෙන් කෑ ගැසීය. ” කෑ ගහන්න එපා. සද්දේ ඇහුනොත් අපි තුන්දෙනාම ඉවරයි. “ඒ ඇයි.” ” බලන්න අර වීර ගහේ කඳ දිහා . ” මගේ අම්මෝ ! කොටියෙක් නේද?” කොටියෙක් නෙවෙයි කළු දිවියෙක්.” වෙන්න බෑ. පුල්ලි තියෙන්නේ කොටින්ට විතරයි. ප්‍රියන්ත දිගට හරහට වාද කරන්නට වූයේ තමන් සිටි තැන පවා අමතක කරමිනි. කියන තැනකට වඳින්නම්. ටික වෙලාවකට සද්ද නොකර ඉන්න. එවිට ප්‍රියන්තට සමන් කීවේ තරමක අමනාප ස්වරයෙනි.

  • -10%
    (0)

    අපේ රාජ්‍යය [මායාරංජන්] Ape rajjaya

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.

    සිතන්නට හැකි අප සැම දෙනාට ම රාජ්‍යයක් තිබේ. ඒ. අපේ රාජ්‍යයයි. එය අපේ සිහින නැතිනම් සිතුවිලි සමඟ බද්ධ වූවකි. “අපේ රාජ්‍යයේ පාලකයන්, පලිතයන් ද අපි මැ වෙමු. එනිසා කාටවත් අපේ රාජ්‍යයට හිමිකම් කීමට නොහැකි ය. යටත් කර ගැනීමට හෝ කොල්ලකෑමට නොහැකි ය. සැබැවින්ම අපේ රාජ්‍යය වූ කලී අපට ම අනන්‍ය වන ස්වාධීන සිහිනයකි.  මායාරංජන් ලේඛකයා මේ සිහිනය අප මෙන් දුටුවෙකි. එහෙත් ඔහුගේ රාජ්‍යයේ දිග පළල මතු නොව හිමිකම පාඨක ලෝකයට නිර්ලෝභීව දායාද කළේය. ඒ. අපේ රාජ්‍යය’ කෘතිය මඟිනි. වසර මිලියන ගණනක සිට අපි වන පෙත් අතර දිවි ගෙවමු. ගහකොළ සතා සිව්පාවා මෙන්ම දියකඳුරු යනු අපගේ ලේ නහර මෙන් බැඳුණු ජීවයකි. නූතනයේ නාගරික හෝ අර්ධ නාගරිකව දිවි ගෙවමු. එහෙත් වසර මිලියන ගණනක සිට අප රැස් කළ වනපෙත ආශ්‍රිත දිවිතතු මතක පොසිල ලෙස රැඳී තිබෙන වග ද අපි දනිමු. එහෙයින් මායාරංජන් පාඨක අපට අපේ රාජ්‍යයට අඬ ගසන විට කෙසේවත් මඟහැර යා නොහැකි ය. අප සියලු බැඳීම් අත්හැර මතක පොසිල ඔස්සේ අතීත වන පෙතට ඇදී යන්නේ නිරායාසයෙනි. දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් කුල්මත් කළ සිතැතිව ඒ මතක මංපෙත් දිගේ වනපෙත පීරා එහි සැරි සැරීමට ද ගඩාගෙඩි කමින් සතුන් අතර නිදහස් – නිවහල් මිනිසකු ලෙස සැරි සැරීමට මහසේ ආශා කරමු. මායාරංජන් වනපෙත ඔසුවක් කොට අප සිතට පොවන්නේ අනේකවිධ අතවරයන් නිසා රෝගී වූ පාඨක සමාජයට ඇති ඇල්මෙනි. එහෙයින් පාඨකයින් වන අපට දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් අපේ රාජ්‍යය’ නම් වනදිවි සැරියේ නිබඳව සැරිසැරීමේ භාග්‍ය අත්පත් කර ගත හැකිය. මේ ඒ වෑයමේ නවමු මුහුණුවරයි.

  • -10%
    (0)

    බටහිරට මුහුණ ලූ කුඩා නිවෙස – Batahirata muhuna lu kuda niwesa

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.

    ඈන් හැමිල්ටන් දිනයේ අවසන් දුහුවිලි පොද ද දොරටුවෙන් පිටත බැස යන හිරු දෙසට අතුගා දැමුවා ය. විවර වූ දොරටුව තුළින් ගෙතුළට වැටුණු දිවා ආලෝකය විසින් නිර්මාණය කරන ලද පැතලි මංපෙත හරහා කොස්ස ඇදගෙන යන අතරේ ඇය ගෙපැල පවා මුහුණලා ඇත්තේ බටහිර දෙසට බව සිතුවා ය. දිවා ආලෝකයට ගෙතුළට පැමිණිය හැකිව තිබුණු එකම ස්ථානය වූයේ එයයි. ශක්තිමත් දැව කඳන් වලින් සැදුණු ගෙපැලෙහි වෙනත් කිසිදු ස්ථානයක විවරයක් තිබුණේ නැත. එහි පිටු පස නැගෙනහිර දෙසට සෘජුවම පිටුපා තිබුණේ තාත්තා නැගෙනහිරට පිටුපෑ ලෙසින් ම ය. ඇගේ වැඩිමහල් සහෝදරයන් වූ ඩේවිඩ් සහ ඩැනියෙල් නැගෙනහිරට පිටුපෑ ලෙසින් ම ය. ‘ අපිත් බටහිරට එකතු වුණා. ගෙපැල සාදා නිම කළ දිනයේ දොරකඩ සිටගෙන ඇගේ තාත්තා පැවසුවේ ය. ඒ වගේ ම අපි ආපහු හැරිලා බලන්නේ නැහැ.”

  • -10%
    (0)

    මා පෙම් බැඳි භාරතය

    Original price was: Rs. 300.00.Current price is: Rs. 270.00.

    චීනාව මුදුනේ සිටි ඔබට පෙනුණු සුන්දර ගම්මාන වලින් එකක් දැක ගන්නට දැන් මා සමගින් එන්න. කඳු මුදුණතෙහි ඉරි ගැසූ කලෙක මෙන් ඔබ ඈතට දුටුයේ හෙල්මළු වගා බිම් ය. මින් සමහරක් පුළුලින් අඩි දහයක් තරම් වත් නොවූ නමුදු ආධාරයක හැටියට පිහිටා තිබෙන ශිලාමය බිත්ති ඇතැම් විටෙක අඩි තිහක් පමණ උසකින් යුතු වෙයි. එකකට එකක් ඉතා පහතින් පිහිටි මේ හෙල්වල ගොවිතැන් වැඩ කිරීම ඉතා අසීරු හා අන්තරායකාරි කටයුත්තක් වෙයි. ඒ කටයුත්ත සඳහා යොදාගත හැකි වූයේ කෙටි වියගහකින් යුතු නඟුල් වෙසෙසක් සහ ඊට ම ගැලපෙන ලෙස මෙ පෙදෙස්වල හැදී වැඩෙන ගවයන් ය. කඳුකර එළුවන් ට නොදෙවෙනි වන උහු මේ කඳු හෙල්වල නොවැටී හැසිරෙති. ඉතා නිර්භීත ව හා වැර වෑයමින් යුතුව මේ හෙල්මළු වගාබිම් ගොඩ නගාගත් මෙම ගම්වැසියන් ජීවත් වූ නිවාස පෙළ සෙවිලිව තිබුණේ ශිලා පුවරු වලිනි. බාබර් සිට ඈත එපිට හිමාලය දක්වා වැටුණු එක්තරා දුර්ග මාර්ගයකට මායිම් ව මේ නිවාස පෙළ ගොඩනැගී තිබෙයි. හදිසි පණිවුඩයකින් ගෙන්වා ගැනීමට හැකි තරම් කිට්ටු ආශ්‍රයක් ඔවුහු මා සමගින් පවත්වා ගෙන යති. ගැමියනට මා වෙත පණිවුඩයක් එවන්නට අවැසි වූ කළ නායිනි තාලයට එක හැල්මේ දිව එන්නෙකු අත ඔවුහු එය මට එවූහ.

  • -20%
    silvabookshop.lk_ guru_geethaya
    (0)

    ගුරු ගීතය – Guru-Geethaya කෙහෙලි ප්‍රකාශන

    Original price was: Rs. 350.00.Current price is: Rs. 280.00.

    එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමඟ කතා කිරිමට මා කැමතිය.ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී.මා අඳින චිත්රය පළමුවැනි ගුරුවරයාට,අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට් වාදියාට දුයිෂෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරී, ඒ අසීරු ජීවිතයත්, විවධ ඉරණම්වලට කැපවු මිනිස් හැගීම් සහ බලාපොරොත්තුත් තෙලි තුඩින් හා සායම්විලන් පිළිබිඹු කල හැකිදැයි මම නොදනිමි.සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපෑමට පමණක් නොවේ.ඔබ මා සමඟ එක්වි නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය.

  • -20%
    (0)

    හෙට අලුත් දවසක් – heta aluth dawasak

    Original price was: Rs. 350.00.Current price is: Rs. 280.00.

    අපේ ආයතනය පිහිටා ඇත්තේ ෆ්ලෝරිඩා පැරඩයිස් සිටි හි පැරඩයිස් ඇවනිව්හි පිහිටා ඇති ටෲමන් ගොඩනැගිල්ලේ ඉහළම මාලයේය. ඇක්මි රහස් පරීක්ෂක ඒජන්සිය ඇමරිකාවේ නැඟෙනහිර වෙරළ බද ඇති වැඩිම මුදලක් අය කරන හොඳම රහස් පරීක්ෂක ආයතනයකි. මීට වසර හයකට පමණ පෙර වියට්නාම් යුද වීරයකු වූ කර්නල් වින්ටර් පර්මල් විසින් ආරම්භ කරන ලද මේ ඒජන්සිය පැරඩයිස් සිටි නගරයේ සිටින සියලුම කෝටිපතියන්ට අවශ්‍ය සේවා සපයා තිබේ. පවුල් ප්‍රශ්න, ආරවුල්, දික්කසාද, කප්පම් ගැනීම්, බලෙන් පැහැර ගැනීම්. හෝටල්වල වංචා, සැමියා හෝ බිරිඳ හෝ එකිනෙකා පිළිබඳ රහසේ සෝදිසි කිරීම් වැනි ප්‍රශ්න විසඳා දීමට අපේ ආයතනය විශේෂඥයන්ය. අප සතුව ඉන්නා රහස් පරික්ෂකයින් 20 දෙනා බොහෝ විට ක්‍රියාත්මක වන්නේ තනිවම නොවේ. තවත් සහයකයෙකු ද සමඟය. ඔවුන් සියලු දෙනාම පොලීසියේ හමුදාවේ සේවය කොට විශ්‍රාම ගිය දක්ෂයෝ වෙති.

  • -20%
    (0)

    ගෙදර යන අතරමග – Gedara yana atharagama

    Original price was: Rs. 380.00.Current price is: Rs. 304.00.

    අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. තැනිතලා දුවිලි ගොඩවල් බවට පත් වී තිබිණි. දවසින් දවස. ග්‍රීෂ්ම ඍතුවෙන් ග්‍රීෂ්ම ඍතුව අතිඌෂ්ණ සුළඟ දූවිලි පිඹිමින් හමා ගිය අතර, සූර්යයා කහ පැහැති අහස් තලයක පිත්තල පැහැයෙන් දිස් ස්විය. අස්වැන්නක් අස්වැන්නක් ගාණේ නිසරු වී ගියේය. බදු ගෙවීම සඳහා, ආහාර සහ ඊළඟ අවුරුද්දේ වචන බීජ මිල දී ගැනීම සඳහා මුඩු බිම යළි යළිත් උකස් තැබීමට සිදු විය. අස්වැන්න නොලැබුණු විට, තවත් ණය ගැනීමට නොහැකි වූ විට, පොලී සහ බදු ගෙවීමට මුදල් නැති වූ විට බලාපොරොත්තුවේ කටුක වේදනාව නිමා විය. බැංකු හිමියාට ඉඩම සින්න විය. ඊළඟට බැංකුව වස්තු භංග විය. හත්වැනි අවුරුද්දේ දී මහා ගුප්ත ව්‍යසනයක් මුළු ලොව පැතිර ගියේය. සියලු බැංකු වස්තු භංග විය. මුළු රට පුරා කම්හල් වැසී ගිය අතර, ව්‍යාපාර ඇනහිටිණි. මෙය මූල්‍ය භීතියක් විය. එය ආර්ථික අවපාතයක් නොවීය. ඒ 1893 අවුරුද්ද වූ අතර ඒ කාලයේ කිසිවකු ආර්ථික අවපාතය ගැන අසා තිබුණේ නැත. සෑම දෙනාම දැන සිටියේ මූල්‍ය භීතීන් ගැනය. 1797 දී, 1820 දී. 1835 දී, 1857 දී සහ 1873 දී මූල්‍ය භීතීන් ඇති වී තිබිණි. මුල්‍ය භීතියක් යනු සීයාට නම් අලුත් දෙයක් නොවීය. ඔහු මීට පෙර ඒවා දැක තිබුණේය; මෙයත් සාමාන්‍ය මූල්‍ය භීතියකට වඩා වැඩි දෙයක් නොවේ යැයිද, යුද්ධ කාලය තරම් නරක දෙයක් තවත් නැතැයිද ඔහු කීවේය. දැන් අප සියලු දෙනාට නිරුපද්‍රිතව නිදන්නට හැකි අතර, කෝක්සිගේ සේනාව හැරෙන්නට වෙනත් කිසිවකු වියරු වැටී ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියේ නැත.

  • -10%
    (0)

    නිහඬ නොවූ සාක්ෂි 4 – nihada nowu sakshi

    Original price was: Rs. 350.00.Current price is: Rs. 315.00.

    පොලිස් අත්අඩංගුවේ සිටියදී හදිසියේ මියගිය රූමත් තරුණිය පේරාදෙණිය, මහනුවර පාරේ පිහිටි සුපිරි වෙළෙඳ සළකට, ආරෝහ පරිණාහ දේහයකින් යුතු රූමත් තරුණියක් ගොඩ වැදුණාය. එම අවස්ථාව තරමක් කාර්ය බහුල වූ හෙයින් ඇය කිසිවකුගේ විශේෂ අවධානයක් දිනා නොගත්තාය. වෙළෙදසළේ ඔබ මොබ ඇවිද තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවනු පිණිස ඇප මුදල් අයකැමිවරයා වෙතට පැමිණියාය. අනතුරුව රුපියල් දාහේ නෝට්ටුවකින් ඇයගේ බිල ගෙවා දැමීමට සැරසුණා පමණි. සුපිරි වෙළෙඳ සෙළේ කළමනාකාරවරයා සිය කාර්යාල කාමරයේ සිට වහ වහා මුදල් කවුන්ටරය වෙත පැමිණියේය. පෙර කී තරුණිය ගෙවා දැමීමට සුදානම් වන බිල්පත, මුදල් අයකැමිවරයාගෙන් ලබාගෙන ඒ සමඟ තරුණිය සන්තකයේ වූ භාණ්ඩ සමඟ සසඳ බැලීය. ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තරුණියගේ අත් බෑගය පරීක්ෂා කර බැලීම සඳහා ඉල්ලා සිටියේය. එහෙත් ඇය ඒ සඳහා තරයේ විරුද්ධ වූවාය. එහෙත් සිදුව තිබුණේ වෙනත් යමකි. කළමනාකාරවරයා තම කාර්යාලයේ තිබූ රූපවාහිනි තිරයෙන් ඊට සම්බන්ධ කැමරා පද්ධතිය හරහා වෙළෙඳසළේ සිදුවන දෑ නරඹමින් සිට ඇත. ඒ අතරවාරයේ මෙම තරුණිය අනර්ඝ වටිනාකමකින් යුත් සමහර දෑ ඇයගේ අත් බෑගයට දමා ගන්නවා ඔහු නිරීක්ෂණය කර තිබිණි.

  • -10%
    (0)

    යාල නැගෙනහිර අහිමි වනමං

    Original price was: Rs. 350.00.Current price is: Rs. 315.00.

    කොළඹ කොටුවෙන් රාත්‍රී අට පසු වී පිටත්වන මඩකලපුව කැපැල් දුම්රිය. වාලච්චේන දී නැගෙනහිර මුහුදු තීරයට පිවිසෙන්නේ පාන්දර යාමයේ දී ය. එතැන් සිට වෙරළට සමීපව දකුණට ඇදෙන දුම්රියේ සිට අවට බලන්නෙකුට, අරුණ එ නැගෙද්දී දිස්වන්නේ නැගෙනහිරට ම ආවේනික වු අපුරු දසුන් පෙළකි. දුම්රිය මග දෙපස සුදු වැල්ලෙන් වැසුණු සම බිමෙහි තැන තැන ඇත්තේ දැඩි සුළඟින් පහර ලැබ කුරු වූ කටු පඳුරු ය. අතරින් පතර බිම දිගේ ඇදුණු අතු ඇති සරු කජු ගස් ද වෙයි. වෙරළ තීරයේ ඇති වැලි කඳු අතරින් ඇතැම් තැනක දී නිල්මිණි තලාවක් වන් මහ සයුර දිස් වේ. ජීවිතයේ පළමු වරට නැගෙනහිරට යන්නෙකුට නම් මේ දැකුම කිසිදා අමතක නොවන නැවුම් අත්දකීමකි. මඩකලපුව ආසන්න වෙත් ම සිය බඩු මලු සොයා අතට ගන්නා මගීහු, දිගු ගමනේ දී මිතුරු වූවන්ගෙන් සමුගෙන. බැස ගන්නට සුදානම් වෙති.

  • -20%
    (0)

    වන්නි වනේ දඩ හදවත – Wanni wane dhada hadawatha

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.

    තෙරක් නොපෙනෙන මහා සාගරයේ නිල්වන් ජල තලාව සේ පෙනෙන මහා වන වියනේ ඈත කෙළවරින් හිරු සැඟව ආකාශයේ තැවරී තිබූළා රන් පැහැය ද මැකී යන තෙක් දැහැනකට සමවැදුණාක් මෙන් හිටිපියේම සිටි තවුස් තෙම එදෙස බලා උන්නේය. ඔහුගේ හිතට කිසිදු දෝමනස්සයක් හෝ සාංකාකුල බවක් නොදැනිණ. අඳුර, රාත්‍රිය, හෙට නැවත ආලෝකය. තවත් උදෑසනක්. එදවස ද ගෙවී නැවතත් අන්ධකාරය. ස්වභාව ධර්මයේ නියමය එයයි. තවුසාණෝ ඉතා සෙමින් සේම පරිස්සමින් තමා බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටි එම ගල් තැල්ල මතින් ඉවත් වෙන්නට වූහ. එය මේ මහා කළුගල් කන්දේ එක් පසෙකින් පිටතට නෙරා ගිය විශාල ගල් තැල්ලකි. දැවැන්ත ගසක කඳක කුරුල්ලන්ට වසා සිටිය හැකි ඉතා ගත ශක්තිමත් හත්තක් හැදුණා සේය. දහවල් කාලයේ දී භාවනා කිරීමට එය යෝග්‍ය තැනක් වුවත්, රාත්‍රී කාලයේ දී එහි රැඳී සිටිය නොහැකිය. මිනිසෙකු වුව පරඬලා පතක් මෙන් ගසාගෙන යා හැකි තරමට දැඩි වේගවත් සුළං ප්‍රවාහයක් එම ගල් තැල්ල හරහා හඬ දීගෙන හමායන බැවිනි. මිනිස් අතක රැඳි ගල් කටුවකින් හා මිටියකින් අනන්ත වූ වෙහෙසක් දරා එම මහා ගල් කන්දේ බඳ වටා ගල් තැල්ලට ළඟාවිය හැකි සේ මේ පටු අඩිපාර කැපුවා වැනිය.

  • -20%
    (0)

    ගම්භාරේ -Gambare

    Original price was: Rs. 400.00.Current price is: Rs. 320.00.

    තම ඇඳුම් කැඩුම් ටික බහාලූ කොට්ට උරය අතට ගත් ඕ සෙමෙන් සෙමෙන් කාමරයේ ජනේලය වෙත පැමිණියාය. කවදත් මුළු ගෙදරම ජනෙල් දොරවල් අගුළුලන රූප සීලි එදා හිතාමතාම තම කාමරයේ ජනේලයේ අගුළු දැම්මේ නැත. ඒ මේ මැදියමේ විවෘත කර තම ඉරණම් ගමන යන්නට ඇය කල් තබා ම තීරණය කර සිටි නිසාය. සෙමෙන් ජනේලය විවෘත කර ඇය සීරුවෙන් ජනෙල් පඩියට නැඟ ගත්තාය. දෑතට බර දී බිමට රූරා වැටුන රූප සීලී හාත්පස විමසිල්ලෙන් බැලුවා ය. එහෙත් සන කළුවර විනා කිසිවක් ඇගේ ඇසට හමුවූයේ නැත. “සවරියෙල් අයියා ඇවිත් නැද්ද? ඇය තමාටම කියා ගත්තාය. මිදුලේ කොනක වූ ඇට්ටේරියා පඳුර ළඟ ඇන තබාගෙන සිටි සවරයෙල් නැඟී සිටියේ කළුවරෙන් මතු වූ යෝධයකු ලෙසිනි. අඩියට දෙකට රූප සීලී වෙත පැමිණි ඔහු ඇගේ අතින් අල්ලා ගත්තාය. හා හෝ බෑ නොකී රූපසීලී ඉබේම සවරියෙල් පසු පස ඇදුණාය.

  • -10%
    (0)

    දුම් නැවකින් දුර ගමනක් – Dum Nawakin Dura Gamanak

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.

    ආත්තම්මාගේ කදිම අදහස ලෝකේ ඉන්න වාසනාවන්ත ම ළමයින් තුන් දෙනා කවුද කියලා ඇහුවොත් මයික්, බෙලින්ඩා සහ ඈන් කියලා ඕනෑ ම කෙනෙක් කියයි. ළමයින්ගේ ජිවිතයේ ගොඩාක් කලාතුරකින් අත් දකින්න ලැබෙන හරි අපූරු සිදුවීම් ගොඩක් මැද ඒ අය ජිවත් වෙන හින්දයි හැමෝම එහෙම හිතන්නේ.