-
සදහස[දමරඣ 2] – Sandahasa
Original price was: Rs. 2,200.00.Rs. 1,980.00Current price is: Rs. 1,980.00.බොහෝ මුරුණ්ඩ ‘ වාංශික මිනිසුන් නම් රජුගේ නුගුණ කියමින්, ඔහුට සාප කරමින් සිටි සමයකි මේ. තම වංශය නසා රජ බවට පත් වූ ක්ෂත්‍රිය ග්‍රාමණේය වාංශිකයෝ දැන් මේ දඹදිව වයඹදිග සත්‍ය පුත්‍ර මණ්ඩලය නම් වූ මේ දේශය සෑම තැනකම පැතිර සිටිති. උතුරු දිගින් පැමිණෙන්නා වූ පාර්සිවරුන්ගේ සේනාංකයන්ට මුහුණ දීමට තරම් පුණ්ඩු සේනා ශක්තිමත් නොවුවත්, සිංහල රජුගේ පාර්සි මිත්‍ර සබඳතා නිසා එහි යම් සහනදායක බවක් වෙතැයි මුරුණ්ඩ සහ ග්‍රාමණේය දෙවාංශිකයෝම සිතා සිටියහ. එමෙන්ම යවන දේශයේ මහා අලිසන්දර රාජයාට පවා සිංහල රජු හිතවත්කම් පෑවේය. එබැවිනි ඔහු තම පියාණන්ගෙන් උරුම වූ සින්ධු දේශය හැර දමා මුරුණ්ඩ වාංශික සක්කයින්ගේ මේ දේශය තම අණසකට යටත් කරගත්තේ. අසරුවා කෙමෙන් කෙමෙන් මේ ගමන් ගන්නේ වර්තමානයේ සිංහල රජුගේ මාළිගය වූත්, මීට කලකට ඉහත දී පණ්ඩු නම් සක්ක ගෝත්‍රයේ මුරුණ්ඩ වාංශික රජුට අයත්ව තිබූත් සුවිසල් ප්‍රාසාදය දෙසට දිවෙනා අගනුවර ප්‍රධාන වීදිය වෙතටය. අනෙකුත් පරිවාර වීදි තරමට ජනාකීර්ණ නොවූ මේ වීදියේ වැඩි වශයෙන් ගැවසුණේ රාජකීයයන් සහ සෙබළ ජනයාය. කඩපිල් සහ යාචකාදීන්ගෙන් තොර වූ මෙම මහා විදිය කළු ගලින් බැඳ නිමවා තිබුණේ නිතරම ඒ මේ අතට යනෙනා අශ්ව රථ, අසරුවන් ආදීන්ගේ පහසුව තකාය. මඟ දෙපස වැඩිමනත් පැවතියේද රාජකීයයන්ගේ කිසියම් රාජකාරි කටයුතු සඳහා යොදාගනු ලැබුණා වූ කාර්යාල වර්ගයේ ගොඩනැගිලීම පමණි. දළ පිළි පොරවාගත් අසරුවා රැගත් කාළ වර්ණ අසු මහා වීදියට අවතීර්ණ වූ පසුව ඌට ඒකාකාරි ගමනක යෙදීමට අවසර ලැබිණි. අසරුවා එතෙක් වේලා සිදු කළ ප්‍රවේශම් සහිත අසු හැසිරවීම අවසන් කර ඌට නිදහසේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබා දී තිබිණි. ඒ වෙනුවට ඔහු සිදු කළේ පරීක්ෂාකාරී අන්දමින් වටපිටාවේ වූ ගොඩනැගිලි ආදිය දෙස බැලීමයි.
-
පැණී වළලු 3- Peni walalu 3
Original price was: Rs. 1,950.00.Rs. 1,755.00Current price is: Rs. 1,755.00.විසාල පිට්ටනියේ අග්ගිස්සට වෙන්න පිට්ටනියට මූණ දාලා තියෙන පැවිලියන් එකේ වම් කෙළවරට වෙන්න උඩට නගින්න පඩි හත අටක් තියෙයි. පඩිපෙළ දිගේ උසටත් දිගටත් යකඩ බට ගහල තියෙයි. ටකරං වහලෙන් වැටෙන වතුර වැටෙන නොවැටෙන ගාණට තියෙන මේ බට උඩ පස්සට වෙන්න පස්ස බර කරලා සමබර කරගෙන අපිත් ඉතිං තෙමිච්ච කුකුළො වගේ ඔළුවෙනුත් තෙත බරි වෙච්ච ඇඳුම් වලිනුත් වතුර බේරි බේරි සට සට ගගා වෙවුල වෙවුලා වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලන් ඉන්න අතරේ එක එක්කෙනාට ඇඟිල්ල දික්කර කර හිනා වෙනවා. ඇයි හිනාවෙන්නෙ කියල කවුරුවත් දන්නෙ නෑ. මහ හයියෙන් හිනා වෙනවා. වැස්ස පෙනේරයකින් පිටි හලනව වගේ සැර කර කර බාල කර කර අහසෙන් වතුර වත් කරනවා. තණකොළ වැහිලා වතුර පිරිල ඒ වතුර වැවක වගේ රැලි නටවනවා. බටේ උඩින් පැනල කොට කලිසම ඇඳන් ඉන්න ගමන්ම උඩට උණ්ඩි කරල වතුර මිරිකපු කරුණාරත්න ටී ෂර්ට් එක ඔළුවෙන් ගලෝල ඒකෙන් වතුර මිරිකලා ආපහු අඳින්නෙ නැතුව ඔළුවෙ බැඳගත්තා. අපි හැමෝම එහෙම කරා. ඊට පස්සේ එයා “අපි සින්දුවක් කියමු. මොකද්ද කියන්නේ. මේක කියමු. මාගේ පැලෙ අඳුර මකන්න… හිතෙනවා මනාලියක් ගෙනෙන්න……’ කියලා එයාම කියලා එයාම සින්දුවකුත් පටන් ගත්තා. අපි හැමෝමත් ඒක කියන්න පටන් ගත්තා. මං ටොෆි කන්න සාක්කුවේ දාගෙන ආපු රුපියලේ කාසිය සාක්කුවට අත දාලා අමාරුවෙන් හොයාගෙන ඒකෙන් අර යකඩ බටේට තල තල සින්දුව කියන්න ගත්තා. යකඩ බටේට කාසි වලින් තලන සද්දෙන් වැස්සෙ සද්දෙත් ටකරං වහපු පැවිලියන් වහලට වතුර වැටෙන සද්දෙත් හින්දා සින්දුව ඇහෙන්නෙ නෑ, ඒ පාර හැමෝම අඩි හප්ප හප්ප යටි ගිරියෙන් අහසට ඇහෙන්න තරම් හයියෙන් සින්දුව කියනවා. මාගේ පැලෙ අඳුර මකන්න හිතෙනවා















