-
(0)
හොරොව්පොතනේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro
Rs. 3,500.00Original price was: Rs. 3,500.00.Rs. 3,150.00Current price is: Rs. 3,150.00.මම ධර්මේගේ මුහුණු බලමි. ධර්මේ මගේ මුහුණ බලයි. කොතෙක් ප්රවේශම් වුව ද අපි වීරසේනගේ ගැටයකට හසුවී ඇත. ·” වීරසේනගේ සුට් එක ලස්සනයි ” ධර්මේ කියයි.” තැනක යූ සර් ” වීරසේක සීරුවෙන් සිටිමින් තම කය සෘජු කරමිත ඉතා ආචාරශීලී ව පවසා ආපසු හැරී පිටව යයි. “බලපං ගුණේ මමගේ ඔලුවෙ අං ඇවිල්ලා ද කියලා ධර්මේ පවසයි.“මොනවද බං තමන්ගේ ඩ්රයිවර්ට ඇඳුම් සුට් එකක් මහ ගන්න සල්ලි හොයන්ඩ, මහ කැලේ දුක් විද්යා මොර ගෝනි උස්සගත ආපු අපි වගේ තවත් ඩි.අර්.ඕ.ලා තුන් දෙනෙක් අතීතයෙන් කවදාවත ඉන්ඩ නැතුව ඇති. අදත් වෙන කොහෙවත් නැතුව ඇති. හෙටත් කොහෙවත් ඉපදෙනෙත් නැහැ. මම සිනහා සෙමින් හිස වනා එය අනුමත කරයි. -
(0)By : Dan Brown
සම්භවය – Sambhawaya
Rs. 2,900.00Original price was: Rs. 2,900.00.Rs. 2,465.00Current price is: Rs. 2,465.00.අප පැමිණියේ කොතැනක සිට ද ?අප යන්නේ කොතැනකට ද ?ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න දිවිත්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය.එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැුජන අම්බ්රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.කියර්ෂ් නිහ`ඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද? -
(0)By : Anthony Doerr
දෘෂ්ටිමානයට ඔබ්බෙන් – Drushtimaanayata Obben
Rs. 2,600.00Original price was: Rs. 2,600.00.Rs. 2,340.00Current price is: Rs. 2,340.00.යතුරු සාදන්නෙකුගේ දියණිය වූ මරි-ලෝ ලුබ්ලෝ සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවෙසට එන පාර සොයාගැනීම ඉගෙනගැනීම සඳහා ඇගේ පියා, පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩනඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.
වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙකි. තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට දෛවෝපගතවම ඔහුට නියම වී තිබේ. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන්ගනියි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළුවීමේ වරම දිනා දෙයි.
එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?
සැතපුම් සිය ගණනක් එපිට, මහා සාගරය අබියස පිහිටි, ප්‍රාකාරයෙන් වටවූ නගරයක, දීර්ඝ කාලයකට පෙර අහිමි වී ගිය කටහඬකට සවන්දෙන වයෝවෘද්ධ මිනිසෙක්, කිසිම දිනෙක සිය නිවෙසින් පිටතට අඩියක් හෝ නොතබමින් නවමු වචන හෙළිදරව් කරගනියි. තවමත් සිද්ධ නොවූ, එහෙත් සිදුවීමට ආසන්නව පවතින අනතුරක් විසින් ඔහුට සදාකාලිකවම නිවෙස තුළට වී ලෝකයෙන් සැඟවී සිටින්නට ඉඩදෙනු නොලැබෙයි.
යුරෝපය දැඩි ලෙස යුද්ධය විසින් ගිලගනු ලැබුවා වූත්, එම අවාසනාවන්ත වාතාවරණය තුළ අනාවැකි පළකළ නොහැකි අන්දමට ජන ජීවිතය කඩා ඉහිරීගියා වූත් සමයක, නියමයක් නොමැති සියලුම විෂම දෑට එරෙහිව මිනිසුන් යහපත් දේ කිරීමට උත්සාහ කරනු ලබන්නේ කෙලෙසින්ද යන වග, ‘දෘෂ්ටිමානයට ඔබ්බෙන්’ නවකතාව ප්‍රදීපනය කරයි.
එය ධෛර්යය, පරිත්‍යාගය හා කැපකිරීමෙහි චිත්තාකර්ෂණීය අන්දරයකි. එමෙන්ම නිර්දෝෂීභාවය වෙනුවෙන් ගැයෙනා අතිශය ප්‍රබල ශෝකාලාපයකි.
-
(0)By : ඩෑන් බ්‍රවුන්
“සම්භවය”
Rs. 2,900.00Original price was: Rs. 2,900.00.Rs. 2,320.00Current price is: Rs. 2,320.00.අප පැමිණියේ කොතැනක සිට ද ?
අප යන්නේ කොතැනකට ද ? -
(0)By : JACK HIGGINS
අබිරහස් සබ්මැරීනය – ABIRAHAS SBMERINAYA
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.සියල්ල ඇරඹුණේ, කැරීබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයා ගැනීමත් සමඟය.
ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැර්නය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.
ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පොතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.
එබැවින්ම.
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!
-
(0)By : Yuval Noah Harari
සේපියන්ලා
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,620.00Current price is: Rs. 1,620.00.ගින්දර
අපට බලය දුන්නේය.
ගොවිතැන
අප තව තවත් කෑදර කළේය.
මුදල්
අපට අරමුණු දුන්නේය.
විද්‍යාව
අප බිහිසුණු මාරක වර්ගයක් කළේය.
අපට අවිෂය ලෝකයේ වානරයාගේ සිට වත්මන් ලෝකයේ පාලකයන් දක්වා අපේ අරුම පුදුම ඉතිහාසය පිළිබඳ විශ්මයජනක තොරතුරු මාලාවකින් සමන්විතය. -
(0)
දිස්පරයු – Disparue
Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00.ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු 12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……
2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද? -
(0)
කන්ද උඩ ගින්දර
Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00.ළැම ගින්න දරාගන්න බැරුවාමයි මයෙ දෙයියෝ තුන් තිස් පැයේ ලැව් ගින්නේ පිච්චෙනවා ගං ඉවුරේ පියවර ලකුණු මැකී යන්නෙ නෑ ගල් බෙයඳේ සිරියහනේ පුසුඹ දැනෙනවා රළු පරළු යෝධ ගල් බෙයඳේ රජ බිසෝ සිරි යහන සසැඳේ ගඟ වැටුණු මලිනි ගෙල බැන්දේ පති පතිනි කුල දහම් වින්දේ හුන්නස්ගිරිය කන්දේ මහතලා මයෙ හුස්ම වින්දේ සෙංකඩගලට දුර වැඩිදෝ මයෙ පියවර දිග මදිදෝ හිමි සඳුනි මයෙ රජුනි පති කුලේ ගින්දරයි තනි යහනේ නින්ද නෑ මයෙ දෙයියෝ…….
-
(0)
ගුප්ත දඩබිම – GUPTHA DADABIMA
Rs. 1,850.00Original price was: Rs. 1,850.00.Rs. 1,480.00Current price is: Rs. 1,480.00.මෙනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු තිබ්බත් වැහි බන්ධනය හින්දා ආකයෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා… ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.
-
(0)
වසන්තය නුඹම විය – Wasanthaya Nubama Viya
Rs. 1,800.00Original price was: Rs. 1,800.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. “සර්, මම එළියට යන්නද?” පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ…? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. “එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?” මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ”. ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා කියන්නෙ කොහොමද මගේ ඇත්ත තත්වේ.. ඒ වුණාට මට ඩොක්ටර්ව ෂුවර් නෑ මම සර්ව අල්ල ගන්නම්. තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරේ ලැබෙන්නත් කලින්ම මම යෂ්ගෙ අතක එල්ලුණා. ඩොක්ටර් හිනාවෙලා එන්නත අතට ගත්තා නොබලනවාම කියලා හිතාගෙන හිටියත් මගේ ඇස් කෙළින්ම එල්ල වෙලා තිබ්බේ එන්නත දිහාවට බයටද මන්දා මාව ගැහෙනවත් එක්ක. ඒ කටුව ටිකින් ටික යෂ්ගෙ අත සිදුරු කරගෙන ඇතුළට යද්දි මගේ ඇඟම හිරිවැටෙන්න ගන්නා ඊටත් ටික වෙලාවකට පස්සෙ මුළු ලෝකම අඳුරු වෙලා පේන්නෙ නැතුවම ගියා.
-
(0)
චේ: චරිතාපදානය
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.අඳුරුතම හෝරාවේදී අරුණලු ගෙනා මිනිසා
සිදුවීම් පිළිබඳ ඔහුගේ විස්තරයට අනුව, රොඩ්රිගුවේස් අනතුරුව වේ සමඟ කතා කිරීම සඳහා පිටතට ගියේ එහිදී වේගේ ඡායාරූප අරගත්තේය. වසර ගණනාවක් පුරා සී.අයි.ඒ. සංවිධානය යටතේ අතිශය රහසිගතව තබා ගැනුණු මේ ඡායාරූප පසුව එළියට පැමිණියේය. මින් එක් ඡායාරූපයක පිරුණ මුහුණින් හා යෞවන පෙනුමින් යුත් රොඩ්රිගුවේස්, දමනය කරන ලද වන සතකු මෙන් පෙනෙනා වේගේ උර වටා අතක් දමාගෙන සිටිනු දක්නට ලැබෙයි. වේගේ වැහැරුණ මුහුණ බිමට යොමුව ඇත. දිගු හිසකේ පහතට එල්ලා වැටී ඇති අතර, ඔහු දෑත් බැඳගෙන සිටියි.
-
(0)
12.12.12
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ. -
(0)
දෙවැනි ගැහැනිය
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.පැරිස් නගරය වසන්තයට සැරසෙන එක් මනරම් සැඳෑවක, සුමිත්‍රා නානායක්කාර තම නිවසට ඇතුළු වුණු විට, ජීවිතය විනාශ කර දමන්නට සමත් වදන් දෙකක් ඇයට ඇසුණි.
“මම යනවා.. ” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ් අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි.ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධීරාජ්‍යයක සැරිසරයි; .ගමන් බිමන් යයි; දවස ගත කරයි; ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකියි.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
-
(0)
7.1.90
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.එදා, ඔක්තෝබර් පළවෙනිදා, කවදාවත් නැතිව සමරගිරියේ පැවැති මේ බලවත් නිශ්ශබ්දය සිඳීගියේය. බන්දුල සමරජීවගේ බිරිඳ වූ රාධා විසින් යටිගිරියෙන් කළ භයානක කෑගැසීමක් හා විලාපයක් නිසා සමරගිරියේ සෙසු අය පමණක් නොව අවට ගෙවල්වල උදවියද, ඒ ඔක්තෝබර් පළවෙනිදා, යහනින් නැගිට්ටේ මහත් භීතියෙනි.
-
(0)
මන්දෝදරී – Mandodari
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,403.00Current price is: Rs. 1,403.00.ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’ ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.
ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය.
ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’
පෙර ඇණවුම් කළ හැක
අගෝස්තු 15 වන දින නිකුත් වේ.
නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක… -
(0)
ලෝවීනා – loveena
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,403.00Current price is: Rs. 1,403.00.“මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය.