-
(0)
මැයි මාර ප්‍රසංගය – Mai Maara Prasangaya
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 560.00Current price is: Rs. 560.00.මං අපේ ගමේ ගෙදර ඉස්තෝප්පුවේ බැම්ම උඩ තියාගෙන, සමිධ අයියා සහ ඔබ හිතේ තියාගෙන ගොඩනගපු කතාව ලියාගෙන ගියා. සති ගාණක් තිස්සේ කතාව ලියල ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළියෙ තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා ඉද්දි මිදුල පැත්තෙන් විශාල එළියක් දැක්කා. මං හිතුවා හුළු අත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනෙකින් වගේ යටි හිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආවා බැම්ම ළඟට. වැඩේ හරි හුළඟට ලාම්පුව පෙර ලියපු කොළ ටික උඩට. සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහුවදා වෙනකම්ම ඇඬුවා. එතකොට ඉතින් මගෙ වයස දහනවයයිනේ.
-
(0)
මන්දෝදරී – Mandodari
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,403.00Current price is: Rs. 1,403.00.ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’ ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.
ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය.
ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’
පෙර ඇණවුම් කළ හැක
අගෝස්තු 15 වන දින නිකුත් වේ.
නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක… -
(0)By : James Niranjan-
දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.
ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.
-
(0)
නිල් කට්රොල් – Nil Katarol
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00.මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාශ්‍යපගේ කතාව පමණක් නොවේ.
එසේම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ මා දන්නා වූ හා
නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි. -
(0)
ලෝවීනා – loveena
Rs. 1,650.00Original price was: Rs. 1,650.00.Rs. 1,485.00Current price is: Rs. 1,485.00.“මට උඹ ගැන කැක්කුමක් නැත්නම් තවත් වදවෙන් නැතුව උඹ කැමැති මිනිහෙක් එක්ක පලයං ….
තම නැන්දම්මාගේ මුණ දිහා එක දිගට ටික වේලාවක් බලා සිටි කිරි අන්තිමට ඇයට කීවේ තව කල්පයක් කල් ගෙවුණත් සසිරා හැර වෙන කිසිම මිනිහෙකු සමඟ තමා නිදාගන්නට යන්නේ නැති බවය.
කන්යාවියක් විදිහට මැරුණත් මං එයත් එක්කම ඉන්නවා…. මේ විදිහට ඇගේ කන්යා භාවයට කිසි හානියක් නොවී තවත් වසර කීපයක් ගත වුණේය. හිටි අඩියේ ඇය අසනීප වුණේ ඔය අතරය. සැබැවින්ම එය අරුම පුදුම අසනීපයක් විය. -
(0)
ලක්ෂි – Lakshi
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 960.00Current price is: Rs. 960.00.මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම
පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
මගේ මේ ආදරය…
සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා
ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
“ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
මහා රෑ පිපිලා
මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
මං මතක් කරා ලක්ෂි
කඩා හැලෙන සේපාලිකා මල්
කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
හරියට මගේ ආදරේ වගේ
ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…
– වරුන් –
-
(0)
කම්මැළි මොළේ – Kammeli Mole
Rs. 950.00Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.
-
(0)
ඇහැළ මලට දම් පාටක්
Rs. 1,200.00Original price was: Rs. 1,200.00.Rs. 1,080.00Current price is: Rs. 1,080.00.“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක
දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා
ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු
ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.
අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!” -
(0)
Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්
Rs. 500.00Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00. -
(0)
රුසියානු භාෂාවට අත්වැලක් – Rusiyanu Bhashavata Athvalak
Rs. 690.00Original price was: Rs. 690.00.Rs. 621.00Current price is: Rs. 621.00.සිංහලෙන්ම රුසියානු බස ඉගෙනීමට දැන් “රුසියානු භාෂාවට අත්වැලක්”
මේ ඔබටයි
උසස් අධ්යාපනය සදහා රුසියාව බලා යාමට අපේක්ෂිත
සිසුන්
රුසියානු සංචාරකයින් ට මගපෙන්වන සංචාරක මගපෙන්වන්නන්
රුසියානු බස ඉගෙනීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙක් වෙනුවෙන්
එදිනෙදා ජීවිතයේ අසන දෙබස් රුසියන් බසින් අහන හැටි / කියන හැටි මෙම ග්රන්ථයේ අන්තර්ගත වේ -
(0)
සෙංකොට්ටං
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්‍රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ. -
(0)
දිස්පරයු – Disparue
Rs. 1,750.00Original price was: Rs. 1,750.00.Rs. 1,575.00Current price is: Rs. 1,575.00.ප්‍රංශයේ සිට කතා මවන ශ්‍රී ලාංකික ඉන්ද්‍රජාලිකයා – මංජුල සේනාරත්නයන්ගේ නවතම කෘතිය #දිස්පර්යු 12. 12. 12 ට වසර පහකට පසුව නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම යළිත් පරීක්ෂණයක……
2019 වසරේ ජුනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය.
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදහ්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය නොදී, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද? දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදී සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානි. නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම තාදි සමරසිංහ අබ‍්‍රහස කෙසේ විසඳහු ඇත්ද? -
(0)
එත් මං ආදරෙයි – Eth Man Adarei
Rs. 1,000.00Original price was: Rs. 1,000.00.Rs. 900.00Current price is: Rs. 900.00.බොහෝ දුර ඈතක සිට බලාගෙන ඉමි ඔබ දෙස පපුව බර වැඩි වෙන කොට ආදරේ දෙමි කවි ලෙස
බොහෝ දුර ඈතක සිට අසා ඉමි ඔබෙ කට හඬ දෙනෝදාහක් සෙනඟ මැද්දෙත් ඇයි මේ තරම් තනිකම
බොහෝ දුර ඈතක සිට සිතාගමි ඔබ ළඟ බව නොලැබෙනා බව දන්න හින්දම විමසමි ලැබිය යුතුමද?
-
(0)
ධනවත් පියා,දිළිඳු පියා
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 720.00Current price is: Rs. 720.00.Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
-
(0)
සාරි ඇඳපු පිරිමි – Sari Andapu Pirimi
Rs. 700.00Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.
ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.
අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.
-
(0)
12.12.12
Rs. 1,600.00Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.
මිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.
















