තමාට තිබුණේ බබා හේනයා යැයි නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැයි ඔහු බුදු බණේ අසා තිබුණේය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැන දැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිති වල්ලට වඩා මේ කනගාටුව හොඳ ය. අර ආඩම්බරකාර මිනිසුන් කෙසේ ක්රියා කළ ද බුදු හාමුදුරුවන් ඇත්ත විස්තරය දන්නවා ඇත. – ඔහු කල්පනා කළේ ය. එසේ ම අඩු කුලවල මිනිසුන්ට, අඩු කුලවල අසරණ වූ දරුවන්ට බුදු හාමුදුරුවන් ඕනෑ තරම් උදව් පදව් කර තිබේ.
ආතේ. සෙංකොට්ට ඉවරයි නේද?” කුඩා බබා හේනයා ඇසුවේ එකවර යමක් මතක් වීමෙනි.
” කඩ මණ්ඩිය පහු වුණා නේ පැවෝ… පරණ ඒවා ගෙදර ඇති නේ. ඒවා ගමු…”
ඔවුහු යළිත් කරබාගෙන ම රිදීවිට දෙසට ගමන් කරන්නට වූහ.
Reviews
There are no reviews yet.