-
හැටේ දශකයේ අපූරු මිනිස්සු – Hete dashakaye apuru minissu
Original price was: Rs. 500.00.Rs. 400.00Current price is: Rs. 400.00.බැලුමත් බේරා ගෙන ජලයත් හිස් කළ යුතුයැයි මට සිතුණි. මා කාමිනී පිලිබදව කටයුතු කළ යුත්තේ ද එලෙසය. නොඑසේ වුවහොත් බැලුම පුපුරා ජලය ද විසිරි ගොස් හානියක් වන්නා සේ කොයි සමොහොතක හෝ මා ව්‍යසනයට පත් වන්නට පුළුවන. කාමනි පිළිබඳව මා තුළ ඇති අදහස පැවසිය හැකි එකම පුද්ගලයා චරිත සේනය. ඔහු මට හිතවත්ය. වාහනයක් ඉතා වේගයෙන් අප පසු කර ගෙන ගියේය. එයින් එක දිගටම නිකුත් වුණු නළා හඬත්, ඇවිස්සුණු දුවිල්ලත් අපට අපහසුවක් ගෙන දුන්නේය. මේ සැරේ යුනිව සිටි එක්සෑම් එකේ තත්වේ කොහොම සිටීද චරිතෙ ? “ඔයා අහන්නේ විභාගෙට කොයි විදිහෙ ප්‍රශ්න එයි කියලද ? ඔව්. ඔව්. අපි නම් දැන් සිලබස් සේරම කවර් කරලයි ඉන්නේ. ඒ වුණාට සිලබස් එකෙන් පිට ප්‍රශ්නත් අහයි ද දන්නෑ නේද? එහෙම කරන්ට බෑ සේකර. ඒවා විභාග ආචාර ධර්ම වලට පටහැනියි. නීති විරෝධීයි. එහෙම දෙයක් සිද්ධ වුණොත් විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්ටත් පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. ඔහුගේ පැහැදිලි කිරීමෙන් පසු මම සතුටට පත් වුණෙමි. එතෙක් මා හිතා සිටියේ අප විභාගයෙන් අසමත් කොට විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සටකපට වැඩ පිළිවෙලක් අනුගමනය කරනවා ඇතැයි කියාය.
-
ජාතිවාදී සහෝදරයෙක් – jathiwadi sahodarayek
Original price was: Rs. 650.00.Rs. 520.00Current price is: Rs. 520.00.අවලස්සන මිනිස්සු. එයාල අහිංසකයි.
සීතා ගැන මට ඉමහත් දුකක් ඇති විය. ඇගේ ස්වරූපයේ මිනිසුන් වෙනුවෙන් ඇය දරන මතයට අනුකම්පා කළ යුතුය.
ඒක ඇත්ත සීතා.” “ඒක ඇත්ත කියලා, මයා කියන්නෙ මං කියපු නිසානෙ. එහෙම නැතුව ඔයාට එහෙම දෙයක් හිතුනෙ නෑනෙ.” මම නිහඬ වුණෙමි. ඇය පැවසුවේ ඇත්තකි. මා ඇගේ අදහසට එකඟවූවා මිස කැත මුහුණක් ඇති ගැහැණු ලස්සන වැඩ කරන බව පිළිගන්නට මට උවමනාවක් නැත. මගේ පරමාර්ථය වූයේ අහිංසක ඇගේ හිත නොතැලීමය.
” සිරිදාස දන්නවද අත පය හොඳට තියෙන අයට වඩා අන්දයින්ටයි, ගොළුවන්ටයි පැහැදිලි ඉවක් තියෙනව කියලා.’ ” ඔව් මං අහල තියෙනවා.” ඇස් අන්ද කෙනෙක් එක්ක කතා කරපු කෙනෙක් නැවතත් දීර්ඝ කාලෙකට පස්සේ කතා කළොත් අන්ධය අහනව මේ අහවලා නේද කියලා. ඒ තරමට ඔහුට කටහඬ මතකයි.” “ඒ වගේම කලින් ගමන් කරපු තැනකින් නැවත යනකොට අහනව මේ අහවල් තැන නේද කියලා. ඒක ආශ්චර්යක්.” ඇත්තටම ආබාධිතයන් ගැන මෙතරම් විස්තරාත්මක කරුණු මා දැන නොසිටි අතර ඒ පිළිබඳ සීතාගේ දැනුම හා අවබෝධය ගැන පුදුම වුණෙමි. ඇය ආබාධිතයෙක් නොවන මුත් විරූපි මුහුණක් ඇත්තියකි. එහෙයින් ඒ පිළිබඳව ඇය සමඟ කතා කිරීම ඈට වේදනාවක් වනු ඇතැයි මට සිතුණි.
-
සුර අසුර යාමය – sura asura yamaya
Original price was: Rs. 1,400.00.Rs. 1,120.00Current price is: Rs. 1,120.00.අහසේ නැඟෙනහිර අන්තයෙන් නැඟි සඳ පාළුවට ගිය හොරණ – කළුතර පාරේ තම දුබල රැස් දහර අතුරා තිබුණේ අතරින් පතරය. පාර දෙසට නැමුණු අතු ඉති සඳ එළියට පාර මුවා කිරීමේ වරද ගැන වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටියේය. සිරිතක් ලෙසින් හැමදාම රෑට පාළු පාර සිය නිදි යහන බවට පත් කර ගන්නා වියපත් සුනඛයාටද ඒ ගැන හැඟීමක් තිබුණේ නැත. පාර අඩ අඳුරේ පැවැතීම ඔහුගේ නින්දට ඇප උපකාර කරන සත්කාර සේවාවක් බව මේ සුනඛ තෙමේ දැන සිටියේය. ස්වකීය පරපුරේ චිරාගත සම්ප්‍රදාය අනුව අපේක්ෂිත නිදියහන් සීමාව වටා තෙවරක් පැදකුණු කළ සුනඛයා අනතුරුව පාර මැද වකුටු සෙයියාවෙන් වැතිර ගත්තේය. තනිකම ශීතලය. තනිකමේ ශීතල අද වෙනදාටත් වඩා දැඩිව ඔහුට දැනේ. ඔහු සිත සංකාවෙන් බරය. ඇස අගින් ගිලිහුණු කඳුළු බිඳුවක් ඔහුගේ වියපත් කම්මුල මතින් ගලා හැලුණේය.
-
අකුරු – Akuru
Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.එයාගේ නම ගිලියන්. ගිලියන් අවුරුදු හතක පොඩි දැරියක්.
මේ දැරිවිට එක තැනක එක විදිහකට ඉන්න බෑ විනාඩි පහක්. අපේ භාෂාවෙන් කිව්වොත් පුදුම ගායක් තියෙන්නේ. ගිලියන් ඉස්කෝලෙ යන්නෙ නිවෙස කිට්ටුව තියන පිළිගත් පාසැලකට. තමන්ගේ පංතියේදිත් හැම විනාඩි හතර පහකටම සැරයක් ගිලියන් තමන්ගේ පුටුවෙන් නැගිටිනවා…. ඉස්සරහට යනවා…. ආපහු එනවා…… ඇඹරෙනවා…. අතපය දික්කරනවා. පංතියේ ගුරුවරිය කොයි තරම් කිව්වත් අහන්නෙ නෑ. මේක පංතියේ හැමෝටම කරදරයක් වෙනවා. ගුරුවරු හැමදාම අවවාද කරනවා…. පහදල දෙනවා… දඬුවම් දෙනවා…. පංතියෙන් එළියට දානවා… දණ ගහල තියෙනවා. කිසි දෙයක් හරි යන්නෙ නැහැ. සමහර ගුරුවරු කරුණාවන්ත වෙනවා වැඩි වැඩියෙන්. තෑගි… චොකලට් වගේ දේවල් දෙනවා… ඒත් කිසි දෙයක් නිවැරදි වෙන බවක් පේන්නෙ නෑ. සමහර අවස්ථාවල පන්තියේ ගුරුවරු මේ දැරිවිව්ව විදුහල්පති ළඟට එක්කන් යනවා……..ගෙදර අම්ම තාත්ත එක්ක කතා බහ කරනවා. මේ හැසිරීම ගැන දැනුම තියන උපදේශකයන් ගෙන්නල උපදෙස් ගන්නවා….. ඒත් විසඳුමක් නෑ. හැම අවස්ථාවකම ගුරුවරු දෙන උපදෙස් ගිලියන් ඔළුව වනල පිළිගත්තත්, ඒ එකක්වත් තේරුම් ගත් බවක් පේන්න නැහැ. ඒ මදිවට මේ පුංචි එකී ගෙදර ගිහාම ගෙදරින් දඬුවම් විඳිනවා….චාරයක් නෑ… එක තැනක ඉන්න බෑ… ගෙදර හැමෝටම මදි පුංචි කමක් කියලා.















