-
(0)By : ලොරන්ස් රීස්
අවුෂ්ව්ට්ස් ඝාතක කඳවුර – AUSCHWITZ GHATHAKA KANDAWURA
Rs. 1,450.00Rs. 1,305.00අපකීර්තිමතේ නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රිස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්‍රමය, පලා යෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්තරයකි.‘බ්‍රිතාන්‍ය ජනගහනයෙන් අඩක් අවුෂ්ටිට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැයි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රිස් පෙන්වා දෙයි. ඉන් සමහරක්, ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරගත් අගනා තොරතුරු වලින් පොහොසත් වීම අතිශය වැදගත්…නිල් අවර්සන්, ඔබ්සර්වර් මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්හයන් තොම්සන්, ගාඩියන් -
(0)
උත්පත්ති – UTHPATHTHI
Rs. 1,500.00Rs. 1,350.00ඒ රැය ගෙවී පසුදා අවදී වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාත්මක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
-
(0)
සිරසාලවන්‍යා – SIRASALAWANYA
Rs. 1,150.00Rs. 1,035.00සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, ද්රෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, …
එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි. -
(0)
ආදරෙයි උතුරන්න – Aadarei Uthuranna
Rs. 750.00Rs. 675.00මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න එත හැකි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න
පපුවකට තියා හිස හැකි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න
-
(0)
බයෝ කරපු ඒලෙවල් 2 | Bio Karapu AL 2
Rs. 500.00Rs. 450.00එක පැත්තකට සිද්ධවෙන ප්‍රතික්‍රියාවක සීමාකාරී ප්රතික්රියකය එක තැනකදි ඉවර වුණා එතනිං පතික්රියාවත් නැවතුණා!
“ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්‍රතිවර්ත්‍ය පතික්රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!
-
(0)
නිරුවත් ගැහැනිය – NIRUWATH GAEHAEIYA
Rs. 1,380.00Rs. 1,242.00මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මය ජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම් වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූර්ව පැවැත්ම වේ.
විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්ත්‍රී රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබා දහම මත වැඩි දියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලුත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඩ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්ත්‍රී රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක් ‘ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැගෙන යයි. සියලු කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඩ් මොරිස් ස්ත්‍රී රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩි දියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.
‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඩ් මොරිස්ගේ අසමසම ප්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධක වලින්, සිත් ගන්නා සුලු අන්දරයන්ගෙන් සහ පොළඹවන සුලු නිගමනයන්ගෙන් සමන්විත ග්රන්ථයකි.
-
(0)
මෞන – Mauna
Rs. 650.00Rs. 585.00කිසි දිනෙක අසා නොතිබූ අමුතු වචන පෙළක් කාව්‍යා එකදිගට මිමිනුවාය. තිමිරද ඉතා කුතුහලයකින් යුතුව ඒ දෙස බලා සිටියේය. තමා මායාකරුවකු නොවේ නම් මේ කරන්නා වූ වංචාවට දඬුවම මරණය බවත් හොඳින් දැනගත් තිමිර, කාව්‍යා කියන්නා වූ සෑම දෙයම අකුරක් නෑරම සිදුකරන්නට වූයේය. එසේ කිරීමට හේතුව වූයේ මේ ප්රශ්නය තමන් ඇති කළ දෙයක් නිසාත් ඇය අද මෙතැන සිටින්නේද තමන් නිසාත් වීම යන හේතු මතය. තමන්ට මියැදෙන්නට සිදු වුවත් අවසන් හුස්ම තෙක් තමන්ගේ කාර්යයට කැපවෙන්නා වූ කාව්‍යාට ආරක්ෂාව සැලසීම ඔහුගේ යුතුකමක් බව ඔහු සිතීය. උරුමයක් පරම්පරාවෙන් ලැබුණද පරම්පරාවේ සියල්ලන්ම මායා කරුවන් වන්නේද නැත. එසේම වර්තමාන පිෆෙක්ස් නායක ක්‍රෙම්ස්ටන්ද මායාකරුවෙකු නොවේ. මරණය වෙත ඇති සම්භාවිතාවය වැඩිය. මේ සියල්ලම තිමිරගේ සිතෙහි රැව් පිලිරැව් දුන්නේය. නමුත් කාව්‍යා කියූ කාරණය එවිට තිමිරට සිහි විය. තමන්ගේ සිත පාලනයට ඉතා වෙහෙසක් දැරූ තිමිර මෞනය බේරාගැනීම යන කාරණය පිළිබඳම සිතමින් බලපාෂාණය මත තම සුරත තබා ගෙනම සිටියේය.
-
(0)
මසායි දූතිකාව – Masai Duthikawa
Rs. 675.00Rs. 607.50අප්‍රිකාවේ මහා වනාන්තරයක වෙසෙන, ශිෂ්ට සම්පන්න යයි සම්මත ලෝකයට ප්‍රවිෂ්ට නොවූ ගෝත්‍රික මිනිස් සමූහයක් වෙනුවෙන් වෙහෙසෙන තරුණියක ප්‍රධාන කොට ගනිමින් ලියැවෙන මේ සිදුවීම් දාමය පෙළගැසෙන්නේ, අපේ ඇසට නො පුරුදු පරිසරය පිළිබඳව කතුවරිය අපට දායාද කරන චමත්කාරය ඔස්සේ කියවන්නා විස්මයට පත් කරමිනි. අප්‍රිකානු වනගත පරිසරය, ආගන්තුක චරිත, ස්ථාන හා චරිත හඳුන්වා ඇති නාම, පුදුම සහගත හැසිරීම්, සිරිත් විරිත් පිළිබඳව නිරන්තරයෙන් ස්පර්ශ කරමින් එහිම වෙසෙන අප්‍රිකානු වැසියෙකුට ම මිස, බැහැර කෙනෙකුට නොහැක. නවකතාවක් යනු කතන්දරයක් කියාගෙන යාම වෙනුවට, ඒ කථාන්තරයේ එන චරිත තුළින් මනුෂ්‍යත්වයේ සැගවුණු පෙදෙස්වලට තියුණු ආලෝක ධාරාවක් යොමු කර, ඒ මෙසේ මෙසේ යයි දකින්නට සැලැස්වීමය යන අදහස කතුවරිය සිය නිර්මාණය තුළින් සනාථ කර තිබේ.
-
(0)
බැරීගේ සිහිනය – බරක් ඔබාමා Barige Sihinaya – Barak Obama
Rs. 950.00Rs. 855.00ගේ ජිවිතය සිහිනයක් යයි මට වරෙක සිතේ. මගේ කතාව තරම් දුක්ඛිත කතාවක් ලෝකයේ කිසිදු නායකයෙකු සතුව ඇත්දැයි මට වරෙක සිතේ. හවායි දූපතේ මව සමඟ ජීවත් වූ පුංචි කොලු පැටියා ඇමෙරිකාව වැනි විශාල රටක ජනාධිපතිවරයා වේ යැයි කවුරුවත් නොසිතු බව මට සහතිකය. මා හදා වඩා ගත් මවද, මගේ මිත්තණියගේ සෙනෙහස ලැබූ මමද, මේ පිළිබඳව කිසි දිනක නොසිතුවෙමි. එහෙත් මගේ දෛවය මෙසේ විය. එය වෙනස්ය. එය වෙනස් කළේ කවුරුන්ද? එය වෙනස් කළේ දෙවියන් විසින්මය. එය මගේ විශ්වාසයයි.
මම සෙනෙට් සභිකයෙකු වී පසුව ඇමෙරිකානු කොන්ග්‍රසයේ සෙනෙට් සභිකයෙකු ලෙස පත්ව ජනපති ධුරය හිමිකර ගන්නාතුරු මගේ කතාවේ සුන්දර අවස්ථා එමට යයි කිව නොහැකිය. මගේ ධෛර්යය හා ශක්තියද මා ළඟින් සිටි මිෂෙල්ගේ සෙනෙහස මුසු වූ සහයද සමඟ මම අභියෝග මැදින් ඉදිරියට ගියෙමි.
2004 වසරේ ඉලිනොයි ප්‍රාන්තයේ සෙනෙට් සභික ධූරය ලබා ගැනීමත් සමඟ මම දේශපාලන දිවි ගමන ආරම්භ කළා යැයි මට සිතේ. සෙනෙට් සභික ධුරය ලබාගෙන මා කළ පළමු දේශනයේද මට ජනතාවට කියන්නට බොහෝ දේ තිබිණි. මාගේ මේ දේශනය අසන්නට ප්‍රාන්තයේ මට හිතවත් ජනතාව පැමිණ සිටියහ. ජනතාව ඉදිරියේ මෙලෙස කතා කරන්නට ලැබීම මා ලැබූ ගෞරවයක් යයි මම ඔවුන් ඉදිරියේ පවසා සිටියෙමි.
මාගේ ජිවිතය සිහිනයක් බඳු යැයි පැවසීමට මට බොහෝ කරුණු ඇත. මා බොහෝ විට සිහින දුටුවෙමි. එහෙත් ඒ සිහින
-
(0)
මායා දූපත – Maya Dupatha
Rs. 500.00Rs. 400.00” මමත් ආවේ දිවුල් ඇඟිඳින්න. කෝ ඉතින් ආතා මට ඉස්සර වෙලා ඇවිත් දිවුල් ඇහිඳලනේ. ”
” මේ………….කොලුවෝ, පණ්ඩිත වැඩ නොකර ගෙදර පලයං. උඹට පුළුවන් ද මේ හිමේ කරක් ගහලා දිවුල් ඇහිඳින්ට? දැන් පොඩ්ඩකට කලිනුත් තනියා මේ ඉසව්වේ කරක් ගහල තියෙනවා.”
ආතා කොහොම ද දන්නේ තනියා කරක් ගැහුව කියලා. ඔයාට තනියා සැලියුට් ගහල ද ගියේ? ”
සුනිමල් අබරන්ගෙ කීම තුට්ටුවකටවත් මායිම් නොකර එසේ ඇසුවේ ඔලොක්කුවට මෙන් හිනා වෙන ගමන්ය.
” සැලියුට්?”
අබරන් ආතාට කේන්ති ආවා.
” සැලියුට් නෙවෙයි ගොයියෝ. ආන් අර හරියෙ…….” යයි පැවසූ අබරන් දිවුල් මණ්ඩියේ කෙළවර දිහා අත දිගු කර පෙන්වමින්,
” මේ….. දැන් හලපු අලි බෙටි තියෙනවා. මම එතනට ගිය වෙලාවෙත් දුම් දමනව ” යැයි කීවේය.
” කමක් නැහැ ආතේ, මමත් ගිහින් දිවුල් ගෙඩියක් දෙකක් ඇහිඳ ගෙන එන්නම්.”
සුනිමල් එසේ කීවේ අබරන් මග ඇරලා තමුන්ගේ ගමන යාමේ අදහසින්.
” කොලුවෝ, මම කියපු දේ අහලා මෙන්න මේ දිවුල් ගෙඩි ටිකත් අරන් ආපහු පලයං.”
අබරන් තම උරපත්ත මත දමා ගෙන තිබුණු මල්ල බිම තියන ගමන් කීවේය.
ඔහු මල්ලෙන් ගත් දිවුල් ගෙඩි තුන හතර සුනිමල් අතට දුන්නේය. අනතුරුව ඔහු මල්ල කරට ගෙන සුනිමල් පසු කර ඉදිරියට පියනගන්නට වූයේය. -
(0)
සැඟවුණු උයන – Sangauna Uyana
Rs. 1,200.00Rs. 960.00ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ
එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි
ලෙනොක්ස් දැරීය ළපටි වියේදීම මෙලොව තනිවෙයි.
යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන
ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක්
නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව
සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම
මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ
වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ
දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි
ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩි සේ
වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ
චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි. -
(0)
නිෂ්පත්ති – Nishpaththi
Rs. 1,200.00Rs. 960.00“කීයක් හරි ඉතුරු කරගනිං… අත් දෙක වනවනා මිනිහෙක් එක්ක ගියදොට උඹටමයි අන්තිමේ කතන්දර අහන්න වෙන්නෙ..” ගෙදර සිටි දින දෙක තුළ අම්මා දහ දොළොස් වතාවකට වඩා මැතුරූ මන්තරය වූයේ එයයි. තිළිණි එය නොදැන සිටියා නොවේ. එහෙත් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට නම් වර්තමානය තුළ ජීවත් විය යුතුය. ජීවිතය විඳිය යුතුය. තිළිණි විශ්වාස කළේ එයයි. එසේම ඇය පිරිමින් සම්බන්ධයෙන් දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම තමුන් දන්නා ගමේ උදවිය, ඥාතීන්, පවුලේ හිතවතුන් ගත් කළ පිරිමින් යනු හුදු පීඩකයන් පමණකි.
-
(0)
දුවකගේ කඳුළු – Duwakage Kandulu
Rs. 1,000.00Rs. 900.00දුවකගේ කඳුළු ගැන…..
ප්‍රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා ගැන හෝ දයා ද අල්විස් නම් වු ප්‍රවීණ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදිකාව, නවකතාකාරිය, ගීත රචිකාවිය ගැන හෝ නොදන්නෝත් සාහිත්‍ය කලා ක්ෂේත්රයෙහි වෙත්ද? සුරංගී මේ සුප්‍රකට කලාකරුවන් දෙපොළගේ එකම දියණිය වුව එක වහලක් යටදී සිය මාපිය සෙනෙහස ලබන්ට තරම් වාසනාවන්තියක නොවූවාය. මන්දයත් සුරංගීගේ බාල කාලයෙහිම ප්‍රේම කීර්තිත් දයාත් නෛතිකව වෙන් වූ බැවිනි. මේ වෙන්වීම හෝ මෙබඳු වෙන්වීම් සංවේදී දැරියකගේ ජිවිතයට කවර නම් අයුරකින් බලපාතියි සිතිය හැකිද?“දුවකගේ කඳුළු’ නමින් මෙසේ එළිදකින්නේ ඒ සිතුවිලි සමුදායයි. සුරංගී මෙහිදී සමාජයට නොබියව හදවතට අවංකව අනුවේදනීය ස්වරයකින් සිය අත්දැකීම් ලොවට හඬගා කියන්නීය. එමගින් දෙදරා යන කුලගෙවල වසන යුවතිපතීන්ට ස්වකීය විවාහ සංස්ථාව ගැන යළි යළිත් සිතන්නට ඇරයුම් කර සිටින්නීය.
මහාචාර්ය සුනිල් ආරියරත්න -
(0)By : C.S. Lewis
කැස්පියන් කුමාරයා (NARNIA)
Rs. 1,200.00Rs. 960.00පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද්‍රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ්‍ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ්‍රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය!
සී. එස්. ලුවිස් නමැති අග්‍රගණ්‍ය ඉංග්‍රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන ‘කැස්පියන් කුමාරයා’ ලෝක සාහිත්‍යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප්‍රබන්ධ නිර්මාණ අතර ඉදිරියෙන් ම තිබෙන්නකි. පසු කාලයක දී සිනමාවට ද නැඟී තව තවත් ජනප්‍රියත්වයට පත් මේ රසවත් නව ප්‍රබන්ධය, ලොව පුරා දරු දැරියන්ගේ මෙන් ම වැඩිහිටි පාඨකයන්ගේ ද ආදරය නොමඳ ව දිනා ගත්තකි.
-
(0)By : C.S. Lewis
සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය ( NARNIA)
Rs. 1,050.00Rs. 840.00මහාචාර්යතුමකුගේ පැරැණි නිවෙසක ඇඳුම් අල්මාරියක් විවෘත කරන ලූසි පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි. එය වනාහි සදාතන සීත ඍතුවක් රඩ කරන සැමදාට ම හිමෙන් වැසී ගිය දේශයකි –
බලගතු මායාකාරියකගේ අණසකට යටපත් වුණු දේශයකි –
සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මය ජනක සත්ත්වයන් ජීවත් වන, මායාවෙන් හා ඉන්ද්රජාලවලින් පිරුණු දේශයකි.
එය හඳුන්වනු ලබනුයේ නානියාව යනුවෙනි.
එහි වසන සැමගේ ම බලාපොරොත්තුව ඇස්ලන් නමැති සිංහ රාජයා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා, සදාතන සීත ඍතුවෙන් තම දේශය ගළවා ගනු ලබනු දැකීම ය. එහෙත් එය සිදුවීමට මෙ ලොවින් ළමයින් සිවු දෙනකු නානියාවට පය තැබිය යුතු ම ය!
ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතින් අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ‘සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය’ පොව කොතැනක ජීවත් වුව ද, කවර බසක් කතා කළ ද, ළමයින් හැමට ම කියවා රසවිඳිය හැකි නිර්මාණයකි
-
(0)
අම්මා – AMMA (උපුල් ශාන්ත සන්නස්ගලසන්නස්ගල)
Rs. 1,600.00Rs. 1,280.00අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුවඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලාඋපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේපිරිමි කළලයක් වෙලා උපදින්න ඕනඑතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්නමං අම්මා වගේ ගෑනියෙක් වෙලාඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්නඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්නරත්තරං අම්මේ!’